දවල් දුටු සිහිනය!!!!!

Monday, June 27, 2011
ගෙදර ඉස්සරහාම  ලොකු සුදු කොඩියක්... ඇයි මේ???  අනේ මංදා... හ්ම්ම්ම්... වෙනදට උවමනාවත විතරක් අපේ ගෙදරට එන අය අද මේ මොකද ගේට්ටුව ඉස්සරහම ලොකු කතාවක? අහන්නත් බෑ. අනේ මංදා. අනේ මෙන්න වැඩක්, මගේ යාලුවො ඔක්කොම ඇවිත්.. අවුරුදු ගානකින් කට්ටිය ඔක්කොම අපේ ගෙදර ඇවිත්, සමහර අය මගේ මූනවත් බලන් නැති අය. ඇයි මේ?? ආහ්, මේ මොකද?? මගේ ලගටම ඇවිත් මාව දැක්කෙ නෑ වගෙ හැරිලා ගියා අර පිස්සා.මෙන්න බොලේ වැස්සකට වත් අපේ ගෙදර ආපු නැති එකෙකුත් ඇවිත් ගාලු සෙනග ඔක්කොම ඇවිත්. මොකක් හරි අවුලක් වෙලා.


ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දිගටම ලස්සනට ගොක් කොල සැරසිලි කරලා.හ්ම්ම්ම්ම්.. දානෙකට පිරිතකට අපේ ගෙදර අය අත දිගෑරලා වියදන් කරාට, දෙයියනේ මේ තරන්??? හ්ම්ම්ම්ම්... බය හිතෙනවා. මළ ගෙදරක්, මට දැනෙනවා.. වෙලා තියෙන්නෙ හොද දෙයක් නෙවී. ඒත් කවුද මැරිලා ඉන්නෙ?? හිත ගැස්සෙනවා. 
අක්කි?? අක්කිත් හදිස්සියෙම ඇවිත්, මං දන්නෙත් නෑ. හැමෝම ඇවිත්ද? ඇයි කවුරුත් මට මුකුත් කියන්නෙ නැත්තෙ. හැමෝම අහක බලාගෙන යනවා. මාව ගනන් ගන්නෙවත් නෑ.. කවුද දෙයියනේ මැරුනේ?? අනේ මට කියන්න??


හැමෝම ඇවිත්, දානෙකට මගුලකට විතරක් එකතු වෙන අය හැමොම ඇවිත්. චූටි කෙල්ල ඇවිදිනවා. අනේ ආසාවෙ බෑ, දුවලා ගිහින් වඩා ගන්න හිතෙනවා, ඒත් ඊට වඩා හිත ගැහෙනවා. කවුද දෙයියනේ මැරුනෙ?? මට කියන්නකො??? කවුරුත් ඇයි මාව ගනන් ගන්නෙ ඇත්තෙ??හ්ම්ම්ම්ම්... මොකක් හරි ප්‍රශ්නයක්, තේරෙන්නෙ නෑ ඔලුව අවුල් වෙනවා. 


ගේ ඇතුලෙත් ඔක්කොම අස් කරලා, වෙනදට සාලෙ පිරෙන්න තියන මේස පුටු අද එකක් වත් නෑ..හැම දේම වෙනස් වෙලා... හ්ම්ම්ම්ම්... අම්ම කෝ??? ගිහින් බලන්න ඕන කාමරේට. අනේ ඇයි මේ අම්ම අඩන්නෙ?? අක්කා, අක්කි, ඇන්ටි ඔක්කොමලා ඇයි මේ අඩන්නෙ?? අහ්, වෙලාව රෑ 7යි. "ඔන්න දැන් ගේනවලු" කවුදෝ ඇවිත් කියුවා. කාගෙන් අහන්නද මං???අනෙ මංදා. මේ ලෝකෙ මං ආසම නැති දේ, අම්මා අඩන එක, ඒත් දෛයනෙ අද මට ඇඩෙන්නෙ නැත්තෙ ඇයි??? හ්ම්ම්ම්ම්... ඔන්න ආවා වාහන පේලියක්. මට මේක බලාගන්නකන් ඉන්න වෙනවා.කවුරුත් මට කියන්නෙ නෑ ඒ කියන්නෙ? හරි බලමුකො.. එයාලට කොඉ වෙලෙ හරි මට කියන්නම වෙනව නෙ...




ලස්සන ලොකු ඇත් දල දෙකක් උස්සන් ඇවිත් තිව්වා. උඩුවියන්, සාලෙ මැදින් තියලා,හැම දේම හරි ලොකූ කෑගැහිල්ලක් මැදින් ලස්සනට කැටයම් කරපු මිණි පෙට්ටියක් ගෙනත් තිව්වා. ලස්සනයි. අයියා, මේ තරන් අඩන්නෙ ඇයි??? පවුලෙ හැමොම මෙතන ඉන්නකොට් කවුද මේ මැරිලා ඉන්නෙ? හිතා ගන්නත් බෑ. 
හෙමීට හෙමීට ඒ පෙට්ටියෙ පලු 2 ඇරියා. දෙවියනෙ. 


ලස්සන සාරියක් ඇදන් එතන ඉන්නෙ මම නේද?????

(මගේ කලින් බ්ලොග් එකක දාපු පෝස්ට් එකක්. අද මෙ නික්මට වගෙ ඒකට ගියාම දැක්කෙ. මේක නිකන්ම නිකන් හිතුන දෙයක් විතරයි.. ඒ වෙලාවෙ මගේ හිතේ මොනව තිබුනද කියලා නං අද මතකයි නෑ. ඒ තරන් ගොඩක් පරණයිද කොහෙදෝ මේක. අනේ මංදා.)

14 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Maleth Kushan said...

පිස්සු හැදෙයි!
සීතල වෙනවා!

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

කවද හරි ඔය අද්දැකීමට අපිත් මූන දෙයි.. ඒත් කවදාවත් කාටවත් ඒ අද්දැකීම විස්තර කරන්න වෙන්නේ නෑ..
නිර්මාණශීලී පෝස්‍ටුවක්

නඟා said...

@මලියා- මෙක කියවලා ගොඩක අය ඒ දවස් වල මට බැනලත් ගිහින් තිබුනා අනේ... ඒ මං මේ තාම මතක් කරන්නෙ ඇත්තටම මං හිටියෙ ඒ දවස් වල මැරෙන්න තරන් එපා වෙලා ද කියලා.. ඉතූතියි අදහසට... :) :)

නඟා said...

@ඇඩ්මින් ගොයියෝ- හ්ම්ම්ම්ම්ම්... ඒත් ඉතින් මේක මෙහෙමම වෙනවද අක්වුද දන්නෙ. අනේ මංදා. මරනෙන් පස්සෙ අපිට මොනව වෙනවද කියලා මාරයා තමයි දන්නෙ (දැන් මාරයියා මෙතන ඇවිත් කෑ ගහන්න ගනීද දන්නෙ නෑ. හැම දේටම එයාව අල්ල ගන්නවා කියලා.) හිහ් හිහ්... අදහස් වලට ස්තුතියි....

Yasantha Hennayake said...

හප්පෝ.. ඇග කිලිපොලා යනවා.. කියෙව්වෙත් රෑ ජාමෙනෙ.. දැන් එලියට පහලියටත් ගිහින් හමාරයි!

shan priyantha said...

ගොඩක්‌ වටින පොස්‌ට්‌ එකක්‌ .. ජීවිතේ තෙරුම් ගන්න ලේසිම ක්‍රමේ

සිත් අහස said...

ඇත්තම කථාව ඕක තමයි.. මටත් හිටපු ගමන් හිතෙනවා මැරිලා බලන්න කව්ද මම වෙනුවෙන් අඬන්නේ කියලා(ටිකක් මෝඩයි තමයි.. හී හී)

නඟා said...

@චතු- බිය නොවන්න අනෙ... මං තාම මැරුන් නෑ නේ... හිහ් හිහ් හිහ්... මේක කතාවක් විතරයි නේ. මැරුනම නං ඔන්න මං හමහර විට හොල්මන් කරයි.. :ප් :ප් :ප්

නඟා said...

@ශාන් ප්‍රියන්ත- ස්තූතියි සහෝ..... :) :)

නඟා said...

@ප්‍රාර්ථනා අක්ක- හිහ් හිහ්.. මං හිතන්නෙ එහෙම හිතුන වෙලාවක මට හිතුන දෙයක් තමයි මේකත්. මතක නෑ ඒත් එහෙම්මම. අනේ මංදා. ජීවත් වෙලා ඉන්න කාලෙ අපි ව්එනුවෙන් නැති අය මොකටද අක්කා මැරුනම අඩලා...
(මං අක්කා කියුවා අක්කමද දන්නෙ නෑ... නංගි නං සොරි හොදේ.... )

නොහික්මුණු ඇස said...

මෙයා පිස්සු කෙලිනවා.., ඊලග පාර බය කරොත් නම මම රීපොර්ට් කරනවා.. :දිව
හැබැයි ඇත්තමයි ලස්සනයි අක්කේ..... :)

නඟා said...

හයියෝ... හිහ් හිහ්.. එහෙනං ඔන්න මං ආයි ඔය වගෙ ඒව ලියන්නෙ නෑ... :ප් :ප් අලි අලි තැංකූ අලේ මොනව උනත්....

kasun said...

මේක හීනයක් වගේ එකක්ද??
නියම අයිඩියා එක..!!!

නඟා said...

@චතූ- ඔව් අනේ, මං මෙහෙම හීනයක් දැක්ක වගේ කියල හිතන් ලියපු එකක්... හිහ් හිහ්.. තැංකූ අලේ....

Post a Comment

පි‍ටු පෙරලපු ගාන