
පෙරේතෙයෙකුට රස කෑමක් ලැමුනහම් කනකන් ඉවසිල්ලක් නෑ වගේ මේක දැකල නොලිය ඉන්න බැරි නිසාමයි ලියලා දැම්මේ මේ මට ගැන තව ලියන්න ඕන නමුත් විභාගය නිසා එය කිරිමට වෙලාවක් වෙන් කර ගැනිමට ඇති නොහැකියාවට සමාවන්න විභගය ඉවර වෙනකන්මෙක නොලිය ඉන්න බැරිකමට ලියල දැම්මේ..........
16 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
දැන් ගොඩක් නගරාසන්නව නම් "ගලී" කියල නගර සභාවෙන් වාහනයක් දීල තියනවනේ.වල පියන අයින් කරලා ලාම්පු තෙල් ටිකක් වක් කරලා.අර බීම බටෙන් අදිනව වගේ සූස් ගාල අදිනව.කවුරුත් වලට බහින්න ඕනේ නෑ.එක අතකින් ඒක හොදයි.
හොර, මැර, වංචා කර, සමාජ විරෝධි ක්‍රියා මගින් හම්බ කරන මිනිස්සුන්ට වඩා මේ මිනිස්සු කෙතරම් නම් සුවඳද ?
ඔබ අප්‍රියතාවයෙන් කථා කරන්නෙ ඔබ මොහතකට පෙර ඉව වහා ගිය ආසාවෙන් කෑ ආහාර ගැනයි.
"ලැට් වලට බැසිම හා ගල් ගැසිම විනා ඔහු වෙන කිසිම ආකාරයක වැරදිවැඩක් කරනු මම දැක නැත" පළවෙනි කාරණේ ඔය දෙකම වැරදි වැඩ නොවීමයි ;-)
අවුරුදු ගාණකට කලින් අපේ වැසිකිලි වලත් උතුරලා මල වදයක් වුණා. නගර සභාව ගලියක් තිබුණට ඒකෙ බටේ අපේ වැඩේ දිග මදි වුණා. අන්තිමට අපට උදව් වුණේ ඔය වගේ ඩබලක්. එයාලගෙ උදව්වට හිටියෙ අපේ තාත්තයි එයාගෙ යාළුවෙකුයි.
මට නම් හිතෙන්නෙ ඔය වගේ අනිත් මිනිස්සුන්ගෙ ජරාව අදින අය අපි ගොඩ දෙනෙක්ට වඩා ග්‍රේට් මිනිස්සු කියලා. ඔය වගේම තව කට්ටියක් තමයි නගර සභාවෙ කුණු ලොරි වල වැඩ කරන අය. උන් නැත්තං අපි කොහොමද මෙහෙම ආතල් එකේ ඉන්නේ... ඒ නිසා උන් ලෝකෙ ඉන්න සුන්දරම මිනිස්සු ටිකක්...
ඇත්තට අපි නොහිතුවාට අපි වගේම තව මිනිස්සු කී දෙනෙකුට මේ වගේ අස්පට් දේවල් කරලා ජීවිතය ගැට ගහ ගන්නට වෙලා ඇත් ද?
මොනවා කොරන්න ද මේක ආසියාවේ ආස්චර්ය නේ.මහ ලොකුවට දියුණුම රට කියලා පෙන්නන්න ඉන්න හිටින්න තැනක් නැති මිනිස්සු ට්‍රක් වල පටවං ගිහිං තව අහකට දාලා උඩිං පල්ලෙන් නගර සංවර්ධනය කොරනවා.වෙන්න ඕනේ මේ වගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කරලා මල අපදුව්‍ය බැහැර කරන්න මීට වඩා හොද ක්‍රමවේදයක් හදුන්වා දෙන එකයි.
අද දියුණු ලෝකයේ රටක් උදාහරණෙට ගත්තොතින් මේ වගේ ප්‍රතිචක්‍රීය ක්‍රමවේදයක් හොයා ගන්න එක අමාරු වෙන්නේ නෑ.අරාබි රටවල මල ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කරලා පානීය ජලය පවා නිෂ්පාදනය කරන විත්තිය අපේ සහෝ ලා දන්නවා ඇතිනේ.මෙව්වා ගැන තව කතා කරන්න ගියොත් මගෙ පොලිටිකල් ලිම්ට්ස් ඔක්කොම පනිනවා.මොනවා උනත් සහෝ මේ වගේ තිත්ත ඇත්ත ගැන පොඩියට හරි කතා කරපු එක හුගාරියක් වටින දෙයක්.
මැරා සහෝට - විභාගේ හොදට ගොඩ දා ගන්න ෆුල් ට්‍රයි එක දෙන්න ඕනෑ.ඔබට ජය!
මේ මිනිස්සු මේව කරන්නෙ ජීවත් වෙන්න..
වෙනී සමග එකඟයි...
( දිග කොමෙන්ටුවක් ලියූවත් පෝස්ට් කිරීමේදී ..... :(
නැවත ලිවීමට කම්මැලිය)
මේකත් මෙන රස්සවක්ද කියල හිතෙන්නේ මිනිස්සු ගිවිතේ ගැනවත් නෙසිතා සල්ලි වෙනුවෙන් කරන කැපකිරීම් දැක්කාම...
@නදී = එවා හැම තැනම නෑනේ
@Weni = අනිවා හොරකම් කරනවට වඩා මේක සැපයි
@Anonymous said... = දුන්දේ සුවදයි කෑදේ ගඳයි සහො
@hare :-) = අනිවා ඔය වගේ වැඩ වලදි උත්තෙජනයක් අවශයමයි
@කතන්දර මාමා = බොහොම ස්තුති සහො
@චාටර් කොල්ලා = අනිවා....
@නාකියා = අනිවා
@ක්ෂණික ප්‍රතිචාර: = බොහොම ස්තුති
මේක සමාජ සේවයක් වැරදි වැඩක් නෙවෙයි. ඒ මනුස්සය ඒකට හොදින් පුහුණු වෙලා තියෙන්නෙ..
හොරකම් මැරකම් කරනවට වඩා මේ රස්සාව ඔහුට නම්බුවක්මය..
ඔන්න සැබෑ සමාජ සේවකයො.මේ අය ගැනනං පාරෙ කටවුට් ගහන්නෙ නෑ.විනාඩි පහෙන් පහට ටීවී එකේ පෙන්නන්නෑ.
මොවුන් ගූ ඇද්දේ නැත්නම් අපට සිද්දවනුයේ ගූ නෑමටය
ඉතා අගනා ලිපියක්. මෙහි හිතන්නට බොහෝ දේ ඇත. අපේ සමාජයේ ගඳ නැති කරන මේ වගේ මිනිසුන්ට සම්මාන දෙන්න ඕනි. හැබැයි වැසිකිලි වලේ ඉඳං ගල් බෝතලේ කටේ තියං ගහන එකට වෙනම සම්මානයක් දෙන්න ඕනි...
රටක් වටිනා මිනිස්සු.හොරකම් , මංකොල්ල කෑම කරන අයට හොද ආදර්ශයක්.මේ වගේ අය දිහා අප්පිරියෙන් බලන්න එපා කවදාවත්. කාටත් බඩේ ගින්දර පත්තු වෙනවා. හොද ලිපියක්
පගා ගහන හොරකම් කරන මහජන දේපල වංචා කරන තිරිසනුන්ට වැඩිය මේ මිනිස්සු උතුම්..
හිතන්න දේවල් ගොඩක් තියෙන ලිපියක්
මේ රටේ හොර මැරකම් කරලා අසාධාරණයෙන් ජීවත් වෙන අයට වඩා මෙහෙම රස්සාවක් හරි කරලා සාධාරණ ව ජීවත් වෙන අය දැකීම සතුටක්
Post a Comment