කොච්චර කල් යයිද ?

Monday, July 11, 2011
මේක Zen කතන්දරයක් ..

දවසක් සටන් කලාව ඉගෙනගන්න තරුණයෙක් ආවලු ගුරුතුමා ලඟට.
මේ තරුණයට පුදුම උනන්දුවක්ලු තිබ්බෙ මේ සටන්කලාව ඉක්මනටම ඉගෙනගන්න.ඉතින් තරුණය ගුරුවරයාගෙන් අහුවලු "මට මේ සටන් කලාව සම්පූර්නයෙන්ම ඉගෙන ගන්න කොච්චර කාලයක් යයිද ? " කියල.
ගුරුතුමා බොහොම සන්සුන්ව උත්තර දුන්නලු "අවුරුදු දහයක්" කියල.

මල් කැකුළී

Sunday, July 10, 2011

සිත කියයි මඟහරිනු.
නමුත්
එක සිතක් නොමැතිව
ආත්මාර්ථකාමීව
කෙසේ අත්හරිම්ද?
මල් කැකුලිය
ඔබව
තවත් එකියක
හදවතට ආ පලියට

ලෝකයෙන් වසන් කලත්..

Saturday, July 9, 2011
එක ගමක හිටියලු කලුගල් වලින් නිර්මාණ කරන කලාකරුවෙක්. පල්ලියෙ සුවාමිට ඕන වුනාලු මරියතුමියගෙ සුරුවමක් පල්ලියෙ ඉස්සරහ වහලය මුදුනෙන් තියන්න. මේ මනුස්සයට බාරදුන්නලු සුරුවම කලුගලින් නෙළන්න.
දවසක් සුවාමි ගියාලු සුරුවම හදන වැඩේ තත්වය බලන්න.
සුවාමි දැක්කලු සම්පූර්නයෙන්ම වගෙ හදල ඉවර වුන ලස්සන සුරුවමක් පැත්තකට අයින් කරල තියෙනව.
ගල් වඩුව තව සුරුවමක් හද හද ඉන්නවලු.සුවාමි ඇහැව්වලු " ඇයි තව එකක් හදන්නෙ. අර අයින් කරල තියෙන එක පල්ලියට හදපු එක නෙමේද ? "  කියල.

ආශ්චර්යයේ දිවයින 3



ගොඩේ මම පොෂ් වූ හැටි....


ප්‍රෙස් කොංෆරන්ස් එක එලට ගියේය.ලොක්කා හෙවත් අප මහ රජතුමා මගේ ගුණ වැණුවේය.මගේ දක්ෂතා පට්ට ගැහුවේය.මම කළ නොකළ කී නොකී දහසකුත් එකක් දේ ගැන පට්ට විද්‍යුත් ටීකාවක් දුන්නේය.සමහර පත්තර අක්කලා ඇඬුවෝය.මගේ 'ක්ලෝස් අප්' ඡායාරූප ගත්තෝය.රෙකෝඩර් ගෙනාපු උං රයිටිං පෑඩ් ගෙනාපු උංට කින්ඩියට හිනා උනෝය.රයිටිං පෑඩ් ඉවර උනු උන් කලිසං කකුල්වලද මගේ විස්තර ලියා ගත්තෝය.මගේ හාවඩ් විශ්වවිද්‍යාල දිවිය, චීනයේ ලද ගුවන් පුහුණුව, ගැන මෙන්ම මා නාසා ආයතනයට විසිටිං ලෙක්චර් දීමට යාම ගැනද අතේ පැලවෙන කතා මහ රජතුමාගේ ලේකම් මහත්තයාගේ ශ්‍රී මෞඛද්වාරයෙන් පිටවෙද්දී මම දැං දැං හෙණයක් පාත් වේ දෝ හෝ යි විමතියෙන් භ්‍රාන්ත වී බලා සිටියෙමි.

නැත.කිසිඳු හෙණයක් පාත් නොවී ලේකම් මහත්මයා කතාව ඉවර කළේය.එක්කෝ වජ්‍රහස්තයාගේ වජ්‍ර ඉවර වෙලා ඇතිය, නැත්තං හෙණ එවලා එවලා ශක්‍රයාටම එපා වෙලා වෙන්න ඕනේය.

ඊළඟට මගේ වාරය ආවේය."මහත්මයාට කොහොමද දැනෙන්නේ මේ මොහොතේ ?"සියළු නෙත් එක්වරම මා වෙත යොමු වූ විට මට හරි කෝළ බවක් දැනුනේය.රජතුමා මාවෙත 'යස් යූ කැන්' බැල්මෙන් බලා මා ධෛර්යවත් කළේය.මොන ප්‍රශ්නයට උනත් මට දෙන්න තිබුණේ එක උත්තරයකි.මම සියළු පුරුෂ ධෛර්යය මගේ මුඛයට ගෙන මගේ ව්‍යක්ත හරබර ගුණ වර්ණනාව පටන් ගතිමි.

"ඇත්තටම මේ මොහොතේ මම බෙහෙවින් ඉස්තූතිවන්ත වෙනවා අපේ අතිගරු මහ රජතුමාට.අපේ අතිගරු මහ රජතුමාගේ අප්‍රතිහත උනන්දුව කැපවීම නොතිබෙන්නට මට මේ අවස්තාව නොලැබී යන්නට තිබුණා.මට විතරක් නෙමෙයි කිසිම ශ්‍රී ලංකිකයෙකුට මේ වගේ වැදගත් සන්දිස්ථානයක් දැකගන්නවත් නොලැබෙන්න තිබුණා.අපේ අතිගරු මහ රජතුමා මේ රටේ තිස් වසරක් තිස්සේ තිබිච්ච ඒ අමානුශික ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කරලා අපිට නැවතත් නිදහසේ හුස්මගන්න අවස්තාවක් ලබාදුන්නා.අපේ අතිගරු මහ රජතුමාගේ සංවර්ධන සංග්‍රාමය මග නැගුම, ගම නැගුම, දිවි නැගුමෙන් නොනැවතී හඳ නැගුම දක්වාම ව්‍යාප්ත වූ අවස්තාවක් මේක.අපේ අතිගරු මහ රජතුමා එදා ත්‍රස්තවාදය පරාජය නොකරන්න අපි තාමත් බයෙං ජීවත් වෙන ජනතාවක්.අපේ අතිගරු මහ රජතුමාගේ යෝධ සංවර්ධන වැඩපිළිවෙල යටතේ මම හඳට ගිහින් එන ටිකට මේ රට බස්නාහිරින් අක්කර දාස් ගාණක් මුහුදෙන් අයිති කරං තියේවි.තව වරායවල් දෙක තුනක් හැදුවොත් තව අක්කර දාස් ගාණක් මුහුද රට ඇතුළට ඇවිත් තියේවි.. ඌයි.."මහ රජතුමා මගේ කකුල පෑගූ විටය මට තේරුණේ මගේ කට වැරදුණු බව.කට පාඩම් කරගෙන ආ කතාව තව දිගට තිබුණද මම එතනින් කතාව හමාර කිරීමට තීරණය කළෙමි.

ලොක්කාගේ පබ්ලිසිටිය එළට වැඩ කළේය.එක රැයින් මම රටේ වීරයා බවට පත් වීමි.මගේ නමින් ෆේස්බුක් ගෲප් එකක්ද හදලා කියලා එහා ගෙදර පොඩි එකා කීවේය.රියැලිටි වැඩසටහනක විනිශ්චයාසනයක්ද මට පිරිනැමුණි.ජංගම දුරකතන සේවා සමාගමක වෙළඳ දැන්වීමකටද පෙනී සිටින්න ඇරයුම් ලදිමි.පත්තරවල ලොක්කාගේ ඡායාරූප කීපයක් අඩු කොට මගේ එව්වා කීපයක් පළ විය.මගේ ජංගම දුරකතනයටද නිමක් නැත.කලින් එයින් නැගුණු මගේ පෙම්වතියගේ හා අම්මාගේ කර්ණකඨෝර නාදය වෙනුවට මියුරු සියුමැලි ළපටි හඬවල්ද නැගෙන්නට විය.පෙම්වතියද 'ගුඩ් මෝනිං' කියා කෙටි පණිවුඩයක් එවලාය.අම්මාද තේ එක ඇඳ ළඟටම ගෙනත් දුන්නාය.ඔයින් මෙයින් මට තේරුණේ ජනප්‍රිය වෙන එක හරි ආතල් කියාය.මුන් මේ ජනප්‍රිය වෙන්න එකා එකා කා කොටා ගන්නේ ඇයිද කියා මට තේරෙන්නේ දැන්ය.

ලොක්කාගේ උපදේශකයෙකුගේ උපදෙස් පිට මම රූපලාවන්‍යාගාරයකට කුදලාගෙන යනු ලැබීමි.මගේ කසිකබල් පෙනුම ජනප්‍රියතාවට ගැලපෙන්නේ නැතිලුය.රූපලාවන්‍යාගරයේදී එහෙන් මෙහෙන් පාට කළ හැම තැනම සිදුරු කළ කෙල්ලෝ රොත්තක් මා වට කරගත් හ.ඔවුන්ට අනවශ්‍යයැයි හැඟුණු මගේ සෑම සියළු කෙස් ගසක්ම රෝමයක්ම ඔවුන් කපා දැමූහ.නැතහොත් උගුල්ලා දැමූහ.මගේ නියපොතු කැපූහ.මූන මසාජ් කළෝය.මැනිකියෝ කළහ.පෙඩිකියෝ කළහ.ක්ලෙන්සර් කළෝය.බ්ලීච් කළෝය.පර්ම් කරලා ටින්ට් කරලා කර්ල් කළෝය.නැවත ස්ට්‍රේට් කළෝය.කන විද්දෝය.ඇහිබැම ලඟ හිලක් විද ඇණයක් බැස්සුවෝය.මෘත ශරීරාගාරයකදී මිනියකටවත් නොදෙන වද මට දුන්නෝය.මම රූපලාවන්‍යාගාරයෙන් එළියට ආවේ අළුත් වචන රැසක් මගේ වාග් කෝෂයට එක්කරගෙනය.නමුත් ඒවායේ තේරුම් අසාගන්න මට බැරි විය.අසා ගත්තද මතක හිටින්නේ නැති බව ෂුවර් ය.

ඉන්පසු දන්ත ශල්‍යාගාරයකට මා රැගෙන ගියෝය.එහිදී නරක් වූ දත් ගලවා සමහර ඒවා පුරවා ඉතුරු එව්වායේ බුලත් කහට යවන  ලදී.දවසට දෙවරක් බැරිනම් එක්වරක්වත් දත් මදින ලෙස වෛද්‍යවරයා මට තරයේ අවවාද කළේය."දත් බුරුසුවක් ගන්නවත් සල්ලි තිබුන්නැහැනෙ දොස්තර මහත්තයෝ.දැන්නං පුළුවං ගමටම උනත් අරං දෙන්න."මම කීවෙමි.

ඉන්පසු සුවිසල් ඇඳුම් ආගාරයකට මා ගෙන ගියෝය.එහිදී මාගේ සරමත් කමිසයත් ගලවා වීසි කරන ලදී.මගේ යට ඇඳුම් මම කාටවත් පේන්න වැලටවත් දාන්නේ නැත.ඒවා පුරාම වෙඩි වැදිලා වාගේ හිල් ය.ඒවා දැකලා මේකේ කෙල්ලෝ බිම බලාගෙන හිනා උනෝය.හිනාවෙලා ඇතිවූ පසු මට 'කොල්වින් කෙලින්' යට ඇඳුමක් දුන්නෝය.ඉන්පසු මට දණහිස ළඟින් ඉරුණු හමගිය ඩෙනිමක් ඇන්දුවෝය.ඒක පස්සේ අම්මාට දීලා මහගන්න ඕනේය.මට හිර ටී කමිසයක්ද ඇන්දුවෝය.ඡායාරූප ශිල්පියෙක් පැමිණ මා විවිධ ඉරියව්වලින් තබා ඡායාරූප රැසක් ගත්තේය.
"හරි.ඒ ෆොටෝ ටික ඔයාගේ වෙබ් සයිට් එකටයි ටැබ්ලොයිඩ් පත්තරේක පිටිපස්සෙ පිටුවටයි.ජනප්‍රිය උනාම තමංගෙ වෙබ් සයිට් එකේ තියෙන්න ඕනෙ හොඳ සෙක්සි ෆොටෝ ටිකක්.හැබැයි ජනතාව ඉස්සරහට යනකොට හරි සිල්වත් විදිහටයි යන්න ඕනෙ.තේරුණාද?.දැං ඔය කරාබු යි, කලිසමයි, කමිසෙයි ගලවලා මේ ජාතික ඇඳුම ඇඳ ගන්න."රාජ උපදේශකයා පැවසීය.

අම්මෝ රෙද්දෙනුත් දැනෙන සනීපය!. 'පට සළු සැප රැපැයි නිතී'  කසීසළු කියන්නෙ මෙව්වාට වෙන්න ඇතිය.අනේ දෙවියනේ මේ ජනප්‍රිය සෙල්ලමේ චිරාත් කාලයක් යෙහෙන් විරාජමාන වීමට මට ශක්තිය ධෛර්යය ලබා දෙනු මැනවි!.....

විදුලි ආශ්‍රිත ප්‍රවේසම

Friday, July 8, 2011


"අප්‍රවේසම අනතුරට අත වනයි."

(මෙම ලිපිය, අප ආයතනයේ කාර්මිකයින් පුහුණුවකට මා විසින් සකසන ලද්දක යම් වෙනස්කම් කර ප්‍රකාශනයට පත් කරන ලද්දකි. නමුත් මෙමගින් ඔබ සැමටම  ප්‍රයෝජනවත් වන දැනුමක් ලබා ගත හැකි වෙතැයි සිතමි.)


"විදුලිය හොඳ සේවකයෙකි, නමුත් දරුණු පාලකයෙකි" යන්න විදුලියෙහි යහපත මෙන්ම අයහපතද කැටිකර දක්වන ප්‍රකාශයකි. නිසි පාලනයක් යටතේ අප විසින් විදුලිය ප්‍රයෝජනයට ගත යුතු බවයි.
ආයතන වල සිදුවන අනතුරු හා සසඳා බලන කළ විදුලියෙන් සිදුවන අනතුරුවල ප්‍රතිශතය ඉතා අඩු වේ. එහෙත් අප, විදුලිය හොඳ සේවකයෙක් කර ගැනීමට තරම් ඒ පිළිබඳව දැනුවත් නම් එසේ සිදුවන අනතුරු වළක්වා ගත හැකි වේ.

විදුලියෙන් අනතුරු සිදුවීමට පහත කරුණු බලපා තිබේ.
  • ·         පහත් තත්වයේ විදුලි උපකරණ භාවිතය
  • ·         නිසි නඩත්තුවක් නොමැති වීම
  • ·         විදුලි උපකරණ නිවැරදිව භාවිතය පිළිබඳ නිසි දැනුමක් නොමැති වීම

කඳු පිළිබඳව අල් කුර්ආනයෙන්

Thursday, July 7, 2011
ඳු පිළිබඳව අල් කුර්ආනයෙන්  

   Earth නැමැති ග්‍රන්ථයක් ලොව පුරා ඇති විශ්ව විද්‍යාලවල මූලික පොතක් ලෙස භාවිතා වෙයි. මහාචාර්ය එමරිටස් ෆ්‍රූන්ක් ප්‍රෙස් (Frank Press) යනු එම ග්‍රන්ථයේ කතුවරුන්ගෙන් කෙනෙකි. ඔහු හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්(Jimmy Carter) මහතාගේ විද්‍යා උපදේශක ලෙසද කටයුතු කළේය. එසේම ඔහු වසර දොළහක් වොෂිංටනයේ ජාත්‍යන්තර විද්‍යා ඇකඩමියේ සභාපති ධූරය ද හෙබවීය. ඔහුගේ ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට කඳු වලට යටින් පොළව තුළ ගිලුන මුල් 2 පවතන ලෙසත් මේවා ඉතා තදින් පොළව තුළට කාවැදී ඇති බැවින් කන්දකට කූංඥයක හැඩයක් ලැබී ඇති බවද සඳහන් වේ.

අපි පොළොව අතුරණයක් නොකලෙමුද? කඳු කූංඥ මෙන් නොකලෙමුද?
(අල් කුර්ආනය 78:6-7)
9 රූපය
ගැඹුරු මුල් පැවතීම හේතුවෙන් කඳුවලට කූංඥ හැඩයක් ලැබී ඇත්තේ කෙසේ දැයි පෙන්වන තවත් රූප සටහනක් (Earth,Press and Siever, පිටුව 413.)



7 රූපය
කඳුවලට පොළොවේ මතු පිට පෘෂ්ඨයෙන් යටට විහිදුන ගැඹුරු මුල් ඇත.
(Anatomy of theEarth, Cailleux,පිටුව 220.) 

8 රූපය
දික්කඩක් කූංඥ හැඩය ගත් කඳුවලට පොළොව තුළට කා වැදුණු ගැඹුරු මුල් පවතියි.(EarthScience, Tarbuck and Lutgens පිටුව 158.)



    නවීන විද්‍යාව මඟින් කඳු වලට පොළොව මතුපිට පෘෂ්ඨයෙන් යට, පොළොව තුළට ගැඹුරින් කා වැදුණු මුල් පවතින බවට සනාත කර ඇති අතර (9 රූපය) මෙම මුල්වල ගැඹුර, පොළොවෙන්1 උඩට මතු වී අපට පෙනෙන කඳුවල උස ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් විශාලය. එබැවින් මෙම තොරතුරු සැලකීමට ගන්නා විට කඳු හැඳින්වීම සඳහා "කූංඥය" යන වචනය ඉතාම උචිතය. මක්නිසාද යත් බොහෝ  විට පොළොව මත මනාව ගසන ලද කූංඥයක විශාලම කොටස පොළොව තුළ සැඟවී පවතී.

    විද්‍යාවේ ඉතිහාසය අපට පවසන්නේ, කඳුවලට යටින් ඇති ගැඹුරු මුල් පිළිබඳව සිද්ධාන්තය හදුන්වාදුන්නේ 1865 දී තාරකා විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් ජෝර්ජ් අයිරි රෝයල්(Royal, Sir George Airy)­ විසින් බවයි.2

පොළොවේ මතුපිට සිවිය සමතුළිත තාවයේ තබාගැනීම3 සඳහා කඳුමඟින් විශාල මෙහෙයක් සිදු කෙරෙයි. කඳුමඟින් පොළොව චලනය වීම අඩු කරයි.

දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයේ මෙසේ පවසයි.

ඔබ හා පොළොව කම්පා නොවනු පිණිස  තදින් පොළොවට සවි වූ කඳුද,
ඔබට හරි මඟ දැනගනු පිණිස  ගංගාද මංමාවත්ද එහි පිහිටෙව්වේය.
(අල් කුර්ආනය 16:15)
මෙලෙස ඉතා මෑත කාලයේදී දියුණු තාක්ෂණික  ක්‍රම(Plate Tectonics) මඟින් සොයා ගත් ආකාරයට කඳු පොළොව සමතුළනය කිරීමට විශාල කාර්‍යභාරයක් ඉටුකරයි. මෙම සොයා ගැනීම් වල මුලාරම්භය සිදුවූයේ 1960දී පමණ වූ මෑත කාලයේදීය.4

  ඇත්තටම වක්තෘ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම්  තුමාගේ කාලයේ සිටින ලද කිසිකෙනෙකුට කඳුවල සැබෑ හැඩය ගැන මෙසේ වැටහීමක් තිබෙන්නට ඇත්ද? ඇත්තෙන්ම ඒ කාලයේ සිටි මිනිසෙක් තමා ඉදිරියේ පවතින විශාල, උස්වූ කන්දක් දෙස බලා මෙහි පොළොව යට මෙම කන්දට යටින් විශාල මුලක් පවතියි යැයි විද්‍යාත්මකව සිතන්නට ඇත්ද? කිසිසේත්ම නැත. හේතුව එදා මිනිසාට ඒ පිළිබඳව ඥානයක් නොතිබීමයි. කෙසේ නමුත් නවීන භූ විද්‍යාව මඟින් කුර්ආන් වැකිවල තිබූ සත්‍යතාවය අද දින වන විට ඔප්පු කර අවසානය.

ඔබට ඉස්ලාම් වෙතිනි
Footnotes:
(1) Earth, Press and Siever, p. 435.  Also see Earth Science, Tarbuck and Lutgens, p. 157.
(2) The Geological Concept of Mountains in the Quran, El-Naggar, p. 5.
(3) The Geological Concept of Mountains in the Quran, p. 5.
(4) The Geological Concept of Mountains in the Quran, pp. 44-45. 
(5) The Geological Concept of Mountains in the Quran, p. 5.

ආශ්චර්යයේ දිවයින 2

Wednesday, July 6, 2011
ආශ්චර්යයේ දිවයින 1මෙතනින් බලන්න.

මගේ කොට්ටෙටත් වැටුණු රජ කඳුළු


රජතුමා කඩාගෙන බිඳගෙන කෙලින්ම ගියේ මගේ කාමරයට ය.මටත් වඩා උන්නාන්සේ මගේ කාමරය දන්නා හැඩය.මමත් මුලු මහත් හමුදා නිළදරුවොත් උන්නාන්සේ පස්සේ දායාද ඉල්ලමින් යන රාහුලලා මෙන් ඇදුනෙමු.අම්මා තවම ඇඬූ කඳුලෙනි.අයියා පේන්න නැත.මතට තිත වැඩසටහන නිසා අයියා රජ්ජුරුවෝ ලඟට එන්නට බය ඇති.රජ්ජුරුවන් වහන්සේ ලඟින්නම් මට ටිකක් සැර ඌෂ්ණයක් ආවේ ය.

"මේකයි ජයකොඩි" රජ්ජුරුවෝ මගේම නමින් මා ඇමතූ සේක.මගේ සියලු රස නහර පිනා ගියේය.අම්මාගෙන්ද හිනාවක් නැඟෙනු මට ඇසිණි.අම්මාට ද පොල් ඇට්ටි ටික අමතක වී ඇතුවා මෙනි.මම දෙකට නැමුනෙමි.උන්නාන්සේ මගේ ඇඳ උඩ වාඩි වූ සේක.මගේ පැද්දෙන, හපුටු ගඳ නික්මෙන මගේ ඇඳ, මගේ සියලු කැත කුණු දරා පුරුදු මගේ ඇඳ මත ඒ රාජ පස්ස තබා උන්නාන්සේ වාඩි වූ සේක.මගේ අසරණ ඇඳට කෙඳිරි ගෑවිනි.

"මේකයි, ඔබතුමා දන්නවනෙ මේ රටේ අපිට ඕනෙ විදිහට වැඩක් කරගන්න මොළයක් ඇති එකෙක් හොයාගන්න තියෙන අමාරුව.අපි ළඟ ඉන්න උන්ගෙ කට විතරයි.ඒක වරද්දගෙනත් කොච්චර ප්‍රශ්නද.ඔක්කොම යන්නෙ මගෙ කර උඩින්නෙ අයිසේ."රාජ කඳුළු හෝ ගාලා වැක්කෙරෙන්නට පටන් ගත්තේය.හමුදා නිළදරුවෝ ද පිළිවෙළින් අඬන්න පටන් ගත්තෝය.

"ඔව්වා ගණන් ගන්න එපා ලොක්කා.දැං මොනවද මගෙන් වෙන්න ඕනෙ" මට මිනිස්සු අඬනවා බලං ඉඳීම අප්පිරියා නිසා ඇසුවෙමි.
"හිත හැදෙන්නවත් මොනව හරි කියන්ඩ ඉන්නෙ තමුසෙල වගේ උන් විතරයි.අරුං ඔක්කොම මග ඇරල යනවා.පල් හොරු" උන්නාන්සේ සාටකයෙන් කඳුළු පිසදා ගත් සේක.ඉන්පසු සරම උස්සා නහය එහි සඟවා හොටු හූරන තුරු ඉවත බලා සිටි මම නැවත ප්‍රශ්නාංකය දල්වා උන්නාන්සේ දෙස බැලුවෙමි.
"අපි හැදුවා රොකට එකක්.හඳට යන්න ඒක තව සතියකින් අභ්‍යාවකාශගත කරන්න හිතං ඉන්නවා"
"ටීවී එකේවත් කිව්වෙ නැහැනෙ.පුදුමයි" මම කීමි.
"අපිට කළිං එව්වා වැරදුනේ එතන තමයි.අපි දැනං හිටියෙ නෑ පම්පෝරි ගැහිය යුතු විදිය.හැමදාම අපි කළේ වැඩක් පටන් ගන්න මාස ගාණකට කලිං ඉඳන් පටංගන්න එක පම්පෝරිය.ඊට පස්සෙ හෙන ලොකුවට මල්වෙඩි ගහලා විසිල් ගහලා වැඩේ පටං ගන්න.පස්සෙ විපක්ෂෙ උං අහද්දි අරකට මොකද උනේ?.අරක ඉවර කරන්නෙ කවද්ද?.අපිට කට උත්තර නෑ.ඉතිං මෙදා පාර අපි තීරණය කළා හොරෙං පටං ගන්ඩ වැඩේ.කොරලා ඉවරවෙලා දෙනවා පුල් පබ්ලිසිටියක්.ටීවී එකේ ඇඩ් දානවා.පාරෙ කටවුට් ගහනවා.නිවුස් වලට පෙන්නනවා.හැම පත්තරේම දානව ෆුල් පේජ් ඇඩ්, නළු නිළියො දෙතුං දෙනෙක් ලව්වා හොඳ කියෝලා දානවා ටීවී එකේ.'මීට ගම් වැසියෝ' කියල හැම ගමකම අපි ගානෙ බැනර් දානවා.නාට්‍ය යද්දි යටිං අර පොඩි තීරුවෙත් දානවා." කියලා හති වැටී එතුමා නතර වූයේය.
"ඉතිං දැං මම මොකද කරන්ඩ ඕනෙ.මට ඔය පම්පෝරි කතා ලියලනං හුරු නෑ.මට පුළුවං කාටහරි මඩ ගහන්න විතරයි."මම හිස කැසුවෙමි.
"නෑ පබ්ලිසිටි වැඩේට මට කට්ටිය ඉන්නවා.මට ඕනෙ හඳට යන්න කෙනෙක්."
මට මූත්‍රා අඩස්සියක් හැදුනා මෙන් දැනුනි.මොන මළ ඉළව්වක්ද මේ.හඳට යන්න මම?.මේ පුංචි දිවයිනෙන් එළියට ගොස් නැති මම අඩුම තරමේ එයාර් පෝට් එකකටවත් ගිහින් නැති මම?
"මට මට......."මට නිදහසට කරුණක් මතක් නොවිණි. "මේ පාස් පෝට් එකක් නැහැනෙ"
"ඒ මඟුළක් ඕනෙ නෑ.මම තමුසෙව යවන්නෙ මම කියන දේ ඒ විදිහට කරයි කියල මට විස්වාස තමුසෙව නිසා.තමුසෙට කරන්ඩ තියෙන්නෙ රොකට් එකට නඟින්න කළිං තියෙන ප්‍රෙස් කොංෆරන්ස් එකේදි මගේ ගුණ වණන්න.මගේ නම පුළුවන් තරං වැඩි වාර ගාණක් කියන්න.මගෙ පුතා ගැනත් ටිකක් කියන්ඩ ඕනෙ.නැත්තං මට ගෙදර ගිහිං කනක් ඇහිල ඉන්න නැහැ.අපේ මායියා ගන්නෙත් උගෙ පැත්තමයි."
අනේ මොන තරං ප්‍රශ්න තියෙන මනුස්සයෙක්ද.නළල රැළි වැටී ඇත්තේ දුක් කම්කටොළු නිසාම වෙන්නැති.
"ඊට පස්සෙ හඳට ගිහාම ඉස්සෙල්ලම කියන කතාවක් තියෙනවනෙ.නිකං උදාන වාක්කියක් වගේ එකක්."රජ්ජුරුවෝ දිගටම කියාගෙන යන්නෝය.
"ඒ කිව්වෙ" මට ඔය වගේ එව්වා ගැන එච්චර තේරුමක් නැත.
"ඒ කිව්වේ, දැං ඔය නීල් ආම්ස්ට්‍රෝං ගිහිං ඉස්සෙල්ලම කිව්වෙ මේක මිනිහෙක්ගෙ පොඩි අඩියක්ය, ඒ උනාට මිනිස් සංහතියෙම යෝධ මෙව්වා එකක්ය කියලා.ඒක ඒ යකා ඒ වෙලේ හිතලා කියපු එකක් නෙමේ බං.සෑහෙන්ඩ කට පාඩං කරවලනෙ යවන්ඩ ඇත්තෙ.ඉතිං තමුසෙ ගිහිල්ලා කියන වාක්කියෙ මං ගැන මොනා හරි කියන්ඩ ඕනෙ.නැත්තං මෙච්චර කට්ටක් කාලා, ලෝකෙ තියෙන පොරොන්දු දීලා ණය අරං, එක එකා යටි මඩි ගහද්දිත් මේ කරපු ඉලව්වෙ මට වෙන්නෙ අත ලෙව කාල නිකං ඉන්ඩ.තමුසෙට තේරෙණවනෙ අපේ ඔය අනිත් එකෙක් යැව්වොත් උං කරන්නෙ උං ගැන හෙනට පුම්බලා කියලා මාව බල්ලට දාන එක."රජ්ජුරුවෝ නැවත ටැප් එක ඇරියෝය.උන්නාන්සේ මගේ කොට්ටය ගෙන එහි මූණ ඔබාගත් සේක.උන්නාන්සේගේ දුකේ තරම උන්නාන්සේට කොට්ටයේ ගඳ නොදැනීමෙන්ම මට වැටහුනි.මගේ හදවත පාණ්ඩුකම්බල ශෛලාසනය මෙන් උණු විය.

"ඔය කඳුළු වෙනුවෙන් මට කරන්ඩ බැරි දෙයක් නෑ දෙයියො.මම හඳට නෙමෙයි ඉරට උනත් යන්නං.දැං ඇඬුවා ඇති නේද ......"මට හීල්ලුනි.
"එහෙනං මං යන්නං."උන්නාන්සේ මගේ කොට්ටයට අන්තිම හොටු ටික ද සීරූහ.අද රෑට නිදියන්න වෙන්නෙ ඉහට තිබූ කොට්ටයද නැතිවය.හෙට උදේම කොට්ටය ගැඹුරු වලක් කපා වල දැමීමට මම ඉටා ගතිමි.
"මං කියන්නං පස්සෙ කියන්ඩ ඕනෙ දේවල්.දැනට මේ ටික ලෑස්ති කර ගන්ඩ."උන්නාන්සේ මට කොලයක් දී පිටවී ගිය සේක.සාලයේදී අපෙ අම්මා සමඟ සතුටු සාමීචියේ යෙදී ඉන්නවා මෙන් පේන ලෙසට ඡායා රූපයකට ද පෙනී සිටි උන් වහන්සේ ඉන්පසු පිටවී ගියේද තේමා වාදනයත් සමඟය.

උන්වහන්සේ යන විටත් හෙලිකොප්ටරය පණ ගන්වා තිබූ බැවින් අපි කවුරුත් දෙවෙනි රාජ දර්ශනයක භීතියෙන් බිම බලා ගතිමු.සියල්ලෝ නික්ම ගිය පසු මම අර කොලයේ වූ දෑ කියවන්නට පටන් ගතිමි.

සුදු කැන්වස් සපත්තු ජෝඩු 1 යි.
නිල් කොට කලිසම්
සුදු ඇඳ රෙදි
පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 3 යි
ට්‍රැක් බොටම්
දත් බුරුසුවක් සහ දත් බෙහෙත්
හාෆ් ශීට් හා සී ආර් පොත්

ලොක්කා වැරදිලා මට වෙන කොලයක් දීලාය.මේ දවස්වල කාට උනත් දෙන්න නිතරම ගෙනියනවා ඇත්තේ මේ කොල ය.

රන් සමනල් පෙළපාලිය





හඬන්නෙ ඇයි කඳුලෙ එතී
ගියාට ඉර අවර ගිරට
හිනා වෙන්න හේතු කුමට
හැමදා පායනා හඳට

සුසුම් හෙළන හද නියරක
සතුට අරන් ඇවිදිමු අප
එකවිට මතුවුණ විලසට
තරු දහසක් කලු අහසට

සරසවියේ පාරේ තොටේ
බස් නැවතුම් හතර වටේ
සරසවියේ ඉස්කෝලේ
වෙල් එලියේ සයිබරයේ...

එක පොකුරක් එකට පිපුණු
සුවඳ විඳින ජීවිතයේ
රන් සමනල් පෙළපාලිය
සදා  මිහිරි යෞවනයේ ...

පියි ගෙනාවේ..

ආදර විත්ති

අමාවක අවාරේ
පාලුවෙන් ඉකිබින්ඳ
ගිම්හාන ගිනියමේ
සුදුමැලිව ඇදී ගිය
නේරංජනා තෙරට
ඉහළ අහසේ පිපුණ ......
දහස් තරු පොකුරු මැද
උදා රන් තරුව ඔබ .. .... .....

මාස තුනයි


O :O :O මාස තුනයි!!!!!!! සික් විතරක් මුන්ගේ කැත හිත් කියවලා බලලා හිටු මුලින්ම (මෙහෙම මම කතා කලේ අපේ බස් සෙට් එකට )

මම මේ බ්ලොග් එක පටන් ගත්තු මුල් දවස් වල මගේ ආදරේ ලියන්න ගත්තානේ ඔෆිස් එකේ තියෙන වැඩත් එක්ක ඒක ලියන එක අතපසු උනා අද මම ලියන්න යන්නේ ඒ ආදරේ ගැනම තමයි මේක කියවලා කට්ටිය මම ගැන වැරදියට හිතයිද දන්නේත් නෑ.මේ තීයෙන්නේ කලින් පෝස්ට් එක
ඉතින් ඔහොම එස් එම් එස් කොර කොර කාලේ ගෙවුනානේ ඒ දවස් වල මම සතියේ දවස් 7ම වැඩ ඒ කියන්නේ ඉරිදාත් වැඩ කට්ටියනම් ඇහුවේ මම ඕටී වැඩි කර ගන්න වැඩ කරන්නේ කියලා. ඉතින් මම එහෙම වැඩ කරපු ඉරිදා දවසක දවල් එයා ඇහුවා හවසට මම එන්නද ඔයා එක්ක කො**** යන්න මමත් මේ කම්මැලි කමේ ගෙදරට වෙලා ඉන්නේ කියලා මට මොටෝ ඕනිනම් එන්න අපේ තාත්තාගේ නෙමෙයිනේ බස් එක කියලා මමත් කිව්වා  එයාගේ ගෙවල් තියෙන්නේ මගේ ඔෆිස් එක ලඟ ඉඳලා ටික දුරකින් නිසා තමා මේ සේරම සෙල්ලම් දාන්න පුලුවන් උනේ ඔන්න ඔහොම ඒ සතියත් ගෙවිලා ගීයා

ඊලඟ සතියේ ප්‍රසිද්ධ ඇඳුම් සාප්පුවක මෙගා සේල් එකක් තිබ්බා මටත් ඉතින් ඕනි නැති මගුලක් නෑනේ මට ඒකට යන්න ඕනි උනා ඒ උනාට මට යන්න කවුරුත් නෑ අපේ නංගිටත් නිවාඩු හම්බ උනේ නෑ මම ඒක මේ මනුස්සයාට කිව්වම කෙලින්ම ඇහුවේ මම එන්න එපාලේ " කියලා මට ඉතින් කට උත්තර නෑ මමත් හා කිව්වා එදාම මගේ අයියලා තුන්දෙනාත් (දගයා,සුදු අයියා,ආසිරි අයියා)  කොළඹදි සෙට් වෙන්න දාගෙන පස්සේ ඒ තුන්දෙනාවත් කැන්දගෙන ගියේ නැතැයි අර කිව්ව දිහා හෆොයි ඒකට ගියාට වඩා හොඳයි නිකන් හිටියානම් අයියලා කිවට මුන් නම් අයියලා නෙමෙයි අෆ්ෆා එදා අපි දෙන්නට කිව්ව කතා මම නම් හිතුවෙ නෑ මේ මනුස්සයා ආයේ මා එක්ක කතා කරාවිවත් කියලා මොනා උනත් අන්තිමේදි නටපු නැටුමකුත් නෑ බෙර පලුවකුත් නෑ වගේ වැඩක් තමා උනේ ඒකේ හිටපු සෙනඟ කන්දරාවට මොන ඇඳුම් ගැනිලිද කියලා අපි ආවා එන්න මොනා නැත්ත මගේ අර අයියලා කියන තුන්දෙනා නම් මට හොඳ කතා ටිකක් හදලා තමා නතර උනේ.

ඒ උනාට මම හිතපු දේ වැරදුනා මොකද අර ළමයා කතා කරනවා මාත් එක්ක තරහා නෑ මම ඉත්න් පහුවෙනිදා ඉරිදා දවසෙත් වැඩ එදා අවුරුදු උත්සවේ මීටින් එකක් තිබ්බා පස්සේ මම වැඩට ගිහින් ඒකටත් ගියා ඒ ගියෙත් ඉතින් අදාල පුද්ගලයා එක්කම තමා එදා තමා මට මුලින්ම අභීත අයියා, වැපා, රවා, සෝරෝ, හසියා , හසී, රන්දුනා අක්කා, ලිෂාන් අයියා, චමිල අයියා, රචින්ත, කනිෂ්ක අයියාතව ගොඩාක් කට්ටිය හිටියා මුන ගැහුනේ ඒකත් ඉවර වෙලාගෙදරත් ගියා ඒ සතියත් ඔහොම්ම ගියා ඊලග ඉරිදා මම වැඩට යනකොට එදා ඔෆිස් නෑ මම ඊට කලින් දවසේ වැඩට ගියේ නැති නිසා ඒක දන්නේ නෑ ඒ එක්කම එයා කෝල් කරලා ඇහුවා ඔයා දැන් ඔෆිස් එකට ආවද කියලා මම එතකොට විස්තරේ කිව්වම පොඩ්ඩක් ඉන්න මම තා ටිකකින් ඔතනට එන්නම් කියලා විනාඩි 5ක් විතර යනකොට එයා එතනට ආවා ඊට පස්සේ පස්සේ දෙන්නත් එක්ක පබ්ලික් ලයිබ්‍රි ගියා ඒ එනගමන් එයා කිව්වා එහෙනම් අපි රා*****බහිමු ඒ ගිහින් ෆිල්ම් එකක් බලමුද කියලා අඩේ එතකොට තමා මටත් මටත් මතක් උනේ සහෙන්න කාලෙකින් ෆිල්ම් එකක් බැලුල්වේ නෑ කියලා මමත් ඉතින් පන්ඩිතයා වගේ හා කියලා ගියා බලන්න ඔන්න ඉතින් දෙන්නා ෆිල්ම් එක බල බල ඉන්නවා බැලුවෙත් ඉතින් ලව් ෆිල්ම් එකක් ඒකේ මුලනම් හොඳට හිනා යන සීන් තිබ්බේ ඒ අතරේ එයා හිටි ගමන් මගෙන් දෙයක් ඇහුවා

" මම දෙයක් අහන්න මාත් එක්ක තරහා වෙන්නේ නෑ නේද"

" ම්ම්ම්ම්ම් අහන්නකෝ බලන්න තරහා වෙනවාද නැද්ද කියලා ඊට පස්සේ බලමුකෝ"

"එහෙම බෑ කියන්නකෝ තරහා වෙන්නේ නෑ කියලා "

" හ්ම්ම්ම්ම්ම්ම්ම් නැහැ කියන්නකෝ"

" මට ආදරෙයිද?"

"ම්ම්ම්ම්ම්ම් ආදරේ!!! ඔය ආදරේ නිසා මට මගේ හුඟාක් හොඳ යාලුවෙක්ව නැති උනා ඒ නිසා මට අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක නැති කර ගන්න බෑ"

" නෑ නෑ එහෙම වෙන්නේ නෑ මම පොරොන්දු වෙනවා කියන්නකෝ ආදරේද නැද්ද මට ම්ම්ම්ම්ම්ම්ම් "

" මන්දා "

එහෙම කියලා බෑනේ මට ආදරේනම් මගේ මේ අත අල්ලගෙනම ඉන්න නැතිනම් අත අතාරින්න"
එහෙම කියලා මගේ අත අරන් එයාගේ අත උඩින් තිබ්බා

අනේ මන්දා මොන හෙතුවකටද මන්දා මම ඒ අත අතැරියේ නෑ

2011.03.20 මාස 3යි ඔයා මට ආදරෙයි කියලා ම්ම්ම් මම හැමදාටම ආදරෙයි ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ පිස්සු නට නට හිටි මාව සම්පූර්නයෙන්ම වෙනස් කරලා මට අලුත් ජීවිතයක් ලබා දුන්නේ ඔයා ඒකට ඔයාට ගොඩාක් පින්

අනිත් කෙනා තමා මගේ අක්කා බබා සුදු හංසි අක්කේ  මට මෙයාව මුනගැහුනේ ඔයා නිසා හැමදාම කියනවා වගේ ඔයාට පින් අක්කියෝ මාව සතුටින් තිබ්බට

පි‍ටු පෙරලපු ගාන