තනිකඩ අහසට

Wednesday, July 20, 2011


වලාකුල් වියන යට
සැඟව ගිය අහස් ගඟ,
තනිකඩයි නුඹ තාම 
එලඹ ඇත නිශා යම,,
සඳවතිය නොමැත අද
නුඹෙ තනිය මකන්නට,
ගං දියට පෙම් වඩා 
ගොසිනි ඇය නොකියාම,.
සියොත් කැල කොහිද අද
නුඹ සවන් සනසවන,
නුදු‍ටු වන පෙත් සොයා
ගොසිනි උන් නොදොඩාම,.
නුඹ බලා හිදී නම්
මේ අහස් වියන යට,
තවම මා නුඹ ලගයි
පුංචි තරුවක් ලෙසට

6 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Chamath N. Kirinde said...

පුංචි තරුවක් ලෙසට
ඔබ තාම අහස ළඟ
සිටීනම් නෑ නේද,
අහස තනිකඩ තාම...

ඇත්තෙන්ම ලස්සනයි.. හරිම හැඟීම්බරයි..

පිස්සු පුසා said...

ලස්සනයි

සිත් අහස said...

@චමත් & පිස්සු පූසා - ස්තූතියි යාළුවනේ..

දිල් said...

පද ටික අපූරුයි

රතු මුහුද said...

පුංචි තරුව..අඩන්න අයි මේ උඩ බලාන..

සිත් අහස said...

@දිල්, red sea - ස්තූතියි,

Post a Comment

පි‍ටු පෙරලපු ගාන