භයංකාර රාත්‍රියක් - 1

Monday, July 4, 2011
1989 අවුරුද්දෙ තවත් එක් දවසක්.... මට එතකොට අවුරුදු 12යි. දැං වයස 12 ක කොල්ලෙකුට තරම් තේරුමක් තිබ්බද කියලා මතක නෑ. කොහොම හරි මං රෑට කාලා නිදා ගත්තා.

පසු බිම කියන්න බැරි වුණානෙ....
අපේ අප්පච්චි වැඩ කළේ දැරණියගල ප්‍රදේශයේ තිබුණු රබර් කර්මාන්තශාලාවක ප්‍රධාන කර්මාන්තශාලා නිලධාරියා විදිහට. අපි ඒ වතුයායට ඇවිත් තිබුනේ මං ඉපදෙන්නත් අවුරුදු 5 කට විතර කලිං. ඒ එනකොට ඒ කර්මාන්තශාලාව ඉතාම කුඩාවට තමයි තිබිලා තියෙන්නේ. අප්පච්චි අනිත් අයවත් එකතු කරගෙන අවුරුදු 17ක් තිස්සේ මහන්සි වෙලා. මේ කර්මාන්තශාලාව ලංකාවෙ තියෙන හොඳම කර්මාන්ත ශාලාවක් බවට පත් කරගත්තා. වැටුපක් ගත්තා වුණත්, වැටුපට වඩා සේවය ගැන හිතපු කෙනෙක් අපේ අප්පච්චි. එයා ඒ  වතුයායටත් කර්මාන්තශාලාවටත් හුඟාක් ආදරයෙනුයි හිටියේ.

ඔය 89 කාලෙ වෙනකොට ජවිපෙ කචල් තිබුණු බව ඔයාල දන්නවනේ. නිතරම බස් රියැදුරු ව මැරුවා, බස් එකක් ගිනි තිබ්බා, බාගෙට මැරුණු මිනිස්සු පාර අයිනේ පිච්චෙනවා. ඔය වගේ ආරංචි මයි එන්නේ. තුන්වෙනියට කියපු කාරණේ නම් මං ඇස් දෙකින්ම දැකලා තියෙනවා. ඇත්තටම ඒ වෙලාවෙ මගේ හදවත ගොඩාක් සසල වුණා.

ආයෙත් කතාවට.....
ඉතින් මං ඔහොම නිදාගෙන ඉන්නකොට මගේ අම්මා මට ඇහැරෙව්වා. දන්නවානේ පොඩි කාලෙ ඇහැරෙන්න තියෙන අමාරුව...
අප්පච්චිව ‍‍‍*** එකෙන් එක්කගෙන ගියා...

මට හීනෙන් වගේ ඇහුණා..

ඈ... ඒ මොකටද?

මගේ හිතේ ඇති වෙච්ච තිගැස්ම ඔයාලට හිතා ගන්න පුළුවන් නේද....?

අක්කත් නැගිටලා හිටියේ. මට අවුරුදු 12යි කියන එක මට තේරුණේ නෑ. මට හිතුනේ උන්ව මරාගෙන මැරෙන්න....



ඊට පස්සේ මොකද වුණේ...




රමණයත් අහිමි හිමි



දවසම කුරුටු ගාලත්
බෑ ගන්න 
ෆයිල් මිටිය
නාහෙ මට්ටමටවත්
ඉර තීරණේ කළාම
බැහැල යන්ඩ
දුවගෙන ඇවිත් 
නඟින බස් එකෙත්
දාඩිය ගඳ
වැලමිටි පාරවල්
බෑග් මලු
තඩි ගෑනු
ඇඟේ ඉතුරු වෙන 
සොච්චං හයියත්
මිට මොළවං උඹ වෙනුවෙන්
ගෙට ගොඩවෙද්දි
වගක්වත් නෑ උඹට
ඔය ඉලව්ව වහල දාල
එනවද ඉක්මනට
නැත්තං
නින්ද යයි මට

මල් කැකුලි










හිනේ පිරුනි මල් කැකුලි
මා ලඟින් ඉදන්
ඔය රොස පාට වු කම්මුල්
තොල් පේති අතරින්..//


හාද වේන්න ලන්වි
ඉස්සර වදන් කියන්
මට අහාස් මාළිගා හදලා
සේරම අරන් ගිහින්..


නොපේන්නට දුන්න හාදුවේ 
පහස කිම කියන්
මා ජිවිතේට පාරකියන්
සේනේහත් ලැගුම අරන්..//






වැය කල කාලය විනාඩි 10 පමණි 
හරි වැරදි ලකුනු කර නැත.




පලමු ලිපිය..
http://powerofdx.blogspot.com/2011/07/blog-post.html#links 




තල් කවි

Sunday, July 3, 2011
සාක්කු හිස් කරලා
පුරවගමු අත්වලට
විසිකරමු කච්චාන් හුලඟට
ගහං යන්න උඩහට

හුලඟටත් හොරාට
උන්හිටිතැනම වපුරන
අපිවම වහං පැලවෙන
කවි මොකට බඩ සා දුරලන

වරා අහුරක් විලස
හුලඟ ඉඹගෙන පියඹන
කඳුලු තෙත මත දලුලන
මතු දිනේ සෙවනැති බිජු කවක් මිස 

ඩිංගිරාගේ සුදු මැණික . . .


සුදු මැණික ,

ඔය ඇත්ති පෙරලි පෙරලි පංතියට වැදෙනවා දැක්කහම සත්තයි මගේ පපු කැනැත්තට මොකද්දෝ වුණා . ජම්බෝල මූණ මැද්දට වාත්තු දැම්ම වගේ තියෙන ජමුබු නාහෙ දිහා දැක්කම මට ඔය ඇත්තිගෙ නාහෙ මිරිකන්නමයි හිත් කීවේ . අනේ මා ගැන අහිතකින් නම් ඕං බැලුම්ලනවා එහෙම නොවේ ඕං හොඳේ . සත්තයි . . . ! ! ! මම ඔය ඇත්තිට මනාපයි .
අපේ අප්පොච්චා නිතර දෝහේ කියන බහක් නොවැ පාරේ බැහැල කැන්දන් යන්න ඇහැකි එකියක් සහේ ගනින් කියන එක . ඉතිං මට නං ඕං හම්බුනා වගේ කියලා හිතෙනවා දැං . මගේ කකුල් කඩිත්තුව හැදුනු වෙලේක උනත් ඔය ඇත්තිට බැරියැ මාව ඩිංගිත්තක් උස්සං යන්න . අප්පොච්චටත් සතුටු දැනෙයි නොවැ.
මේ ඇහුනද , ඔය ඇත්ති බතක් මාලුවක් අතගාගන්න අකුරු කොරලා ඇත්ද දන්නේ නැ නේද . නැතත් කමක් නැ . ඔය ඇත්තිටයි මටයි බැරියැ පයිඩයිස් එකක් ගෙනැවිදින් දවාලයි රෑයි සප්පයම් වෙන්න . පයිඩයිස්ම කාල එපා වුනොතින් අපි අර පිස්ස හුට් එකක් ඇති ඉසවුවකට ගාටමුකො . එහෙව් හොඳැ .
අනේ ඕං දිගෑදෙන්නනම් පැදුරු කඩමාල්ලක් තමයි හරියන්නේ. සත්තයි මයෙ හිතේ කොලඹ ගාටල පලවෙනිම දවසේ මාව අපේ ඔය හොස්ටොල් එකේ ඇඳෙන් පහලට පතබෑවුණා නොවැ . මම ඔය උස ඉසවුවලට ඩිංගිත්තක් බයයි . අහිතක් නැත්නම් ඔය ඇත්තිත් පැදුරේ දිගෑදෙමු . නැත්තත් ඔය හොඳ ඔට්ටපාලු මෙට්ටයක් හොයාල ගන්න බැරිවෙන එකක් නැතිවෙයි නොවැ . ඒකට දාගන්න හමක් වේලන්ඩ කියලා මම ඔන්නං අපේ අයියන්ඩිට වචනේ දාල බලන්නම් . හැබැයි ඕං අයියන්ඩිට කොලඹ ගාටන්න මන් කියනවා එහෙව් නොවෙයි . උන්දැ මෙහෙ ගෑටුවොත් මට වෙන්නේ එක ගෙයි කන්න. උන්දැ හරි කපටියා . මට කලියෙන් හැමදාම ගෙට රිංගයි . ඒ වැඩේ ඕං බොට ඔට්ටු නෑ .
ඉතිං කැකුලේ මොකදැ උඹේ බහ කියාපන් මට . මගෙ හිත කියනවා ඔය ඇත්ති මට බහදේවි කියලා . මට ඕං වහුං කරනවා එහෙවු නෙවෙයි . ඔය ඇත්ති බහක් දෙනකන් මයේ පපු කැනැත්ත ඔය ඇත්ති ගාව තියන් මා බලාන ඉන්නම් . ඒ දවසට බැරියැ අපේ අප්පොච්චටයි අම්මිලා ඇත්තන්ටයි කීලා ඔය ඇත්තිලාගේ ඉසව්වට ගාටන්න .එහෙව් හොඳෑ . එහෙනං කැකුලේ මයේ ඇහැ රිදෙනකං බලං ඉන්නවා . වං හුං කතා දාන්න හිත්ලෑවට මයෙ හිතේ ඩිංගිත්තක බයක් තියේ නොවැ . ඒකයි මේ ලියුං කඩදහිය කුරුටු ගෑවේ . ඔය ඇත්තිට කැලෑ දේවතාවගේම පිහිටයි . 

උඹට හිත්ලෑව ,
ඌරුලෑවේ ඩිංගිරා

ජීවිතය . . .



උඹත් හරියට
පොල් කුරුමිණියා විදපු
දාර පොල් ගහක් වගේ . . .

උඹටත් හොරෙන්ම 
ඌ විදලා උඹේ හිතට
හිතක් පපුවක් නැති
උඹට ඉතුරු වුණේ
උඹටවත් අයිති නැති
බොල් බොඩේ 
විතරමයි . . .

මම තාමත්
බිමවැටුණු , 
උඹේ අතු දිගේ
ජීවිතය හොයනවා . . .

පෙඟුණු පොල් අතු

Saturday, July 2, 2011

බාල සන්දියේ

දැකපු සිහිනයේ

සුවඳ විඳි අතීතේ

මතකනැතිදෝ පෙඟුණු පොල් අතු

වියන්නට පෙර වේලුණා

පොල්වලේ පල්

දුඟඳ හමනා

පවන එන විට

අතීතේ

දැනුනු කටුකය

දවයි මා සිත

අපමණින්

තැළුණු පොල් ලෙලි

පදම් වූ සැටි

දනී මා අත කරගැටී
නමමි හිස මා ලෙලි වලට
මං දෙ අත් සමගින්
හදවතින්
නගමි නාදය නලා ශබ්දය
පසුකරන ඒ වල ලඟින්
තබිමි පඬුරක් කොලු අතේ
මම
එදා මා එය ලද ලෙසින්
නැගුණි කඳුලක්
පෙඟුණු පොල් අතු
වලෙන් ගොඩ ආ ජීවිතේ
කියා දුන් ඒ පාඩමින් .....................................

පිණි වැස්ස

ඇති තාත්තේ

Friday, July 1, 2011

මදුරන්කුලියට
එන්න පුලුවන්ද
මම මුතු කුමාරියෙ
උඹව බලන්න එන දාට..

උඹ කියන්නහේ
"විස්ස විජ්ජාලෙට"
මම තේරුනු දවසෙ
ඇස් දෙකෙන් වැක්කෙරුනු
තාත්තකම අරන්..

මෝදර පුංචිලට
උඹව මගෙන් වෙන්කරන්න ඉඩදුන්නු
කොටහලුවට වෛරයි මං
දාල ගිය අම්මට වඩා...

හොස්ටල් එකට
එහෙමත් දාක ඇවිත්
බිම බලාන ඉඳල
දාහෙ කොලයක දෙකක
ගුලිකරල යන
උඹෙ අසරණකම
විසි කරපන් තාත්තෙ පොල්වලකට..

මැද්ද මල් සාක්කියි
දෙය්යො උඩ සාක්කියි
අපෙ කඳුලු තෙලිජ්ජට..

බාල සංදියෙ වගේ
ටීච දෝණිට සෙල්ලම් බයි උයන්න
මදුරන්කුලියට
එන්න පුලුවන්ද
මම මුතු කුමාරියෙ
උඹව බලන්න එන දාට..

පමාව . . .


හිරු
ගිලෙනවා හැමදාම
යලි එන
. . . පොරොන්දුවපිට . . .
සඳු නැඟෙනවා
හොර හොරෙන් 
හැමදාට ඉන්න මෙන්
හිරු එනකන්ම විතරක්
. . . හෙට දවසට . . .
ඒත් 
අද නැත්නම් හෙට 
කවදද ඇත්තට එන්නේ
ඔය කියන දවස
. . . නුඹ ලඟ . . .

පි‍ටු පෙරලපු ගාන