ඔබේ බ්ලොග්/වෙබ් අඩවිය ලොඩ් විමේ වේගය මැන ගන්න අඩවියක්

Monday, July 25, 2011
මමත් (Nadun) සිතුවිලි පවුර සමග සම්බන්ධ උනා. ඔයාලා හැමෝම දන්නවනේ සමහර බ්ලොග් අඩවි තියෙනවා ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. සමහර අඩවි වේගවත්. ඉතින් මෙහෙම අඩවි වේගවත් බව අඩු වෙන්නේ ඔබ යොදන පින්තුර ගැජට් නිසයි. ඔබට පුලුවන් මේ අඩවියේ ගිහිල්ලා ඔබේ අඩවිය ලෝඩ් වෙන්න යන වේගය දැන ගන්න. http://www.iwebtool.com/speed_test අපි හිතමු ඔබේ අඩවිය ලෝඩ් වෙන්න තත්පර 40 යනවා කියලා. මේ අඩවියෙන් බැලුවාම. ඉතින් ඔයාගේ බ්ලොගයට ගිහිල්ලා එකේ තියෙන ගැජට් එකක් දෙකක් ඉවත් කරලා අය ඒ අඩවියට ගිහිල්ලා බලන්න තත්පර කියකින් ලෝඩ් වෙනවද කියලා. එතකොට තත්පර 20 විතර අඩු වෙලා තියෙයි. ඔය විදියට කරලා ඔයාගේ බ්ලොගය ඉක්මනින් ලෝඩ් වෙන්න හදාගන්න.

10 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Nishan de siva said...

නියමයි

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

නියමයි.. මම මේක පාවිච්චි කලා.. තත්පර 1.02යි කියලා ආවේ.. ඒත් බලන කෙනාට තියෙන කනෙක්ශන් ඒ ස්පීඩ් එක මත මේක රදාපවතිනවා නේද?? (මං අහන්න හදන්නෙ මට ආපු අගයම නෙමේ නේද වෙන කෙනෙක්ට එන්නෙ කියලා)

Anonymous said...

thnks machan

Nadun Ranaweera said...

@ සිතුවිලි පවුරේ ඇඩ්මින් ඒකනම් මම හරියටම දන්නේ නෑ.

මකුළු පැංචි (මංචි) said...

ඔන්න මංචිත් චෙක් කලෝ.... 0.94secs.... :D

සරත් ලංකාප්‍රිය said...

නියමායි... ටැංකිවු කිවුවා ඔං..

Unknown said...

සිතුවිලි පවුරේ ඇඩ්මින් වෙත-- මේකෙ 1.02 කියන්නෙ සයිට් එක බ්‍රවුසර් එකේ ලෝඩ් වෙන වෙලාව නෙවේ... ඒක අපේ නෙට් ස්පීඩ් එක මත රදාපවතින්නේ..

මේකෙන් කියන්නෙ මේ සයිට් එකේ තියෙන ඔක්කොම script ටික execute වෙන්න යන වෙලාව...! ( එක්කෙනාගෙ නෙට් ස්පීඩ් එක මේකට බල පානවා. )

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@මහසෝණා මහතා:
ස්තූතියි කියල දුන්නට.. ඒක තමා මමත් කල්පනා කොලේ.. එහෙම වෙන්න බෑනෙ.. එක එක කනෙක්ශන් බ්‍රෑන්ඩ්විත් එක පදනම් කරගෙන සයිට් එකක් ලෝඩ් වෙන වෙලාව මනින්න ක්‍රම නැද්ද?? (ඒ කියන්නෙ ඩයල් අප් එකක මෙච්චර වෙලාවක් යනව, 512kbps මෙච්චර වෙලාවක් යනව කියල දැනගන්ට විදියක්) ගූගල් බාප්පගෙන් වත් අහල බලන්ට ඕනි

jhothishalanka said...

නියමයි.මමත් පරීක්‍ෂා කරලා බැලුවා.මේක නම් හැමදාටම වගේ වටින එකක්.

Nadun Ranaweera said...

ස්තුතිය මගේ ලිපියට Comment කරපු හැමෝටම

Post a Comment

පි‍ටු පෙරලපු ගාන