කඳුලු පුරෝගත් දෙනෙත් අයාගෙන
රෑ තුන් යම නිදි මත උහුලාගෙන
මහ මඟ තනියම බලා සිටින්නේ
සඳේ රුවද තරු අතරතුරේ
හෙම්බත් දෙනුවන උඩට හෙලාගෙන
පින්වත් මුහුණේ රුව විහිදාගෙන
මහ මඟ තනියම බලා හිඳින්නේ
තනියට දෝ කළුවර අහසේ
බඩගිනි වී කඳුලැලි තවරාගෙන
මුහුණ පුරා සොටු කිලුටු පෙරාගෙන්
නො එනා දරුවන් දකිනු රිසින් දෝ
තනි රැක්කේ කළුවර අහසේ
පිහිටක් නැති අසරණ ජීවිතයට
පණ දී තම දරුවන් සුරකින්නට
දිරිය මවක් වෙන්නට දෝ සිතුවේ
ලොවට හොරා ඝණඳුර අතරේ ………
4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
මාත් මේ දවස්වල හරිම කාර්යබහුලයි. මේ පැත්තේ ඇවිත් හැම පොස්ට් එකක්ම බලලා ගියාට කමෙන්ට් දාන්න නම් වෙන්නෙම නෑ..
ලස්සන කවි පද ටික,,, :)
හදවතට දැනුනා....
ස්තුතියි....
@ප්‍රාර්ථනා
බොහොම ස්තුතියි ඔයාගේ වටිනා කාලයෙන් චුට්ටක් මේ කොමෙන්ටුව වෙනුවෙන් වෙන් කළාට.
@රහස් පරීක්ෂකයා
බොහොමත්ම ස්තුතියි සහෝදරයා කමෙන්ටුවක් දාන්න කාරුණික වුණාට.
Post a Comment