මල්ලි කිව්ව බොරැල්ල යටි මගේ කතාව...

Thursday, June 23, 2011
ඉතිං කොහොමද යාලුවනේ...?? ඔන්න මාත් අද පටන් සිතිවිලි පවුරට එකතු වුණා. නමෝ විත්තියෙං  සිතිවිලි පවුරෙ  කුරුටු ගාන පළමුවෙනි පෝස්ට් එකනෙ.... අලුත් දෙයක් ලියන්න හිතුවට අද නම් වෙලාවක් නැති වෙයි. ඒ හන්ද මම කලින් ලියල තිබුණු ඒත් අපේ යාලුවන්ට වැදගත් වෙයි කියල හිතුණ දෙයක් කියන්නයි මේ සූදානම...ඔයාල මගේ  ජනූගෙ සටහන් බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්නව නම් එකේදි මේක දැකලත් ඇති...
වැල් වටාරම් ඇති දැන්... නියම කතාවට එමුකො....
 කෝ බලන්ඩ.... බොරැල්ලෙ උමං පදික මාරුව ඇතුලෙදි පාර වැරදුන අය එහෙම ඉන්නවද මෙතන???
ලැජ්ජා වෙන්නෙ මොකටද මම නම් කැම්පස් ආව මුල් කාලෙ ඔය උමගෙ දෙතුන් පාරක් වැරදිලා පඩිපෙල නැගල බැහැල තියෙනව...
උදේ හවස කලබලේට  බොරැල්ල පසුකරන මගී ජනතාව ඔය යටිමගේ පාරවල් වැරදිලා ආයෙමත් එහා මෙහා ඇවිදින හැටි මම දැකල තියෙනව..
ඇත්තටම මෙහෙම වෙන්නෙ ඇයි??
ඔතනදි සම්බන්ධ වෙන්නෙ පාරවල් පහක් වුණත් අපි පාරවල නමින් මතක තියාගෙන නැහැනෙ...
ඒ වුණාට අපි  යායුතු පාර සහ හැරෙන්ඩ ඕ නෙ කොහෙටද කියල උමගට බහින්ඩ කලින් අපි දන්නව...
අපිව අතරමං වෙන්නෙ උමග ඇතුලෙදි පාරවල් අඳුනගන්ඩ ගියාම නෙ...
දවසක්දා මල්ලියි මමයි ඔය උමග ඇතුලෙන් යන්ඩ යනව...
ඔයා කවදාවත්ම මේක ඇතුලෙ පාර වැරදිලා ගිහින් වෙන තැන්වලින් මතු වෙලා නැද්ද???
මං ඇහුව
ගියා එක දවසක්.. ආයෙ නං වරදින්නෙ නෑ...
මල්ලි හිනා වුණා
ඇයි ආයෙ වරදින්නෙ නැත්තෙ??
එදා මං නැවතිලා හොඳට බැලුව
උමග පාවිච්චි කරන හැමෝටම කියවන්ඩ කතා කරන්ඩ බෑ නෙ....ඉතිං මොකක් හරි විදියක් කියෙන්ඩ ඕනෙ නෙ ඒ වගේ ආබාධිත අයට..මං ඒ විදිය හෙව්ව
එතකොට මං හොයාගත්ත විදිය....
ඒ මොකද්ද ඒ??? මං ඇහුවෙ පුදුම වෙලා
මෙහෙමනෙ... අර බලන්ඩ පේනවද ඔය උමං කට ට වහලයක් තියෙනව... හොඳට බලන්ඩ ඔය හැම වහලයකම ගාල තියෙන්නෙ වෙන වෙන පාටවල්....
ඇත්ත නේන්නම්... කහ, මෙරුන්,නිල්, කොළ කලු.... පාට පහයි
දැන් ඔයා උමගට බහින්ඩ කලින් බලාගන්ඩ ඔයා යන්ඩ ඕනෙ පාරෙ වහලෙ ගාල තියෙන පාට මොකද්ද කියල...
දැන් අපි යන්නෙ 154 බස් එකක් ගන්ඩ බොරැල්ලෙ වෙළඳ සංකීර්ණෙ ලඟටනෙ... බලන්ඩ ඒ වහලෙ මෙරුන් පාටයි නෙ...
දැන් බහිමු පහලට...
පඩි පෙළ බැහැල අපි උමග ඇතුලට ගියා...
දැන් බලන්ඩකො ඔයාට පේනවද උමගෙ ටයිල් බිත්තිවල පාට ටයිල් තීරුවක් තියෙනව...
ඔවු.........!
ඒ ඒ වහලෙ පාටට  තමයි ඒ ඒ පාරට අයත් උමං  බිත්තිවල ටයිල් අල්ලල තියෙන්නෙ...
දැන් ඔයාට තියෙන්නෙ මෙරුන් පාට ටයිල් අල්ලල තියෙන බිත්ති හොයාගෙන ඒ දිගේ යන එකනෙ
යනකොට උමග ඇතුලෙ පඩි පෙළ ඉවර වෙලා එළියට එන තැන බිත්තියෙ ඇති ඒ ඒ පාටට අදාල ටයිල් මියුරල් එකකුත් තියෙනව පෙනේවි...
ශා නියමයිනෙ...මම දැනගෙන හිටියෙ නෑ ඒ ගැන... අනික කලබලේ දුවන කොට ඒව බලන්ඩ මතක් වෙනවයැ
දවසක් මම බස් එකේ බොරැල්ල හන්දිය පහු කරන ගමන් මේ සිද්ධිය මතක් වෙලා හිනාවක් ගියා. ඒ එක්කම හිතුන මේ ගැන මගෙ සයිබර් යාලුවො එක්කත් බෙදාගත්ත නං හොඳයි නේද කියල. මේ ගැන බ්ලොග් එකේ ලියන්ඩ හිතිල නං දැං ටික දවසක්.. ඒත් මට හොයා ගන්ඩ බැරි වුණා මේ ගැන කිසිම තොරතුරක් වෙබ් අවකාශෙං...
අඩුම ගානෙ පින්තූරයක්වත් මේක පැහැදිලි කරන්ඩ උදව් වෙන....!
ඒ පාර තමයි ගූගල් අර්ත්  මගෙ පිහිටට එන්නෙ...මේ තියෙන්නෙ බොරැල්ලෙ යටි මග සම්බන්ධ වෙන පාරවල් ගුවනේ ඉඳල පේන හැටි...
මේකත් බලන්ඩකො??  නිල් පාට වහලෙ නම් හඳුනා ගන්ඩ පුලුවන් වෙයි...
ඔන්න අද ඔයාල ගෙදර යන්නෙ බොරැල්ල පහු කරල නං මේ ගැන ටිකක් විමසිලිමත් වෙන්ඩ අමතක කරන්ඩ එපා..
ඒත් ඉතිං වහලෙ පාට බලා ගන්ඩ නං ටිකක් මහන්සි වෙන්ඩ වෙයි... ටෙලි නාට්‍ය වල  මූණු තියෙන මහ විසාල බෝඩ්වලින් මේ හැම වහලයක්ම වගෙ වැහිල නෙ...මේ රවුම් ටික ඇන්දම තමයි තේරුණේ ටිකක් හුරු පුරුදු පාටවල් ටිකක් නෙ කියල
මේ බලන්ඩකො....!!!!
එහෙනම් ඔයාල හැමෝටම සුබ ගමන්!!!!!!!
විශේෂ ස්තූතිය අපේ මල්ලිට!!!
පින්තූර හොයා ගත්තෙ
viviankc.blogspot.com
හා Google Earth

රිටි පන්නේ


මාලුනේ....
අනේ පින්සිද්ද වෙයි
පිලිගනින් මේ ඇම
සුද්දිගෙ
මේ පොටෝ එකට විතරක්
පොඩි එකීගෙ
ටියුසන් පීස් ගැන හිතලවත්...

දියවන්නාවේ ඔරු

Wednesday, June 22, 2011
පොඩි එකාට ට්‍රැක්ටර් පදින්න,
මද්දුමයට කාර් පදින්න,
ලොකු එකාට දියවන්නාවේ ඔරු පදින්න,
දැන්,
අපිට කෙල වෙලා,
කටේ කෙල හිදිලා,
හිටු 
තව ඉවර නැ....
අපි සදා අමරණිය වනතුරු..................
දීපන් තොපේ....
⊗ 3 ම
අපිට,


මගේ හදවතේ තේමා ගීතය....


මේක මම මගේ බ්ලොග් එකේ කලින් දාල තියනවා. නමුත් දැකපු නැති අය ගොඩක් ඇති. මොකද මේක දාන කාලේ මට වැඩිය බලන අය හිටියේ නෑ. හිකි.. හිකි.. ඔන්න එහෙනම් මගේ හදවතේ තේමා ගීතයෙන් මමත් සිතුවිලි පවුරේ කුරුටු ගාන්න පටන් ගන්නවා...


නින්ද නුඹ . . .

නිදි දෙව්දුවනි ,
අද රැයත් නුඹ
වෙලී ඉන්න
ඇගේ ලඟ
නොදැනෙන්න ඇයට
හිතේ බර . . .


ඇගේ ලඟ හැංගිච්ච
හීන කප්පරම ,
රැගෙන මම සැබෑකර
එනතුරා හැකිවෙත්ද
රැඳී ඉඳ සනසන්න
මගේ පෙම්බරියව
සුවසේම . . .



මෙලෝ රහක් නෑ 2

Tuesday, June 21, 2011

                                              විපුල් මල නුඹ
                                              කොපුල සිඹ සිඹ
                                              තෙපුල් බස් රස
                                              කොඳුල ඒ මට

                                              නිකැල් දඹ යුග
                                              දුහුල් සලු මැද
                                              වියල් වූ කල

                                              කඳුල කුමටද

 ටියුබ් ලයිට් කස්ටියට කරන්න දෙයක් නෑ... මොකද මෙලෝරහක් නෑ 1 වගේ මේ සිද්දියත් ලිවුවොත් ඇඩ්මින් කස්ටිය මාව එලවලා දානවා සිතුවිලිපවුරෙන්.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ..

podima.k9@gmail.com ඔන්න ඕක්ට මේල් එකක් දාන්න ටියුබ්ලයිට් කස්ටිය.. තේරුම් බේරුම් කරගන්න.. හැබැයි මට බනින්න එපා හොදේ...  මම තාම පොඩියිනෙ.. නැද්ද මම අහන්නෙ...

ජීවිතයට ආදරයෙන් කියමී...


පුදුමයි...!
තවමත් බෑ හිතාගන්න... දරාගන්න... අදහාගන්න...

මේ ඉර හඳ යට...
මා වෙනුවෙන් සිතන - හදවතක් ගැහෙනා බව...
මා වෙනුවෙන් හඬන - දෙනෙතක් සැලෙනා බව...
මටම ආදරය කරන... - ආදරයක් ජීවත් වන වග...

කෙසේ කියන්නද මම...?   ආදර අරුමය...
කෙසේ දරාගන්නද මේ දුප්පත් හදවත...?
ඔඛෙන් ලද සෙනෙහසේ සිසිල පොද...

ආදරය සඳක් වී...
පහන් කරවයි - එළිය පොදක් ලෙස...
සැරිසරයි... මගේ හදවතේ... අඳුරු කුහර තුල...
මෙතෙක් නිදාසිටි මා... අවදිකොට.....

දෙනෙත් හැර බැලු කල... දකින්නේ මම...
ඔබේ රුව... හදවත නිවා සනසන...
මහාමායාවත්, යසෝදරාවත් ඔබයි මට...!
ජීවිතයේ... අරුත කියාදෙන..........!!!

     මේ සිතුවිලි පවුරේ කුරුටු ගාන පළමුවැනි අකුරු ටික...! කියවන ඔයාට ටිකක් බොලඳයි වගේ තේරෙයි. මේ මම නෝනිට මුල් දවස්වල ලියපු නිසඳැසක්... නිධාන කථාවත් දාන්න හිතුනා අදහසක් ගන්න. නැත්නම් මෙලෝ රහක් නෑ කියලා කිව්වොත් !


මටත් ඕනි private secretary කෙනෙක්........

විටෙක උඩ පනින chat,
දිගට හරහට Notification ,
ඒ මදිවට reqvest,
තව msg,
ඒවත් කමක් නැ මේ events,
තව groups,
මේ ඔක්කොම බලාගෙන,
මම,
skype එකේ chat ,


යකෝ මගේ e-mail බැලුවෙත් නැ,
ගැට පිට ගැට:
දැන් නං පිස්සු හැදෙනවා sure,
_________________________

මාත් තිරණය කලා:

private secretary කෙනෙක් ගන්න,

තුන් මසක පෙම් පල හිලව්ව

තුන් මසකම පේම් පිරූ හද
ඔබ මාලඟටම වෙලාන
රැ තුන් යම සිහින ලොවක
පාවේලා ඔබ හා එක්කම

නොසිතු ලේසින් සුදු හංසිය
ඔබගේ වත ගොත
පුරො සිතට දුන් මා හට
ණයත් ගැතියි අපේ සුදු අක්කාට


ප්‍රීති නිමිත්තක් සැමරුව
බ්ලොග් කරුවන සාහා යොගය
ඉදිරියටත් මේ එක්කම
පතමි නිති සිතින් අප දෙපලම …

රිද්ම


සොදුර නුඹ අතගේන
තියනු හරි මැදට
සේන්ටර් කර
දැනේද හදවත්
රිද්මය ඔබ හට
වෙනස් නොවේ
පරන ගැහේන ලේසටම
මේ හදවත නුබ ළඟටම හිද.....

පි‍ටු පෙරලපු ගාන