අම්මෙ මං ආදරෙයි

Friday, July 15, 2011


ජපන් ත්සුනාමියේ ඡායාරුප අස්සසෙන් මට හමු උන හදවත් සසල කල පුංචි ඡායාරූපයක් නිසා මට මගේ අම්මා වගේම සියලුම අම්මාවරුන්ගේ අපිරිමිත ස්නේහය ගැන වචනයක් සටහන් කරන්න හිතුනා.මේ ඡායාරූප විවිධ ව්‍යසනයන් නිසා ජීවිතයෙන් සමු ගන්නට උනු පුංචි මල් කැකුලු ළඟ අම්මා කෙනෙක්ගෙ කදුලු ගැන..හැමොම එක වගේ.ඒත් ජපන් සුනාමියේ ඡායාරුපය වෙනස්..ඒ අම්මා තමන්ගෙ පුංචි කිරිකැටියව අතේ තියාගෙන දෙන්නම මරණයට පත් වෙලා..මට මගේ අම්මා ගේන අසීමිත ආදයක් ඇති උනා.මට වගේම ඔයාලා හැමෝගෙම ඇස් වලට කදුලක් ගේන්න මේ පින්තූරය සමත් වෙවි..
අම්මා කෙනෙක්ගෙ සෙනෙහසට ළං කරන්න පුලුවන් තවත් සෙනෙහසක් ඇත්තටම නැහැ.. ඒත් ඒ අම්මගෙ ඇස් වලට කදුලු ගෙන්න වැඩ කරන කීදෙනෙක් නම්
අය ඉන්නවද..මේක කියවන ඔයාලවත් කිසිම දවසක අම්මගෙ ඇස් වලට කදුලු ගේන්න එපා.අම්මට සතුටක් ආඩම්බරයක් වෙන්න..ජීවිතේ සමහර ප්‍රශ්න නිස ජීවිතෙන් සමුගන්න තීරණය කරන එකෙන් අම්මල කී දෙනෙක් නම් අඬනවද.ඒත් ඔයා මැරෙන්න හදන්නෙ පිට කෙනෙකුගෙ ආදරයක් නොලැබීම නිසා නම්?ඒක මහා පවක්..අම්මගේ ඇස් වලට දුකක් දීල කොහොමද දෙයියනේ එහෙම යන්නෙ..අම්මා කෙනෙක්ට මොන තරම් දුකක්ද..වදාපු අම්මගෙ හදාපු අම්මගෙ ආදරේ අමතක කරලා වෙන කෙනෙක් නිසා ජීවිතෙන් පලි ගද්දි දහ දුක් විඳල ඔයාව මේ ලෝකෙට බිහි කරපු අම්මගෙ හිතට මොනවා දැනෙනවා ඇත්ද?මට ආපු පුංචි ප්‍රශ්නයක් නිසා මං එක දවසක් හොඳටම ඇඬුව මට මතකයි..ඒ වෙලාවෙ මගෙ රත්තරං අම්මා මං ගාවට ඇවිත් මාව තුරුලු කරගෙන ඇඬුව.. පුංචි කාලෙ අඬද්දි සින්දු කියලා මාව නලවගත්තා..ඒත් මන් දැන් කොහොම මගෙ පැටියව නලවන්නද කියලා.මාව අඬවපු අයට වෛර කරනවා කිය කියා අම්ම ඇඬුව.සත්තකින්ම ම්ං ආදරෙයි මගේ අම්මෙ..එදා ඉඳන් කිසිම දවසක මං මගෙ අම්මට පෙන්න ඇඬුවෙ නෑ..
අම්මා කියන්නෙ අපට ලැබිල තියෙන වටිනාම ආදරේ..අම්මා කියන්නෙ ලස්සනම වචනෙ කියන්නෙ ඒ හින්දමයි..ආදරයකට ලේ කිරට හරවන්න පුලුවන් නම් ඒ අම්මගේ ආදරයට විතරමයි.සත්තයි මගේ අම්මෙ මම ඔය ඇස් වලට ආයෙ කවමදාකවත් කඳුලු ගේන්නෙ නැහැ..කව් රු කොහොම ආදරේ කලත් අම්ම තරම් මට ආදරේ කෙනෙක් නැහැ..මං දන්නවා මගෙ අම්මේ..හැම කෙනෙක්ම තමන්ගේ අම්මට ආදරේ කරනව නම් මොන තරම් හොඳඳ?එහෙනම් කිසිම අම්මා කෙනෙක් පාරේ හිඟා කන තත්වෙට මහලු මඩම් වල ඉන්න තත්වෙට පත් වෙන්නැහෑ.ඒ වගේම..තවත් පුංචි කතාවක්..අපේ ගමේ ඉන්නව ආච්චි කෙනෙක්..ගොඩාක් දුප්පත්.එකම එක පුතයි ඉන්නේ..රස්සාවක් කරන්නෙත් නැහැ..මේ අම්ම හැමදාම හිඟා කාලා තමන්ට හම්බෙන සල්ලි වලින් බත් ගෙනත් පුතාට දෙනව..ඒත් ඒ පුතා අම්මා ගැන හිතන්නෙවත් නැහැ..අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ආදරේ දැනෙන්නෙ තමන් ඒ තත්වෙට පත් උන දාකම තමයි
තමන්ගේ පැටියා මුහුදට වැටිලා ඒ පැටියව හොයන්න මුහුදක් සිඳින්න හැදුව ලේනි ගෙ කතාවෙ වගේම ආදරේ වෙනුවෙන් එහෙම නොකලත් අපේ අම්මලත් ඒ වගේ..වචනින් විස්තර කරන්න බැරි ලස්සන ආදරයක්..ඒ හින්දන් ඔයාලත් ඔයාලගේ අම්මලට දුකක් නොදී ආදරේ කරන්න..කවමදාකවත් අම්මගේ ආදරේ අමතක කරන්න එපා..!


ප.ලි ;අම්මා කෙනෙක් ගැන ලිය උන තවත් කතාවක් මේ එක්කම මම ඇමිණුවා..මේ ඒක..මට යාලුවෙක් එව්ව් E mail පණිවිඩයක්..



(මේ මම මගෙ බ්ලොග් එක පටන් ගත්ත කාලෙම දාපු පෝස්ට් එකක්.වැඩිය ප්‍රතිචාර නම් තිබුණෙ නෑ.ඒත් හා හා පුරා කියලා සිතුවිලි පවුරට ලියද්දි මේ ලිපිය පල කරලම පටන් ගන්න එක හොඳයි කියලා හිතුනා)

11 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Bunny said...

අලුත් දෙයක් පටන් ගන්න ඔනේ අලුත් දෙකිං.. පරන දේකිං නෙවේ..!

සරත් ලංකාප්‍රිය said...

නොදකින් කාලකන්නි පෙරේතයා. ඌට ඇහැ දුන්නේ නැත්නම් උගේ මොලේ පෑදෙන්නේ නැද්ද ? අම්ම ඇහැක් දෙන්නම ඕනද එක පැදෙන්න ? ආත්මාර්ථකාමී බුරු තඩියා.

Unknown said...

ලස්සන ලිපියක්............මම ආසයි..

Anonymous said...

නොදකින් කාලකන්නි පෙරේතයා. ඌට ඇහැ දුන්නේ නැත්නම් උගේ මොලේ පෑදෙන්නේ නැද්ද ? අම්ම ඇහැක් දෙන්නම ඕනද එක පැදෙන්න ? ආත්මාර්ථකාමී බුරු තඩියා. EKANAM SHATIKA ATHA MACHAN MHA GON BURUWEK MATA ITIN KIYANNA WACAHANA ENAWA MAMA KIYAN NE

අනූ said...

@සරත් අන්කල්-මෙහෙම මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා අන්කල් ඒත් ගොඩක් නැතුව ඇති කියලා හිතමු

@බනී අයියා-ඒත් අම්මා ගැන ලියපු දෙයක් මං කවදාවත් පරණයි කියලා හිතන්නැහැ අයියා.අම්මගෙ ආදරේ වගේ.ඒකත් කිසිම දවසක පරණ වෙන්නහැනෙ.

@නිනූ අක්කා-ස්තූතියි අක්කා

කස්ස said...

අම්ම....එතනින් එහාට මම වෙන මොනව ලියන්නද?මේ අකුරු තුනට වෙන වෙන අරුත් දාල ලොකූ හෑල්ලක් ලියනවට වඩා අම්ම කිවුවම එන හැඟීමට මම ආසයි!

ගිනි කුරුල්ලා said...

සිරාවටම ඇහැට කඳුළක් එනවා අර 2වෙනි කතාව කියෙව්වම.ඔය ලිපියෙම ඉංග්‍රීසි විද්යුත් තැපැල් පණිවිඩය මට ලැබුනා..
මේ වගේ අදහසක් බෙදාගත්තට ගොඩක් ස්තුතියි නංගියො

අනූ said...

@ඇනෝනිමස් - සරත් අන්කල් කියපු කතාවමයි නේද කියන්න තියෙන්නෙ.ඇත්ත ඒත් අම්මගෙ ආදරේ බලන්න.බැනලා පන්නද්දිත් මුකුත්ම නොකියා ගිහින්..ගිය ආත්මෙ කරපු කවකට වෙන්න ඇති මේ වගෙ කාල කන්නි පුතෙක් ලැබුණෙ

අනූ said...

@කස්සා අයියා-අම්මා මේ ලෝකෙ සුන්දරම වචනය,ස්තූතියි මේ පැත්තට ආවට

අනූ said...

@ආගන්තුකයා අයියා-ස්තූතියි අයියා හැමදාම වගේ ලිපි බලන්න එනවට

Unknown said...

නියම ලිපියක් බන් මව් සෙනෙහස ගැන කියෙවෙන නියමයි මචන් .....................................

Post a Comment

පි‍ටු පෙරලපු ගාන