සබඳ අපි කඳු නොවෙමු~
උනුන් පරයා නැඟෙන~
සුනිල දිය දහර වෙමු~
එකම ගඟකට වැටෙන~
වියරු ගිනි දැල් නොවෙමු~
වනය අවුලාතබන~
සිහිල දෙන වැස්ස වෙමු~
දැවෙන කැලයට වසින~
නපුරු හීනය නොවෙමු~
ළමුන් නිදි සුව බිඳින~
සොඳුරු අඬහැරය වෙමු~
දනන් නින්දෙන් මුදන~
-(ගුනදාස කපුගේ)
කාලෙකින් ආවේ.... එක්ක යන්න වෙන තැනකට ...
-
කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා..
මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර
වගේම ගොඩක් බ්ලොග් ව...
7 years ago
5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
මේකෙ පද රචකයා ගැනත් සඳහන් කරමු නේද? සුනිල් ආරියරත්න මහතා වගේ මතක. වැරදි නම් නිවැරදි කරන්න,
නිදන් ඉන්නකොට ඇහැරවනවා තරං මලක් නෑ මට නං....
සැබැවින්ම හදට වැදුනා
කපුගේ ලා වගේ තේරුමක් තියන ගීත කියන ගායකයෝ ආයෙත් ලංකාවේ නම් බිහි වෙන එකක් නැහැ කියලා දැන් ඇහෙන ගීත දිහා බැලුවහම මට නම් හිතෙනවා. ඒ වගේ ගැඔුරු හඩක් මම නම් වෙන කිසිම ගායකයෙකුගෙන් අහලා නැහැ. උලලේනෝ ගීතය ඒකට හොදම උදාහරණයක්, ආදරය, විරහව, ජීවිතය ගැන නියම සමබරතාවයකින් ගීත ගැයුවානම් ඒ කපුගේ ම තමයි.
අද කාලෙ කොහෙද මෙච්චර තේරුමක් තියෙන සිංදු තියෙන්නෙ
Post a Comment