බ්ලොග් ලියන අපිට අදහසක් කපුගේගෙන්

Wednesday, October 12, 2011
සබඳ අපි කඳු නොවෙමු~ 
උනුන් පරයා නැඟෙන~ 
සුනිල දිය දහර වෙමු~ 
එකම ගඟකට වැටෙන~ 
වියරු ගිනි දැල් නොවෙමු~ 
වනය අවුලාතබන~
සිහිල දෙන වැස්ස වෙමු~ 
දැවෙන කැලයට වසින~ 
නපුරු හීනය නොවෙමු~ 
ළමුන් නිදි සුව බිඳින~ 
සොඳුරු අඬහැරය වෙමු~
දනන් නින්දෙන් මුදන~ 
-(ගුනදාස කපුගේ)

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

හරී - පිණිපළස said...

මේකෙ පද රචකයා ගැනත් සඳහන් කරමු නේද? සුනිල් ආරියරත්න මහතා වගේ මතක. වැරදි නම් නිවැරදි කරන්න,

ඔබ නොදු‍ටු ලොවක්..... said...

නිදන් ඉන්නකොට ඇහැරවනවා තරං මලක් නෑ මට නං....

දෙවින් ප්‍රේමසිරි Devin Premasiri said...

සැබැවින්ම හදට වැදුනා

ABV said...

කපුගේ ලා වගේ තේරුමක් තියන ගීත කියන ගායකයෝ ආයෙත් ලංකාවේ නම් බිහි වෙන එකක් නැහැ කියලා දැන් ඇහෙන ගීත දිහා බැලුවහම මට නම් හිතෙනවා. ඒ වගේ ගැඔුරු හඩක් මම නම් වෙන කිසිම ගායකයෙකුගෙන් අහලා නැහැ. උලලේනෝ ගීතය ඒකට ‍හොදම උදාහරණයක්, ආදරය, විරහව, ජීවිතය ගැන නියම සමබරතාවයකින් ගීත ගැයුවානම් ඒ කපුගේ ම තමයි.

Sandamal said...

අද කාලෙ කොහෙද මෙච්චර තේරුමක් තියෙන සිංදු තියෙන්නෙ

Post a Comment

පි‍ටු පෙරලපු ගාන