මේ වචන අයින් කරමුද ?

Wednesday, October 5, 2011

නාකියා..
අපි කවුරුත් යන්නේ වයසට තමයි..තරුණකම හැමදාම් තියෙන්නේ නැහැනේ.. එක කාලෙකදී ශරීරයේ උපදින ශයිල වලට වඩා මිය යන ශයිල වැඩි වෙනවා එතකොට දිරාපත්වෙන   එක අපි කාටත් පොදුයි.. සමහර අසනීප වලට තරුණ කාලෙදිම මිනිස්සු දිරාපත් වෙනවා. ඉතින් වැඩිහිටි කෙනෙකුට අපහාස කරන්නේ මොකටද ?
පොට්ටයා/ කණා  
අපි කවුරුත් වයසට යනකොට ටික ටික අන්ද වෙන්න පටන් ගන්නවා .. තරුණ කාලේදී ආලෙන් අන්ද වෙනවයි කියනවා. කන්නාඩි නොදැම්මොත් පෙනෙන්නෙ නැතුව යනවා. ඉතින් ඇස් නොපෙනීමේ ආබාදයක් තියෙන කෙනාට අපහාස කරන්නේ ඇයි ?
බීරා 
අපි කවුරුත් අපි අහන්න අකමැති දේවලට නැසූ කන්ව ඉන්න කැමතියි.. ඔහොම යනකොට වයසත් එක්ක කන් ඇහීමත් අඩුවෙනවා. ඕක අපිටත් පොදු දෙයක්..ආබාදිත කෙනාට අපහාස නොකර   ඉමුද ?
කොරා 
අපේ අතපය කොයි වෙලාවේ කැඩෙයිද  කියල කවුද දන්නේ ? වයසට යනකොට කාගේත් එක්තරා ප්රමානෙකට අත් පා වැඩ නොකර යනවා. වලංගු නැති වෙනවා.  එහෙම එකේ  ඇයි ආබාදිත   කෙනාට ගරහන්නේ ?
ගොළුවා..  
උත්තර නැති   ප්රශ්නයකදී අපි ඔක්කොම ගොළු වෙනවා. වයසට ගිහින් අන්තිම කාලේ වෙනකොට කතා කරන එකත් වෙහෙසක් වෙනකොට අපි ඔක්කොම ගොළු වෙලා තමයි මැරෙන්නේ..ඉතින් ආබාදිත කෙනාට අපහාස කරන්නේ ඇයි ?
පිස්සා..
මං අකමැතිම වචනය.. අපි කාට කාටත් යම්  තරමක මානසික ආබාද තියෙනවා. ඔවුව අඩු වැඩි වෙන විදිහ නොදැන අපිට වඩා ටිකක් වෙනස් විදිහට හිතන වැඩකරන කෙනාට අපි පිස්සයි කියනවා. මානසික ආබාදත්  සාරීරික ආබාද වගේ තමයි.. වයසට යනකොට කල්පනාව අඩුවෙනවා. ලෙඩ වෙනවා හොඳ වෙනවා. ලෙඩේ හොඳ උනාම එයාට ලෙඩා කියන්නේ නැහැනේ. එහෙනම් ඇයි මානසික ලෙඩෙකුට අපහාස කරන්නේ ? සාමාන් රෝහලට ලෙඩ්ඩුන්    කොටුව කියන්නේ නැහැනේ ඉතින් ඇයි මානසික රෝහලට පිස්සන් කොටුව කියන්නේ ?
අපි ඔක්කොම මැරෙන්න කලින් ඔයින් එකකට හරි ගොඩකට හරි ඔක්කොටම හරි යටත්  වෙනවා. හොඳයි නැද්ද ?

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

චතුර විජේකෝන් said...

හොඳ අදහස් ටිකක්. ඒත් ඕව කොහොම අයිං කරන්නද? සමහරු වැඩිපුරම කියන්නේ ඔය වචනම නේ...

මගේ පළමු blog සටහන. said...

ඔයා කියන්නෙ හරියට මීනී මරන්නත් භාවිතා කරන නිසා පිහි තහනම් කරමු වගේ කතාවක්.වචන වල නෙමෙයි වැ‍රැද්ද තියෙන්නෙ ඒවා අනෙකුන්ට අපහාස වෙන ආකාරයට භාවිතා කරන අයගෙ. පුලුවන්නම් එයාලව දැනුවත් කරමු කවද හරි කෝහේදි හරි එයාලටත් මෙවගෙ වෙන්න පුලුවන් කියල.

සරත් ලංකාප්‍රිය said...

මන් අයින් කළා. එක එක්කෙනා එහෙම අයින් කලොත් අවුරුදු සීයකදීවත් අපි මිනිස්සු වේවි..

ක්සැන්ඩරයා said...
This comment has been removed by the author.
ක්සැන්ඩරයා said...

වචන අයින් කරන්න බෑ අය්යා.. භාවිතය අයින් කරමු..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන