ගෙඹි අවුරුදු....

Wednesday, August 24, 2011








     කාලෙකින් සිතුවිලි පවුරට ගොඩ වුණේ හදිස්සියෙම අපූරු කතාවක් මතක් වුණු හින්දයි..මේක හැබැයි මට ගුවන් විදුලි නාලිකාවකින් අහන්නට ලැබුණු කතාවක්.ඔයාලත් සමහර විට අහලත් ඇති..පොඩි දරුවන් වෙනුවෙන්ම වෙන් වුණු උදෑසන වැඩසටහනක තමා ගියේ..(මංචිත් ඉතින් තාම පොඩි එකානෙ...ඒ නිසා අහන්නෙ ළමා වැඩසටහන්.. ;)...හිකිස්


     හරි මෙහෙමයි කතාව...


     ඔන්න එක විලක් තිබුණලු....ඒ විලේ හිටියලු ගෙඹි සමූහයක්...සමූහයක් කිව්වට ඇත්තටම කිව්වොත් ඉතින් අම්මල-තාත්තල-අච්චිල-සීයලා-දූලා -පුතාල...මුත්තලා ආදී එකී මෙකී නොකී පිරිසගෙන් සමන්විත ගෙඹි ජනපදයක් තමා එතන වාසය කරල තියෙන්නෙ...ආහ් කියන්න බැරි වූණානෙ මේ විල තිබිලා තියෙන්නෙ ලංකාවෙ හොඳේ...(දැන් අහන්ඩ එපා විලේ නම මොකද්ද කියල ඕං...)


     හරි ඉතින්....ඔන්න ඉතින් වසන්ත කාලෙ උදාවෙලා...අලුත් අවුරුද්දටත් කිට්ටු වේගෙන එනකොට..මේ විලේ සුභසාධක සමිතියෙන් තීරණය කළාලු ගෙඹි ජනපදයෙ අයට පොඩි ෆන් එකක් ගන්නත් එක්ක අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න..ඉතින් දවසක් එහෙම දාගෙන වැඩේ සංවිධානය කළාලු තිතට...මේ අවුරුදු උත්සවේත් ඉතින් තිබිල තියෙන්නෙ අපේ අවුරුදු උත්සව වල වගේම තරඟ තමා..ඔය කඹ ඇදිල්ල,ගෝනී පැනිල්ල,අවුරුදු ගෙඹි කුමරිය තේරීම...වගේ එව්වා...ඔය තරඟ අතර තිබුණලු ඔන්න ලිස්සන ගහේ නගින තරඟ අංකයකුත්....


     දැන් ඔන්න ගෙඹි ජනපදේ හිටිය හොඳ සවි ශක්තිය තියෙන ගැටව්,මැදිවියේ ඉන්න සෙට් එකම බැහැලලු ලිස්සන ගහේ නගින්න.ඇයි ඉතින් ගැටිස්සියොත් බලාන ඉන්නවනෙ...;) එක දාගන්නත් පුළුවන්නෙ...හැබැයි ඉතින් පටන් ගත්තම තමයි කට්ටියටම තේරිලා තියෙන්නෙ වැඩේ ලේසි නැති බව..කොච්චර නැග්ගත් ලිස්සනවලු...කොහොමටවත් කොඩිය පේන මානෙකටවත් ඒ ගන්න කලින් වැටෙනවලු....


     ඒ අස්සෙ අහල පහල ඉන්න නරඹන්නො කෑ ගහනවලු....හූ කියනවලු...


     හූඌඌඌඌඌඌ...........අද නං නගී...


     අපෝ ඔය කොඩියනං ගලවන්න පුලුවන් එකක් නෙවෙයි.......


     අපි වැඩියෙනුත් එක්ක ග්‍රීස් ගෑවෝ............


     ඔන්න ලිස්සුව...ඔන්න ලිස්සුවා.....


     මොනාද හලෝ කරන්නෙ නගිනවකෝ......බැරිනං අතෑරලා යනවකෝ...........


     ලොක්කො වගේ වාවට අඩි දෙකක් යා ගන්න බෑ....


     ඒ අස්සෙ ගැටිස්සියෝ බඩ පැලෙනකල් හිනා වෙනවලු.......


     එක විකාරයයිලු......


     වටේ ඉන්න උන්ට තියෙන එකම ෆන් එක මුං වැටෙන වැටෙන පාර හූ කියන එකලු.....


     කොහොම කොහොම හරි කොච්චර ට්‍රයි කළත් අන්තිමේ කිසිම කෙනෙක්ට කොඩිය ගන්න නං බැරි වුණාලු......අනේ ඉතින් සංවිධායක මංඩලේ ගේම නවත්තන්න යද්දිම මෙන්න මූනේ දැලි රැවුලක් වත් නැති පුංචි ගෙඹි හාදයෙක් එනවලු ලිස්සන ගහේ නගින්න....


     කට්ටියට ඉස්සෙල්ලටත් වඩා ෆන්ලු දැන්..අර හැඩි දැඩි...ශක්තිමත් තරුණයින්ට බැරි වුණු දේ...මේ ඇටිකිච්චා කොහොම කරන්නද කිය කිය හිනා වෙනවලු පලු යන්න...


     ඒත් අර පුංචි ගෙඹි පැංචටනං වගක්වත් නැහැල්ලු ඒ ගැන..ගහ ලඟට ගිහින් ටික දුරක් නගිනකොටම ඔන්න කට්ටිය ආයෙත් බෙරිහන් දෙනවලු....


     ඇච්චෝ.......ඔන්න වැටෙයි....


     හෝව් හෝව්...හෙමින් පලයන්.........නැත්තන් ඉක්මනටම දඩොං තමයි....


     අනේ උඹනං කොහෙ ගන්නද කොඩිය......


     ඒත් හැබැයි ගෙඹි පැංචට ගානක්වත් නෑලු..පාඩුවෙ හෙමිහිට හෙමිහිට ග්‍රීස් අයින් කර කර ගහේ හගිනවලු...දැන් දැන් කට්ටියත් කටවල් ඇරං බලං ඉන්නවලු...(එයාලටනං කටට මැස්සො ගියත් අවුලක් නෑ නෙ..බෝනස් ලන්ච් පැකට් එකක් ලැබුණ වගේ නේ...)..ඔන්න ඉතින් කොහොම කොහොම හරි මේ කොළුවා උඩටම නැගලා කොඩියත් අරගෙන තරඟෙන් දින්නලු....


     කට්ටියටම මාර පුදුමයිලු කොහොමද මේ පොඩි එකා මේක කළේ කියලා....


     මෙන්න මේකයි වෙලා තියෙන්නෙ....මේ පුංචි ගෙඹි පැටියට උපතින්ම කන් ඇහෙන්නෙ නැහැල්ලූ...ඉතින් අර කට්ටිය කියන අධෛර්යමත් කතා එයාගෙ කණට වැටෙන්නෙ නැහැනෙ..හිතේ ශක්තිය එහෙම්පිටිම්ම ඉතුරු නිසා එතකොට මොනතරම් ලොකු වැඩක් කරන්න වුණත් එයාට වුවමනා ඇඟේ ශක්තිය විතරයි..ඒ නිසා තමයි එයාට ලොකු ලොකු අයියලාට අමාරු වුණු තරඟෙත් දිනන්න පුලුවන් වුණේ....


     ඉතින් ඔන්න ඕක තමා කතාව...


     ඇත්තෙන්ම අද මාධ්‍යයෙන් ළමයින්ට වැඩි හරියක් දෙන්නෙ නරක ආදර්ශ වුණත් ඉදහිට හොඳ වැඩසටහනුත් කෙරෙනව නේද කියලා පුංචි සතුටකුත් දැනුනා එදා නම්.අනික මේ කතාව කිව්වෙත් පොඩිත්තෙක්..හරිම හුරතල් විදිහට තමා කතන්දරේ ඉදිරිපත් කළේ...වටේ ඉදගෙන අනික් පොඩිත්තො හිනා වෙවී උන්නා....උදේ පාන්දරම මේ වගේ කතන්දරේකින් ප්‍රබෝදමත් වෙලා පාසල් යන පුංචි දරුවො නිකම්ම උත්සහවන්ත දරුවො වේවි නේද කියලයි මංචිට හිතුනෙ....


හරි එහෙනම්...කතාවත් ඉවරයි...ඔන්න මම ගියා...........හැමෝටම ජයෙන් ජය...!!







10 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

අපූරු කතාවක්. බොහොම ස්තුතියි නංගී...

ඉන්දික said...

පුංචි උන්ට විතරක් නෙවෙයි, අපිටත් වැදගත් ලස්සන කතාවක්!!

රහස් පරික්ෂකයා said...

ලස්සන කතාවක්,
මොලේ ශක්තිමත් වෙන්නත් ඕන නේද?

මකුළු පැංචි said...

@චතුර:
ස්තූතියි අයියේ....

@ඉන්දික :
ඇත්තෙන්ම පුංචි වුන් නෙවෙයි ලොකු මිනිස්සු තමා මේ පාඩම් ඉගෙන ගන්න ඕනෙ.නෛහලට යන්න උත්සහ කරන එකාගෙ කකුලෙන් අදින්නෙ ලොකු මිනිස්සුනෙ..

@රහස් පරීක්ෂකයා :
ඔව් මොලෙත් ශක්තිමත් වෙන්න ඕනෙ නම් තමා...

මාතලන් said...

චෝක් කතා පොඩ්ඩ...

සරත් ලංකාප්‍රිය said...

ඇත්ත ..අපි කරන ගොඩක් දේ හරියට කරන්න නම් කන් දෙක ස්විච් ඔෆ් කරගෙන තමුන්ගේ පාඩුවේ වැඩේ කරන්නොන

Chanaka Aruna Munasinghe said...

ගස් ගෙම්බන්ටනම් ග්‍රීස් නෙවෙයි ඕනෙ ගහක් සුරුස් කියල නැග්ග ගැකි. පොල් ගස් මුදුනෙත් ගස් ගෙම්බො ඉන්නවා

මකුළු පැංචි said...

@මාතලන් :
තැන්කූ අනේ... ;)

@සරත් :
එහෙම ස්විච් එකක් තිබ්බනං කොච්චර දෙයක්ද නේදෑ...??

මකුළු පැංචි said...

@මකරා :
බොලේ..මකරු ගෙම්බො ගැන දන්න තරං.. හිකිස්.. :D

Gayan Rupasinghe said...

නියමයි එල කතාව

ජය...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන