දුයිෂේන් සෙව්වෙමි.......

Friday, June 17, 2011
අයිලය පෝෂණය විය.
නිමනයේ රොන් මඩින්
අයිලය පෝෂණය විය.
පොප්ලර් ගස් ඉතිරි විය.
සුළං සැර දරාගෙන
...පොප්ලර් ගස් ඉතිරි විය.
ඔබත් ඉතිරිවිය.
බලා සිටින්නට හෝ
ඔබ නොවූවත් ඔබ ඉතිරි විය
ඒත් මම හෙව්ව
හිටියේ නැහැ ඔහු....
දයාබර දුයිෂේන්....

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

මට මුකුත් තේරුම් ගන්න අමාරුයි.. සමහර විට මම වින්දනීය මනසක හිමි කාරයෙක් නොවෙන නිසා වෙන්න ඇති.. ඒ උනාට මේකේ මොකක් හරි ගැබුරු තේරුමක් ඇති.. මට එහෙම හිතෙනවා... නෙරන්ජි අක්කියෝ.. මට පොඩ්ඩක් උදව් කරන්නකො...

හිම හංසි said...

ගුරු ගීතය.මම ආසවෙන් කියවපු පොතක්.ලස්සනයි අක්කේ.

සිත් අහස said...

කොතරම් හෙව්වත් එන්නෙ නෑ ඔහු,
පුංචි අල්තීනායි,
උපන් ආලය නිසා,
මුවග වදනින් නොකී
හද උපන් සෝකයෙන්,
ගොළු වෙලා ඔහු,.
කදු ගැටය මත වැඩුනු,
පොප්ලරයන්,
ගයාවී නුඹේ ගීතය,
පුංචි අල්තීනායි..
නැවතත් ගුරු ගීතයක්
මෙහිම ලියැවෙනා තුරු,..

Yasantha Hennayake said...

දන්න කාලෙ ඉදන් කොම්පීටර එක්ක ජීවිතෙ ගෙවපු මට
ගොඩක් දේවල් අහිමි වෙලානෙ බලාගෙන යනකොට
ගුරුගීතය
ඉක්මනට හොයාගෙන කියවන්නම්

නෙරංජි සුලක්ඛනා said...

ගුරු ගීතය....කියවන්නම ඕනේ පොතක්

Post a Comment

පි‍ටු පෙරලපු ගාන