ඇති තාත්තේ

Friday, July 1, 2011

මදුරන්කුලියට
එන්න පුලුවන්ද
මම මුතු කුමාරියෙ
උඹව බලන්න එන දාට..

උඹ කියන්නහේ
"විස්ස විජ්ජාලෙට"
මම තේරුනු දවසෙ
ඇස් දෙකෙන් වැක්කෙරුනු
තාත්තකම අරන්..

මෝදර පුංචිලට
උඹව මගෙන් වෙන්කරන්න ඉඩදුන්නු
කොටහලුවට වෛරයි මං
දාල ගිය අම්මට වඩා...

හොස්ටල් එකට
එහෙමත් දාක ඇවිත්
බිම බලාන ඉඳල
දාහෙ කොලයක දෙකක
ගුලිකරල යන
උඹෙ අසරණකම
විසි කරපන් තාත්තෙ පොල්වලකට..

මැද්ද මල් සාක්කියි
දෙය්යො උඩ සාක්කියි
අපෙ කඳුලු තෙලිජ්ජට..

බාල සංදියෙ වගේ
ටීච දෝණිට සෙල්ලම් බයි උයන්න
මදුරන්කුලියට
එන්න පුලුවන්ද
මම මුතු කුමාරියෙ
උඹව බලන්න එන දාට..

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ෂා වදන් said...

කාලෙකින් දකින්න ලැබෙන හොද කවියක්...

සරත් ලංකාප්‍රිය said...

තාත්ත ගැන ලියවෙන්නේ ටිකයි.. මේ වගේ හොඳ කවි ඊටත් වඩා ටිකයි..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන