නැටුම් බෙර . . .

Thursday, August 11, 2011
තොපිට නටන්නට
ගැසූ බෙර අද
පැලී අවසන
මුලුගැන් වී ඇත

හම නැති බෙර කඳ
වරපට සමගම
පාලු කපනවා
බෙර පද කිය කිය

ඇවිත් බලා යන
යක්ස යක්සනින්
නටපු නැටිල්ලක්
මතකෙට එනකොට

උන්ටම ලැජ්ජලු
බෙර මුහුණත දැක
නටපු ඇති නැටුමක්
ඉතුරුව නැතිකොට

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

නටපු නැටුමකුත්
බෙරේ පලුවකුත්
දෙකම නැතත් අපි
තවමත් නටමුද ?

Post a Comment

පි‍ටු පෙරලපු ගාන