හරියටම හරියන නූලටම ගැලපෙන නමක් නොමිලයේම...!!!

Friday, July 15, 2011
මේ මම සිතුවිලි පවුරට ලියන දෙවැනි පෝස්ට් එක. ඇති හරයක් නැති වුනත් ඔන්න ඔහේ දානවා. මේකට ප්‍රතිචාර නම් කොහොම වෙයිද දන්නෑ. ඔන්නොහේ කියලා දාන්නම්. ඔය නම් ගැන මට මතක විදියට පහුගිය දවස් වල මධුරංගත්, නදී ත් පෝස්ට් දෙකක් පල කලා. මේකත් ඒ ළගින් නොගියට ඒකට ළගින් තියන්නත් පුළුවන්.

දැන් මේකනේ වැඩේ. හරියටම ගැලපෙන නමක් හදාගන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද නේද ? මම ඒක නිසා කල්පනා කලා ඔයාලට නොමිලයේම නම් හදල දෙන්න. මොකක් ගැනද නම වැටෙන්න ඕනේ කියලා කිව්වම ඇති. ඉතුරු ටික ඔක්කොම අපි නොමිලයේම කරලා දෙනවා. ඉතින් සාම්පල් පෙන්නනත් එක්ක හදපු බරසාර, විදග්ධ නම් ටිකක් පහලින් පළ කොරඥ්ඥම්...! ඒවත් බලලා වුවමනා කාරියක් ඇතොත් කමෙන්ටුවකින් දන්වන්න ඕනෙ ඕං... මෙන්න නම් ලිස්ට් එක...

  • සයුරි නෞකාවි වෙරළබඩ
 
  • ආප්පි තාච්චියා ලිපඋඩච්චි
 
  • අසනි වර්ෂා හෙනගල්බණ්ඩාර
 
  • C.P.U. මවුසි කීබෝඩියා මොනිටර්ආරච්චි
 
  • මිටිචි අඬුකා ඉස්කුරුප්පු
 
  • B.I.G. පුංචිනෝනා
 
  • මෙට්ටපාලලාගේ කොට්ටසේන ඇඳපොලු
 
  • C.F.L. පහන් ආලෝක දීප්තිවන්ත
 
  • මෙත්තා හිංසනී කරුණාවෛර

හොඳ නම් ඉතින් දන්වලා එවන්නකෝ... ඕං අපි ගියා.

ප/ලි : මේ දීමනාව තොග අවසන් වන තුරු පමණි.


4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

hare :-) said...

හෙහ් හෙහ්... මරු නම් ටික. යෝජනා කරමුකෝ බ්ලොග් අවකාශෙ නිසා හම්බ වෙලා පෙම් කරලා විවාහ වෙලා ඉන්න යුවලකගෙ දරුවන්ට දාන්න සුදුසු නම් ගම් ටිකක්!

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මම කැමතිම නම - මෙත්තා හිංසනී කරුණාවෛර ,පට්ට නම් ටික මචෝ

මේ සිතුවිලි පවුරේ කට්ටියට draft.blogger හරහා ගියාම "සිතුව්ලි පවුරේ" තමන්ගේ ලිපි බලපු ගාන එහෙමත් බලා ගන්න පුලුවන් . ඒ ඒ ගැන දන්නෙ නැති කෙනෙකුට කිව්වේ

@ඇඩ්මින් තුමා - මම කලින් කියල තියන පණිවුඩය අනික් අයට කිව්වොත් මොකද ? තව යෝජනාවක් අර උඩ පනින සෝෂල් ශේයාරින් බටන් ටික වාතයක් වගෙ වෙනස් එකක් දාමුද

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@චතුරංග පෙරේරා | chathuranga Perera: සුපිරි නම් ටිකනෙ චතුරංග අයියා.. මරු මරු.. මාත් එනව උදව් ඉල්ලගෙන

@buwa: ඉක්මටනම වෙනස් කරමු.. සිතුවිලි පවුරට අලුතෙන් මැගසින් ටයිප් තීම් එකක් දාමු. මේකේට ගැළපෙන්නෙ එහෙම එකක් තමා.. පුලුවන් ඉක්මනට වැඩේ පටන් ගන්නම්.. ස්තූතියි!

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

@ hare :-)
දැනට එක් නමක් දෙන්නම් සහෝ. ඊට වඩා ගන්නව නම් මුදල් ගෙවන්න වෙනවා. මම ඩිස්කවුන්ට් දාලා දෙන්නම්. මෙන්න ඔබේ නම : ගූගල්යා බ්ලොග්කරණී සදාකොටන්න

@ buwa : බොහොම ස්තුතියි මහත්මයා අපේ සේවාව අත්වින්දාට...

@ ඇඩ්මින් මලයා : එළ එළ... කෝ ඉතින් ඇඩ්මින් තුමා නමක් යෝජනා කරලා නෑනේ. ඉක්මන් කරන්න - තොග අවසන් වන තුරු පමණයි...!

Post a Comment

පි‍ටු පෙරලපු ගාන