අන්දරේ සහ තන 18+

Wednesday, July 20, 2011
අන්දරේ තණ මැනපු කතාව දන්නව ඇතිනෙ නේද?
දන්නෙ නැති අයට ඹන්න කෙටියෙන් අහගන්න...

රජතුමාට අයිති නින්දගම් වලින් හැම වාරෙම රජතුමාට කොටහක් ගෙවන ‍එක ඒ කාලෙ නියමයක්....ඉතින්මේ අස්වනු නෙලන කාලෙට රජවාසලෙන් කවුරු හරි ගිහින් රජවාසලට නියමිත කොටස මැනගෙන ගේන එක සිරිතක්.ඔය එක ගමක වගා කරල තිබුණ තණ කියන ධාන්‍ය වර්ගයක්..ඉතින් මේ ගමේ අස්වනු මනින්න යවන්න කෙනෙක් බලද්දි රජවාසලේ හිටියෙ අන්දරේ විතරයි..

රජතුමා අන්දරේට කතා කරල අහනව "අන්දරේ උඹට තණ මනින්න පුලුවන්ද?" අන්දරේත් ඉතින් බෑ කියන වැඩක් නෑනෙ අන්දරේත් පුලුවන් කිව්ව.."එහෙනම් ගිහින් අහවල් ගමේ තණ මැනගෙන ඇවිත් මට ගාන කියපන්.."

අන්දරේ යමින් ගමන් මගදිම පොල් අත්තකින් ඉරටු මිටියකුත් තඩා ගත්ත..අන්දරේ ගමට යද්දි අස්වනු නෙලනව..අන්දරේ කවියකුත් කියාගෙනම කමතට බැස්ස

කොට දිග මහත රවුමට උල් වෙච්ච            තන
ගැට වට අලුත් හා කල්ගිය පරණ                තන
මට මැන ගන්න මහරජුගෙන් ලැබුණි          අණ
පොට ඹසරිය මෑත්කර පෙන්වන්න             තන

ඔන්න අන්දරේට තන-තණ මාරු වුණ තැන....රජ අණනෙ ගැනු ටිකත් ඉතින් අකමැත්තෙන් උනත් තන මනින්න අන්දරේට ඉඩ දුන්න...අන්දරේ එක එක පියවුරේ  දිග ප්‍රමාණයට ඉරටු වලින් කඩාගත්ත. මේ ටිකත් අරන් රජ වාසලට ගිය අන්දරේ ඉරටු මිටිය රජතුමාට දීල කියපි අනේ රජතුමනි එතන එක එක ප්‍රමාණයේ තන තිබුණ ඔන්න මං බොහොම අමාරුවෙන් සේරම මැන ගෙන ආව කියල...ඔන්න ඔහොමයි ඒක සිද්ද වු‍ණේ.....

15 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සාතන් said...

රජාගෙ අණනෙ ඉතිං...

coolchiran said...

අදකාලෙ ඉන්න අන්දරේලත් ඔයවගේ වැඩ නොකරනවම නෙවෙයි....:D

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

මරු . . . මම අදමයි ඇහුවේ . . .

චතුර විජේකෝන් said...

අහලා තිබුණත් මතක තිබුණේ නෑ. ස්තුතියි

Saweera said...

තෑන්ක්ස් වේවා කොමන්ට් වලට...

Dinuka Harshana said...

මට ඔය මනින වැඩේ කරන්න තිබුනානම්.............

Madhawa Habarakada said...

ඇත්තටම අන්දරේට වැරදුනේ නෑ. අන්දරේ හොඳාකාරවම දැනන් හිටිය මේ කියන්නෙ වගා ඵලදාව ගැන කියල. නමුත් ඔහුට ඕනෙ උනේ එතනිනුත් විහිළුවක් කරන්න.
(නැත්තම් අන්දරේගෙ වල් හිතට ආපු අදහසක් වෙන්නත් පුළුවන්. දන්නවනෙ රාජ කුමාරිට පවා එහෙම විහිළු කරල තිබෙනව කියල. :D )

Kanishka said...

:D :D

සම්පත් සඳරුවන් said...

Fattai ඈ..........

Anonymous said...

අන්දරේටත් මාර පල්ලම :D

Anonymous said...

එදා වැඩේ අද භාර දීලා තියෙන්නේ මැරවින් සිල්වාටලු

Anonymous said...

ane

Hasitha Gunasinghe said...

කොයි කාලෙත් රජවාසල අන්දරේලා ඉන්නවා. ඒ කාලේ අන්දරේගේ විහිළුවලින් මිනිස්සුන්ට හිරිහැරයක් නොවුණාම නෙමේ ඒත් අද කාලේ අන්දරේලා කරන වැඩවලින් වැඩිම කරදරේ තියෙන්නේ මහජනතාවට :))

නජාත් අක්‍රම් said...

අන්දරේගේ කතා ගොඩක් අහලා තිබුනත් මේ කතාව ඇහුවේ අද! එල..

Unknown said...

patta

Post a Comment

පි‍ටු පෙරලපු ගාන