ඔයා හැමදාමත් මගේමයි...

Tuesday, August 2, 2011
ආදරේ ගැන ලියන්න හිතුනට කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැ.අපි ඉපදෙන්නත් කලින් අම්මගෙ තාත්තගෙ ආදරේ ලබනව.ඉපදුනාම සීය,ආත්තම්ම,නැදැයෝ හැමෝම ආදරේ කරනව.ඉස්කෝලෙ යනකොට ගුරුවරු,තමන්ගෙම දරුවෙක් වගේ අපිව බලාගන්නව.ආදරෙන් දේවල් කියල දෙනව.
හැබැයි ජීවිතේ තවත් තීරණාත්මක තැනකදි අපට අපේ Partner හම්බෙනව.ආදර උන ගහල තියෙන අයට ඉස්කෝලෙ 7,8 වසර වලට එනකොට වුනත් සමහරවිට.[Calf Loveසමහර විට.නැත්නම් සිරාවට]
තවත් අයට ආදර උන නැතත් ජීවිතේ හැම තැනකදිම අහම්බෙන් හම්බෙන,අහම්බෙන් කතා බස් කරල අඳුන ගන්න ලැබනෙව.
ආදරෙත් කරනව,හැමදේම බෙදාගන්නව.ජීවිතේ තවත් කෙනෙක්ට ඒ වගේ ආදරේ කරන්න බැරි තරමටම හිතින් බැඳෙනව.
සමහර විට එකිනෙකාගෙ යහපතට ලොකුම සාධකයක් වෙන්න,අනිත් කෙනාට ජීවිතේ දෙන්න,දුක-සතුට බෙදාගන්න,කාටවත් කියන්න බැරි දෙයක් පවා කියන්න.

දැන් කට්ටියට හිතෙයි මොකක්ද මූ කියන්න යන්නෙ කියල.මෙලෝරහක් නැති පෝස්ට් එකක්.අනේ මන්ද.කොහොම වුනත් මගෙ මැණිකට ස්තුති කරන්නත් එක්ක තමා මේ පෝස්ට් එක ලියන්න හිතුවෙ.මෙතනින් පහළට මම ලියන්නෙ මගේ කතාව.කැමතිනම් කියවන්න.

ඊයෙ රැ මම ටිකක් කල්පනා කලා.මම මෙච්චර ළඟින්ම හැමදේම කියපු කෙනෙක්ට ඉන්නෙ එයා.[සමහර දේවල් දෙමාපියන්ටත් නොකී.දෙමාපියන්ගෙ ආදරේ මේ ආදරේට සමාන කරන්න බැරි බව දන්නව හොඳේ.]
ඒ දවස් වල අපි යාලුවො විදියට මැසේජ් කලේ.හැබැයි මගෙ හිතේ එයාට ආදරේ තිබ්බ.එයාගෙත් තිබුන[කිව්වෙ නැතුවට.]කොහොම උනත් සා.පෙ. ට පාඩම් කරද්දි මම කොච්චර ටිකක්ද පාඩම් කලේ.යාලුවො එක්ක සෙට් වෙලා දවස් 4 ක් විතර පාඩම් කරා.ඊට වඩා පිස්සු නැටුව.
තනියම පාඩම් කලා,හැබැයි තනියම උනත් පාන්දර වෙනකම්ම පාඩම් කලේ දවස් 3ක් නැත්නම් 4 ක් වගේ.හිතට වදින්න,පොඩ්ඩක්වත් නිදිමත නැතුව පාඩම් කලා.
එයාට පින් සිද්ද වෙන්න SMS කොට කොට පාඩම් කලත් මටනම් පාඩම් කිරිල්ලෙන් ඔලුවටම වැද්දෙ ඒ පාඩම් කරපු ටික තමා.
පස්සෙ අප්‍රේල් 21 වෙනිද රැ 10.41 ට මට වචනෙ දුන්න වෙලේ ඉඳන් අපි කොච්චර ළං වුනාද?එක දවසක් මැසේජ් එකක් නැති උනාම කැවෙ නැ වගේ.
හැමදේම ඔයා මට කිව්ව.මමත් ඔයාට කිව්ව.
ඔහොම මැසේජ් කරල ඊයෙ රැ අපි අවුරුදු දෙකක් යනකම්ම මැසේජ් කරන එක නැවැත්තුව.ඊයෙ ඔයා අඬපු කතාව කියනකොටත් මට ඇඬුන.ආදරේ හැටි නේද?
කොහොම උනත් අප්‍රේල් 21 වෙනිද ඉඳපු එකා මේ වෙනකොට වෙනස් වෙලා.ඒ ඔයා නිසා.
ආයතනයකින් කරන පාඨමාලාව පාස් වෙලා උ.පෙ.ට S3 ක් දාන්න හිතන් හිටි මට ඔයා ඊයෙ දවසට කිව්ව ටිකෙන් ලොකු මොරාල් එකක් ආව.
පාඨමලාවට ඉන්ටර්නැශනල් රැන්ක් එකක් හරි අඩුමගානෙ අයිලන්ඩ් රැන්ක් එකක් හරි දාන්න.උ.පෙ. එකපාරින්ම කැම්පස් එකට පැනගන්න.කවදාවත් ඩොකෙක් වෙන්නෙ නැ කියල තේරෙන කාලෙ ඉඳන්ම හිතාගෙන හිටපු මට ඩොකෙක් වෙන්න.වුනත් නැතත් අඩුමගානෙ උත්සාහයක් දාන්න.
අවුරුදු 14 ක් 15 ක් හිතේ පැලපදියම් වෙච්ච දේවල් එක දවසට ඔයා වෙනස් කලා.
ඊටත් වඩා,දෙමාපියන් නැති කාලෙකට මට මොකක් කරන්නද කියල අරමුණක් නැතුව තිබ්බ එකට ඔයා අරමුණක් දුන්න.
ඔව් ඔයා මේ කොල්ලව ගොඩාක් වෙනස් කලා.හිතෙන් බැඳෙන්න පුලුවන් කොච්චරටද කියලවත් හිතාගන්න බැරි වෙනකම්ම.අපි අද ඉඳන් මැසේජ් කරන්නෙ කොච්චර පොඩ්ඩද?ගිය මාසෙට මසේජ් 1000 කට වඩා ගහපු අපි,මේ අවුරුදු දෙකටම මැසේජ් 100ක් වත් ගහන්නෙ නැ නේද?
මට ලොකු පාලුවක් දැනෙයි.ඒත් කමක් නැ.ඒ අපි දෙන්නගෙම හොඳට.අනාගතේ හොඳ කරගන්න.
ඔයාගෙන් මම ආසම සින්දුව මොකක්ද කියල ඇහුවම කිව්වෙ "සැරයටියෙන් අපි යනෙන තුරා"සින්දුව.
සින්දුව මෙච්චර කල් ඇහුනට ඊයෙ තමයි ඇහුවෙ.කොහොම උනත්.මගෙ ජීවිතේට ලොකූ පිම්මක්,ඉලක්කයක් දෙන්න ඔයා මුල් උනා.ඔයාට බොහොම පින්.

0 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Post a Comment

පි‍ටු පෙරලපු ගාන