පියමනිමි . . .

Friday, June 17, 2011
මගේ වුණු
හීනයක ,
දිලිහෙන්න
හොර හොරෙන් පෑයූ
නුඹ ,
තාරකාව . . .
දුන් සිනා මතකයේ
දවටා තුරුළුකර
හැමට හොරා හැංගිලා
ඉකිබිඳිනයුරු සොවින්
හැඟෙන සිත හකුලගෙන
වියැකෙන්න මඟ සොයමි
නුඹ හා පියමැන්න
ඒ මතක මාවතේම . . . ෴

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

මතක මාවතේ ගිලී
දුක් සයුරක ඇවිදිනවාට වඩා
අනාගතය ගැන මාවතක ගිලී
සතු‍ටු සයුරක ගමන් කිරීම
හොද නැද්ද???

සිත් අහස said...

කුමරුනේ,...

ඒ මතක මාවතේ,
ඇඳී ඇති පිය සටහන්,
මැකී යන්නට නොදී
‍රැකගත් නමුදු මං,.

සැඩ සුලං ඇවිදින්
රළ පහර සැරවී
මකා දැමුවා ඒ
අප ඇවිද ගිය මං,..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන