කාගෙද වරද

Monday, June 27, 2011
මේ දවස් කිහිපයේම බ්ලොග් කියවනකොට කියවන්න ලැබුනෙම බස් කතන්දරමයි. මේකත් මේ මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධ කතාවක්. මේ පොස්ට් එක ලියන්න හිතුනේ  නම් අපේ මදුරංග අය්යා ලියපු කොන්දොස්තර මහත්තයෙක් කියන පොස්ට් එක කියෙව්වට පස්සේ.

මම හැමදාම මෙට්‍රෝ එක බලා එන්නේ ගාලු පාරේන්, ගොඩක් වෙලාවට ඉතින් භාවිතා කරන්නේ ප්‍රයිවට් බස් එකක්ම තමා.මොකෝ ඉතින් ලංගම බස් එකක් බෙහෙතකටවත් හොයා ගන්න තියෙන එකක්යැ. ජාතියේ ගමන් සගයෝ ගොඩක් අන්තිමට දැක්කේ නම් මේ ලගකදී තිබ්බ බස් වර්ජනය වෙලාවේ.

මේ මොන බස් එකේ ආවත් දෙහිවල ගුවන් පාලම පහු කරන්න ඕනනේ.මම මේ කියන්න හදන අත්දැකීම නම් ගොඩක් අයට ඇති.දෙහිවල වර්ණ සලකුණ ළග බස් රථය නතර කරාම ගොඩක් අය කරන දේ තමයි ටක් ගාලා බස් එකෙන් බහින එක.හැබැයි ඒ වෙලාවෙම බස් එක ඉදිරියට ගත්තොත් මොකද වෙන්නේ ?. බොහෝ වෙලාවට ඉතින් වටිනා ජිවිතයක් නැති වෙනවා. දෙහිවල විලියම් මංසන්දිය , ගල්කිස්ස මංසන්දියේ එහෙම මෙවන්‌ සිදුවීම් නිතරම බලා ගන්න පුළුවන්. එක දවසක් ගල්කිස්සේදී කාන්තාවක් මේ වගේ බහින්න ගිහින් බසයෙන් වැටුනා.ඇගේ ජීවිතයට අනතුරක් උනේ නැත්තේ නම් පෙර පිනකින් වෙන්න ඕන.

කතාවේ හොදම දේ වෙන්නේ ඊට පස්සෙ. බස් එකකින් අර විදියට කවුරුහරි වැටුනොත් ඒ අවට වටා පිටාවේ ඉන්න මිනිස්සුයි , බස් එකේ මින්ස්සුයි හැමෝම ඉස්සෙලාම කරන්නේ බස් එකේ කොන්දොස්තරටයි , රියදුරු ටයි පුළුවන් තරම් බනින එක. වැටිච්ච මනුස්සයාට ටිකක් බරපතලයි වගේ නම් ඉතින් කොන්දොස්තරටයි , රියදුරුටයි අතින් පයින් සංග්‍රහ කරන්නත් ඉතින් අමතක කරන්න නැහැ.කවදාවත් වරද කාගෙද කියලා හොයලා බලලා වැඩ කරන්නේ නැහැනේ අපේ අය.ඔය පහුගිය කාලේ සිදුවුන රිය අනතුරු වලදීත් බස් එක ගිනි තියලා රියදුරුට සංග්‍රහ කරලා ඉවරා වෙලානේ නඩුව අහන්න පටන් ගත්තේ.

මොනදේ උනත් ඉතින් ප්‍රයිවට් බස් රථ වලත් ඉතින් සේවය හොදයි කියන්න නම් බැහැ.මම ඉන්න තැන ඉදලා කොළඹට විනාඩ් 45 යන්න පුළුවන් ගමන අපරාදේ කියන්න බැහැ අනිත් බස් වලට වෙට්ටු දාලා, හැම බස් හෝල්ට් එකක්ම මගින් ඇතැත් නැතත් පරික්ෂා කරලා එනකොට පැයත් පැනලා.වෙන විකල්පයකුත් නැති එකේ අපි ට යන්න තියෙන්නෙත් ප්‍රයිවට් බස් විතරනේ.ඒ අයත් ඉතින් අපිට කරන්නේ සේවයක් නේ(ද).

බස් කතාව ඔයින් ඉවරයි.ඉදිරියේදී ඇතිවෙනවා කියන අලුත් ශ්‍රී ලංකාවේ වත් මේ වගේ අප්සට් දේවල් නොවේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරනවා.

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

කාලීන ගැටලුවක්.. හැමෝම අතේ වැරදි තියෙනවා.. තම තමන් තමාගේ වැරදි හදාගත්තනම් ඔවාට විසදුම නිකන්ම ලැබෙනවා.. වැදගත් පෝස්‍ටුවක්!

Post a Comment

පි‍ටු පෙරලපු ගාන