පලවෙනි පොස්‍ටුව , කමෙන්ට් කාගෙද බලමු

Wednesday, July 13, 2011
ඔන්න දේවාත් සිතුවිලි පවුර ට එකතු උනා... ගොඩාක් වෙලාවට මම මේ බ්ලොග් එකේ මගේ බ්ලොග් එකේ වගේම ටිකක් වැඩිපුර බ්ලොග් වැඩ කැලි ටිකක් එක්ක එකතු වෙන්න කියලා තමයි හිතන්නේ.... ඇඩ්මින් මේ සම්බන්දයෙන් අදහස් ප්‍රකාශ කිරිමෙන් අනතුරුව ඒ පිලිබද සුදුසු තිරණයක් ගන්න තෙක් මම මගේ පලවෙනි පොස්ට් එක දැන්ම දාන්නම්... මගේ බ්ලොග් එකේ මේ පොස්ට් එක කලින් පලවෙලා තිබුනත් සිතුවිලි පවුරෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනා කියලා හිතුනා...

බ්ලොග් එකක් ලියන ගොඩාක් දෙනෙක් ගේ හිනයක් තමයි තමන් ලියන බ්ලොග් එකට කමෙන්ට් වැඩි වැඩි වශයෙන් ලබා ගන්න එක.. ඉතින් එහෙම එන කමෙන්ට් කරන අයට දිරි ගැන්විමක් එන්නේ එයාලා දාපු කමෙන්ට් ගානත් බ්ලොග් එකේ වැටෙන කොටනේ ඔන්න එහෙම දා ගන්න පුලුවන් වැඩ කැල්ලක්....



මේ වෙනකන් මේක දාගෙන නැති අය මේක දාගෙනම බලන්නකෝ

කට්ටියම ඔන්න පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ....

ඔයාලා දන්නවනේ ඉතින් ඔයාලාගේ බ්ලොග් එකට ගොඩාක් අය එනවා කමෙන්ට් දානවානේ.. ඔයාලට මෙහෙම හිතිලා ඇතිනේ.. මගේ බ්ලොග් එකට එක එක අය කොයි තරම් කමෙන්ට් දානවද? කවුද ගොඩාක් මගෙත් එක්ක ඉන්නේ... මම ලියන ඒවාට කවුද වැඩියෙන් කැමති... ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩාක් ඔලුවට එනවනේ..
ඉතින් එක බලන්න මුල ඉදන් කොලයක් පැනක් අරගෙන එක එක බ්ලොග් පොස්ට් එක බල බලා එකට එක එක අය දාපු කමෙන්ට් ගාන ලියන්න බැනේ
ඔන්න එකට විසදුමක් දෙන්න තමයි අද දේවා හදන්නේ..
මේක ඔයාලත් ඔයාලගේ බ්ලොග් එකට දාගන්නකෝ.. එතකොට අනිත් අයටත් අනිත් අය ගැන දැන ගන්න... එහෙම පුලුවන්නේ....



ඔන්න ඔයාලා මේක දාගන්න ඉතින් ඉස්සරවෙලාම යන්නකෝ හැම ගැජට් එකක්ම දාන පිලිවලටම........


Dashboard ---> design or layout ---> page element ---> add a gadget ---> html/jawa


ඔන්න ඉතින් එතනට ගිහින් මේ මම දෙන කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කර ගන්නකෝ..

<script type="text/javascript">
function pipeCallback(obj) {
document.write('<ol>');
var i;
for (i = 0; i < obj.count ; i++)
{
var href = "'" + obj.value.items[i].link + "'";
if(obj.value.items[i].link == "")
var item ="<li>" + obj.value.items[i].title + "</li>";
else
var item = "<li>" + "<a href=" + href + ">" + obj.value.items[i].title + "</a> </li>";
document.write(item);
}
document.write('</ol>');
}
</script>
<script src="http://pipes.yahoo.com/pipes/pipe.run?_render=json&_callback=pipeCallback&_id=2f414149ab66e0892a6a179016f93019&url=http%3A%2F%2F
yourblog.blogspot.com&num=10&filter=" type="text/javascript"></script>



ඔන්න ඔය රතු පාටින් තියන තැනට ඔයාලගේ බ්ලොග් එකේ නම දා ගන්නකෝ...

වැඩේ ඉවරයි සේව් කරගෙන බලන්නකෝ

දේවා සිතුවිලි පවුරට ඕනද නැද්ද කියලා ඔයාලාම කියලා යන්නකෝ.....




14 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

නියමයි.. සිතුවිලි පවුර මොඩිෆයි කරන්න ගැජට් හොය හොය ඉන්නෙ කස්ටිය.. සහෝ අපිත් එක්ක සෙට් උන එක ගොඩක් වටිනවා.. දිගටම අපිව දැනුවත් කරන්න.. මේ වැඩ කෑල්ල සිතුවිලි පවුරේ ටෙස්ට් බ්ලොග් එකට දාල කස්ටියෙගෙන්ම අදහස් විමසලා බලමුකෝ.. :ඩී

Yasantha Hennayake said...

ප්‍රශ්නයක්.. මේ ගැජට් එක බ්ලොග් එකට දැම්මම වෙන්නෙ මොකක්ද කියල හරියටම පැහැදිළි නෑනෙ.. තේරුම් කරල දෙන්නකෝ

දේව් ගේ අඩවිය said...

@ සිතුවිලි පවුරේ ඇඩ්මින් : අනිවා එහෙම දාලා බලන්න.... කට්ටියගේ එකමුතුව ගොඩාක් වටිනවා.. පුලු පුලුවන් විදිහට පොස්ට් දාන්නම් මමත්..

ජය වේවා

Techmaker said...

හොද අයිඩියා එක. මෙන්න මේ බ්ලොග් එකෙත් ටියෙනව වැඩ කෑලි ටිකක්, හැබැයි සින්හලෙන් නම් නෙමෙ. පොඩ්ඩක් බලන්න... http://www.techblaster.net/

දේව් ගේ අඩවිය said...

චතු : මේකෙන් වෙන්නේ ඔයා මේක දා ගත්තහම ඔයාගේ බ්ලොග් එකට කමෙන්ට් කරන අය ඉන්නවනේ... උදාහරනයකට 5 ඉන්නවා කියමුකො... ඔන්න ඒ අය ඔයාගේ මුලු බ්ලොග් එකටම වැඩිපුර කමෙන්ට් කරන අනුපිලිවෙලට ලිස්ට් එකක් හදනවා,...
නමයි කමෙන්ට් ගානයි....

ඉතින් දාගෙන බලන්න්කෝ ඔයාගේ බ්ලොග් එකට වැඩියෙන්ම කමෙන්ට් කරලා තියෙන්නේ කවුද කියලා එහෙම

තාම අපහැදිලි ද??

Yasantha Hennayake said...

හප්පට සිරි.. මරු ගැජට් එක.. තැන්කූ වේවා.. තේරුනා එලකිරි සහ ජලය වගේ

දේව් ගේ අඩවිය said...

Techmaker : සිංහලෙන් තියනකොට නොතේරෙන කඩ්ඩෙන් ඕනේ ද? යාලුවා.. ඔන්න කැමතිනම් මේ පැත්තේ ඇවිත් බලන්න ගොඩාක් වැඩ කැලි තියනවා... ඔන්න කමක් නැ ඉතින් පාර පෙන්නුවට තැන්ක්ස් යාලුවා

දේවා ගේ අඩවිය

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ela ela

දේව් ගේ අඩවිය said...

@ buwa : බුවා ඉතින් කිවොත් හොදම දේකටනේ එල කියන්නේ සංතොශයි ඉතින්

චතුමිතු said...

මාත් උත්සහ කලා.. ස්තුතියි.. :)

චතුර විජේකෝන් said...

මගේ බ්ලොග් එකේ දාලා බැලුවා. පොඩි අවුලක් තියෙනවා. ඒකේ උඩින්ම තියෙන්නේ මගේ නම. මොකද මම නේ හැම එකටම රිප්ලයි කොරන්නේ. ඉතිං ඒකට විසඳුමකුත් තියෙනවානං පං.. ම පංකාදුයි. කොහොමටත් වැඩේ පංකාදුයි. සාදරයෙන් පිළිගන්නවා.. තව තවත් ගැජට් කෑලි බලාපොරොත්තුවෙන් ඉන්නවා...

දේව් ගේ අඩවිය said...

චතු මිතු : අනිවා මේක වැඩ කරනවා වැඩි දුර ඕනේ නම් මේකටත් යන්න
http://sadaru-world.blogspot.com/2011/05/blog-post_25.html

දේව් ගේ අඩවිය said...

@ Chathura : ඔන්න ඉතින් ඒක නම් එහෙම තමා.... මොකද අනිත් අය දාන හෑම කමෙන්ට් එකකටම අපි ප්‍රතිචාර දෙනවනේ..... ඉතින් ඒක හොදයිනේ...
පොස්ට් පුලුවන් විදිහට දෙන්නම්කෝ..... පිලිගැනිම ගැන සංන්තොශයි

Unknown said...

නියමයි මාත් ට්‍රයි කරල බලන්න ඕනෙ

Post a Comment

පි‍ටු පෙරලපු ගාන