නික්මීම . . .

Friday, June 17, 2011
නුඹේ දෙතොලඟ ,
සිනහවක්වී ඉපිද
හැමදාට රැඳෙන්නට
පුල පුලා බලාහිඳ 
නිදිවැදගනු නොහී
නුඹේ හිත තුළ
ගොම්මනට පෙරාතුව
නික්ම යමි නුඹගෙන්ම 
අතීතයක වත්මන
සොරාගෙන නුඹව
බලාහුන් මදෙසවත්
නිකමටවත් නොබලාම
නික්මුනා ඈතකට
ඉගිලගිය හිත මෙන්ම
පරාජිත සුසුමින්
දොවාගෙන මතකයම 
෴෴෴෴෴෴෴෴෴෴

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

ඔව්.. හිතට දැනෙන දුක ඔය කියන තරමටම බරයි...
අනේ මංදා.. ජීවීතේ හැටි නේද මේ..
කවද හරි ඔය හැම දෙයක්ම දාල යන්න වෙනවා

සිත් අහස said...

පරාජිත හදවත,
ඉකිගසන හඬ මැද
නුඹේ සිනාවන්
නැගේ නම්
නොබලා ගියාට
තරහා නෑ
මා නම්,..

නෙරංජි සුලක්ඛනා said...

ලස්සන කවක්

Post a Comment

පි‍ටු පෙරලපු ගාන