අවාසනාවට සත්‍ය කතාවක් : යකුන් හා ප්‍රේතයන් සමඟ කතා පෙළ අංක 03

Monday, April 9, 2012


ඔන්න ඉතිං අවාසනාවට සත්‍ය කතාවක් කොටසේ 03වෙනි කොටස ඔයාලට දෙන්නයි යන්නේ. දෙවෙනි කොටස බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න. පළවෙනි කතාව මම මැෂින් එකේ ටයිප් කරල තමයි නෙට් එකට දැම්මේ. ඉතිං එතනදී පොඩි කේස් එකක් ගිහින් කෙලවුනා. ඒකටත් එක්ක අල්ලලා ඔන්න දුන්නා දෙවෙනි කොටස. අද තුන්වෙනි කොටසත් එහෙනම් බලන්න. 





විවිධ යක්ෂයින්, භූතයන් ,ප්‍රේතයන් ,කුම්භාණ්ඩයන්, බ්‍රහ්මයන්, දෙවියන් ආඳී බොහෝ දෙනා ගැන ඔබ අප නොයෙක් ආකාරයේ කතා අසා තිබේ. මිනිසුන් කරනා කුසල් අකුසල් මත මෙවැනි භවයන්වල උපදින බව විවිධ ආගම්වල කියැවේ.



____________________________
ගම මාතර දෙයියන්දර ප්‍රදේශයයි. සිරිසේනත් ඔහුගේ බිරිඳ නන්දනීත් එම ගමෙහි නිවසක ජීවත් වූ අවුරුදු හතළිහක හතළිස් පහක පහණ වයසේ පසුවන යුවළකි. ඔවුනට දරුවන් 4 දෙනෙකි. පළමු දරුවා නුවන් වන අතර ඔහුගේ වයස අවුරුදු 20කි. අඩු වයසින් විවාහයක් කරගෙන එම වත්තේම වෙනත් ගෙපළක් අටවාගෙන ජීවත් වේ. දෙවන දරුවාට එනම් සුමේධට වයස අවුරුදු 14කි. අනෙක් දරුවන් දෙදෙනාම ගැහැනු ළමුනන් වන අතර එක් අයෙකුගේ වයස අවුරුදු 11ක් හා බාලම දරුවාගේ වයස අවුරුදු 6කි. මෙම දරුවන්ගේ පියා එනම් සිරිසේනට හරි හැටි ස්ථිර රැකියාවක් නොතිබුණ අතර කුලී වැඩවලට යාමත් ඊට අමතරව වත්තේ අක්කර කාලක පමණ තේ කොටසෙන් ලැබෙන සුලු ආදායමත් ප්‍රමාණවත් වූ අතර ඊට අමතරව හරක් කිහිප දෙනෙකුද ඇති කරයි. කිරට හදන මෙම වැස්සියන්ගෙන්ද සුලු ආදායමක් ඔවුනට ලැබිණි.  

මෙලෙස මොවුන් කාලය ගත කරන විට එකවරම නිවස ඉදිරියේ පිහිටි දොළේ වැටී සිරිසේනගේ පියා මියගියේය. ඔහුගේ වයස අවුරුදු 69කි. ඔහු දොළේ වැටුණේ ලිස්සා යාමකින්ද සිහිනැති වීමකින්ද යන්න ප්‍රශ්ණයකි. මන්ද එම දොලේ යමෙකු ගසාගෙන යන්නට හෝ බේරීමට අපහසු තරමේ වතුර පාරක් නැත. අනෙක මෙම පුද්ගලයාට මෙම දොළ නුහුරු නොපුරුදු  දෙයක්ද නොවේ. මේ සිඳුවීම යම් තරහකාරයෙක්ගේ ක්‍රියාවක්දැයි සැකකල සිරිපාලත් ඔහුගේ සහෝදරයනුත් මවත් මේ ගැන බොහෝ ලෙස සිතන්නට විය. ඒ අතර එහි සුළ මුළ සොයන්නට පේනයක්වත් බැලීමට සිතා දේව වරමින් පේන කියන ගමේ දේවාලයක් කරා ගියේය. එම පේන කියන කාන්තාව ගමේ සියලු ඕපාදූප දන්න කාන්තාවකි. මෙම ගැහැනිය තිතටම පේනය කියන්නට වූවාය. සැන්දෑවේ ගොම්මන් යාමයේ මෙම පුද්ගලයා ගමන් කරද්දී නානතොටේදී මෙම පුද්ගලයාට යක්ෂයෙකුගේ බලපෑමක් ඇතිවූ බවත් ඒ යක්ෂ බලපෑමෙන් මෙම පුද්ගලයා මිය ගිය බවත් කීවාය. ඒ වගේම මෙම පුද්ගලයාගේ මරණයට වගකිව යුතු යක්ෂයා තරහාකාරයෙක්ගේ පිල්ලුවක් ලෙස එවූ බවත් මැය තව දුරටත් කියන්නට වූවාය. මේ අසා කුපිත වූ සිරිසේන හා බිරිය එක්වී මෙම අපරාධය සිඳු කල සතුරාට ආපිට යන්නට එම පේන කියන තැනැත්තියටම කියා යම් දෙයක් කරවීය. නමුත් තරහාකාරයන් ලෙස සැකකරන කාහටවත් කිසියම් හෝ කරදරයක් නොවීය. මෙලෙස ගත වූයේ සති කිහිපයකි. සිරිසේනලාගේ ගෙදරට හිටි හැටියේ අත්භූත දේ සිඳුවන්නට විය. 

වරින් වර නිවස තුළ තැනින් තැන ගිණි ඇවිලෙන්නට විය. වරින් වර බිත්ති වල එල්ලා ඇති දර්ශන පවා ගිණි ඇවිලෙන්නට විය. ඒ වගේම වහලයට රාත්‍රී කාලයේ ගල් වැටෙන්නට විය. එසේම හරක් මඩුවේ සිටි හරක්ද වරින් වර කෑගසන්නට විය. ඒ වගේම හරක් මඩුවේ බැඳ ඇති සමහර හරක් උදේ වන විට නොයෙක් තැන් වල ඇවිඳී. උන්ව බැඳ තැබූ කඹ කැපී ගොස් ඇත. ගෙදර වසර හයක් තිස්සේ සිටි බල්ලාත් ගෙදර සිටි පූසි හා පැටවුන් හතර දෙනාත් දින කිහිපයක් තුල අභිරහස් ආකාරයට මිය ගියෝය. වසු පැටවුන් වැටුණු තැනින් නැගිට ගැනීමට නොහැකිව මත් වුනා සේ සිටිති. කිකිලි බිත්තර දමන වෙලාවට බිත්ති වලට වැඳී බිත්ති දිගේ ඒවායේ ශ්‍රාවය බේරේ. නිවස පැත්තට යන්න බැරි තරම් පිලි ගඳක් කුණ ුගඳක් එන්නට විය. ඇත්තෙන්ම සිරිසේනගේ නිවස ඒ වන විට මිහිපිට අපායකි. වෙන දේවල් සිතා ගන්නටත් බැරිය. මෙයට පිළියම් යොදනු පිණිස ඉක්මනින්ම ගොස් නැවත්ත ඉහත කියූ පේනකාරිය වෙත කියූ සිරිසේන කෙසේ හෝ මෙම කරදරය විසඳා දෙන මෙන් ඇයට බැගෑපත් විය. 

ඇය දේව වරමින් බලා මෙසේ කියන්නට වූවාය. සිරිසේනගේ පියා මරන්නට කළ යක්ෂ පිල්ලුව දැන් ඔහු මිය ගිය නිසා එම වත්තේ අයට බලපා ඇති බව කීවාය. මෙම මහා විපතෙන් බේරීමටනම් මුලින් කල දේට වඩා බලසම්පන්න ශාන්ති කර්මයක් කළ යුතු බව ඇය කීවාය. කෙසේ හෝ මෙම තත්වයෙන් මිදීමට සිඳුවන නිසා එයටද සිරිපාල හා ඔහුගේ බිරිඳ කැහති වූහ. එදින උදා විය. හත් දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් සමඟින් පේන කාරිය සිරිපාලගේ ගෙදර බලා පැමිණියාය. ආරෑඪ වූ පේන කාරිය අමුතුම තාලයේ ශාන්ති කරම්යක් එහිදී සිදු කළාය. පැය 18ක් තිස්සේ සිඳු කල හාන්ති කර්මයෙන් පසු සියලු ගැටලු අවසන් බව පවසා පොරොන්දු මුදල්ද රැගෙන යන්නට ගියෝය. මහා හාස්කමක් සේ ගෙදර සියලු උපද්‍රව දුරුවන්නට විය. නිවසේ අයට සිතට පුදුමාකාර විදියේ සැහැල්ලුවක් දැනෙන්නට විය. නමුත් මෙම සතුට සැහැල්ලු මොවුන්ගේ සිත් තුළ රැඳුනේ දින දෙක තුනක් වැනි කෙටි කාලයකි. නැවතත් බිත්ති දිගේ කුණු බිත්තර ශ්‍රාවයන් බේරෙන්නට වියත හරක් කෑ ගසන්නට වූහ. හරක් මඩුවේ එක් හරක් පැටවෙකුද මේ අතරේ මියගියේය.

අනෙක් හරකුන් පවා වැටුණ වැටුණ අත පණ අදිමින් සිටී. කුස්සියේ වහලටද ගිනි ඇවිලිණි. මෙම ආරංචිය වේගයෙන් පැතිර ගොස් ඇත. එවකට පැවති පුවත්පත් හා රේඩියෝ නාලිකාවල විකාශය වන්නට විය. නොයෙක් අඳුරන් හා පරීක්ෂණ කණ්ඩායම් මෙහි සත්‍ය සොයා ගැනීමට වෙහෙසුනි. ඔවුන් මොන මොන දේවල් සිදු කලද වැඩිම වශයෙන් මෙම සිඳුවීම නරත වන්නේ දින දෙක තුනකටත් වඩා අඩු කාලයකි. එක්තරා රූපවාහිණී නාලිකාවක් ආධාරයෙන් ඔවුන් සමඟ මේ පිළිබඳව ගවේශණය කිරීම සඳහා විදුල අදි මනෝවිද්‍ය සංගහයට ආරාධනා කෙරිණි. වෛද්‍ය පී.එන්.විද්‍යාකුලපති මහතා ප්‍රමුඛ වෛද්‍ය අසංක විද්‍යාකුලපති, මනෝ චිකිත්සක ප්‍රියන්ත, මේ පිළිබඳව ගවේශණය සඳහා රූපවාහිනී කණ්ඩායම හා එක්ව එම නිවස බලලා පිටත් වූහ. නිවසේ සියලු දෙනා සමඟ වෙන වෙනම මොවුන් කතා කලහ. ඉන්පසු මෙම ගැටලුව විසඳීමේ වඟකීම වෛද්‍ය පී.එන්.විද්‍යාකුලපති මහතා බාරගත්තේය. 

"අපි මේ ගැටලුව පැහැදිලිවම විසඳනවා. ඒ සඳහා අපට සියල්ලන්ගේම සහයෝගය අවශ්‍යයි." විද්‍යාකුලපති මහතා ඉල්ලා සිටියේය. එලෙස පවසා පර්යේෂණ ආරම්භ කෙරිනි. පළමුව  විද්‍යාකුපති මහතාගේ අවධානය යොමු වුයේ සිරිපාලගේ පවුලේ දෙවන දරුවා වන සුමේධ වෙතය. මන්ද මෙම සිඳුවීම පිළිබඳව කලින් කතා කරන විට මෙම දරුවා තුල යම් අපහසුතාවයන් හා කුතුහලයන් දුටු හෙයිනි. මොහු සමඟ ටික වේලාවක් කතා කරමින් සිටි විද්‍යාකුලපති මහතා සුමේධගෙන් මෙසේ ඇසුවේය.

 "ඔබ ඇස් දෙකෙන්ම දැක්කාද ගෙදර සමහර තැන් ගිණිගන්නවා. ඒ වගේම බිත්තර බිත්තිවලට වැදිලා, ඒවාගේ ශ්‍රාවයන් බිත්ති දිගේ බේරෙනවා?"

"ඔව්. මම ඇස් දෙකෙන්ම දැක්කා" සුමේධ කීය.

"ඔබ හිතන්නේ ඒ කවුරු කරනවා කියලාද?"

"ඒ මැරිච්ච සීයා වෙන්න ඇති" සුමේධ කීය.

"ඇයි එහෙම කියන්නේ?"

"මට හිතෙනවා එයා වෙන්න ඇති කියලා"
"හරි මම ඔබට ඒක කලේ කවුද කියලා හරියටම පෙන්නලා දෙන්නම් ඔබ ඒක බලන්න කැමතිද?" කුලපති මහතා ඇසීය.

"ඔව් මටත් බලන්න ආසයි" සුමේධ කීය.

"හරි එහෙනම් ඔබ ඇස් පියාගෙන මගේ කටහඩට ඇහුම්කන් දෙන්න" කියමින් වෛද්‍ය පී.එන්.කුලපති මහතා සුමේධව මෝහන නිද්‍රාවකට පත් කෙරිණි.

ඉන්පසු විද්‍යාකුලපති මහතා හා සුමේධ අතර ඇති වූ සංවාදය මෙසේය.

ඔබ දැන් නින්දක සිටින්නේ. ඔබව මම දැන් පසුගිය කාලයේ සිඳුවුණු සිඳුවීම් ස්තාන වලට ඔබගේ මතකය ගෙන යනවා. දැන් ඔබට කියන්න පුලුවන්ද මේ ගෙදරට කරදර ඇති කලේ කවුද කියලා. කවුද ඒ?

සුදු සීයා

කවුද සුදු සීයා කියන්නේ? එයා කොහෙද ඉන්නේ?

අපේ තාත්තගේ තාත්තා. එයා මීට ටික කාලයකට කලින් මැරුණා.

එයා කොහොමද ආවේ. මොන වගේද?

දොළ පැත්තේ ඉඳලා හරක් මඩුව පැත්තෙන් එන්නේ.

මොන වගේද?

සුදු ඇඳලා ගොපලු යකා වෙලයි එන්නේ.

කවුද ගොපලු යකා කියන්නේ?
ඒ සමඟම මෙසේ කියන්නට වූයේය.

යක්ෂයා මහා විශාලයි. ඇස් දෙක එලියට ඇවිල්ලා. නාසය මහා ලොකුයි. දත් එලියට ඇවිත්. අහසෙන් එනවා. පොළව පලාගෙන එනවා. ගස් අස්සෙන් මහ කැලෑව මැද්දෙන් එනවා. මට ඒ යකා පේනවා. ඒ යකාට නොපෙනී ඉන්නත් හැකියි. මම හොඳටම දැක්කා. වෙලාවකට දෙවියෙක්. සමහර වෙලාවන් නලට යකෙක් වෙනවා. එයාගෙ අතේ ලීයක් තියෙනවා. ඒකෙන් හරක්ට බල්ලන්ට ගහනවා. 

එහෙනම් එයා හරක්ගේ ලණු කැපුවේ ගෙදර හිටපු සතුන් මැරුවේ?

එයාගෙ අතේ තිබෙන ලීයෙන් ගහලා සතුන් මැරුවා.

එහෙනම් ගල් ගැහුවේ?

ඒත් එයාමයි.

කැලැන්ඩර් පිච්චුවේ කොහොමද?
ගිනි තියලා ඒ තැන්වලට පිඹිනවා, යැයි කීය.

මෙලෙස කතා බහ කර සුමේධව ගැඹුරු මෝහන නිද්‍රාවකට පත් කෙරිණි. ඉන්පසු කුලපති මහතා හා සුමේධ අතර ඇතිවූ දෙබස මෙසේය.

ඔබ තමයි සුදු සීය කියලා මෙම වැරදි වැඩ කලේ. ඔබ ලණු කැපුවා නේද ගිනි තිබ්බා නේද?. ඒවා කරා නේද?

මම තමයි කලේ. පිහියෙන් ලණු කැපුවා. මම සාක්කුවේ ගිණි පෙට්ටිය දමාගෙන ඉන්නවා. කවුරුවත් නැති වෙලාවට තමයි ගිණි තියන්නේ. ගිණි තියලා දුවලා හැංගෙනවා.

බිත්තර ගැහුවේ ඔබ කියලා ඔබ පිලිගන්නවාද?

ඔව්.

සුමේධ ඔබ කර ඇත්තේ වැරදි දෙයක්. ගෙදර අය රවටලා තියෙනවා. බය කරලා ඒව කරන්න එපා. සුදු සීයාගේ වැඩ නෙමෙයි මේක. ඔබ අද ඉදලා හොඳ ලමයෙකු ලෙස කටයුතු කරන්න. මෙම සිඳුවීම සුදු සීයාගේ ආත්මයට බලපෑවේ නෑ. මෙම පුද්ගලයා මිය ගිහින් සුමේධ තමයි මේ සියල්ලම කරල තියෙන්නේ. සතුන් මරා දැමීම පවා මොහුම කර තියෙනවා. සුමේධගේ සිතේ තියෙනවා අනිත් අය මට ආදරයක් නෑ, සැලකීමක් නෑ කියලා විශ්වාසයක් තිබුනා. ඒ නිසා එම කටයුත්තට විසඳුමක් වශයෙන් තමයි මෙම ආකාරයට සුමේධ හැසිරී තියෙන්නේ. මෙය මානසික රෝගයක්. ඒ නිසා මෙම කටයුත්තට විසැඳුම් වශයෙන් තමාට ශාප කරමින් කර්මය, ලබා උපන් ආකාරය කිය කියා කටයුතු කිරීම නොකර වෛද්‍ය වරයෙකු හමුවීම කල යුතු යැයි විද්‍යාකුලපති මහතා වැඩි දරටත් පැවසුවේය.

(මෙම සිද්දිය සත්‍යයකි. මෙම සිද්ධියේ නම් ගම් ආසන්න වශයෙන් වෙනස් කළ බව කරුණාවෙන් සලකන්න. )


(C)BLOGSHAN | All Things For You

12 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

MW Team said...

රසවත් හරවත් ලිපියක්. ආසාවෙන් කියෙව්වා.

Nishan de siva said...

හාහ්හා සුපිරි පෝස්ටුවක්

Madhawa Habarakada said...

මේක නම් අහල පුරුදුයි. පොතක කියෙව්ව වගේ මතකයි.
හොඳ ලිපියක්.

Tharindu Abesinghe said...

හොදයි...
විද්‍යාත්මකයි!!!!!!!!!!!!!!!!!

Damith Sriyantha said...

නියම කතාව ....හරිම අපුරුයි!!!

#sirkinna said...

MW Team said...

බොහොම ස්තූතියි

#sirkinna said...

මඩිස්සලේ නිශාන් said...

බොහොම ස්තූතියි

#sirkinna said...

Madhawa Habarakada said...

ඔව් යාලුවා. මේක විදුල අධිමනෝ විද්‍යා පර්යේෂණ සංගමයේ පරීක්ෂණ පොතක තිබිලයි ගත්තේ. කලින් මාත් කියවලා තිබුනු නිසා මට හිතුනා අනිත් අයටතක් ලබා දෙන්න. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට!

#sirkinna said...

Tharindu Abesinghe said...

බොහොම ස්තූතියි

Anonymous said...

මෙවැනි සිද්ධි හැම එකම මෙහෙමයි කියල බැහැර කරන්න බෑ.එහෙම නෙමෙයි කියල පිලිගන්නත් බෑ

#sirkinna said...

Anonymous said...

එ්ක ඇත්ත යාලුවා. ස්තූතියි ඔයාට

Anonymous said...

මොකක්ද මේ විද්‍යාකුලපති ඩොක්ටර් කියන "හැලුසිනේශන්" ?
ඇත්ත දැනගන්න
මොකක්ද මේ විද්‍යාකුලපති ඩොක්ටර් කියන "හැලුසිනේශන්" ?
ඇත්ත දැනගන්න...මෙවැනි සිද්ධීන් හුදු මානසික රෝග ලෙස ලෝකය ඉදිරියේ ප්‍රකාශ කරමින් විද්‍යාවේ මාන පදනම් කර පිළිතුරු සෙවීමට අපහසු බව නොපෙන්වා මෙරටේ වෛද්‍යවරුන් මෙවැනි අවස්ථා වලට මුහුන දුන් පුද්ගලයින් හුදු මානසික රෝගීන් පමනක් බව පෙන්වා මහජනතාව නොමග යැවීම එතුමන්ලාගේ දක්ෂතාවක් නොව තම අසමර්ත තාවය විදහා පෑමක් බව ප්‍රකාශ කල යුතුය.

විද්‍යාත්මක තත්වය දැනගන්න පහත එකට යන්න
https://www.facebook.com/JyotishLanka/

Post a Comment

පි‍ටු පෙරලපු ගාන