ඕපාදූප ගැන ඕපාදූපයක්…

Wednesday, July 20, 2011

     ඔන්න ඉතිං අහගන්නකෝ. මම අද කියන්න යන්නේ හොඳ ඕපාදූපයක්. ඈ.. මොකද්ද ? ඔව් ඔව්ව්ව්ව්.... කර කර හිටපු වැඩ ඔක්කොම පැත්තකින් දාලා ඇවිත් අහගන්නකෝ. මොකක් ගැනද දන්නවාද ? ඕපාදූප ගැන. ඒ මොන අපභ්‍රංසයක්ද නේද ? හි.. හි.. එහෙම කිව්වත් උඩ පැනගෙන එන්නෙ කස්ටිය. මොකද ඕපාදූපයක්නේ. කාගෙ හරි රස කතාවක්නෙ. ඒත් ඉතින් මේක කියවලා හිනා යන්නෙනම් නැතිවෙයි. ආහ්.. ඒත් කමක් නැද්ද.. ඔන්න එහෙනම් අහගන්නකෝ.

     ඕපාදූප තමයි ඉස්සර ඉඳන්ම කස්ටිය news දැනගත්ත කොරමෙ, හරි ? ඔය ඕපාදූප හින්දා ගොඩාක් වින්නැහි ත් වෙලා තියනවා ඔන්න. ඇත්තටම කියනවානම් මේවා එකකින් මුළු ජාතියක්, රටක් විනාස කොරන්නත් පුළුවන් නොවැ. ඒ විතරක් නෙවේ ඕවා හින්දා මිනිස්සුන්ට, වෙන කිසිම වැඩක් කොරන්න නොදී අල්ලලා තියාගන්නත් ඇහැකියි. අපේ blog ලියන අයියලා, අක්කලාගෙන් බහුතරය කොරන්නෙත් ඒක නොවැ. මොකක්…., හරි හරි ඉතිං තරහ ගන්න දෙයක් කිව්වෙ නෑනෙ. ඔන්න ඕකනෙ බැරි ඇත්ත කියන්න ගත්තහම කරේ නගින්න එනවා. හෙ.. හෙ.. හරි හරි අපි ආයෙම කතාවට බහිමුකෝ. මේ ළඟදි දවසක, ළඟදි කිව්වට එකදාස් නමසිය අනූ ගණන් වල මේකෙ පරිණාමවාදී මනෝවිද්‍යාව ගැන පර්යේසනත් කොරලා තියනවලු ඔන්න. මොනවද හප්පේ ඒ ? ඔන්න ඔහෙ ඒක අමතක කරමුකෝ. ඒකෙන් හොයාගෙන තියන්නෙ මොකද්ද දන්නවද ? ඕපාදූප වලින් අපේ කස්ටියගෙ අන්‍යෝන්‍ය ප්‍රසිද්ධිය වැඩිවෙනවලු. ආහ්... ඒකයි මේ හොරේ. ඉන්නකො මාත් ආයෙ මගෙ blog එකේ දාන්නෙම ඕපාදූප. හ්ම්ම් ඒත් බෑනෙ. මම ඕපාදූප කිව්වොත් ඒක බුද්ධාගමට කොරන නිගාවක්නේ.

     අපේ රොබින් ඩන්බාර් මහත්තයා දන්නවනෙ? දන්නෙ නෑ ! :o ඇයි අනේ අර පරිණාමවාදී ජීවවිද්‍යාඥ මහත්තයා. කවුද බොලේ ඒ? මම දන්නෙත් නෑනෙ. ඉතිං කොහොමහරි ඒ මහත්තයා හොයාගෙන තියනවලු ඕපාදූප වලින් කස්ටිය අතරේ සමාජයීය බැඳීමක් ඇති වෙනවා කියලා. ආයිස් අප්පා ගුන්ඩු !

     gossip කියන වචනෙ හැදිච්ච හැටි කියන්න ගියොත් කට්ටියක් මාත් එක්ක තරහා වෙනවා ඕං. මොකද මේකට පොඩි කිරිස්තියානි සම්බන්දෙයක් තියනවා......…..... හරි හරි කියන්නං, කියන්නං පොඩ්ඩක් හිටියනං. මේ වචනෙ ආවෙ ඒ කාලෙ පාවිච්චි කොරපු හද්දා පරණ ඉංගිරිසියෙ තිබ්බ godsibb කියන වචනෙන්. god sibb කිව්වෙ godparent එහෙමත් නැත්තං බෞතිස්ම කරන කෙනා කියන එකයි. ඉතිං එක තමා පස්සෙ gossip වෙලා තියෙන්නෙ. ඈ... ඉතිං මොන හරුපයක්ද ඒ? මොකද්ද ඒ දෙකේ තියන සම්බන්දෙ? මම දන්නෙ නෑ ඕං. ඒක අමතක කරමුකෝ, හි.. හි... හැබැයි ඉතිං මේක මුලින්ම කියවෙල තියෙන්නෙ අපේ සේප්පියර් මහත්තයා, මොකද්ද? ඇයි හද්දෙයියනේ අපේ William Shakespere මහත්තයා. මට ඔය ඉංගිරිසිය හරියට සිංහලට මෙව්වා කොරගන්න බෑ ඕං. ඉතිං ඒ මහත්තයාගෙ මෙව්ව එකක තමා මුලින්ම වචනෙ use කොරලා තියෙන්නෙ..

     ඔය ඇති නේද ඕපාදූප ඇහුව. එහෙනං ගිහින් තියන වැඩක් බලාගත්තනං. ආහ්.. යන්න කලින් එකක් කියඥ්ඥං මං. අපේ blog ලියන අයියලා, අක්කලත් ඕපාදූප විතරක්ම ලිය ලිය ඉන්නෙ නැතුව පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන්, තේරුමක් තියෙන දේකුත් ලිව්වනං නේද හොඳ ? අනේ ඉතිං මට බනින්න එපා. මං හරි අහිංසකයි, ඇල් වතුරත් නිමලනෙ බොන්නෙ ඕං. හැබැයි ඉතිං එහෙම කියල ඒවම දාන්න එපා, මේවයිනුත් මොනවහරි දාන්න. ලිපියෙත් කිය උනානෙ ඔය ඕපාදූප වලිනුත් මොකද්ද මෙව්ව එකක් වෙනවා කියලා.

8 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පිස්සු පුසා said...

මම නම් හොද ලමයෙක්.ඔප දූප කියන්නෙත් නැහැ අහන්නෙත් නැහැ.ලියනවයි බලනවයි විතරෛ හි හි හි :D lol

Anonymous said...

පික්ෂුද මෙයා... ලියන්නංකො එහෙනං ඕපදූපා නොවන ඕපදූප... :ඩී
කතාවට ප්ලස් වන් ඕං.. :)

Chamath N. Kirinde said...

@ පිස්සු පුසා : එල එල අන්න එහෙම තමයි හොඳ ලමයි ඒත් සහෝ ඔයා පූසෙක්නේ :D:D
@ හිම කුමාරි : ප්‍රතිචාරෙට තෑන්ක්ස් වේවා ! අන්න ඒකත් හොඳයි ඉතිං... ඕපාදූප නොවන ඕපාදූප...

පිස්සු පුසා said...

අනේ ඒකේ මොකක් හරි අව්ලක් තියෙනවද???:( පූසොන්ට උනත් ඕවා හොදට තේරෙනවා ඕං lol ;)

Garfield said...

ඔය ඕපාදූප කියන්න අහන්න බලාගෙන ඉන්න, හතර වටේට ඇන්ටෙනා ගහගෙන ඉන්න අයට මේවගේ වැඩකට ඇති ඕපාදූපයක් වත් කියන්න අහන්න ලබේවා!

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

//අපේ blog ලියන අයියලා, අක්කලත් ඕපාදූප විතරක්ම ලිය ලිය ඉන්නෙ නැතුව පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන්, තේරුමක් තියෙන දේකුත් ලිව්වනං නේද හොඳ ?//

කතෘ අවසරයකින් තොරව උපුටා ගත්තෙමි

Chamath N. Kirinde said...

@ පිස්සු පූසා : හරි හරි පූසන්ටත් ඕපාදුප තේරෙනවලු :ඩී
@ උත්පලා : හි.. හි.. මරු ප්‍රාර්ථනාව !
@ චතුරංග පෙරේරා : මම චතූගේ කතා බැලුවා.. අනේ ඉතිං ඒකෙනම් ඔය ඕප දූප නෑ, තියෙන්නෙම ඉගෙන ගන්න ජාති.. නියම බ්ලොග් එක.. ම්ම්ම් ඒක නෙමේ.. මොකටද ඇත්තටම උපුටා ගත්තේ ? :පී :පී

චතුර විජේකෝන් said...

මං නිකමට වගේ බැලුවා අධ්‍යාපනික ලේබල් එක යටතේ තියෙන ලිපි මොනවා ද කියලා. ඕපාදුප ගැන ඕපාදූපයක් කියලා ලිපියක් අධ්‍යාපන ලේබල් එකෙන් තිබුණාම මං ෆුල් හොල්මං වුණා.

ඊට පස්සේ මට මතක් වුණා පුංචි විහිලුවක්. අපේ යාළුවෝ කට්ටියක් හිටියා ටිකක් විතර වැඩි වෙන්ඩ ඕපාදූප කතාකරන කට්ටියක්. ඒගොල්ලෝ ඒකට කිව්වේ තොරතුරු තාක්ෂණය කියලා. එහෙම බැලුවාම මේක තොරතුරු තාක්ෂණය ගැන කොරපු හෙලිදරව්වක් හිංදා අධ්‍යාපන ලේබලයට දාන එක ටක්කෙටම හරි කියලා මට හිතුණා.... හිකිස්...

ඊට පස්සේ ලිපිය කියෙව්වා... ජෝක් එකක් විදිහට හිතුවට සමාවෙන්න ඕනි මළේ... ඇත්තටම මේ ලිපි පොඩ්ඩේ ගන්ට දෙයක් තියෙනවා නොවැ...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන