මාස තුනයි

Wednesday, July 6, 2011

O :O :O මාස තුනයි!!!!!!! සික් විතරක් මුන්ගේ කැත හිත් කියවලා බලලා හිටු මුලින්ම (මෙහෙම මම කතා කලේ අපේ බස් සෙට් එකට )

මම මේ බ්ලොග් එක පටන් ගත්තු මුල් දවස් වල මගේ ආදරේ ලියන්න ගත්තානේ ඔෆිස් එකේ තියෙන වැඩත් එක්ක ඒක ලියන එක අතපසු උනා අද මම ලියන්න යන්නේ ඒ ආදරේ ගැනම තමයි මේක කියවලා කට්ටිය මම ගැන වැරදියට හිතයිද දන්නේත් නෑ.මේ තීයෙන්නේ කලින් පෝස්ට් එක
ඉතින් ඔහොම එස් එම් එස් කොර කොර කාලේ ගෙවුනානේ ඒ දවස් වල මම සතියේ දවස් 7ම වැඩ ඒ කියන්නේ ඉරිදාත් වැඩ කට්ටියනම් ඇහුවේ මම ඕටී වැඩි කර ගන්න වැඩ කරන්නේ කියලා. ඉතින් මම එහෙම වැඩ කරපු ඉරිදා දවසක දවල් එයා ඇහුවා හවසට මම එන්නද ඔයා එක්ක කො**** යන්න මමත් මේ කම්මැලි කමේ ගෙදරට වෙලා ඉන්නේ කියලා මට මොටෝ ඕනිනම් එන්න අපේ තාත්තාගේ නෙමෙයිනේ බස් එක කියලා මමත් කිව්වා  එයාගේ ගෙවල් තියෙන්නේ මගේ ඔෆිස් එක ලඟ ඉඳලා ටික දුරකින් නිසා තමා මේ සේරම සෙල්ලම් දාන්න පුලුවන් උනේ ඔන්න ඔහොම ඒ සතියත් ගෙවිලා ගීයා

ඊලඟ සතියේ ප්‍රසිද්ධ ඇඳුම් සාප්පුවක මෙගා සේල් එකක් තිබ්බා මටත් ඉතින් ඕනි නැති මගුලක් නෑනේ මට ඒකට යන්න ඕනි උනා ඒ උනාට මට යන්න කවුරුත් නෑ අපේ නංගිටත් නිවාඩු හම්බ උනේ නෑ මම ඒක මේ මනුස්සයාට කිව්වම කෙලින්ම ඇහුවේ මම එන්න එපාලේ " කියලා මට ඉතින් කට උත්තර නෑ මමත් හා කිව්වා එදාම මගේ අයියලා තුන්දෙනාත් (දගයා,සුදු අයියා,ආසිරි අයියා)  කොළඹදි සෙට් වෙන්න දාගෙන පස්සේ ඒ තුන්දෙනාවත් කැන්දගෙන ගියේ නැතැයි අර කිව්ව දිහා හෆොයි ඒකට ගියාට වඩා හොඳයි නිකන් හිටියානම් අයියලා කිවට මුන් නම් අයියලා නෙමෙයි අෆ්ෆා එදා අපි දෙන්නට කිව්ව කතා මම නම් හිතුවෙ නෑ මේ මනුස්සයා ආයේ මා එක්ක කතා කරාවිවත් කියලා මොනා උනත් අන්තිමේදි නටපු නැටුමකුත් නෑ බෙර පලුවකුත් නෑ වගේ වැඩක් තමා උනේ ඒකේ හිටපු සෙනඟ කන්දරාවට මොන ඇඳුම් ගැනිලිද කියලා අපි ආවා එන්න මොනා නැත්ත මගේ අර අයියලා කියන තුන්දෙනා නම් මට හොඳ කතා ටිකක් හදලා තමා නතර උනේ.

ඒ උනාට මම හිතපු දේ වැරදුනා මොකද අර ළමයා කතා කරනවා මාත් එක්ක තරහා නෑ මම ඉත්න් පහුවෙනිදා ඉරිදා දවසෙත් වැඩ එදා අවුරුදු උත්සවේ මීටින් එකක් තිබ්බා පස්සේ මම වැඩට ගිහින් ඒකටත් ගියා ඒ ගියෙත් ඉතින් අදාල පුද්ගලයා එක්කම තමා එදා තමා මට මුලින්ම අභීත අයියා, වැපා, රවා, සෝරෝ, හසියා , හසී, රන්දුනා අක්කා, ලිෂාන් අයියා, චමිල අයියා, රචින්ත, කනිෂ්ක අයියාතව ගොඩාක් කට්ටිය හිටියා මුන ගැහුනේ ඒකත් ඉවර වෙලාගෙදරත් ගියා ඒ සතියත් ඔහොම්ම ගියා ඊලග ඉරිදා මම වැඩට යනකොට එදා ඔෆිස් නෑ මම ඊට කලින් දවසේ වැඩට ගියේ නැති නිසා ඒක දන්නේ නෑ ඒ එක්කම එයා කෝල් කරලා ඇහුවා ඔයා දැන් ඔෆිස් එකට ආවද කියලා මම එතකොට විස්තරේ කිව්වම පොඩ්ඩක් ඉන්න මම තා ටිකකින් ඔතනට එන්නම් කියලා විනාඩි 5ක් විතර යනකොට එයා එතනට ආවා ඊට පස්සේ පස්සේ දෙන්නත් එක්ක පබ්ලික් ලයිබ්‍රි ගියා ඒ එනගමන් එයා කිව්වා එහෙනම් අපි රා*****බහිමු ඒ ගිහින් ෆිල්ම් එකක් බලමුද කියලා අඩේ එතකොට තමා මටත් මටත් මතක් උනේ සහෙන්න කාලෙකින් ෆිල්ම් එකක් බැලුල්වේ නෑ කියලා මමත් ඉතින් පන්ඩිතයා වගේ හා කියලා ගියා බලන්න ඔන්න ඉතින් දෙන්නා ෆිල්ම් එක බල බල ඉන්නවා බැලුවෙත් ඉතින් ලව් ෆිල්ම් එකක් ඒකේ මුලනම් හොඳට හිනා යන සීන් තිබ්බේ ඒ අතරේ එයා හිටි ගමන් මගෙන් දෙයක් ඇහුවා

" මම දෙයක් අහන්න මාත් එක්ක තරහා වෙන්නේ නෑ නේද"

" ම්ම්ම්ම්ම් අහන්නකෝ බලන්න තරහා වෙනවාද නැද්ද කියලා ඊට පස්සේ බලමුකෝ"

"එහෙම බෑ කියන්නකෝ තරහා වෙන්නේ නෑ කියලා "

" හ්ම්ම්ම්ම්ම්ම්ම් නැහැ කියන්නකෝ"

" මට ආදරෙයිද?"

"ම්ම්ම්ම්ම්ම් ආදරේ!!! ඔය ආදරේ නිසා මට මගේ හුඟාක් හොඳ යාලුවෙක්ව නැති උනා ඒ නිසා මට අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක නැති කර ගන්න බෑ"

" නෑ නෑ එහෙම වෙන්නේ නෑ මම පොරොන්දු වෙනවා කියන්නකෝ ආදරේද නැද්ද මට ම්ම්ම්ම්ම්ම්ම් "

" මන්දා "

එහෙම කියලා බෑනේ මට ආදරේනම් මගේ මේ අත අල්ලගෙනම ඉන්න නැතිනම් අත අතාරින්න"
එහෙම කියලා මගේ අත අරන් එයාගේ අත උඩින් තිබ්බා

අනේ මන්දා මොන හෙතුවකටද මන්දා මම ඒ අත අතැරියේ නෑ

2011.03.20 මාස 3යි ඔයා මට ආදරෙයි කියලා ම්ම්ම් මම හැමදාටම ආදරෙයි ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ පිස්සු නට නට හිටි මාව සම්පූර්නයෙන්ම වෙනස් කරලා මට අලුත් ජීවිතයක් ලබා දුන්නේ ඔයා ඒකට ඔයාට ගොඩාක් පින්

අනිත් කෙනා තමා මගේ අක්කා බබා සුදු හංසි අක්කේ  මට මෙයාව මුනගැහුනේ ඔයා නිසා හැමදාම කියනවා වගේ ඔයාට පින් අක්කියෝ මාව සතුටින් තිබ්බට

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

චතුර විජේකෝන් said...

අනේ ඉතිං ඔය මාස ගණන අවුරුදු වලට හැරිලා, අවුරුදු දශක වලට හැරිලා පුළුවන්නම දශක ශතක වලට හැරෙන්න කියලා පතනවා... හැබැයි අපේ කාලෙ නං (මීට අවුරුදු 10-12 කට ඉස්සර) ලවු කරන්නෙ නැතුව ෆිල්ම් හෝල් වලට තනි පංගලමේ රිංගුවෙ නැතෝ... පරෙස්සමට හොඳේ...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන