මෙරුවෝ සහ මරුවෝ

Tuesday, February 28, 2012

තටු ලැබිලා
උද්දාමයෙන්
මහ පොළවෙන් මතුවෙලා
මම පියාඹගෙන එනකොට
අවඥාවේ එක අතුල් පාරකින්
ගහපන් මගෙ තටු කැඩෙන්න
මම වැටුනාම
ආයෙත් 
පටන් ගත්තු
මහ පොළොවටම
දත්මිටි කාගෙන
'නොදකිං මේ කාළකන්නි සත්තු' 
කියලා
පාගලා දාපන් චප්පම වෙලා යන්න
ඒත් හිතන්න එපා
ඉවරයි කියලා
මෙරු එන තරමට
කී පාරක් කියලා ඕක කරන්නද?

8 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ඔබ නොදු‍ටු ලොවක් said...

ඉස්සර අච්චි අම්මා කියනවා මෙරු එන කාලෙට තමයි හාල් මැස්සෝ හම්බෙන්නේ කියලා...

සරත් ලංකාප්‍රිය said...

මේරු වෙලා බැරිය..
ෆීනික්ස් වෙන්න ඕනාය
චප්පකර පුච්චා
අළු කලත් නැගිට එන..

මඩිස්සලේ නිශාන් said...

ඔබ අදහස් කරන දේ මැනවින් වැටහේ

\\ඒත් හිතන්න එපා
ඉවරයි කියලා
මෙරු එන තරමට
කී පාරක් කියලා ඕක කරන්නද?//

වර්ණා said...

මම නම් මෙරුවන්ට ගහන්නේ නැහැ. :)

ක්සැන්ඩර් | Xander said...

තෙලේ මදයෙන්
මත්වී නටන මෙරුවන්
ඇහුවාද මහවුන්ගෙන්
කලින් ගිය වුන්
වැටිලා
මැරෙද්දි
කොහෙද තොපි හිටියේ?
මොනවාද
තොපි කලේ
අද වෙනකම්?
උන්ගේ දුක කියන
පවුල් වලට?
ඒ....
තවත් එක
මරණයක් විතරද?

Shani said...

:D

දයානන්ද රත්නායක said...

රැඩිකල් කවියක් . දාල තියෙන පිංතූරෙට නියමෙට ගැලපෙනවා

දිනුක said...

@ඔබ නොදු‍ටු ලොවක් : එහෙමත් එකක් තියෙනවද?? කවුද දන්නෙ???

@සරත් ලංකාප්‍රිය : අනිවා අනිවා

@මඩිස්සලේ නිශාන් : ඉස්තූතියි මචං කොමෙන්ට් එකට

@වර්ණා : ඔයාලා නෙමෙයි ගහන්නෙ.ඒක වෙන්නෙ සංවිධානාත්මකව.රාජ්‍ය මට්ටමෙන්

@ක්සැන්ඩර් : අයි ටී එන් එකේ දාන කවියක් වගේමයි මචං

@Shani : ඩී: ඩී:

@දයානන්ද රත්නායක : ඉස්තූතියි සහෝදරයා

Post a Comment

පි‍ටු පෙරලපු ගාන