වීර ක්‍රියාව

Thursday, January 5, 2012
එතුමාගේ නම ජාතික වීරයින්ගේ ලයිස්තුවේ උඩටම තිබුනේ තමුන්ම ඉතිහාසය  ලියාගත්ත නිසා නොවේ.. සැබෑවටම රටේ සතුරන් හා යුද වැදී ලේ වගුරුවා සටන් කොට ජීවිතය පුජා කල නිසයි..වසර සිය ගණනක් මුළුල්ලේ වල බුරු ලන්තයේ ප්‍රධාන නගරයක ඉදිකර තිබුණු එතුමාගේ කඩුවක් අතින් ගත් සෙල්මුවා පිළිරුව පසුකර ගමන් කල එකම බුරුලන්ත වැසියෙකුටවත්  මදක් එහි නැවතී ආචාර කරන්නට හෝ තම දු දරුවන්ට ඔහු ගැන කියාදෙන්නට වෙලාවක් නැති වුයේ ජීවිත සටනේ තීව්ර තාවය නිසා මිස නොසැලකිල්ල නිසා නොවෙයි.. එහෙත් වසරකට වරක් පිරිසිදු කර සරසා අලුතින් තීන්ත ගෑමෙන් පසුව රටේ ඉහල දෙස්පලුවෙක් මහා සෙනග මැද්දේ රුපවාහිනි කැමරාවලට පෙනෙන පරිදි විදුලි ඉනිමගක් මත නැගී අපේ වීරයාගේ කරට මල් මාලාවක් දමා මහා දිග කතාවක් පැවැත්වීමේ සිරිත නම් නොකඩවා පැවතිනි.. 

රටේ මැරකම් දුෂණ ඉහවහා යමින සතුරු උවදුරු රට බිලිගන්නා බවක් පෙනෙන්නට තිබු හෙයින් බොහෝ බුරුලන්තවාසීහු
 "අපොයි අපේ "වීර අහවලාට" පන දුන්නොත් නම් මේ රට ආපහු ආරක්ෂා කරන්නට රටේ සතුරන් හා සටන් වදීවි"  
යනුවෙන් මතයක් ප්‍රකාශ කලෝය.  මේ අසා සිටි එක්තරා බලගතු මන්ත්‍ර ශාස්ත්රකරුවෙක්  තම ශාස්ත්‍රයේ සියලු  බලය යොදවා එක දිනක් අපේ වීරයාගේ පිළිරුවට පණදුන්නේය.. ඉක්බිතිව සීරුවෙන් නැගී සිටි වීරයා.. 
"එම්බල කොල්ල මේ ඉලවු කඩුවෙන් දැන් සිටින ද්‍රෝහීන් නසන්නට නොහැක්කේය .. එබැවින්  මට  මැෂින් ගණයක් වහාම දෙව" යි මොරදුන්නේය..
"සුවාමිනි ඔබ තුමාට මැෂින් ගණයක් වෙනුවට මල්ටි බැරල් රොකට් ලෝන්චරයක් ලබාදුන් වහාම ඔබතුමා කරන පළමු කාර්යය කිමක්ද ?" යි මන්ත්‍ර කරුවා විමසා සිටියේය..

"කාර්යය ? කාර්යය ? ? එම්බා පුරුෂය ,  මම පුරා අවුරුදු තුන්සීයක් තිස්සේ මගේ ශරීරය මත වර්චස් හෙලූ කාක්කන් ලක්ෂයක් මෙලොවින් තුරන්  කරමි "

11 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

කෝඩුකාරයා said...

වීරයා : තවද.....කාක්කන්ට වැඩේ දීලා ඉවරවුන පසු මාගේ මුල්ම කාර්යය වන්නේ....මම ගැන කියපු එක ගැන තෑන්ක්ස් කරල සිතුවිලි පවුරට සම්මානයක් දෙන එක......

....ජනියා.... said...

එල එල.. නියමයි

නරකයා....!! said...

නියමයි... හැබැයි කාක්කන්ට ඔ්ක කරන්න මෙතුමව ඔතන හිටවපු උන්ට......

දයානන්ද රත්නායක said...

කතාව හරි. කාක්කො වැරුද්ද කරලා. මේකතාව අදටත් ගැලපෙනවා.

දයානන්ද රත්නායක said...

කතාව හරි, කාක්කො වැරැද්ද කරලා. මේ කතාව අදටත් ගැලපෙනවා.

වර්ණා said...

හ්ම්ම්

සෙන්නා said...

හිහ් හිහ්... මරුනේ....

Unknown said...

සදා සමරමු වීරයෝ !!!!

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

හික් !!!

The තරුවා said...

හිකිස්...

සරත් ලංකාප්‍රිය said...

මේකේ හොඳ ආදර්ශයක් තියෙනවා. අපි හිතනවා ආදී කාලේ වීරයෝ අද හිටියොත් අද අපිට පෙනෙන සතුරන් වනසාවී කියල. එත් අදට අවශ්‍ය අදට ගැලපෙන වීරයෝ !

Post a Comment

පි‍ටු පෙරලපු ගාන