ආදරය, කෑදරය සහ ජීවිතය

Wednesday, December 5, 2012
සිතුවිලි පවුරට තියා මගේ අම්බලමටවත් කාලෙකින් මොකුත් ලිව්වේ නැහැ. මේකත් ඉස්සර ලියපු එකක්. ලිව්වේ කාලෙකට කලින් උනත් ලියපු දේවල් තවමත් වෙනස් වෙලා නැති නිසා ආයෙමත් ඒ ලිපිය මේකටත්  දාන්න හිතුනා.

මේකත් මාතෘකාව දැක්ක ගමන් හැමෝම හිතන ආකාරයේ ලිපියක් නොවෙන්න පුළුවන්. මොකද මේ මාතෘකාව සම්බන්දයෙන් ලියන්න නම් කොයිතරම්ම දේවල් තිබුනත් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරනවද කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ. ඇත්තටම ආදරය කියලා කියන්නේ මොකක්ද? මේක හරියටම තේරුම් ගත්ත කවුරුම හරි කෙනෙක් ඉන්නවද කියලා මම නම් දන්නේ නෑ. ඒත් මේ ලෝකේ හැම දෙයක්ම රැදිලා තියෙන්නේ, පවතින්නේ ආදරය නිසා. කෙනෙක් ඉපදුන දවසේ ඉදලා මැරෙන දවස වෙනකම්ම ජීවිතය ජිවත් කරවන්නේ මේ කියන ආදරය නේද? ඒක මනුස්සයට විතරක් නෙවෙයි ලෝකේ ඉන්න හැම සතා සිපාවටම පොදුයි.

පුංචිම කාලේ පුංචි දරුවෙකුට වැඩිපුරම ලැබෙන්නේ අම්ම තාත්ත දෙන්නගේ ආදරය. ඊට පස්සේ පවුලේ අයගෙන් සමාජයෙන් නෑදෑ හිත මිතුරන්ගෙන් වගේ සමාජේ ගොඩාක් අයගේ ආදරේ ලැබෙනවා. ඒත් අද පවතින සමාජ වාතාවරණය ඇතුලේ අම්ම තාත්තගේ ආදරයවත් හරියට ලැබෙන්නේ ඉපදෙන දරු පැටවුන්ගෙන් කියෙන් කි දෙනෙකුට විතරද? දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක හරි ආයා කෙනෙක් ලග නවත්තලා තියලා අම්මලා තාත්තලාට සල්ලි හොයන රේස් එකේ දුවන්න වෙලා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි.

ඊළගට දරුවා ටිකක් ලොකු මහත් වෙලා ඉස්කෝලෙට ඇතුලත් කරපු දවසේ ඉදලා හැම දෙමාපියෙක්ගේම බලාපොරොත්තුව තමන්ගේ දරුවා පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් කරවලා ලොකුයි කියලා සම්මත වෙච්ච ඉස්කෝලෙකට යවන එක. ඒ දෙමාපියන් දරුවන්ට තියෙන ආදරය නිසා, ළමයට යහපත් අනාගතයක් හදල දෙන්න ඕන කියන සිතිවිල්ල නිසා වගේම තමන්ගේ දරුවා යන්නේ අහවල් ඉස්කෝලෙට කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන්කම වගේ හේතු ගොඩාක් නිසා. මේ කාරනාව නිසාම දරුවට සිද්ද වෙන්නේ එක වසරට ගිය දවසේ ඉදලම පිම්මේ රේස් එක දුවන්න පටන් ගන්න. ඒත් ඔය වයසේදී පුංචි දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ උදේ ඉදන් හවස් වෙනකම්ම පොත්වල ඇලිලා ඉන්න එක නෙවෙයි. එයා බලාපොරොත්තුවෙන්නේ යාළුවො එක්ක සෙල්ලම් කරන්න. අම්ම තාත්තගේ තුරුලට වෙලා හුරතල් වෙන්න. සියා ගෙන් ආච්චිගෙන් කතන්දරයක් අහ ගන්න වගේ දේවල්. ඒත් රේස් එක අත අරින්න බෑ. අත ඇරියොත් පැරදෙනවා. ඒ නිසා පුංචි දරුවට සිද්ද වෙනවා තමන්ගේ ළමා කාලය කැප කරලා රේස් එක දුවන්න.

මට ඇත්තටම මේ ලිපිය ලියන්න මුලින්ම හිතුනේ මුහුණු පොතේ ඉන්න මොන්ටිසෝරි බබාලා සෙට් එකයි හුරතල් සත්තු ටිකයි දකින කොට. දෝනිලා, පැන්චිලා, සිගිතිලා, මදිවට වලස් මාමලා, අලි පැටවූ, වගේ කීදෙනෙක් මුණු පොතේ ඉන්නවද? ඒ වගේ ෆේක් ප්‍රොෆයිල් හදාගෙන ආයෙත් තමන්ගේ ළමා කාලෙට යන්න උත්සාහ කරන අය කොයි තරම්ද? ඇත්ත ලෝකේ අවුරුදු පහලවේ දාසයේ විතර ඉදලා තිස් ගණන් වෙනකම් පිරිසක් ෆේක් ලෝකේ බබාලා වෙලා පුංචි කාලේ එයාලට නැති උන ලෝකය හොයා ගෙන යනවා. ඇත්තටම ඒ අයට වරදක් කියන්න බෑ. සමාජය ඉස්සරහ බොළදයි වගේ පෙනුනට ඒ අය හොයන්නේ එයාලට නැති වෙච්ච ඒ අයගේ ළමා කාලය. ලොකුයි කියලා සම්මත ඉස්කෝල වල ඉගනගෙන. ලොකුයි කියලා සම්මත රස්සාවල් කරන ගොඩ දෙනෙක් මුහුණු පොතේදී පුංචි උන් ආස කරන කාටුන් චරිත බවට පත් වෙලා ඒ ලෝකේ ජිවත් වෙන්න හදනවා. ඇත්ත ලෝකේ ඉදන් බලනකොට විකාරයක් වගේ පෙනුනට ඒ ලෝකේ ඇතුලට ගිහින් ජිවත් වෙනකොට ගොඩාක් සුන්දරයි.

පුංචි දරුවා කොහොම හරි කරලා ශිෂත්ව විභාගෙත් පාස් කරලා ඊළගට යන්නේ ලොකුයි කියලා සම්මත ඉස්කෝලෙකට. මෙච්චරකල් අම්ම තාත්ත එක්ක ජිවත් වෙච්ච ඒ දරුවට ඊළගට සිද්ද වෙන්නේ තනියම බෝඩිමක හරි ඉස්කෝලේ හොස්ටල් ඒකෙ හරි ජීවිතය පටන් ගන්න.
මෙච්චර කාලයක් ගෙදරින් එලියට බහින්නේ නැතුව අම්ම තාත්තගේ රැකවරණය ඇතුලේ හිටපු පුංචි එකාට එදා ඉදන් සිද්ද වෙන්නේ තනියම සමාජයට මුහුණ දෙන්න. මේ කියන පිරිස අතරේ තමන්ගේ වැඩේ කර ගන්න මොනවා හරි කරලා ටාගට් එකට යන පිරිසකුත් ඉන්නවා. ඒක ඒ අයගේ හැකියාව. තවත් පිරිසකට මේ අමුතුම පරිසරයට වැටිච්ච ගමන් සිද්ද වෙන්නේ නන්නත්තාර වෙලා යන එක. මෙච්චරකල් බැදිලා හිටපු නීති රීති ලිහිල් වෙලා අලුත් පරිසරයක් අලුත් ලෝකයක් එක්කම ලැබෙන අමුතු නිදහසින් ප්‍රයෝජන අරගෙන විනාස වෙලා යනවා. ගමේ ඉස්කෝලෙන් ශිෂත්ව විභාගේ ඉහලින්ම සමත් වෙලා කොළඹ ආව දරුවා ඕලෙවල් වෙනකොට විෂයන් ඔක්කොම ෆේල් වෙන්නේ අන්න ඒ හේතුව නිසා.

ඊළගට ඉස්කෝලේ හය හත පන්ති වලට එනකොටම බලාපොරොත්තු වෙන්නේ විරුද්ද ලිංගිකයන්ගේ ආදරය. දැන් නම් යාන්තම් අකුරක් ලියාගන්න පුළුවන් වෙච්ච ගමන් තුන වසරේ ඉන්න පොඩි උනුත් ලියුම් ලියලා අහුවෙනවා කියලයි ආරංචි. ඒකට නම් ඉතින් පොඩි උන්ට දොස් කියලා වැඩක් නෑ. පොඩි දරුවෙක් උදේ ඉදන් හවස් වෙනකම්ම රූපවාහිනියෙන් වගේම සමාජයෙනුත් නිතරම දකින්නේ ප්‍රේම අදෝනා. දරුවෙක් නිතරම අත්හදා බලන්න උත්සාහ කරන්නේ නිතර දෙවේලේ ඇහෙන දැනෙන දේ කනට ඇහෙන දේ.

පාසල් ප්‍රේමය කියන එකත් දැන් සාමාන්‍ය දෙයක්. විනය නීති වගේ දේවල් වලින් පාසල් ප්‍රේමය නතර කරන්න පාසලේ විදුහල්පති තුමාගේ තුමියගේ ඉදන් ගොඩාක් අය එදා ඉදන් උත්සාහ කලා. ඒත් ඒක කාටවත් නතර කරන්න බැරි උනා. මොකද කියනවා නම් හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා හිතක ඇතිවන හැගීමක් නීති වලින් නවත්තන්න බෑ. ඒත් ඔය කාරනාව අදටත් ඒ තැන්වල ඉන්න අයට තේරුම් ගන්න බැරි පාසල් කාලයේ ඒ අයගේ ජිවිත වලත් ඔය වගේ කාලයක් තිබුනා නේද කියන එයාලත් අමතක කරලා ඉන්න නිසා වෙන්න ඇති. ඔය වගේ සාමාන්‍ය දේවල් නවත්තන්න මහන්සි වෙනවට වඩා ළමයින්ට ලිංගික අධ්‍යාපනය පිළිබද විධිමත් වැටහීමක් ලබා දෙනවා නම් ඒක ගොඩාක් වටිනවා කියලයි මට නම් හිතෙන්නේ. පාසල් විෂය නිර්දේශය තුල ඔය කාරනා ඇතුලත් උනත් ඒවා ළමයින්ට උගන්නලා තියෙන්නේ මොන පාසලේද කියන ගැටලුවත් තියෙනවා.
මේ සම්බන්දව ලැජ්ජාව තියෙන්නේ ළමයින්ටද ගුරුවරුන්ටද? උගන්වන්නේ නැත්තේ එහෙම ලැජ්ජාවක් නිසා නෙවෙයි නම් අපේ සංස්කෘතිය කියලා කියන එකේ තියෙන වෙන ප්‍රශ්නයක් නිසාද කියන්න දන්නේ නෑ.

ආදරය කියන කාරනාව එක්ක ලිංගිකත්වය කියන දෙය අනිවාර්යයෙන්ම සම්බන්ද වෙනවා. පුංචි කාලේදී ගෑනු ළමයෙක් වැඩිපුරම ආදරේ කරන්නේ තමන්ගේ තාත්තට වගේම පිරිමි ළමයෙක් වැඩිපුරම ආදරේ කරන්නේ අම්මට. කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇති වෙන ආදර සම්බන්දයක උනත් යටින් ඉන්නේ ඔය ලිංගිකත්වය කියන කාරනාව. ඔයා තමයි මගේ පන වස්තුව රන්කද කියලා කවුරු කොච්චර කයිය ගැහුවත් කෙනෙක් වැඩිපුරම ආදරේ කරන්නේ තමන්ටමයි. ප්‍රේමය නැති වෙලා ගියාම දිවි නසා ගන්න උත්සාහ කරන්නේ එයා දාල ගිය හේතුව නිසා නෙවෙයි. තමන්ට ඕන ආදරේ තමන්ගේ හිත ඉල්ලන ආදරේ තමන්ට නොලැබුන දුකට. කෙනෙක් තවත් කෙනෙකුගේ ආදරයක් බලාපොරොත්තු වෙන්නේ තමන්ට තියෙන විවිධ අරමුණු ඉටු කරගන්න තියෙන උවමනාවට. තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න, තමන්ගේ පාළුව තනිකම මකාගන්න. ලිංගික අවශ්‍යතා ඉෂ්ට කරගන්න වගේ තමන්ට තියෙන උවමනා සපුරා ගැනීම, වගේ විවිධාකාර අරමුණු මේ කියන ආදරය ඇතුලේ තියෙනවා. 

විවාහය කියලා එකක් සමාජය විසින් නිර්මාණය කරගෙන තියෙන්නේත් යම් කිසි සදාචාරවත් පිළිවලක් අනුව ගැහැනියකුට සහ මිනිහෙකුට ලිංගික සතුට විදින්න අවස්තාවක් සලසා දෙන්න. මිනිසා අනෙකුත් තිරිසන් සතුන්ගෙන් වෙන් වෙන්නේ අන්න ඒ වගේ කාරණාවන් මත. තිරිසන් සතුන් අතරේ සහකරුවෙක් සහකාරියක් බෙදා ගන්න ඇතිවන ගැටුම් මිනිසුන් අතරේ ඇති නොවෙන්න තමයි විවාහය කියන නීතිමය ආකෘතියක් තුල එක පිරිමියෙකුට එක ගැහැනියක් පවරාදීම සිදු වෙන්නේ. එතැනදී බලාපොරොත්තු වෙන්නේ එක් පුරුෂයෙක් සහ කාන්තාවක් එකතු වෙලා වෙනම පවුලක් හැටියට ඔවුන් දෙදෙනාගේ එක්වීම නිසා ඇතිවන දරුවන් සමග සමාජ ඒකකයක් ලෙස ජිවත් වීම වගේ කාරණාවන්.

ඒත් මම අවුරුදු ගානක් තිස්සේ රට වටේ ඇවිදිනකොට නවාතැන් ගත්ත ස්ථානවලදී දකින්න ලැබුණු කාරනා නිසාම කෑදරේ ගැනත් පොඩ්ඩක් කතා කරලා ලිපිය නවත්වන්න හිතුවා.

උදේ පාන්දර අපි නවාතැනින් පිටවෙනකොට හැමදාම අපිට දකින්න ලැබුනේ එකම දර්ශනයක්. ඒකට පොළොන්නරුවේද හම්බන්තොටද පුත්තලමේද රත්නපුරේද කියන ප්‍රදේශය අදාළ උනේ නෑ. ඒ තමයි උදේ පාන්දර ටියුෂන් යන්න ආව ගෑනු ළමයෙක් එක්ක කාමර හොයාගෙන එන අයියලාගේ දර්ශනය. බොහෝ විට දකින්න ලැබෙන්නේ ගෑනු ළමයා පොත් මිටිය එක අතකින් තුරුළු කරන් හෙල්මට් එකෙන් මුණ වහගෙන ඉන්න කොට පිරිමි ළමයා තනියම ගිහින් කාමරය වෙන් කරගෙන ඇවිත් ගෑනු ලමයවත් ඇදගෙන කාමරයට රිංග ගන්න එක. මෝටර් බයිසිකලය සමහර වෙලාවට ත්‍රිරෝද රථයක් වෙන්නත් ඉඩ තියෙනවා. එතන තියෙන්නේ ආදරයද කෑදරයද කියලා ඔයාලම කල්පනා කරලා බලන්න. අසරණ දෙමවුපියෝ තමන්ගේ දරුවාව ටියුෂන් ක්ලාස් යවන්නේ මෙයා හොදට ඉගනගනිවී කියලා බලාපොරොත්තු ගොඩාක් එක්ක. ඒත් සිද්ද වෙන්නේ වෙන දෙයක්. මෙතැනදී තනිකරම බලාපොරොත්තු වෙන්නේ ලිංගික උවමනා එපාකම් සම්පුර්ණ කර ගැනීම විතරයි. ඉස්සරහට සිද්දවෙන අතුරු ප්‍රතිපල ගැන හැගීමක් ඒ මොහොතේ නෑ. නමුත් රුම් එකට යන්න කලින් පන දෙන්නම් සසර වසන තුරු ඔයා මගෙමයි රත්තරන් කියාගෙන ඉන්න කොල්ලා එලියට ආවට පස්සේ හොයා ගන්නවත් බැරි වෙන එකයි ඔය ගොඩාක් කතාවල අවසානය. මොනවා උනත් කොයි තරම් වෙනස් වෙලා කිව්වත් අදත් ලංකාවේ කොල්ල නාල ගෙට ආව ගමන් ඌ සුද්දයි. ඒත් ගෑනු ළමයා කොච්චර නාල ආවත් පැල්ලම මකන්න බෑ. අවුරුදු ගානක් හැමදාම ලංකාවේ හැම අහුමුල්ලකදීම උදේ පාන්දර ඉදන් ඔය දර්ශනයම දැකපු මට දැන් ඕක සාමාන්‍ය දෙයක් උනාට අපේ සදාචාරය සංස්කෘතිය ගැන කයිය ගහගෙන ඉන්න සදාචාරවාදී කෙනෙකුට මේක මහලොකු කතාවක් වෙන්න ඉඩ තියෙනවා. කෙල්ලෙක් කොල්ලෙක් කොහේ හරි මුහුදු වෙරළක පාක් එකක වගේ තැනක කතා කර කර හිටියොත් ඒක මහා ලොකු වරදක් කියලා උන්ව පොලිසි පටවාගෙන යන රටක ලංකාවේ සදාචාරේ ගැන හැමදාම දකින කොට හිනාවෙන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ. මේකේ ඉන්න උන්ට සදාචාරේ රැකගෙන යහතින් ජිවත් වෙයල්ලා කියලා පණිවිඩ දෙන්න මට කිසිම උවමනාවක් නැහැ. එහෙම කිව්වත් කරන උන් මේකේ ඇත්තෙත් නෑ. ඒත් මට කියන්න ඕන උනේ මේ වගේ ලස්සන තරුණ ජිවිත නිරපරාදේ නන්නත්තාර වෙලා නාස්ති වෙනවට වඩා මොකක්ම හරි දෙයක් සිද්ද වෙන්න ඕන කියන කාරනාව.

අන්තිමට ඔය බ්ලොග් වල මුහුණු පොතේ එහෙම නැති උන ආදරය ගැන කවි කතාන්තර ලියපු ලියන මාත් ඇතුළුව හැමෝටම මතක් කරන්න තියෙන්නේ මෙන්න මේ ටික . ඔයා ආදරය කරන කවුරු හරි කෙනෙක් ඔයාලව දාල ගියාට ඒකෙන් අවුල් වෙන්න එපා කියලා. ඒ ඔයාගේ ආදරේ ලබන්න තරම් එයා පිං කරලා නැතුව ඇති. මොකද එයා ඔයාව දාල ගියේ ඔයා ගැන එයාගේ හිතේ ආදරයක් නැති නිසානේ. ඔයාට ආදරේ නොකරන කෙනෙකුට ඔයා මොකටද ආදරේ කරන්නේ. ඔයාට ආදරය කරන කෙනෙකුට ආදරේ කරන්න. එයා ඔයාගේ ජීවිතය හැමදාමත් සතුටින් තියයි. මොකද එයා ඔයාට ආදරෙයි.......

ආන්න එහෙම ආදරේ කරන්න කැමති ගෑනු ළමයි ඉන්නවා නම් කියන්න. ආදරේට ඇබෑර්තු තියේ  :P

13 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

දේශකයා said...

මම ඊයේ ඇවිත් මකුණු දැල් කඩල ගියා. මෙන්න බොලේ අයිතිකාරය උදේම දොර ඇරලා. යං යං...

Mayya said...

මේ වගේම අදහස් ටිකක් එක්ක මමත් පොඩි පෝස්ට් එකක් දාලා තියෙනවා. ඒකෙත් මතෘකාව මිට සමානයි....

කෑදරකමද? ආසාවද? ආදරයද?

හිරු said...

මෙන්න රෙපා බ්ලොගේ මකුළු දැල් කඩලෝ.......... හි හි

//කෙල්ලෙක් කොල්ලෙක් කොහේ හරි මුහුදු වෙරළක පාක් එකක වගේ තැනක කතා කර කර හිටියොත් ඒක මහා ලොකු වරදක් කියලා උන්ව පොලිසි පටවාගෙන යන රටක.///

මේකට නම් අම්මපා මට නං තියෙන්නෙ පුදුමාකාර කේන්තියක් බං.... දවසක් මායි මගේ යාලුවයි ක්ලාස් එකට යන්න කලින් බත් එක කාලා එන්න විහාරමහා දේවී එකට ගියා... හැමදාම එහෙම තමයි ඉතිං.. ඒත් එදා යනකොට 3.30 උනා.. මෙන්න සික්කෙක් කෑ ගැහුවෙ නැද්ද ඒ පාක් එක දැං වහලා, යන්න දෙන්න බෑ කියලා... ( මගේ යාලුවා කොල්ලෙක්) අපේ එකාට තද උන පාර තව පොඩ්ඩෙන් සික්කා කනවා එදා නම්.... පස්සේ ඔය මඟුල අස්සේ රිංගන්න නෙවෙයි යන්නේ කියලා අපි දෙන්නා ඇතුලට ගියේ...

ඒක ඇතුලේ කපල් එකකට බංකුවක වාඩි වෙලා කතා කර කර ඉන්නවත් බෑ... ඇවිත් අයිඩන්ටි ඉල්ලනවා.. දවසක් මම මල පැනලා බැන්නා සික්කෙක්ට... යකෝ මේ බංකුවක වාඩි වෙලා පොත් දෙකක් පෙරළගෙන පාඩම් කරන උන් දෙන්නෙක් කියලා තේරුම් ගන්නවත් තමුසෙලට මොළයක් නැද්ද කියලා... ( ඉස්සර අපේ පන්තියේ අනිත් කපල් ටික පාක් එකට රිංගුවම ඉතුරු වෙන්නේ මායි තව කොල්ලෙකුයි විතරයි.. උන් ලවු කරනකම් අපි දෙන්නා පාඩම් කරනවා...)

ඒ වෙලාවට නම් අම්මපා උන්ගේ ඇටකඩු කුඩු කරන්න හිතෙනවා.. ඇයි දෙයියනේ මෙහෙම කළාම ආදරේ කරන උන් දෙන්නෙක්ට කතා කරන්නවත් තැනක් නැති උනාම උන්ට යන්න ඉතුරු වෙන්නේ රෑම් ම තමා... එහෙම ගියාම කතා කරලා නවතින්නේ නෑ ‌නේ.... අනිත් එක තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ කරන කොල්ලෙක් ඒ කෙල්ලව කවදාවත් රෑම් එකකට එක්කගෙන යන්නේ නෑ ... ඌ ඒ තරම් කෙල්ලව පරිස්සම් කරන නිසා... ඒත් දෙයියනේ උනුත් ලවු කරන්න එපැයි... ඒකට චාන්ස් එක්ක නෑ මේ රටේ.....

අම්මපා මගේ ඇගේ මාලු නටනවා මේවා මතක් වෙනකොට... ඇත්තමයි...

මායි අපේ මහත්තයයි ඉස්සර පුදුම කට්ටක් කෑවේ කතා කරන්නවත්, යන්න වත් තැනක් නැතුව.. හැමදාම පන්සල් ගානේ යන්න පුළුවනෑ... බීච් එකට යන්නද, පාක් යන්නද.. ෆිල්ම් හෝල් අස්සේ රිංගන්නද... කොහෙටවත් යන්න බෑ... යන්න තියෙන්‌ෙන් ඔය පාක් එක විතරයි.. ඒකේ අර ලවර්ස්ලට කියලා තියෙන කෑල්ලට යන්න අපිට ලැජ්ජයි.. ඒකේ උන් ඉන්නේ රෑම්ස් වල ඉන්නවා වගේ... ඉතිං අපිට කතා කරන්න උනේ බස් එකෙදි විතරයි... ඒ මදිවට හැමතැනම බෝම්බ පුපුරනවා... ඒ අතින් අපේ මල්ලිලා වාසනාවන්තයි.. උන්ට අඩුගානේ රට වටේ ඕනේ තැනක යන්න පුලුවන් බය නැතුව...

තරියා said...

කියලා වැඩක් නෑ රෙපා ක්ලාස් යන කෙල්ලොනං විනාස භාවං...
හිරු අක්කගේ කමෙන්ට් එක තමා මෙවුවා එක..
විහාරමහාදේවි සික්කො ගැනනං කතාකරලා වැඩක් නෑ කාලකන්නි..
බත් එකක්වත් කන්න දෙන්නෑනේ..

silentsahan said...

//ඔයා ආදරය කරන කවුරු හරි කෙනෙක් ඔයාලව දාල ගියාට ඒකෙන් අවුල් වෙන්න එපා කියලා. ඒ ඔයාගේ ආදරේ ලබන්න තරම් එයා පිං කරලා නැතුව ඇති. මොකද එයා ඔයාව දාල ගියේ ඔයා ගැන එයාගේ හිතේ ආදරයක් නැති නිසානේ. ඔයාට ආදරේ නොකරන කෙනෙකුට ඔයා මොකටද ආදරේ කරන්නේ. ඔයාට ආදරය කරන කෙනෙකුට ආදරේ කරන්න. එයා ඔයාගේ ජීවිතය හැමදාමත් සතුටින් තියයි. මොකද එයා ඔයාට ආදරෙයි.......//

මට අදටත් තේරුම් ගන්න බැරි උන , ඒ උනත් තේරුම් ගන්න
ඕන එකම ඇත්ත මේ ලෝකේ..
මචන් අකුරු පොඩි වැඩියි කමෙන්ට් තීරුවේ ගොඩක්.
උබේ සයිට් එකත් බර වැඩියි...ඔය තියෙන අරුම්බුල් අයින්
කරහන් සූම් වගේ ඒවා.ඕන කෙනෙක්ට CTRL + ගැහුවා ගමන්
ඕක වෙනවා ආයේ ගැජට් දාන්නේ මොකටද.

හිරුගේ කමෙන්ට් එක හරි අමාරුවෙන් කියවා ගත්තේ .
අකුරු පොඩි වැඩියි මේකගෙ පවුරේ...ඔය කියන කාලේ නම්
අපි දැකලත් ඇති .මාත් ඔකේ නොදන්නා පදුරක් නැහැ ..:D
දවසක් මන් කේන්ති ගිහින් බැන්න තිත්ත කුණුහරපෙන්.
ඇයි යකෝ එකම පාර්ක් එකේ එක පැත්තක බුදිය ගන්නේ
නැති ටික විතරයි , අනික් පැත්තේ කෙල්ලෙක්ගේ හුලගක්
කොල්ලෙක්ගේ ඇගේ වැදුනත් වැරදියි..
ඒ කාලේ 3.30 මන්ද තිබ්බේ නේ family වෙලාව..? ඒ කියන්නෙම
අනිත් වෙලාවට ඕන දෙයක් වගේ ..අනේ මන්ද එක්කෝ ඕන දෙයක්
කරගන්න ඉඩ දීල ඉන්න ඕන..නැත්නම් කපල් ෆැමිලි බේදයක් නැතුව
තියන්න ඕනා.කොහොමත් ටවුන් හෝල් park ගියා කියන්නේ පටි රෝල්
අලුත යාලු උන ඩබලක් ...

යාන්ත්‍රිකයා said...

මට පෙන්නන්න බැරි .. මට අදාලත් නැති මාතෘකාවක් නිසා මම ගියා..:)

සිරාගෙ කාමරේ said...

කාලෙකට පස්සෙ වෙලට බැසීමම ප්‍රීතියකි....මම දැන් මේක කොටන වෙලාවෙ හිට් කවුන්ටරේ තියෙන්නෙ 99999 ලෙස... ලක්ෂෙට කොඩි දාපු රෙපාට මගෙන් සුභ පැතුම් එහෙනම්...

අනූ said...

කමෙන්ට් නොකරමි...

Naleen Dilruksha said...

අනේ බං මට තාම එක කෙල්ලක්වත් බූට් දිල නැනේ. මේකියන මගුල් තේරුං ගන්න.හිටහංකො අදම තව එකකට ට්‍රයි කරනවා.
මම සමකය වටේ ලියන නලීන්

Pramudi said...

හිරු අක්කගේ කමෙන්ට් එක නම් නියමයි.කියන්න ඕනි දේවල් ඔක්කොම කියල තියෙනවා.
හැබැයි ඉතින් අද කාලේ නම් ගොඩක් වෙලාවට වෙන්නේ ආදරේට කලින් කෑදරේ ඉස්මතු වීම.අන්තිමට බලනකොට ආදරේ කොහේ ගිහින්ද දන්නේ නෑ..

ලයාන් said...

වැදගත් අදහස් ටිකක්.. :)

ලයාන් said...
This comment has been removed by the author.
දිලුම් ජයසිංහ said...

මරු ඇ

Post a Comment

පි‍ටු පෙරලපු ගාන