පොත්

Tuesday, October 4, 2011
පොත්.... පොත්... පොත්....

ගිය මාසේ පුරාවටම හැමෝම කතා කරපු මාතෘකාව තමා පොත්. සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ ඔක්තොම්බර් කියන්නේ කියවීමේ මාසය කියලා තමා කියන්නේ.  ඒ කියන්නේ සැප්තැම්බර් ගත්ත පොත් ගොඩ කියවන එක වෙන්න ඕනේ.

මන් නම් හිතන්නේ සාහිත්‍ය මාසේ කියන එකත් මේ පොත් වෙළෙඳෝ හදපු එකක්, අපිටත් පොඩි වාසියක් තියෙනවා වෙන මාස වලට වඩා ටිකක් ලාබෙට පොත් ගන්න පුළුවන් එක. ඒත් ගොඩක් පොත් ප්‍රකාශකයෝ තමන්ගේ කඩවල් වල මුළු අවුරුද්ද පුරාම ඔය වගේ වට්ටමක් ලබා දෙනවා ඒක නිසා සැප්තැම්බර්ම නෙමෙයි අනික් මාස වලට ඔය ගානට පොත් ගන්න බැරිකමක් නැහැ.

මමත් පොත් ප්‍රදර්ශනේට සහ ඊට කලින් පොත් ප්‍රකාශකයින්ගේ කඩ වලටත් ගිහින් පොත් ටිකක් අරන් ආවා. මේ පාරත් පොත් ගත්තට මොකද කලින් සැරවල ගෙනාපු පොතුත් ගොඩක් තියෙනවා කියවලා නැති . ඒත් ඉතින් පොත් ප්‍රදර්ශනේට නොගිහින් කොහොමද. මේ පාර නම් ගියේ පොත් ගන්නේ නැහැ කියලා හිතාගෙන ඒත් ආවේ පොත් ටිකක් උස්සගෙන.

මන් ගත්ත පොත් අතරේ වැඩි හරියක් පරිවර්තන , මේ පාර ටිකක් වැඩිපුර කෙටිකතා පොත් ගත්තා. වෙනදට නම් මන් කෙටිකතා පොත් ගන්නේම නැති තරම්.

මට මේ පාර ගෙනාපු පරිවර්තනයක් බලනකොට හිතුන දෙයක් නිසා මන් හිතුවා ආයි ඒ මාතෘකාවේ පරිවර්තන ගන්නේ නැහැ කියලා. ගොඩක් පරිවර්තන වල කතා තේමාව වෙන්නේ මුස්ලිම් රටවල් වල කාන්තාවන් විඳින දුක් කම්කටොලු. ඒකම විදිහේ කතාවක්. තමන්ගේ සැමියගෙන් ඔහුගේ පවුලේ අයගෙන් එහෙමත් නැත්නම් තමන්ගේම පිය සහෝදරුවරු නෑදෑයෝ වගේ පවුලේ උදවියගෙන් පීඩා විඳින කාන්තාවන් ගැන තමා මේ ගොඩක් පරිවර්තන වල කතා තේමාව වෙන්නේ. මේ විදිහට තව කෙනෙක් ලක් වෙච්ච දුක් පීඩා ගැන කියවලා අපි සතුටු වෙනවද කියලා මට හිතුනේ.

මේවායින් ඇත්තටම ඒ පීඩාවට පත්වෙච්ච පිරිසට කිසියම් සහනයක් වෙනවද නැත්නම් තව කෙනෙක් ඒ කතාව විකුනලා මුදල් හම්බ කරගැනීමක් විතරද දන්නේ නැහැ වෙන්නේ. අනික් කාරනේ මේ වගේ දුක් කරදර වලට ලක් වෙන්නේ මුස්ලිම් ජාතික කාන්තාවන්ම පමනක්ද කියන එක. අපේ රටේ උනත් මේ වගේ සිදුවීම් වෙන්නේ නැහැමයි කියන්න බැහැ. වෙනස තියෙන්නේ ඒවා මෙහෙම පොත් වලට නොලියවෙන එක වෙන්න පුළුවන්.

මන් හිතන්නේ මේ දවස් වල නම් මේ මාතෘකාවේ පොත් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා ඒත් කාලයක් යනකොට මේකත් එපා වෙයි කියලයි මට හිතෙන්නේ.



3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

මගේ ජීවිතය said...

මාත් මේ සැරේ ගත්තු පොත් වලින් පරිවර්තන දෙකයි ගත්තේ. මටත් ඒ එකම තේමාවේ පොත් එපාවෙලා තිබුණේ. මං නම් පොත් ගත්තු කාලෙම සේරම කියවනවා.
මට දැන් හිතීගෙන යන්නෙ කියවන දේවල් හරියට "කියවන්න" උත්සාහ දරන්නෝනි කියන එක. ඒ නිසා ඒකට ආධාර විය හැකි පොත් ගන්න හිතුණා. මං මතක් කරන්න කැමතියි මේ සැරේ ගත්තු ඒ වගේ පොතක්.

ලියනගේ අමරකීර්තිගේ "සහෘද සාක්ෂිය".
මේ පොත සාහිත්‍යය, සිනමාව, නාට්‍ය වැනි දේ විවිධ අධ්‍යයන විධි ඔස්සේ විග්‍රහ කරනවා. ලියනගේ අමරකීර්ති විසින්ම රචිත ඒ වගේම තව පොතක් තියනවා "අමුතු කතාව" කියලා.

මං උත්සාහ ගන්නවා මං කලින් කියවපු, බලපු පොත්, සිනමා නිර්මාණ ඒ කාලෙට වඩා වෙනස් විදියකට නැවත කියවන්න. එහෙම කියවන්න කැමති අයට මේ පොත ප්‍රයෝජනවත් වෙයි.

Madhawa Habarakada said...

මමත් මේ පාර ගත්තෙ පරිවර්තනම තමා, මම නම් වැඩිපුර කැමති රුසියන් කතා වලට.
චින්ගීස්ගෙ පොත් එහෙම ගන්න හිතන් ගියේ, නමුත් හොයාගන්න බැරි උනා මගෙ ලඟ නැති පොත්. පවුලෝ කොයියෝගෙ පොත් තමා වැඩිපුරම ගත්තෙ.
මම ගත්තු පොත් ගැන මෙතනින් ගිහිල්ල බලන්නකෝ.
http://madhawaweblog.blogspot.com/2011/09/blog-post_19.html

ඔබ නොදු‍ටු ලොවක්..... said...

අනේ.. පොත් කියවන එකට මගේ නං වැඩි කැමැත්තක් නෑ...කොහොම නමුත් හොද වැඩක්.....

Post a Comment

පි‍ටු පෙරලපු ගාන