කණ්ණාඩිය

Tuesday, November 15, 2011


මේක කවියක්නං නෙමෙයි.මේක මට හිතිච්ච හිතුවිල්ලක්.මට මේ වගේ ඉලව් හිතෙනවා.පස්සෙ දිගටම ඒක ගැන හිතලා හිතලා ඔලුව විකාර වෙනවා.නිකමට මේක මම කියනවට තනියම ඉන්න ගමං හිතලා බලන්ඩ වෙන්ඩ පුලුවන් නේද කියලා.

මම මම ද?
එතකොට
කවුද කණ්ණාඩිය ඇතුලෙ ඉන්නෙ?
ඌ ඇත්ත එකා
මම ප්‍රතිබිම්බය
බැරිද එහෙම වෙන්න?
කොච්චර ට්‍රයි කළත්
බෑ මට කණ්ණාඩිය ඇතුලට යන්න
ඇතුලෙ එකා ඇවිත්
හැප්පෙනවා
මගෙ ඇඟේ

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Miyuru said...

හැමදාමත් කණ්නාඩිය ඉස්සරහට යනව... ඒත් කවදාවත් හිතුනෙ නැහැ නොවැ ඒක ඇතුලට යන්න... ඇත්ත නේන්නම්.... කවුරු කියල හිතාගෙනද මන්ද ඇවිත් ඇඟේ වදින්නෙ...හුම්...

බට්ටි said...

ඔළුව කොහේවත් වැදුනද? නරකද දැම්ම ප්‍රතිකාරයක් කළොත්. හේ හේ
(විහිළුවක් කලේ යාළුවා. නියම අදයස)

දිනුක said...

@Miyuru : මට ඔය වගේ මහා විකාර හිතෙන්නෙ.මට පිස්සුද දන්නෑ.මේ වගේම විකාර හිතන සෙට් එකක්ම හිටියා අංගොඩ.

@බට්ටි : මම හිතන්නෙ පොඩි කාලෙ වැදිච්ච එකක්ද කොහෙද? ප්‍රථිකාරයක් ගන්න යන්න බයයිනෙ.උං ඔලුවට කරන්ට් එක අල්ලනවා.

චතුර විජේකෝන් said...

නැවුම් අදහස් වලින් පෝෂිත වූ ඔබ ... නරකද සඳැස් කවියටත් අත ගැහුවොත්.. පරෙස්සමට..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන