දිනේ ඔබ ලොව දිනන.......

Tuesday, July 5, 2011
                              
                                    රළු පොලොව උඹ-දෙපතුලම රිදවාවී.
                              සිත සුලග උඹ-සිසිල ගත දවටාවී.
                              ඇය තනිව හද- සුසුම නුඹ පාරාවී.
                              යනෙන ආ මග මත්ව -අතරමං කරවාවී.

                          හැකිතරම්.....

                             දිනේ ඔබ ලොව දිනන.......

                               රළු පොලොව උඹ-දෙපතුලම සිඹිවි.
                               සිත සුලග උඹ-සිසිල උණුසුම් කරාවි.
                               තනිව හඩන සිත උඹ - තැවුල් නිවාවි.
                               තවත් දුර යන්ට උඹ -මග පෙන්වාවි.

                               සෙනෙහසින්.....

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

දිනුක said...

ඉතිං එකෙක් මරල හරි ලෝකෙ දිනන්නම වෙනව නේද?

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

එකෙක් මරලා හරි නෙමෙයි දිනුක සහො එක එකා මරාගන්න හැටි බලලා ඒ තුලින් ආදර්ශගෙන තමන් හැදෙන්න ඕනේ . අමාරුයි තමයි . ඒත් එය තමයි වියයුත්ත . අනුන්ගේ ඇද නොසොයන්නත් තමන්ගේ ඇද සකසාගැන්මත් කරීමෙන් තමන්ගේ ජිවිත ගොඩනංවාගත හැකියි . අනුන් තුලින් තමන්ව දකිමු . එවිට අනුන්ගේ වැරදි වෙනුවට තමන්තුළ පවත්නාවු අඩුපාඩු නිවැරදිකරගැන්මට මග සෑදේවි . හිතට ආ දෙයක් කිව්වේ . . . :)

නරක සමනලයෝ . . අපූරුයි නුඹ ගැලපුම . . ජය . . .!

සරත් ලංකාප්‍රිය said...

අනුරපුරේ තියෙන
ගල් කණුවක් වාගේ වෙයන්
තද හුළඟට හෙන පුපුරන වැස්සට
ඔරොත්තු දී කෙලින් හිටපන්..

අපුරු කවි දෙපද

Anonymous said...

hm hm hmm

Post a Comment

පි‍ටු පෙරලපු ගාන