චතූ ඔයාටයි මේ

Monday, June 27, 2011
"චතූ අද ඔයාට පුලුවන් නම් ඉක්මනට ගෙදර එන්නකෝ."
බලමු හිමාලි.මම දැන් meeting එකක ඉන්නෙ.එහෙනම් මම තියන්නම්.මාව තේරුම් ගන්න ළමයො.චතුරoග එහෙම කිව්වෙ හිමාලි කතාකරන්නෙ දුකෙන් බව එයාට තේරුන නිසා.

"හුගක් මහන්සියි හිමාලි."චතුරoග ගෙට ගොඩවැදුනෙ එහෙම කියාගෙන.
ඔයා එහෙනම් නාගෙන එන්නකො චතූ.මම තේ හදන් එන්නම්කො.ඔයා ආස කරන කෑමක් මම අද හැදුවා.කියන්නත් දෙයක් තියෙනවා චතූ සතුටු හිතෙන ආරන්චියක්.හිමාලි එහෙම කියාගෙන කුස්සියට ගියා තේ හදන්න.

"ඔයා නාගෙන ආවද චතූ?ආ..චතූ තේ.මම අද චොකලට් කේක් හැදුවා.ඔයා ආසයි නෙ.
චතු අද වගේ ටිකක් කලින් එන්නකො ඔයාට පුලුවන් හැමදාම.දවල් දවසෙම මම තනියමනෙ.මටත් පාළුයි නෙ චතූ."
හිමාලි දවස් ගානක් හිතේ තද කරන් හිටපු වේදනාව එහෙම කියුවෙ ඉස්සර වගේම චතූත් එක්ක හුරතල් වෙන්න තිබුන ආසාවට.

"ඔයාට තේරෙන්න නෑ හිමාලි බිස්නස් වැඩ ගැන.මම මේ මහන්සි වෙන්න බිස්නස් එක දියුණු කරගන්න.ගෙදරට වෙලා හිටියම කොහොමද සල්ලි හම්බකරන්නෙ."

ඔයා උදේ ඉදන් හවස් වෙනකම් office එකේ.රෑට ගෙදර ආවමත් ෆයිල් ගොඩක් බදාගෙන.නිදහසේ කතාකරන්න වත් වෙලාවක් නෑනේ චතු.ඒ නිසා මගේ හොද මහත්තයා වගේ office එකේ වැඩ office එකේ තියල ඉස්සර හිටපු චතූ වගේ සැහැල්ලුවෙන් ගෙදර එන්න.please.


"හ්ම්ම්..බලමු."චතුරoග එහෙම කියුවෙ ෆයිල් ගොඩක් අතරෙ නෙත් යොමන ගමන්.චතුරoග හිමාලිට ආදරේ නැතුව නෙවෙයි ඒත් හිමාලිට දැනෙන්නෙ චතූ ගොඩක් ඈත් වෙලා කියලා.
හිමාලි කවුළුව අතරින් අහස දිහා බලන් හීල්ලුවා.

"ආදරේ කරපු කාලෙදි මම පුන්චි දේකට දුකෙන් හිටියත් මගේ පුන්චි වෙනසක් උනත් ඔයාට තේරෙනවා.ඒත් දැන්??මම දන්නවා ඔයා මට ආදරේ බව ගොඩා..ක්.ඒත් චතූ ඉස්සර හිටිය වගේ වෙන්න.ජීවත් වෙන්න සල්ලි ඕන තමයි.ඒත්  ඊට වඩා අපේ සතුට වටිනවා නේද?



තුන් තිස් පැයක්
නිදිවරාන වෙහෙසිලා
මම ලිව්වා
නුඹේ නමින්
පද වැලක්

බලා උන්නා
නුඹ එන තුරා
නුඹේ සිත් අහසේ
මගේ නමින්
ගෙත්තම් කරන්න
ඒ සුපෙම් සිහිනය

පාරමී පුරපු
අපේ සිහිනය
හැබෑ වෙන්නයි හදන්නෙ

ඒත්
නුඹට වෙලා නෑලු
ඒ සිහින පද වැල
අහන් ඉන්න
 මේක මම මගේ බ්ලොග් එකේ පළ කරපු පෝස්ට් එකක්.සිතුවිලි පවුරෙ පළ කරන්න හිතුනෙ නොදෑකපු අයට බලාගන්න.

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

චතුමිතු said...

"චතූ අද ඔයාට පුලුවන් නම් ඉක්මනට ගෙදර එන්නකෝ." එක දැක්කා විතරයි.. මම දඩ බඩ ගාලා ලැස්ති වුණා.හිම හංසි මට party එකක් වත් දෙන්න එන්න කියුවා වෙන්න ඇති කියලා හිතා ගෙන..අප්පට බොල මට නොවෙයි නේ එන්න කියලා තියෙන්නේ...:):D

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

හ්ම්ම්ම්.. ඔයි දේ ලංකාවේ පවුල් ජීවිත ගොඩකම දකින්න ලැබෙන දෙයක් වෙන්න ඇති නේද??

Yasantha Hennayake said...

ලිපි ලැයිස්තුවේ මාතෘකාව දැක්ක ගමන් දුවගෙන ආව මටද බලන්න.. මට නෙමේනෙ හප්පා

සිත් අහස said...

හිකිස්... මාත් බැලුවා අපි නොදන්න මොකක් හරි හොර වැඩක් යනවද කියලා චතූ මල්ලියි හංසි නංගියි අතරේ.. හී හී... තරහ ගන්න කාරි නෑ හොඳේ...

සරත් ලංකාප්‍රිය said...

දුප්පත්කම ඉස්සරහ දොරෙන් එනකොට ආදරේ පස්ස දොරෙන් යනවලු.. ඒ වගේම සල්ලි පස්ස දොරෙන් එනකොට ආදරේ පැනල යන්නේ ඉස්සරහ දොරෙන්..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන