Go to main |
Go to sidebar
සීගිරි කැටපත් පවුරේ
කුරුටු ගී නොකළම හින්දා
ආවෙමි සිතුවිලි පවුරට
සිත්තම් දැකගන්ටා
තිබුණත් ඇරයුම් සැමටම
එක ලෙසිනා
පසුපස සිටියා මමත්
තවෙකුගේ මග
ඇහිරිය නොයුතු නිසා
නොවෙමි මම
බ්ලොග් කරුවෙකු
හැම දේ දන්නා
නැත කිසි බියක්
අත දෙන යහළුවෝ
මෙහි ඇති හන්දා
කළ ආරාධනයට
සැමටම තුති පුදලා
පැන්නෙමි මමත්
සිතුවිලි පවුරට
ජය නන්වා...!!!
3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
මරු කවි පද ටික.. සිතුවිලි පවුරට සාදරයෙන් පිලිගනිමු.. මෙච්චර දක්ෂ අය සිතුවිලි පවුරේ ඉන්න එකමත් අපිය ආඩම්බරයක්නෙ
සිතුවිලි පවුරේ කුළුදුල් පෝස්ටුව කුරුටු ගාමින් සිතුවිලි පවුර ගොඩනගන්න සහය ලබා දෙනවාට අපගේ ස්තූතිය!
@චතූ & ඇඩ්මින්(සිතුවිලි පවුර)-ස්තුතියි මාව දිරිමත් කළාට..:)
Post a Comment