ජීවිතයට ආදරයෙන් කියමී...

Tuesday, June 21, 2011

පුදුමයි...!
තවමත් බෑ හිතාගන්න... දරාගන්න... අදහාගන්න...

මේ ඉර හඳ යට...
මා වෙනුවෙන් සිතන - හදවතක් ගැහෙනා බව...
මා වෙනුවෙන් හඬන - දෙනෙතක් සැලෙනා බව...
මටම ආදරය කරන... - ආදරයක් ජීවත් වන වග...

කෙසේ කියන්නද මම...?   ආදර අරුමය...
කෙසේ දරාගන්නද මේ දුප්පත් හදවත...?
ඔඛෙන් ලද සෙනෙහසේ සිසිල පොද...

ආදරය සඳක් වී...
පහන් කරවයි - එළිය පොදක් ලෙස...
සැරිසරයි... මගේ හදවතේ... අඳුරු කුහර තුල...
මෙතෙක් නිදාසිටි මා... අවදිකොට.....

දෙනෙත් හැර බැලු කල... දකින්නේ මම...
ඔබේ රුව... හදවත නිවා සනසන...
මහාමායාවත්, යසෝදරාවත් ඔබයි මට...!
ජීවිතයේ... අරුත කියාදෙන..........!!!

     මේ සිතුවිලි පවුරේ කුරුටු ගාන පළමුවැනි අකුරු ටික...! කියවන ඔයාට ටිකක් බොලඳයි වගේ තේරෙයි. මේ මම නෝනිට මුල් දවස්වල ලියපු නිසඳැසක්... නිධාන කථාවත් දාන්න හිතුනා අදහසක් ගන්න. නැත්නම් මෙලෝ රහක් නෑ කියලා කිව්වොත් !


2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පොඩි මෑන් said...

මෙලෝ රහක් නෑ වගේ කිවුවොත් තරහ වෙනවද... මොකද සිතුවිල් පවුරෙ වැඩියෙන්ම බලපු පෝස්ට් එක මෙලෝ රහක් නෑ ඒවනෙ... මේකත් මෙලෝ රහක් නෑ වගේ තමයි... එල.. මුල් දවස්වල ලියනව වගේ අග දවස්වල ලියන ඒවත් දාන්න.. නෝනිටත් ලින්ක් එක දෙන්න.. වැඩිපුර උම්ම එකක් දෙකක් ලැබෙයි නැද්ද මම අහන්නෙ... ??

සිත් අහස said...

ටිකකට නෝනි මමයි කියලා හිතාගත්තොත්...:P

ඕං මගේ අදහස...

දුප්පත්ය නුඹ කියන ඔය හද
මැඳුර වේ සුහදේ මගෙ ලඟ,
වැගිරෙනා ඔබේ ආදරේ ලඟ
ලියන්නෙමි මම මේඝ දූතය,.

සඳවතිය මම නම් ඔබේ හද
විසල් නුබ ගැබ ඔබයි මා ලඟ,
ඔබේ රාවය ඇහෙන හැම විට
වැයෙයි මගේ හද ප්‍රේමයේ තත

Post a Comment

පි‍ටු පෙරලපු ගාන