දැක්ම

Wednesday, October 19, 2011



"අපේ යක්කුන්ට
 තේරෙන්නෑ මල්ලි
 හයි වේ හදලා
 හැමතැනම
 සී ප්ලේන් එකේ
 යතෑකි රට වටේම
 කොච්චර කළත්
 අගයක් නෑ අපේ උන්ට"

එහෙම කියලා
ධර්මේ අයියා එල්ලුනා
කෝච්චියේ
ෆුට් බෝඩ් එකේ

"ඕයි
 යනවලකො
 පොඩ්ඩක් ඇතුලට
 පේන්නැද්ද
 දොරේ යන්නෙත්
 මිනිස්සුම තමයි
 තමුසෙලා විතරක්
 සැපට ගියාම හරිද?"

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ඔබ නොදු‍ටු ලොවක්..... said...

ඇත්තෝ කති , බොති....නැත්තෝ වැළපෙති.....

මාතලන් said...

ඉඩ තිබුනත්
එල්ලිලා යන
හැමදාමත්
එලියෙ ඉන්න
උන්

දිනුක said...

@ඔබ නොදු‍ටු ලොවක් : ඇත්තෝ කති , බොති....නැත්තෝ ආවඩති.....

@මාතලන් : අන්න එහෙම එකකුත් තියෙනවා කියලා මට අමතක උනානෙ.කොච්චර තිබ්බත් ෆුට්බෝඩ් එකේම යන එක.......

Post a Comment

පි‍ටු පෙරලපු ගාන