සිතුවිලි පවුර සරසමු සැම සනසමින

Monday, June 27, 2011
කාලය හිඟයි වැඩ වැඩි වුණ නිසාවෙන
ආලය ලියන්නයි කවි පද හැකි පමණ
ලද ඉඩ ලියන්නට මෙහි දැන් හිතට ගෙන
සිතුවිලි පවුර සරසමු සැම සනසමින

මම තව බ්ලොග් තුනක් ලියනවා මගෙම කියා
එනමුත් තවම නෑ හවුලේ කිසිත් ලියා
ආසයි ලියන්නට දුක සැප සමව තියා
බෙදලා හදලා ලියමුකො සිත සතුට තියා

නිසඳැස් ලියන්නට පුළුවන් කමක් ඇත
එනමුත් සඳැසටයි තවමත් වැඩිය හිත
අරුතෙන් පිරුණු දේ ලියනට යොමා සිත
කළ හැකි යමක් බැලුවොත් සිත සතුටු වෙත

ආසයි අඳුනගන්නට හැම දෙනා හොඳින්
හැකි හැම විටක සිත සතුටින් සිනාසෙමින්
ජීවිත සටන ගෙන යන ධර්මයෙන් සෙමෙන්
අප හට හැකි වේවි සරසනු පවුර ඉතින්


පසුව ලියන වග නම්;

මා බ්ලොග් ලිපි ලියන්නට පටන් ගත්තේ මීට වසර එක හමාරකට පමණ පෙරාතුවය. එහෙත් ඒ වන විට බ්ලොග් පිළිබඳ මට තිබූ දැනුම ඉතා අල්ප විය. එහෙත් කල් යත්ම බ්ලොග් අවකාශය යනු අපූරු කලාවන්ගෙන් පිරුණු සුන්දර පාරාදීසයක් බව මට පසක් විය. එහෙත් මා තවම බ්ලොග් ලිපි ලිවීමේ කෙල පැමිණියෙක් නොවෙමි. ප්‍රකාශණ විධි අතර ප්‍රබලතම ප්‍රකාශණ විධියක් වන සඳැස් කවිය මගේ ප්‍රියතම ප්‍රකාශණ විධියයි. එහෙත් නිසැඳසටද මම ඇලුම් කරමි. මාගේ බ්ලොගයන් වන හද පතුල හා පෙම් පෙත යන බ්ලොග් වල ලිපි බොහොමයක මේ අයුරින් ලියූ පද්‍ය ඇතුලත් කර ඇත. මා මෑතකදී ලියන්නට පටන් ගත් නිදුක් බ්ලොග් එක තුලින් බුදු දහම තුලින් යහපත් ජීවිතයක් ගත කිරීම ගැන කතා කරමි.

මෙසේ බ්ලොග් අවකාශයේ කතුවරයෙකු ලෙස කටයුතු කළද, සාමූහික බ්ලොගයක කතෲත්වයක් මට ලැබුණේ සිතුවිලි පවුර තුලිනි. මෙහිදී  මේ බ්ලොගයට නවකයෙකු ලෙස මට බොහෝ දේ ඉගෙන ගන්නට තිබෙනු ඇත. බොහෝ දේ බෙදා ගන්නට තිබෙනු ඇත. අප බ්ලොග් කරුවන් ලෙසට ඉදිරියට ගෙන යන්නේ අප ලියූ දෑ කියවන්නෝය. ඒ නිසා ලිපියට කමෙන්ටුවක් දැමීම අගේ කොට සලකමි.

ඉතිං ආයුබෝවන්!

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

සිතුවිලි පවුරට සාදරයෙන් පිලිගනිමු!

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

එල එල ..මම එදත් කිව්වා වගේ නිදුක් තුලින් ඔබ කරනා කාර්යාය ඉතාම ප්‍රසංශ නීයයි . අපි එකතු වෙලා සිතුවිලි පවුර ගොඩ නඟමු

Post a Comment

පි‍ටු පෙරලපු ගාන