Luv ka The End - චිත්‍රපටයේ විචාරය

Monday, June 27, 2011
මේ සිතුවිලි පවුරට "බොලිවුඩ් සිංහලෙන්" ඉදිරිපත් කරන පලමු ලිපිය . අපේ බ්ලොග් අඩවියේදී ඉදිරිපත් කරන ලිපි අතරින් අපේම නිර්මාණයක්ය කියන්න පුලුවන් සහ වඩාත් වැදගත්ම ලිපි කොඨ්ඨාශය තමයි චිත්‍රපට විචාර .  ඒ අතරිනුත් ලංකාවේ බොලිවුඩ් රසිකයින් කැමතිවේය කියල හිතන චිත්‍රපටි ගැන විචාර විතරක් , ඒ කියන්නෙ හොඳම චිත්‍රපට ගැන විචාර පමනක්  සිතුවිලි පවුරට එකතු කරන්නයි අපේ බලාපොරොත්තුව . ඒ අතරේදි බොලිවුඩය සම්බඳ වැදගත් තොරතුරක (ඕපදූප එහෙම නෙවෙයි ) තිබුනොත් ඒ ගැනත් මෙතනට සටහනක් එකතු කරන්න පුලුවන් . මුල්ම ලිපිය විදිහට මීට ටික දවසකට කලින් අපේ බ්ලොග් අඩවිය හර්හා හඳුන්වාදීපු චිත්‍රපටියක විචාරය අපි ඔබට ඉදිරිපත් කරනව . මේ චිත්‍රපටිය  ඇත්තෙන්ම ලස්සන නිර්මානයක්

අපේ කලින් ලිපිය නොබලපු අය වෙනුවෙනුයි මේ 
 ----------------------------------------------------------------------------------------------------
Luv ka The End චිත්‍රපටිය ගැන  අපි ඉදිරිපත් කරපු ලිපිය ගොඩ දෙනෙක්ගෙ අවධානයට ලක්වෙලා තිබුනා . ඒ වගේම චිත්‍රපටියේ ඡායාරූපත් සැහෙන පිරිසක් භාගත කරගෙන තිබුනා . අද ඉදිරිපත් කරන්නෙ චිත්‍රපටියෙ Review එක . කලින් ලිපිය කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න . මූලික  තොරතුරු වගේම ඡායාරූප , ගීත එකතුව ආදියත් ඒ ලිපියෙම අන්තර්ගතයි

කථාව

රියා කියන්නෙ වයස 18ක් වෙච්ච තරුණියක් . ඇයගෙ පෙම්වතා වෙන්නේ හොරබඩු ජාවාරම් කාරයෙක්ගෙ පුතා වුන ලව් නන්දා . රියාගේ 18 වෙනි උපන් දිනය වෙනුවෙන් මේ දෙන්නා එකතු වෙලා එකට රාත්‍රිය ගත කරන්නයි සුදානම් වෙන්නේ . මේ අතරෙදී  මේ දෙන්නගෙම පාසල් මිතො දෙන්නෙක්ගෙ කතා බහකින් ලව් නන්දාගෙ වෙනත් සම්බන්ධයක් ගැන  රියාට සහ ඇගෙ මිතුරියන්ට දැන ගන්න ලැබෙනව . ඒ ගැන හොයන්න යත්දි මේ අයට තවත් ආරංචියක් දැනගන්න ලැබෙනව . ඒ ලව් නන්දා ඇතුලු කෝටිපති තරුණයින්  සහභාගි වන තරඟයක් ගැන . මේ තරඟයට අනුව තමන්ගෙ ජීවිතයට අදාලව සරාගී ක්‍රියාකාරකම් වල  විඩියෝ සහ ඡායාරූප අප්ලොඩ් කරන්න ඕනි . ඒ ඒ විඩියෝ වල ඡායාරූප වල තත්වය (කොයි තරම් දුරට ගිය සම්බන්දය්ක් ද ආදී ) අනුව ලකුණු ලැබෙනව . ලව් නන්දා මේවෙනකොට  ඒ ලකුණු සටහනෙ ඉහලින්ම ඉන්න බවත් රියාට දැනගන්න ලැබෙනව . එතකොට තමයි රියාට ලව් නන්දාගෙ හැබැ ස්වරුපය තේරූම් යන්නේ . තමා එක්ක රත්‍රිය ගත කරන්න සැලසුම් කලෙ ඇයි කියලත් , අර අනික් ගැන ලමෙක් ගැන ලැබුන ආරංචිය මොකක්ද කියලත් රියාට තේරුම් යනව .ලව් නන්දාගේ  වැඩ පිලිවෙල අසාර්ථක කරන්න රියාත් මිතුරියනුත් සැලසුම් කරනව ඊට පස්සෙ මොකද වෙන්නෙ ?   චිත්‍රපටිය බලලම දැනගමු නේ ?????

Editor's Comment |අපේ අදහස
  • මේ කතාවේ තේමාව බොලිවුඩයට ටිකක් විතර ආගන්තුකයි . ඒ නිසා අමුතුම ආකාරයේ රසවින්දනයක් බොලිවුඩ් රසිකයින්ට මේ හරහා ලබා ගන්න පුලුවන් . මේ කතාව පදනම් වෙන්නේ තනි දවසක සිදුවෙන සිදුවීම් පෙලක් එක්ක . ඒකත් චිත්‍රපටියට අමුතු රසයක් එකතු කරන්න හේතුවක්
  • මෙ චිත්‍රපටිය බොහොම සරල සිනමා නිර්මානයක් ඒ නිසා ගැඹුරු චරිත හෝ 100% තාත්වික සිදුවීම් නම් බලාපොරොත්තු වෙන්න බැ , ඒ  උනත් නිර්මානයට හෝ ප්‍රේක්ෂකයා ට අසාධාරණයක් වෙන විදිහෙ දේවල් නම් අන්තර්ගත වෙලා නැහැ 
  • හාස්‍යොත්පාදක චිත්‍රපටියක් විදිහටත් මේ චිත්‍රපටිය සැහෙන තරම් දුරට සාර්ථකයි කියන පුලුවන් .  චිත්‍රපටියෙ සංගීතයත් නිර්මානයට අනුකූලව ඉතාම අලංකාරයි . Luv ka the end , Tonight  කියන  ගිත දෙක   බටහිර සංගීත ශෛලීන්ට අනුගතව  ඉතාම ලස්සනට නිර්මානය වෙලා තියනව
  • චිත්‍රපටියෙ කථාව , දෙබස් , තිරරචනය , සංස්කරන ක්‍රම , සිනමාකරන ලක්ෂන සියල්ලම වේගවත් තාරුණ්‍යට ගැලපෙන්න තමයි නිර්මාන්ය වෙලා තියෙන්නෙ . ඒ හැම දෙයක්ම  නිර්මානයට අනුව හොඳ මට්ටමක පවතිනව
  • ප්‍රවීන බොලිවුඩ් නලු ශක්ති කපූර්ගෙ දියණිය ශාර්දා කපූර් තමයිප්‍රධාන චරිතය රඟ පාන්නෙ . ඇය වගේම අනිකුත් අයගෙත් රංගනය සැහෙන තරම් සාර්ථකයි . ඒ වගේම බොලිවුඩයට අලුතින් එක්වුන රූමත් රංගන ශිල්පිනියක් විදිහටත් ශාර්දා හඳුනවන්න පුලුවන් 
  • අමුතු තේමාවකින්  තාරුණ්‍යයේ රිද්මයට එකතු වෙන්න හැමෝටම මේ චිත්‍රපටිය බය නැතුව නිර්දේශ කරන්න පුලුවන්
Ratings

  • Direction - 3/5
  • Celebrities' Performance -3/5
  • Story - 3.75/5
  • Script - 3.75/5
  • Cinematography - 2.5/5
  • Music - 3.75/5
  • Choreography -2.75/5
  • Art Direction - 2.5/5
  • Action - N/A
  • Editing - 3/5
  • Special Effects - N/A 
  • OVERALL -3.5/5

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

නඟා said...

podi wenasak riya kiyanne awurudu 17ka ganu dariwiyak mata mathaka widiyata... hmmmm.... lve nanda wage aya ona tharan ape wateth inna pulluwan kiyala hthuna eka baluwata passe nan.. hih hih.. aneeee manda.... hamotamma riya ta wage dara ganna ba ne oya wayasedi.. hoda welawata eka film ekak witharakma une....

Anonymous said...

බොහොම ස්තුතියි අදහසට

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

සිතුවිලි පවුරේ ජනප්‍රියත්වයට සෘජුවම දායක වන පෝස්‍ටුවක්.. ඉදිරියටත් හොද පොස්‍ටු පලවෙයි කියා විශ්වාස කරනවා. සිතුවිලි පවුරට එකතු උනාට ස්තූතියි!

Yasantha Hennayake said...

නියමයි නියමයි.. ඔන්න මාත් ඩවුන්ලෝඩ් කරනවා බලන්න

Anonymous said...

@ඇඩ්මින් (සිතුවිලි පවුර)- බොහොම ස්තුතියි ප්‍රතිචාරයට , ඉදිරියේදී එන හොඳම බොලිවුඩ් චිත්‍රපට ගැන විචාර වගේම , එන්න තියන දැවැන්ත නිර්මාණ ගැන තොරතුරුත් සිතුවිලි පවුරට එකතු කරනවාමයි , ඒ වගේම . අපේ අඩවිය තුල අවස්ථා කිහිපයකදි ලියවෙන තොරතුරු එක තැනකට අරගෙන සිතුවිලි පවුරේ පාඨකයින් වෙනුවෙන්ම වෙන්වුන ලිපිත් පල කරන්න බලාපොරොත්තුවකුත් තියනව . මේ සංකල්පය හඳුන්වා දීම ගැන බොහොම ස්තුති වන්ත වෙනවා,

@චතූ - බොහොම ස්තුතියි ප්‍රතිචාරයට

Post a Comment

පි‍ටු පෙරලපු ගාන