Friday, October 21, 2011

මේ ගලන කඳුළු
ගිනි කන්දකින් වැටෙන ලෝදිය වී 
නුඹ මතට කඩා හැළුනා  නම්,
මා දැවෙන තරමක්,
නුඹට දැනගන්නට තිබුනා,.


මේ ගැහෙන හදවත,
වේදනා විඳින තරමක්,
මගේ හදවතේ ලේ බිඳුවක් වෙලා
නුඹ ගලා ගියා නම්,.
නුඹට දැනගන්නට තිබුනා,..


මේ ලියන කවි පද,
මගේ සුරතේ ‍රැ‍ඳෙන පන්හිඳ වී
නුඹට පෙනුනා නම්,
මා පෙම් කරන තරමක්,
නුඹට දැනගන්නට තිබුනා,.

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිත් සයුර said...

ලස්සන පද පේලි ටික ..........

Post a Comment

පි‍ටු පෙරලපු ගාන