රන් සමනල් පෙළපාලිය

Wednesday, July 6, 2011




හඬන්නෙ ඇයි කඳුලෙ එතී
ගියාට ඉර අවර ගිරට
හිනා වෙන්න හේතු කුමට
හැමදා පායනා හඳට

සුසුම් හෙළන හද නියරක
සතුට අරන් ඇවිදිමු අප
එකවිට මතුවුණ විලසට
තරු දහසක් කලු අහසට

සරසවියේ පාරේ තොටේ
බස් නැවතුම් හතර වටේ
සරසවියේ ඉස්කෝලේ
වෙල් එලියේ සයිබරයේ...

එක පොකුරක් එකට පිපුණු
සුවඳ විඳින ජීවිතයේ
රන් සමනල් පෙළපාලිය
සදා  මිහිරි යෞවනයේ ...

පියි ගෙනාවේ..

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

ලස්සනයි . . . :)

සරත් ලංකාප්‍රිය said...

හැමද්දෙන් සුළි සුලන්
ගලද්දෙන් සුනාමිය
නැගිට අපි පෙරට යමු
සබඳ නව ලොව අපෙයි..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන