අපිම තමයි අපේ සවිය!

Friday, August 17, 2012
ඔබත් මමත් පෙරුම් පුරන
වසන්තයේ නෞකාවට
හෙමින් සැරේ ගොඩවන්නට
ඉඩක් සොයන්න ……
මුහුදේ රළ
ටිකක් සැරයි
අවදිව ඉන්න …….

සිනහ මැදින් කඳුළු මැදින්
තරණය කරනා දිවියේ

දුක සැප නිතොරව හමුවෙයි
නොසැලී ඉන්න …….
මගේ සෙනෙහෙ
ඔබේ සිතෙහි
තද කරගන්න …….

අපේ පැතුම් හැම එකක්ම
ඉටු කරන්න බැරි වුනාට
අපි අසරණ වෙලා කියා
එපා හිතන්න ……
අපිම තමයි අපේ සවිය
එය දැන ගන්න …….


ප.ලි.
බොහෝ කලකට පෙර ලියූ නිසඳැසකි.... 

12 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

එළියත් අඳුරත් දෙකටම
දවසේ ඉඩ තියන බවත්
අද බැස යන හිරු නැවතත්
හෙට උදේට නැගෙන බවත්
මතක් කරල දීල හිතට
කඳුළු පිසින්න...

රෙහානි said...

අපේ පැතුම් හැම එකක්ම
ඉටු කරන්න බැරි වුනාට
අපි අසරණ වෙලා කියා
එපා හිතන්න :ඒ වෙලාවට තමයි හිත තවත් ශක්තිමත් කරගන්න ඕන .

ලහිරු said...

තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන්නෙත් ඕක ම නේද? ඵල ඵල!

Anonymous said...

මේ පද ටික හිතට වැදුනා..අපූරුයි!

෴නිමිල හිරණ්‍ය෴ said...

ලස්සනයි! :)

෴සිද්ධිය෴

Nishan de siva said...

නියමයි!

තරියා said...

//අපිම තමයි අපේ සවිය
එය දැන ගන්න
නියමයි මචං..
පට්ට..

චතුර විජේකෝන් said...

@සරත්..
හැබෑව.. හැබෑව..

@රෙහානි..
ඔවු.. මාත් හිතන්නෙ එහෙමයි..

@ලහිරු..
ඇත්තටම ඒ ඕකටම ද..? හික්ස්..

චතුර විජේකෝන් said...

@හිරු හිමාවි, @නිමිල, @නිශාන්, @තරියා

බොහොම ස්තුතියි.. දිරි ගැන්වීමට..

ධමිමික ස‍‍දරුවන් said...

ලස්සන නිර්මාණයක්.දිගටම ලින්න සුබපතනවා !

ධමිමික ස‍‍දරුවන් said...

හරිම ආදර්ශමත් යාළුවා.

චතුර විජේකෝන් said...

@ධමිමික ස‍‍දරුවන්
දිරිගැන්වීමට බොහොම ස්තුතියි සොයුර..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන