පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? III විදුලිය හා ආලෝකය

Thursday, January 5, 2012
මේ ක්සැන්ඩරගේ කොළමේ පළවුණු අලුත්ම ලිපිය. මේ මාතෘකාවට ගොඩක් අය දක්වන ආසාව කුතුහලය නිසාම මම මේ ලිපි මෙහි නැවතත් පල කරන්නේ තවත් කියවන බොහෝ දෙනාගේ මනදොල සපුරන්නයි.


මේ දෙදහස් දොළහ වසරේ ක්සැන්ඩරයාගේ කොළමේ පලවෙන පලවෙනි ලිපිය. ඉතින් ඔය කියවන හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වගේම සියලු සුබ සිහින ඉටුවන නව වසරක් වේවා කියල ක්සැන්ඩර් ඉස් ඉස්සරලාම ඉතසිතින් ප්‍රර්ථනා කරනවා.

ඉතින් අවුරුද්දේ මුලදීම මම මේ හදන්නේ මගේ පිටසක්වල ජීවයක් ගැන කියවෙන කතා මාලාවේ 3 වැනි කොටස විදුලි භාවිතය ගැන කතා කරන්න. ඉතින් ඔයාල අද මේ අඩවියට ආවානම් මෙන්න මේ සබැඳි දිගේ ගිහින් මේ කතාවේ මුල් කොටස් කියවන්න පුළුවන්.

අද ලෝකේ විදුලිය කියන දේ නැතුවම බැරි දෙයක් වෙලා. කොච්චර නැතුවම බැරිද කියනවනම් සමහර රටවල විදුලිය නැති උනාම මිනිස්සු අවුල් වෙන තත්වෙට පත්වෙනවා. විදුලි සෝපාන කාර්යාල සාප්පු ආදී මෙකී නොකී හැම දෙයක්ම උඩුයටිකුරු කරන්න මේ විදුලියට පුළුවන්. ඉතින් මේ අපුරු බලය අතීත මුතුන් මිත්තන් දැකල තිබ්බේ අකුණු හරහා විතරක් කියන එක තමා අද බොහෝ දෙන පිළිගන්න මතය වෙලා තියෙන්නේ. ඉතින් මේ ශක්තිය විදුලි කෝෂ හැටියට ගබඩා කරගන්න පටන්ගත්තේ ක්‍රිස්තු වර්ෂ 1800 ඉතාලියානු ජාතික ඇලෙක්සැන්ඩර් වෝල්ටා හොයාගත්ත බැටරියත් එක්කයි. ඒක 1836 දී ඩැනියෙල් සෙල් විසින් තවත් දියුණු කරලා තියනවා. ඔය විදුලියෙන් එලිය නිපදවාගන්න පටන්ගත්තේත්  ඊට සමගාමීවයි. මේ විදුලි බල්බ නිපදවන්න ගොඩක් අය උත්සාහ කරත් මුලින්ම අපේ මතකයට එන්නේ තෝමස් අල්වා එඩිසන් මහත්මයාවයි. එත් මේ යට කලින් කවුරුත් ඔය විදුලිය ගැන දැනන් හිටියෙවත් පාවිච්චි කලේ වත් නැද්ද?

මේක කියවන ඔයාලගෙන් ගොඩක් දෙනෙක් බැග්ඩෑඩ් බැටරිය ගැන අහල නැතුව ඇති. 1936 බැග්ඩෑයේ  කුජුට් රබු කියන ගමෙන් හමුවුනු මේ පහත තියන මැටි භාජනය හා ලෝහ පතුරු ක්‍රිස්තු පූර්ව යුගයේ පාවිච්චි කරන ලද බැටරියක කොටස්. මේවා අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව 250 ක් වත් පැරණි කොටස් බවට විද්‍යාඥයන් මත පල කරනවා. 




අම්ලමය දියරයකට ලෝහ එනම් තඹ කූරක් වටා වූ යකඩ ආවරණයක් දැමීමෙන් නිපදවාගන්න කුඩා ප්‍රමාණයේ විදුලියක් මේ බැටරි වලින් ලැබිල තියනවා. ඉතින් මේ වගේ බැටරි වල බලය නිපදවන්න ඒ කාලේ විනාකිරි, මිදී යුෂ වගේ අම්ල භාවිතා කරන්න ඇති කියල විද්‍යාඥයන් විශ්වාසය පල කරනවා. මේ පහලින් තියෙන්නේ ඒ සරල ඇටවුම.




එහෙමනම් ඇලෙක්සැන්ඩර් වෝල්ටා කරේ නැවත සොයාගැනීමක් ද? බැටරියේ මුලාරම්භය වසර 2000 කටත් එහා අතීතේ සිදුවූවක්ද?

ඉතින් මෙයාකාර බැටරි ගණනාවක් සරල අටවුමක් මගින් එකතු කරගෙන මොනවාද කරන්න පුළුවන් කියන එක ගැන අදත් හරියාකාර මතයක් ප්‍රකාශ වෙලා නෑ. ඒ කොහොම වුනත් අපේ මුතුන් මිත්තෝ ජනප්‍රිය මතයට අනුව කියන විදියට ගිනි දල්වන්න ගිනිගල් හොයමින් දර අතුල්ලමින් ඉඳල නෑ නේද?

ඔයගොල්ලන් කවුරුහරි ඊජිප්තුවේ සංචාරය කරලා තියනවද? පිරමීඩ වලට? එහෙමනම් ඔයාල අනිවාර්යෙන් ඒවා ඇතුලේ තියන පටු බිංග දිගේ යන්න ඇති. ඉතින් ඒ යනකොට විස්තර කරන්නන් කියන්නේ ඒ පිරමීඩ මුල්ම කාලේ එලිය කරේ පන්දම් එළියෙන් කියල. ඒ කතා අහන ඔබ යන්තම් වත් ඔලුව උස්සල බලල නැතිද ඒ පිරමීඩ බිංග වල කොට වහලවල් දිහාවේ? එහෙම බලල බලාපොරොත්තු වෙන්නේ ඒ වහල වල බැඳුනු කළු පාට දැලි තට්ටුව දකින්න නම් ඒ බලාපොරොත්තුව හරි යන්නේ නෑ. ඒ මොකද ඒවාගේ දැලි පොදක්වත් නෑ. ඉතින් එහෙනම් කොහොමද පිරමීඩ එලිය කරේ? හදන කාලේ උනත් මේවා එලිය කරන්න පන්දම් යොදවපු බවක් පෙනෙන්න නැත්තේ කිසිම චිත්‍රයකවත් දැලි හෝ දැලි මිශ්‍ර තෙල් අංශු දකින්න නැති හින්දයි. හොඳයි ඉතින් දැන් ඔයාල හිතනවා ඇති එහෙනම් පස්සේ කාලෙක මේ පිරමීඩ වල චිත්‍ර, සීලිම් එහෙම පිහදාන්න ඇති කියල. එත් ඒ තරම් පිරිසිදුව තියෙන්න පිහිදාන්න? එත් ඒ පුරාතනයේ විදුලි බල්බ තිබුනානම්?

ඉතින් ලයිට් බල්බයක් ගැන ඉතිහාසේ තියන සාක්ෂි හොයන්න අපි ඊළඟට යන්නේ ඊජිප්තුවට. ඊජිප්තුවේ පිරමීඩ වල තියන චිත්‍ර අතර කොහොමත් අපුරු චිත්‍ර තියනවා. ගුවන් යාන හෙලිකොප්ටර වගේම මේ පහත තියන චිත්‍රෙත් ගොඩක් දෙනාගේ ඇසට අසුවුන එකක්. ඊජිප්තුවේ දෙන්ද්‍රා හි හාතෝර් දේවාලයේ තියන මේ පහලින් ඇති චිත්‍රෙ ගැන පිටසක්වල ජීවය ගැන මත පළකරපු, ඒ වගේම චැරියට්ස් ඔෆ් ගොඩ්ස් පොත ලියපු එරිච් වොන් ඩැනිකන් කියන්නේ මේ චිත්‍රෙ පෙන්වන්නේ විදුලි බල්බයන් දෙකක් කියලයි. එත් මේ චිත්‍රෙ ගැන අරුත් දක්වන විද්වතුන් නම් කියන්නේ මේ චිත්‍රයේ නෙළුම් මල් දෙකකින් එන නාග රූප දෙකක් දැක්වෙනවා කියලයි. 






ඉතින් ඒ කොහොම වෙතත් ඔයාල පරිස්සමෙන් බැලුවොත් බල්බයේ අග ඉඳල මේ හැම එකක්ම යම්කිසි බෝතලයක් වැනි දේකට සම්බන්ධ කරලා තියනවා දකින්න පුළුවන්. එහෙනම් ඒ සම්බන්ධය යා වෙන්නේ අර මුලින් දැක්ක වැනිම වූ ප්‍රමාණයෙන් විශාල බැග්ඩෑඩ් බැටරි සමුහයකටද ? එරිච් වොන් ඩනිකන් කියන පරිදි ඔහු මේ ඇත හදාබැලීම කරලා තියනවා. එත් ඔහු කියන්නේ නෑ ඔහු බල්බය දල්වන්න කොයිතරම් විදුලියක් භාවිතා කරාද කියල. ඒ ගැන නම් මට ඇති වන්නේ සැකයක්. එත් අපි ගල් යුගයේ යයි කියන, ලීවරයේ ප්‍රාථමික මට්ටම විතරක් දන්නා බව කියන ආදී මානවය විදුලිය ගැන මේ තරම් දනුමතිව මේ තරම් දෙයක් කළා නම් ඔවුන්ට විදුලිය ස්ථාවර කරන එක ඒ තරම් දෙයක් නොවෙන්න ඇති නේද?

මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ එරිච් වොන් ඩනිකන් අත්හදා බැලීම කරන විදිය..

හිතන්න... අද ලෝකය මොනතරම් දියුණුද? ඒත් ඒක එහෙමමද?

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Thusitha (දිමා) said...

ආසාවෙන් කියවපු ලිපියක්....

සාතන් said...

බල්බ් එක කෙසේ වෙතත් අදට වඩා දියුණුවක් අපි නොදන්න අතීතයෙ තියෙන්න ඇති කියන එක තමයි මගේ අදහස

ඔබ නොදු‍ටු ලොවක් said...

හිතාගන්න බෑ..බලං ගියම ඒකාලේ හෙන දියුනුයිනේ...

Chathuranga Perera said...

එළ එළ... දිගටම ලියන්න...!!!

Madhawa Habarakada said...

මිසර ශිෂ්ටාරය කියන්නෙ නම් රහස් අති විශාල ප්‍රමාණයක් සඟවාගත් ශිෂ්ටාචාරයක්. ඒකමයි, ඉන්කා ශිෂ්ටාචාරය හැරුණුකොට මිසර ඉතිහාසය ඉතාම රසවත් වෙන්නෙ.
ඔය විදුලි බුබුළු කියා කියවෙන රූප මමත් පොත පතෙහි දැකලා තිබෙනවා.

මිසරුන්ට පිටසක්වලින් සහය ලැබුණු බවට ගොඩක් මත තිබෙනවා. ඇයි අර තරම් විශාල ගල් එහෙ මෙහෙ ගෙන ගිය හැටි, ඒව ඔතරම් සියුම්ව පුරුද්දපු හැටි, ඔතරම් ඉහළට ගෙන ගිය හැටි, තවමත් අභිරහස්. තව ගොඩක් කතා තිබෙනවා ඔහොම, මිසර චිත්‍ර වලත් තව ගොඩක් අභිරහස් තිබෙනවා.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන