ලියන්නට කවියක් ගනිමි පන්හිද අතට..

Sunday, June 12, 2011
ලියන්නට කවියක් ගනිමි පන්හිද අතට
සිතන්නෙමි නුඹ ගැන නොලියනා බවට
රෑ දොලොස් පැයේ මම හිතමි ඔබ ගැනම
නොලියා ඉන්නෙ මේ කවිය මම කොහොම

ජීවිතෙ සුන්දරයි කියා දුන්නේ නුඹයි
හැර යද්දි මා තනිව දුක නැතිද සිත අසයි
නුඹ ඉන්නෙ මා ලගයි නොහිතා ඉන්නට හිතෙයි
නුඹ නොමැති බව දනියි නමුත් සිත ඔබ පතයි

ආදරේ මුල් අකුරු මිමිනුවේ නුඹ ලගයි
ජීවිතෙ පලමු පෙම පිදුවෙ නුඹ නමින්මයි
හැර ගියේ කෙලෙසින්ද කුමරුනේ දුක දැනෙයි
උරණ නෑ ඔබ සමග ආදරේ ඔබටමයි


5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

හිතුවා ඇති නැද්ද සහෝ
අහිමි පෙම්වතා ගැන...........???

නෙතුපිය said...

හැර ගිය ඔවුන් අලලා
බඳින කවි පද ගොතලා
නොහඬන් කඳුලු ලා
දහම එය වෙයි සසරෙ බැඳිලා

පොඩි මෑන් said...

කමෙන්ට් නැත

සිත් අහස said...

@චතූ- නොහිතා ඉන්නට හැදුවත්, සිහිවෙන්නෙ ඔහුවමයි.. :(

@සජීවනී- හැර ගිය නමුදු ඔහු මා මෙහි තනි කරලා
හදවත අරන් ගිය කල සොරකම් කරලා,
නොසිතා ඉන්නෙ කොහොමද මම දුක දරලා
ලෝ දහමත් ඇතේ මා හට එරෙහි වෙලා,..

@පොඩි මෑන්- ස්තුතියි සහෝ...

හිම හංසි said...

අනේ ප්‍රාර්තනා අක්කේ මටත් වෙලා තියෙන්නෙ ඔය ටිකමයි.එය ගෑන ලියන්නෙ නෑ කියල හිතන් හිටියට කුරුටු ගාන්න පෑනක් අතට ගත්තම ලියවෙන්නම එයා ගෑනමයි.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන