නිද්රාවෙන් අවදිවීම- ‘The Wake Up Phenomenon’.

Thursday, December 6, 2012

‘කෙදිනක හෝ ඔබ සිහිනයක් දුටුවාද එය යතාවක් යයි ඔබ සම්පූර්ණයෙන්ම විස්වාස කල? කුමක් වෙයිද ඔබට එයින් අවදි වෙන්නට නොහැකිනම්? එවිට සිහින ලොව හා යථා ලොව ඔබට වෙන්කර හඳුනාගත හැකි වෙයිද?’           
                                                                                                                                                                                                    The Matrix
මොහොතක් හිතේ මවාගන්න.........., අවට ලෝකය පිලිබඳව ඔබේ දෑස් සැබෑවටම විවරවන නව තොරතුරු සමුදායකට ඔබ විවෘත වීමෙන්, මානසික හා ආධ්‍යාත්මික ප්‍රතිවින්‍යාසගත (Reconfiguration) වීමකට ලක්වූවොත්, ඔබේ අභ්‍යන්තර විශ්වාසයන් හා මෙහෙයුම් බලවේගයන් යාවත්කාලීන වීමකට ලක් වූවොත්. මොහොතක් හිතේ මවා ගන්න........... දිනක් උදේ ඇහැරෙනවිට ඔබට ප්‍රත්‍යක්ශ වෙනවා...මෙතුවක් ජීවිතය පුරාවට සම්පූර්ණයෙන්ම සාමාන්‍යයැයි වටහාගෙන සිටි ලෝකය ඇත්තවශයෙන්ම වානිජ්‍ය ලෙස නිශ්පාදණය කල (Commercially Manufactured), ඔබේ පුද්ගල සම්බන්ඳතා මෙන්ම අවට ලෝකය සමග ඇති සබඳතා සියල්ල දෛනිකව කෘතීමව මෙහෙයවන මායාකරී යථාවක් බව'……

මේ සවිඥාණික විතැන් වීම අප වෙත එළඹ ඇතුවා පමනක් නොව මේ මොහොතේ ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් ප්‍රත්‍යක්ශ කරමින් සිටී. මේ 'නිද්‍රාවෙන් අවදිවීමේ සංසිද්ධිය' (‘The Wake Up Phenomenon’) රටින් රට හමායමින් තිබේ. ආණ්ඩු හා සංස්ථාවන් හසුරුවන ඉහල නායකයන් මෙය හොඳාකාරවම දන්නා අතර, එබැවින් මිනිසුන් අතර ඇතිවෙන සබඳතා, ස්වාධීණ සහයොගීතා මත අසමානතා අවබෝදය හා අයුක්තියට එරෙහි වීම වැලැක්වීමට සිය ශක්ති ප්‍රමාණයන්ගෙන් කල හැකි සියල්ල කරමින් සිටී. විමර්ශණාත්මක හා අපක්ශපාතී ප්‍රවෘති මූලාශ්‍ර මෙන්ම විශේෂයෙන් අන්තර්ජාලයේ දියුනුව හරහා අද දවසේ මිනිසා අන් කවරදාකටත් වඩා තමා අවට ලෝකය තුල සිදුවන දෑ අත්දකිමින් හිඳියි. විශේෂයෙන්ම පසුගිය වසර පහලොවක පමන කාලය තුල අපට තොරතුරු සඳහා ඇති ප්‍රවේශය ඝාතීය වර්ධනයක් (exponential growth) අත්පත් කරගෙන ඇත. එබැවින් අප ලෝකය වටහාගන්නා ආකාරය අපටම තෝරා ගැනීමට හැකිවී ඇත. එසේම අවට ලෝකය වැඩි වැඩියෙන් සවිස්තරාත්මකව දකින්නට ඕනෑතරම් අපට අවස්තාව සලස්වා ඇත.  පාරිසරික විනාශය, යුද්ධයේ කුරිරු විපාක,පරිසර දූෂණය, සත්ව හිංසනය, අධික ජනගහණ ඝනත්වය, පංති පරතරය,...සමගම සියල්ලට පාදකවුන සාදකයවූ, එහෙත් වර්තමාන ලෝක මෙහෙයුම් පද්දතිය වගේ වගක් නොපෙන්වන....'අප ජීවත් වන්නේ සීමිත සම්පත් සහිත සීමිත ග්‍රහලොවක බව' අපට  සත්‍ය ලෙසම ප්‍රත්‍යක්ශ වීම ආරම්භ වී ඇත.
ජූලියන් අසාන්ජ්ගේ එක් සිත් කාවදින ප්‍රකාශයක් වූයේ… " අයුක්තිය දැක දැක නිහඬව සිටින සෑම වාරයක් පාසාම අප කරන්නේ අපගේ චරිතය නිශ්ක්‍රීය වීමට පුහුනුකිරීමයි එහි අවසන් ප්‍රතිපලය වන්නේ අපට අපවමත් අපේ ආදරණීයයන්වත් ආරක්ෂා කර ගැනීමට ඇති සියලු හැකියාවන් අපෙන් ගිලිහී යාමයි"…… මෙතෙක්කල් අප අවට ලෝකයේ සිදුවන අයුක්තිය අසාධාරනය හමුවේ නිහඬව සිටීමට මිනිසා වර්ධනය කරගත් පුර්වමර්ශිත විසන්ධිය (Premeditated Disconnect)  අපව රැගෙන විත් ඇත්තේ (එරෙහිව ) සටන් කිරීම යනු තවදුරටත් නිවාඩු පාඩුවේ ඕනෑවට එපාවට ගත හැකි තීන්දුවක් නොවන තැනකටය.

*ධරණීය සංවර්ධනයක් සදහා වූ සුසමාදර්ශයක් (Sustainable Development Paradigm) වෙනුවෙන් ගන්නාවූ මොනයම් හෝ ආයාසයක් අසමත් වන්නේ ධරනීයත්වයේ ප්‍රශ්ණයට කෙසේවත් පිලිතුරක් දිය නොහැකි ලෙස යතාර්තයෙන් බොහෝ දුරස්වූ ආර්ථික සුසමාදර්ශය (Economic Paradigm) විසින් එය කෑදර ලෙස ගිලදමනා බැවින්ය.*(The Flawed Paradigms of Economics and Sustainable Development, Richard Sanders ).  මෙය පාරිසරික අත්යාවශ්යතා හා ආර්ථික අත්යාවශ්යතා අතර ඇති මූලධාර්මික ප්රතිවිරෝධය තේරුම් ගැනීමට අසමත්කම තුල හිරවී ඇත. කෙසේ වුවද මානව ශිෂ්ඨාචාරයේ පැවැත්මට තර්ජනයක් වී ඇති ධරණීයත්වයේ අනතුර,… වඩා හොඳින් විස්තර කරනවානම් ඉතා වේගයෙන් අභිසරනය වන (converging) ගෝලීය අර්බුදයන්ගේ 'පරිපූර්ණ කුනාටුව', සඳහා මානවයාට ඇති ප්රතිචාරය ලෙස තවදුරටත් පවතින්නේ ධරනීය සංවර්ධනයක් සඳහා වූ සුසමාදර්ශයයි. දේශගුණික විපර්යාසය (අනතුරුදායක මට්ටමින්), මුහුදු මට්ටම ඉහලයාම (මේ සියවසතුල මීටර් ගනනකින් විය හැක ), සාගර ආම්ලීකරනය, හයවන මහා ජීව වඳවීමේ තත්වය(පාරිසරික ජීව ආධාරක පද්ධති බිඳවැටෙමින් තිබීම ),බොර තෙල් හා අනෙකුත් සම්පත් නිශ්පාදණය මුදුනටම පැමින තිබීම,පාංශු ඛාදනය, පිරිසිදු ජල මූලාශ් අහිමි වීම,වන විනාශය, මත්ස් සම්පත සීග් ලෙස පහත වැටීම, මිනිස් ප්රජාවේ ඉතා විශාල පිරිසක් ගොදුරු වී ඇති දුප්පත්කම හා අසමානතාවය (පරතරය සීග්රයෙන් වැඩිවෙමින් තිබීම ) හා ලෝක ආර්ථික අර්බූදය, ඉහත කී ගෝලීය අර්බූදයන්ගෙන් සමහරකි. අද මිනිසා විසින් ලෝකය මෙහෙයවන්නේ එය හරියට ඈවරකිරීමකට ලක්වූ ව්යාපාරයක් ලෙසය.
සක්සුදක්සේ පැහැදිලි කාරණය නම් පවතින පද්ධතියේ මෙහෙයුම් කරුවන් සේ පෙනී සිටින මහා පරිමාන ව්‍යාපාරයන්ගේ සිට ආණ්ඩු දක්වා ආයතන තුල සිටින සුලුතරයගේ හදවත් තුල අපගේ ග්‍රහලොවේ හෝ එහි සිටින බහුතරයක් මිනිසුන්ගේ සුබ සාධනය අංශුමාත්‍රයකින්වත් ගැබ්වී නැතිබවය. නැතහොත් පෙන්නුම් කරන්නේ, ලෝකයට මේ මොහොතේ  අත්‍යාවශ්‍ය ප්‍රබල දිශානති වෙනස සිදු කිරීමට ඔවුන් වැඩකරන පවතින පද්ධතිය තුල ඔවුන්ට ඇති නොහැකියාවයි. අනිවාර්යයෙන් ඇතිවීමට නියමිත ව්‍යසනය හිසට ඉහලින් එල්ලෙමින් තිබෙත්දී හා පද්ධතිය නිසි ලෙස කලමණාකරනය කිරීම සඳහා අප විසින් චන්දය දී පත් කල වුන් ඒ සඳහා අවශ්‍ය රැඩිකල් පියවරයන් නොගන්නා තත්වය තුල මහ ජනතාවට ඉතුරු වී ඇත්තේ කඩාවැටෙන -සමහරුන්ට අනුව දැනටමත් කඩා වැටුනු- ලෝක මෙහෙයුම් පද්ද්තියේ කෑලි අහුලන්නටය. පසුගිය දශකය පමන කාලය තුල පෙර නොවූ විරූ ලෙස  සමාජමය සවිඥ්ඥානික ව්‍යාපාරයන් ලොව පුරා දැනුවත් ප්‍රජාව තුලින්ම මතුවිය. 'Occupy' ව්‍යාපාරය,'The Zeitgeist' ව්‍යාපාරය,'Venus' ව්‍යපෘතිය, අරාබි වසන්තය, 'Wikileaks'  හා 'අනොනිමස්' උදාහරණයන්ය. මේ විවිධ ප්‍රජා ව්‍යාපාරයන්ට අනන්‍ය වූ න්‍යාය පත්‍ර තිබුනද සියල්ලන් සත්‍යය, යුක්තිය, ආණ්ඩුකරනයේ විනිවිදබාවය, සාධාරණත්වය හා සමානාත්මතාවය වෙනුවෙන් ඔවුන් ජීවත්වන සමාජ සංස්තාවතුල කරනා අරගලය හරහා සමපාත වී ඇත. පෙර නොවූ විරූ ලෙස අද දවසේ තොරතුරු නිදහසේ ගලායමින් පවතියි. ලොව පුරා නිදහස් චින්තකයන් මෙය අවියක් සේ යොදා ගනිමින් මුල් ළමාඅවදියේ සිටම අප හැමට දේව භාශිත සේ ප්‍රගුණ කරවූ ප්‍රතිශ්ඨාපිත විශ්වාස පද්ධතීන් බිඳ දමමින් සිටී.

"තමන් නිදහස් යැයි බොරුවට විශ්වාස කරන්නා තරම් අන්ත වහල්භාවයට ලක් වූ වෙනකෙක් නැත" 
                                                                                                                                                                        -Johann Wolfgang von Goethe
සමාජ ක්රියාධරයෙකු වීමේ මාර්ගය අගනා ප්රතිඵල දෙන්නකි. නමුත් එය ඔබව නිරන්තර මානසික සටනක ගිල්ලවයි. මේ ප්රහේලිකාව ලිහා ගැනීම ගැන කියනවානම්, තොරතුරු බෙදාහැරීමේ හා තාක්ෂණයේ දියුනුවට පින්සිඳුවන්නට තවදුරටත් වලංඟු නැති යල්පීනූ ප්රතිශ්ඨාපිත මිත්යාවන්ගෙන් හා විශ්වාසයන්ගෙන් ඔබේ මනස සම්පූර්නයෙන්ම මුදා ගත යුතුය. එසේම පවතින ප්රධාන ධාරවේ චින්තනය ප්රගුන කල, ඔබ එදිනෙදා ඇසුරු කරන්නන් අතර යම් තරමක පිටස්තරයෙකු වීමටද ඔබ සූදානම් විය යුතුය. යතාවබෝධය ලැබීම මුලදී එකාතකට විනාශකාරී ක්‍රියාවලියකි.  එය අප දන්නා පරිදි හෝ සිතා සිටින පරිදි වඩාත් හොඳ තත්වයට පත්වීමක් හෝ වඩා සන්තුශ්ඨිදායක තත්වයක් ලබන ක්‍රියාවලියක් නොවේය. යතාවබෝධය යනු සියලු අසත්‍යයන්ගේ දිරා හැලීමකි. එය සත්‍ය වසාගත් ව්‍යාජ ප්‍රාකාරය විනිවිද බැලීමකි. එය අප මෙතෙක් සත්‍යයයි සිතා සිටි සියල්ලේ ඛාදනය වීමකි. මම ගමන් ගන්නා මාර්ගය නිවැරදිදැයි පුන-ආරක්ශණයක් (Reassuance) අවැසි සෑමවිටම රාත්‍රී තරු පිරි අහස නිරන්තරයෙන් මට අස්වැසුම සලසයි. විශ්වයේ දැවැන්තභාවය, මිලියන ගනන් චක්‍රාවාට තවම අපට මුන නොගැසුනු අතිදියුනු ජීවීන් හා ශිෂ්ඨාචාර ගැන සිතන විට........ඒ සමගම මම මගේ සහෘද මිනිසුන් හා මා උපන් ග්‍රහලෝකය, මුලුමනින්ම පාහේ දුශ්ඨ සම්පත් බෙදීයාමේ විශමතාවය පවත්වාගෙන යන අපගේ ලෝක මෙහෙයුම් ක්‍රියාකාරීත්වය, සොබාදර්මය හා අනෙකුත් මිනිස් සඟයන් මත පවත්වාගෙන යන කූඨ, විනාශකාරී මිනිසාගේ පාලනය කිරීමේ ස්වභාවය, අපට ජීවත්වීම සඳහා ගොඩනගා ගත හැකි  හොඳම යථාර්තය ලෙස කැමැත්තෙන්ම භාරගත් ආර්ථික සිරගෙය....ගැන සිතන විට……. සබැවින්ම මම ගමන් කරන්නේ ඉතාම නිවැරදි මාර්ගයේ බව වහා මට පසක් වේ.

*කෙතරම් හරිත ව්යාපාර පැවතුනද ,ජනගහන වර්ධනයේ සිට සම්පත් පරිබෝජනය දක්වාත්, වන විනාශයේ සිට මුහුදේ මත් සම්පත අධිසූරාකෑම දක්වාත්, වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්රනයේ සිට දළ දේශීය ආදායම දක්වාත්, සියලු දර්ශකයන්ගේ ප්රස්තාර රේඛා වක්රයන් 1950හේ සිට ගමන් කරන්නේ සම්පූර්නයෙන්ම වාගේ තිරස් අතට ඉහලට වන අතර නතර වෙන පාටක්ද පෙනෙන මානයේ නැත.*( The myth of a technological salvation, Paul Kingsnort ). මේ සියලු නැඹුරු තාවයන්ට ඇත්තේ එකම මූල දෝශයකි: සිය විනාශකාරී ගමන් මාර්ගයේ දිශානතිය වෙනස් කර ගැනීමට කිසිදු උනන්ඳුවක් නොදක්වන, මිනිසාගේ කෑදර ආර්ථික ක්රමයයි. එහි ගම්යතාවය කොතරම්දයත්, සමහරවිට අපේ සියලු නායකයන්ගේ හදවත් එකවිට උනුවුවද,දිශානතිය වෙනස් කරලීමට නොහැකි විය හැක. *ඇත්ත වශයෙන්ම කියතොත්, 2011දී ගොලීය කාබන් ඩයොක්සයිඩ් විමෝචනය නව වාර්ථාවක් තබමින් ටොන් බිලියන 34ක් වී ඇති අතර - චීනය තවමත් හරිතාගාර වායු නිශ්පාධකයන්ගේ ලැයිස්තුවේ අංක එක හොබවයි - ජර්මානු පුද්ගලික පර්යේශනායතනයක අධ්යයනයකට අනුව 2009දී ලෝක ආර්ථික අර්බූදය නිසා කුඩා පරිමාන පසු බැස්මක් දැක් වුවද උඩුඅතට වන පරාවක්රය(Trajectory) නැවත ආරම්භ වී ඇත.* (New global CO2 emissions record in 2011, sbs.com.au)
මට පෙනෙන ආකාරයට මේ සාධක, පරිසිද්ධි, සංඛ්යා දත්ත අපට ගෙන එන්නේ  මතභේදයකින් තොරව සැමට එකඟ විය හැකි, ඉතා සරල පණිවුඩයකි. එනම් නුදුරේදීම අපේ ශිෂ්ඨාචාරය ඉතා තදින් බාධකයක ගැටීමට නියමිත බවත් ඉන්පසු එය කඩා හැලීමට නියමිත බවත්ය. එය සිදුවන්නේ හරියටම කවදා කෙසේදැයි කීමට මම තවම ආරම්භ නොකලෙමි, එහෙත් විකල්පය - සමූහ චිත්ත විපර්යාසයකට ලක්වීම -තවමත් වඩා හාස්‍යජනක විකාරරූපී අදහසය. එහෙත් අපවෙත හඬගා පවසන මේ සත්‍යය පණිවුඩය දෙස අවංකවම බැලීමට තවමත් උනන්දුවන්නේ අප සුලු පිරිසක් පමනි. ප්‍රශ්ණය සැබෑවටම ඇත්තේ අපේ චෛතසිකය තුල ගැඹුරටම කිඳාබැසය: අපි අප කවුදැයි අපටම කියාගන්නා කතන්දර වලින් සැබෑවටම සිදුවන්නේ කුමක්දැයි විශ්වාස කිරීම වලක්වා ඇත. සෑම ශිෂ්ඨාචාරයකටම පදනම් ගත මිත්‍යාවක් පැවතින.අපේ එය වර්ධනයේ මිත්‍යාවයි.

'අවදිවීමේ සංසිද්ධිය' සරලවම නියෝජනය කරන්නේ සත්යයය සෙවීම, ආණ්ඩු හා දැවැන්ත ව්යාපාරයන්ගේ විනිවිද භාවය, ලෝකයේ සියලු මිනිසුන් සමග සාධාරණ හා යුක්තිසහගත සම්පත් බෙදාගැනීමක් පිලිබඳ බලාපොරොත්තු සහගත ප්රාර්තනාවන්ය. එසේම මිනිසුන්මත බලහත්කාරී පාලනය, බිය ගැන්වීම,  මෙහෙයවීම පටවන දේශපාලණික හා ව්යාපාරික න්යායපත්රයට පමනක් මෙහෙකරන "ප්රවෘත්ති" නිර්මානය කරන, සිය න්යායපත්රයට එරෙහි මත වාරනය කරන ඒකාකාරී මාධ් ඝෝශාවට එරෙහි විකල්ප හඬය. නිද්රාවෙන් අවදිවීමට ඔබට අසම්මතයයි සම්මත ප්රශ්න අසන්නට සිදුවෙනු ඇත. විචාරශීලීව සිතන්නට සිදු වෙනු ඇත. විවිදාකාරයෙන් විවිද අවශ්යතා වෙනුවෙන් හසුරවනු ලැබූ ආයොජිත 'සත්යයන්' ගහන අද සමාජය තුල ඔබ දකින , අසන, කියවන සියල්ල විශ්වාස නොකිරීමට වගබලා ගත යුතුය. ඒවෙනුවට ඔබට මුනගැහෙන සෑම සහ සියලු තොරතුරක්ම ප්රශ්න කිරීමට ලක් කල යුතුය. එවිට තොරතුරු වලින් සන්නද්ධ වූ මනසින් හා විවෘත හදවතින් යුතු අපට එකතුවී ලෝකය නිද්රාවෙන් අවදි කල හැකි වෙනු ඇත.
‘The Ziestgeit Movement’ බ්ලොග් අඩවියට 'ෂෝන් බේකර්'විසින් රචිත ‘The wake up phenomenon’ ලිපියේ පරිවර්ථනයකි.

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

උමා(දසුන්) said...

අනේ අයියේ..ටිකක් නම් කියෙවුවා...අනේ අකුරු පොඩි වැඩියිනේ දෙයියෝ....මොනවා උනත් ජය වේවා....!හොඳට කරගෙන යන්න අයියේ...සුභ පතනවා...

yasiru said...

ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
දැනුම බෙදාගන්න.
සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

Post a Comment

පි‍ටු පෙරලපු ගාන