පිනාගේ කතාව 01

Wednesday, August 17, 2011
සිතිවිලි පවුරට මම ලියන මුල්ම ලිපිය තමයි මේ. මම ටිකක් ව්‍යාපාරික පැත්තට බර කෙනෙක් එත් මේ බ්ලොග් කෙරුවාවෙන් නම් සල්ලි හොයන්න මගේ කිසිම අදහසක් නැ. මම ඉගන ගත්තු දෙයක් තියෙනවනම් එක අනෙක් අයත් එක්ක බෙදා ගන්න එක තමයි මගේ සතුට. එහෙනම් මුලින්ම මම අම්බලමට  ලියපු පිනාගේ ආයෝජන ක්ලාස් එකේ පාඩම් ටික සිතිවිලි පවුර කියවන අයටත් දැනගන්න කුරුටු ගානනම්. මුලින්ම තියෙන්නේ පොඩි කතාවක් මේ කතාවේ වැදගත් වෙන්නේ අවස්ථා සහ සිද්දී ටික . එතකොට තියරි කියවනවාට වඩා පාඩම  මතක හිටිනවා. ඔන්න එහෙනම් කතාව.  
පිනා කියන්නේ අවුරුදු 26 ක හොද ඉලන්දාරියෙක්. කලවයස හරි උනාට තවම අනංගයා පිනා දිහා ඇහැක් ඇරලා වත් බලලා  නැ. එත් පිනා අවුරුදු ගානක් එක එක තැන් වල ජොබ් කරලා රු 500,000/=  විතර  මුදලකුත් ඉතුරු කරගෙනයි හිටියේ. ඒ සල්ලි ටික පිනා  ආණ්ඩුවේ බැංකුවක ස්ථාවර තැන්පතු ගිනුමක තැන්පත් කලේ දැනට අවුරුද්දකට කලින්. ඒ සල්ලි වල පොලියත් එක්ක (500000 x 106%)  = 530,000 ක බැංකු ශේෂයක් දැනට ගිණුමේ තියෙනවා කියලා පහුගිය දවසක බැංකුවෙන් පිනාට දන්වලයි තිබුනේ. එත් ඒ සල්ලි බැංකුවට දාන්න කලින් පිනා ගන්න හදපු ඉඩමේ වටිනාකම දැන් රු 100,000,0/= ක් විතර වෙනවා කියලා පිනාගේ යාලුවෙක් කිව්වා.      

මොනවා කරන්නද සල්ලි බැංකුවේ දාල අවුරුද්දකුත් බලන් ඉදලා හම්බ උනේ රු 30000/= ඒ සල්ලි වලින් අර ඉඩම් කෑල්ල අරන් දැම්මා නම් අද රු 100.000,0/= අතේ නේද? පිනා දුක් උනේ තමන් කර ගත්ත මෝඩ කම ගැන. කොහොමටත් තව දුරටත් ඒ සල්ලි බැංකුවේ දාල තියන එකනම් මහම මහා මෝඩ වැඩක් කියලා පිනාට හිතුනා. එත් ඒ සල්ලි ටික අරන් මොනවද මම කරන්නේ පිනා කල්පනා කරන්න පටන් ගත්තා. තවදුරටත් අනුන්ගේ යටතේ ජොබ් කරන්නත් පිනාගේ කිසිම කැමැත්තක් තිබුනේ නැහැ. එත් අලුත් බිස්නස් එකකට මේ සල්ලි ඇති වෙයිද ? පිනා කල්පනා කලේ තව සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමයක් ගැන.    
 අවුරුදු ගණනාවක් මාර්කටින් ෆීල්ඩ් එකේ හිටපු පිනා වටේ හොද ගනු දෙනු කරුවන් පිරිසක් හිටියා. ඒ නිසා  තමන් හදන ඕනෑම දෙයක් විකුණගන්න එක ගැන නම් පිනාට කරදර වෙන්න දෙයක් තිබුනෙම නැ. පිනා අභයාස පොත් නිෂ්පාදන ආයතනයක වසර ගනනාවක් වැඩ කරලා තිබුණු නිසා ඒ පිලිබදවත් හොද අවබෝදයක් පිනාට තිබුනා 
සල්ලි හොයාගන්න ක්‍රමයක් ගැන කල්පනා කර කර හිටපු පිනාට එක පාරටම මතකෙට ආවේ තමන් එක්ක එකටම ජොබ් එකෙන් අයින් උන නලින්වයි සනත්වයි. පිනා ඒ දෙන්නත් එක්කම තමන්ගේ අලුත් අදහස ගැන සාකච්චා කළා. තමන්ටත් ලාබයෙන් කොටසක් ලැබෙනවානම් මේ බිස්නස් එකට සල්ලි දාන්න යාළුවො දෙන්නත් කැමැත්ත පලකලේ පිනා කරන්න හදන මේ වැඩෙන් අනිවා ලාබයක් ගන්න පුළුවන් කියන එක හොදින්ම දැනගන හිටපු නිසා   
ලාබ / අලාභ විදගන්න ආකාරය පිළිබද නීතිමය ගිවිසුමක් යටතේ පිනා තමන්ගේ නව ව්‍යාපාරය ආරම්බ කලේ සියලුම දෙනාගේ ආශීර්වාදය මැද්දේ ............
සුබ මොහොතින් ආරම්බ කරපු පිනාගේ පොත් බිස්නස් එක දියුණු වෙන්න පටන් ගත්තේ බලන් ඉන්දෙද්දී වගේ. පිනාගේ ආයතනයේ නිෂ්පාදිත පොත් වර්ග ලංකාවේ හැම තැනම ඉතාමත් වේගයෙන් අලවි වෙන්න පටන් ගත්තත් ඒ ඉල්ලුමට සරිලන තරම් සැපයුමක් ලබා දෙන්න තරම් පිනාගේ අලුත් බිස්නස් එකට තවම හැකියාවක්  නැහැ. නිෂ්පාදන වැඩි කිරීමට නම් අලුත් යන්ත්‍ර කිහිපයක්ම මිලදී ගත යුතු උනා. මේ නිසා මේ ව්‍යාපාරයට සම්බන්දවිමට කැමැත්තෙන් සිටි තව කිහිප දෙනෙකුම ව්‍යාපාරයට සම්බන්ද කර ගැනීමට පිනා තීරණය කළා   
මේ අතරේ පිනාගේ ව්‍යාපාරයට මුලින්ම සම්බන්ද වූ නලින් හදිසියේම අසනීප උනා. නලින් ආයෝජනය කරලා තිබුණු මුදල රු 100,000/= ක් අසනීප තත්වය මත තමන්ගේ අයිතිය වෙනත් අයෙකුට පවරන්නත්  ඔහු කැමති උනා. ඒ අයිතිය ලබා ගැනීමට ඉදිරි පත් උනේ සනත්.   ඔහු ඒ සදහා රු 200, 000/=  වීමට ඉදිරිපත් උනේ ව්‍යාපාරය දැනට ලබා තිබෙන ලාබය හා අනාගත සැලසුම් අනුව ව්‍යාපාරයේ අනාගතය ඉතාම සුබදායක බව ඔහුට දැනුනු නිසා 
 (මේ කතාවේ ඉතිරි කොටස සහ මේ කතාව කොටස් වෙලදපලත් එක්ක සම්බන්ද වන්නේ කෙසේද , ඉදිරි පොස්ට් වලින් )
   

ආන්දෝලනාත්මක Murder 2 චිත්‍රපටියේ විචාරය

Tuesday, August 16, 2011
සිතුවිලි පවුරට තවත් බොලිවුඩ් චිත්‍රපටියක විචාරය ඉදිරිපත් කරන්නයි මේ සුදානම් වෙන්නේ . ඒ තමයි Murder 2 චිත්‍රපටිය "බොලිවුඩ් සිංහලෙන්" අඩවියේ මීට කලින් පල කරල තිබුන මේ ලිපිය සිතුවිලි  පවුරට එකතු කරන්නේ එතනදි නොබලපු අය වෙනුවෙන්



Murder 2 චිත්‍රපටියේ DVD නිකුත් වීම පිලිබඳ තොරතුරු අපි ඔබට වෙත ඉදිරිපත් කලා බාගත කරගැනීමේ සබැඳිත් එක්කම . මෙතෙක් බාගත කරගත්තේ නැති කෙනෙකුට මෙතනින් ගිහින් ඒ සබැඳි ලබා ගන්න පුලුවන් . මේ චිත්‍රපටිය පිලිබඳ ලාංකිකයින් බොහෝ දෙන්ක් උනන්දුව පල කලේ ජැකලයින් නිරුවත් දර්ශන වලට පෙනී සිටිනවා කියල මතුවුනු කථා බහත් එක්ක . ලංකාව නොයෙකුත් මාධ්‍ය ඒ ගැන විවිධ කතා කියත්දි ඒ වෙනකොට තිබුනු සත්‍ය කතා බහ අපි ඔබට ඉදිරිපත් කලා මතක ඇති . ඒ කතාවුනු විදිහට ජැකලයින් වෙනුවෙන් නිරුවත් දර්ශන වල රඟපැවද ??? ඒ ගැනත් අපි මේ විචාරය ඇතුලෙ කථා කරමු


කථාව

අර්ජුන් කියන්නේ පොලිස් සේවයෙන් ඉවත් වෙලා ගෝව ප්‍රදේශයේ පතාලය වෙනුවෙන් වැඩ කරන , තමන්ගේ දක්ෂතා භාවිතා කරන පුද්ගලයෙක් . තමන්ගේ සමීපතමයන්ගෙ මරණයත් එක්ක දෙවියන් පිලිබඳ විශ්වාසයෙනුත් මිඳිලා ඉන්න අර්ජුන් තමන් පාතාලය වෙනුවෙන් වැඩ කරල ලබන මුදල් පවා වැය කරන්නෙ අනාථ ලමයින් වෙනුවෙන් . ඔහු තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් දක්වන්නෙත් රාගික අදහසක් විතරයි . ශාරිරික සබඳතාවයට වඩා දෙයක් ඇයගෙන් බලාපොරොත්තු නොවෙන ඔහු ගත කරන්නෙ එක්තරා ආකාරයකට විසිරුනු අතරමං වුනු ජීවිතයක්

ඔහුගේ පෙම්වතිය ප්‍රියා නම් බලාපොරොත්තු වෙන්නේ අර්ජුන් එක්ක සාර්ථක ජීවිතයක් ගත කරන්න , මොකද ඇය අවංකවම ආදරය කරන නිසා . ඇයගේ වෘත්තිය වෙන්නේ සඟරා වලට අඩ නිරුවත් රූප සඳ හා පෙනී සිටීම .

ගණිකාවන් සඳහා ගැහැනුන් සපයන පුදගල්යෙක් අර්ජුන්ගෙ උදව් බලාපොරොත්තුවෙන් පැමිනෙන්නේ මේ අතරෙදි . ඒ තමන් සපයන ගැහැණු ලමුන් අතුරුදහන් වීමක් ගැන උදව් බලාපොරොත්තුවෙන් .මේ සඳහා මැදිහත්වන අර්ජුන්ගේ උප්ක්‍රමයක් නිසා අසරණ ගැනු ලමයෙකුත් විපතට පත්වෙන බව අර්ජුන්ට දැන ගන්න ලැබෙනව . මොක්ද මේ ගැහැනු ල්මයින් අතුරු දහන් වෙන්නේ ව්කෘති පුද්ගකයෙකු විසින් මරා දාන නිසා බව අර්ජුන්ට දෑන ගන්න ලැබෙනව . එතනින් එහාට අර්ජුන් ක්‍රියා කරන්නෙ කොහොමද ? අර්ජුන්ට මුහුන දෙන්න වෙන සිදුවීම් මොනවාද ? ..... කිය්ල කථාව බලලම දැන ගන්න පුලුවන්

අපේ අදහස | Editor's Comment

  • හිංසාකාරි දර්ශන , කතා තේමාව හා සරාගි දර්ශන ආදී කාරණා නිසා මේ චිත්‍රපටිය වඩාත් යෝග්‍ය වෙන්නෙ වැඩිහිටියන්ට පමනක් බව මුලින්ම සඳහන් කරන්න ඕනි

  • කොහොම උනත් චිත්‍රපටියට කලින් සඳහන් වුනු ආකාරයේ නිරුවත් දර්ශන නම් චිත්‍රපටියේ අන්තර්ගත වෙන්නේ නැ . ඉතාම සූක්ෂම විදිහට කැමරාව මෙහෙයවපු ශෘංගාරාත්මක දර්ශන කිහිපයක් තිබුනත් ඒ චිත්‍රපටියට කලින් කථා බහට ලක්වුනු තරම් නම් නෙවෙයි . ඒ නිසා ඒ නිරුවත් දර්ශන කථාව අධ්‍යක්ෂක වරයා වෙලඳ උපක්‍රමයක් විදිහට භාවිතා කරපු දෙයක් බව තමයි කියන්න තියෙන්නේ . කොහොම උනත් Murder 2 බොලිවුඩ් සිනමාවට සාපේක්ෂව නම් සරාගී දර්ශන ඉහලින්ම අඩංගු නිර්මානයක් බවට සැකයක් නැ

  • අධ්‍යක්ෂකවරයාගෙ වෙලඳ උපක්‍රම නිසාදෝ අති සාර්ථක නිර්මානයක් බවට ආදායම් වාර්ථා තැබුවත් සඳහා ලැබුනු විචාරක ප්‍රතිචාර නම් ඒ තරම් හොඳ නැ . රංගනයේ දුර්වලතා, තිරරචනයේ හා කථාව ගොඩ නැගීමේ දුර්වලතා ඒ අතර ප්‍රධානයි . සංගීතය ඇරුණාම චිත්‍රපටියේ අනෙකුත් අංග ඒතරම් සාර්ථකත්වයක නැ .ඒ නිසා මේ වර්ගයේ චිත්‍රපටියක තියෙන්නෙ ඕනි කරන උද්යෝගය වෙනුවට කම්මැලි බවක් තමයි ප්‍රේක්ෂකයාට දැනෙන්නෙ

  • සරාගී දර්ශන රූගත කිරීමේදී ඇරුණාම අනෙකුත් අවස්ථාවල සිනමා කරන දායකත්වය ඉතාම මදි . මේ මාදිලියේ චිත්‍රපටියක රූප රාමු හා හර්හා දෙන්න පුලුවන් ගොඩක් දේ මගහැරිල තියන බවයි පේන්න තියෙන්නේ. සංගීත බාවිතාවේ තරම් හොඳ තත්වයක සිනමා කරන ලක්ෂනත් (සරාගී ජවනිකා වලදී මේ එකතුව සාර්ථකයි ) හොඳ තිර රචනයකුත් එකතු වුනා නම් නිර්මාණයේ අගය ඉතාම වැඩි වෙන්න ඉඩ තිබුනා .

  • ජනප්‍රිය වුනු තරමටම අලංකාර චිත්‍රපටියක් නොවේය කියලයි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ . සාම්ප්‍රදායික් ඉම් රාන් හැර වෙන දෙයක් ඔහුගේ දකින්න නොලැබුනත් ජැකලයින්ගේ රංගනය නම් සාර්ථකයි . කොහොම උනත් ඉතින් බොලිවුඩ් රසිකයෙක් විදිහට මේක නොබැලුවා කීමත් නිකන් අඩු වක් වගේ නිසා , බාගෙන බැලුවට නම් පාඩුවක් නැතිවෙයි

Ratings


  • Direction -1.5/5
  • Celebrities' Performance -2.5/5
  • Story - 2/5
  • Script - 1/5
  • Cinematography - 2/5 (Good in Erotic scenes )
  • Music -4/5
  • Choreography -2/5
  • Art Direction - 2/5
  • Action - N/A
  • Editing - 2/5
  • Special Effects - N/A
  • OVERALL -2.5/5


බොලිවුඩ් සිංහලෙන් අඩවිය වෙනුවෙන් සිතුවිලි පවුරට ලිපි එකතු කරන්නෙ මම කියන එක කලින් ලිපියෙදි සඳහන් කලා . ඒකට හේතුවත් එක්කම . දැන ගන්න කැමති කෙනෙකුට හෝ ඇඩ්මින් තුමාට   අවශ්‍ය නම් මේ ලිපිය අවසානයේ ඒ විස්තරය සඳහන් .


නිවේදනය - ශම්මි කපූර් කියන්නේ පැරණි බොලිවුඩ් සිනමාව ආශ්‍රය කරන කෙනෙකුට නම් සුපුරුදු චරිතයක් . එතුමා පහුගිය 14 වෙනිද අභහව්පාත්‍ර වුණා , ඔහු ගැන විස්තර දැන ගන්න මේ විකි පිටුවෙනුත් . අවමංගල්‍යයට අදාල තොරතුරු මෙතනිනුත් බලාගන්න පුලුවන්

අධිරාජ්‍යයකුගේ අන්තිම කැමැත්ත


මේ කතාවක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. මාත් නෙට් එකේ දැකපු එකක්.

ඇලෙක්සැන්ඩර්  අධිරාජ්‍යයා යුධජයග්‍රහන ගොඩකට පස්සෙ තමුන්ගෙ රටට එමින් ඉන්නකොට දරුනු විදිහට අසනීප වුනාලු.
තමුන් මරණාසන්න බව දැනෙනකොට රජුට තේරුනාලු තමුන්ගෙ මහා හමුදාව, එකතුකරපු වස්තුව, තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දේකින් වැඩක් නැතිබව.

ඔහු තමුන්ගේ කිට්ටුම හමුදාප්‍රධානීන් කැඳවල ඔහුගේ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් තුනක් ඉදිරිපත් කලාලු.

පලවෙනි එක "මගේ මෘතදේහය රැගෙනයා යුත්තේ මාගේ පුද්ගලික වෙදුන් විසින්ය "
දෙවෙනි ඉල්ලීම "මගේ මෘතදේහය රැගෙන ගිය මාර්ගයේ ,මාගේ භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී, මැණික් ආදිය විසුරුවා දැමිය යුතුයි "
අවසන් ඉල්ලීම " මිනීපෙට්ටියෙන් පිටතට සිටින ලෙස මාගේ අත් තබා පෙට්ටිය වැසිය යුතුයි."

මේ අසාමාන්‍ය්ය ඉල්ලීමෙන් අවුල් උන එක සෙන්පතියෙක් ඇහුවලු ඇයි රජතුමනි ඒවගේ ඉල්ලීමක් කලේ කියල.

රජතුමා උත්තර දුන්නලු, " පළවන ඉල්ලීම - ලොව කිසිම වෙදෙකුට කිසිවෙකු මරණයෙන් බේරාගත නොහැකිබව පෙන්වීමටත්, දෙවන ඉල්ලීම - තමුන් රැස්කල කිසිවන් තමුන් සමග අවසන් ගමනට නොපැමිනෙන බව ඒත්තුගැන්වීමටත්, අවසන් ඉල්ලීම - කිසිවක් රැගෙන නොගෙන පැමිනි අප නැවත යන්නේ හිසතින්ම බව ජනතාවට මතක්කර දීමටත් “ තමුන්ගේ අවසන් කටයුතු මේ අයුරින් කලයුතු බව කිව්වලු.
එහෙම කියල රජතුමා මියගියාලු.

මේ යතාර්ථ්ය රජතුමාට වගේම අපි හැමෝටමත් අන්තිම මොහොතේ අවභෝද වෙනබවනන් මම හොඳටම දන්නව.

ඒත් ජීවත්වෙන කාළය අතරෙත් මේගැන ටිකක් හිතුවොත් කාට කාටත් මීටවඩා සතුටින් ජීවිතේ ගතකරන්න පුලුවන්වේවි.

පෙම්වතී

Monday, August 15, 2011

උ\පෙ මගේ පෙම්වතී
අපි බැන්දා නේද
දෙපාරක්
පළවෙනි පාර
හරි නොගියත්
දෙවෙනි වතාවනං
හරි සාර්ථක කසාදෙ
ඒත් මගේ ප්‍රේමෝන්මාදෙ
ඉවර නෑ තව
බඳිමු අපි තව පාරක්
හෙට උදේ
බලමු අපි මේ පාරවත්
හොඳවෙයිද ඇම්ම මගේ

ගු ඇදිම රස්සාවක් කරගත් මිනිසුන්.....

Sunday, August 14, 2011

උතුරනවාට කවු‍රැත් කැමතිය නමුත් මේ  ඉතිරිල්ලට කවු‍රැත් කැමතියන්නේ නැත..මොකද මේ ඉතිරිල්ල නිසා ඇතිවන වාසියක් නැත.ඇතිවන්නේ දුඟද හා අප්පිරියාව පමණි..නමුත් මේ ඉතිරිල්ලෙන් සතුටක් ලබන අය පවා සිටිති මේ ඉතිරිල්ල නිසා ඔවුන්ගේ ද‍රැපවුල් ‍රැකෙන්නේ හා එදා වේල හරි කරගන්නේ මේ ඉතිරිල්ලේන් වාසි ලබන්නොය....ඔවුන් මැස්සන් බව ඔබ සිතනවා වන්නට පුලුවන නැ ඔවුන් මිනිසුන්න හැගිම් දැනිම් ඇති සැබැ මිනිසුන්ය සමාජ සේවකයන්ය අපගේ ජාතික පනය වන ගල් මොත්ලයක් හා ‍රැපියල් 4000/= අතේ තැබුවිට ඔවුන්ට කල නොහැකි දෙයක් නැත.එ තරමට ඔවුන් මේ රස්සවේ ප්‍රවිනයොය..‍රැපියල් 4000 නොව ලක්ශයක් දුන්නත් මම නම්  ජිවිතයට ලැට් වලකට බහින්නේ නෑත.නමුත් ඔවුන්ට ගූ නාන එක කජු කනවා වැනිය..පලාතම ගඳය එ ගඳ පිටවන තැනම එක් අයෙක් බල්දියකුත් අතැතිව ඊලග ගූ බල්දිය පිරි එනතු‍රැ මග බලා සිටි....මෙය මට හිනයකි මම ජිවිතයේ පලමු වරට දු‍ටු ඊහා අප්‍රසන්න ජනකම සිදුවිමකි...ගල් බොතලයම කට තියා ගසා සිගටට් එක වලේ සිටම පානය කරයි මට වමනේ යන්නත් එයි.......මේ අපේ ගමේ ඩයල් එකකි මම ඔහුට ජොන් කියන්නම්...ඔහු තැන්පත් පුද්ගලයෙකි ලැට් වලට බැසිම හා ගල් ගැසිම විනා ඔහු වෙන කිසිම ආකාරයක වැරදිවැඩක් කරනු මම දැක නැත...ඔහුට ද‍රැවන් දෙදෙනෙකු සිටි නමුත් ඔහුගේ මේ රස්සාව ඔවුන්ට ගැටලුවක් වි නැත.අවන්කවම මගේ තාත්තා මෙවැනි රස්සාවක් කරනවාට මම කැමති නැත ඔබත් එසේ සිතනවා විය හැක නමුත් ඔහු කරන්නේද රස්සාවකි හොරකම් මැරකම් කරනවට වඩා මේ රස්සාව ඔහුට නම්බුවක් විය හැක.


පෙරේතෙයෙකුට රස කෑමක් ලැමුනහම් කනකන් ඉවසිල්ලක් නෑ වගේ මේක දැකල නොලිය ඉන්න බැරි නිසාමයි ලියලා දැම්මේ  මේ මට  ගැන තව ලියන්න ඕන නමුත් විභාගය නිසා එය කිරිමට වෙලාවක් වෙන් කර ගැනිමට ඇති නොහැකියාවට සමාවන්න විභගය ඉවර වෙනකන්මෙක නොලිය ඉන්න බැරිකමට ලියල දැම්මේ..........

URL Submit Script

Saturday, August 13, 2011

මේක URL Submit Script එකක් මේක ඔයාගේ Hosting Account upload කරලා පුලුවන් URL Submit සයිට් හදන්න. බලන්න මම හදපු එක. http://urlsubmit.lankeeya.info/ මෙතනින් ගන්න http://www.urlsubmitscript.com/URL_Submit_Script.zip

සොඳුර නුඹ සමග....

Friday, August 12, 2011




දිග නපුරු තියුණු කටු
සූර සූරා ඇනෙන
ඇවිද යමි ඔහු සමග
ආදරේ දිගු ගමන

දෙසවනද නොබිහිරිය
දෙනෙත් නොමවිනි අන්ධ
එහෙත් මට මගේම හිත
හඬනු නැසුනෙ මන්ද

ඔහුද මා අත රැගෙන
උණුසුමින් සිනාසේ
මා ගැහෙන බව අහෝ..!!
බිඳක් නුදුටුවා සේ

තවත් හිත වාරු නැත
පැකිලි පැකිලී දුවමි
ඔහු නිතර ඉඟි මරයි
මා පුදුමයෙන් දැවෙමි

ඒත් නැත නැවතුමක්
මා පිළිමයෙකි ශෛල
සිතු ලෙසිනි නොනැවතී
ඔහු දොඩන හැටි බයිල

හඬන්නට තබා දිව
යන කලට ගිලෙන්නට
නෙතද දැන් නැත එකඳු
කඳුලකුත් සොයන්නට

බාඳුරා මල් පිපේ
අප යනෙන මග අවට
ඔහු නෙතින් නිති නැගේ
සොඳුරු බැල්මන් රුවට

හිත එකම සැනසුමෙකි
එළි බිංදුවක් ලෙසින
ඔහු අල්ලගෙන සුරත
පෙර ලෙසම ඇත තදින

එයම මර උගුලක්ද
විටෙක හදවත හිතන
ප්‍රේම වද බන්ධනෙන්
මිදෙන්නට ඉඩ නොදෙන

කමක් නැහැ මගෙ සොඳුර
එහෙත් මා මළ දිනෙක
මග අතැර නොගොස් කටු
පඳුරකින් වත්......වසනු මැන.....




රෝස්ට් ච්කන් ............... !!!!!

Thursday, August 11, 2011


යන්න යන්න දුවලා යන්න ....
මගේ ඇගෙන් කැල්ලක් අරගෙන.....
ඉක්මනට ගියෝත් මාව අල්ලගත හැකි ......
නැත්නම් මගේ උපත සිදුවය හැකි.....

අනේ මටත් මේවා නොතිබුනානම්......
මාව මස් කර ගන්න මාර ලේසි........
එත් ඉතින් මාව අල්ල ගත්තේ නැත්තම් .....
තොපිලාගේ සාගින්දරය අඩු නොවේව්.......

මේක පුoචි පහේ ප්‍රශ්ණ ටිකක් බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා..

 
01) ගල් කිලො එකක් හා පුලුන් කිලො එක බැගින් තරාදියකට දැම්මොත් බර වැඩි කුමන පැත්තද..........
 
02) පෙනේ නම් මොකාද ? නොපෙනේ නම් මොකාද ?

 03) අත්තක කුරැල්ලන් 10 සිටි දඩයක් කරැවෙක් වැඩි තබා දෙදෙනෙක් දඩයම් කරේ නම් ඉතිරි කුරැල්ලන් ගනන කියද?
 
04) අපේ අම්මා පාන්දර 4.00 නැගිටිනවා...
4.30,ට හාල් ලිපේ තියනවා...
4.45ට පරිප්පු හදන්න පටන්ගන්නවා
5.00 පරිප්පු එකට දාන්න පොල් බිදිනවා
පොල් ගෙඩිය බිදුනේ කියටද ?.......
05) අපේ ශරිරයේ අපිට කැමති විදිහට හැදිය හැකි.....පාට කරහැකි....නැතිකර දැමිය හැකි....අoගය කුමක්ද ?
 
බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා.........

ආදරය නම් සුන්දරය.........

ආදරය නම් සුන්දරය.........
එ සුන්දරවු අදරය........
සෑම විටම විරහවක් වේද..

ඇය ලස්සනයි
මම මගේ ජිවිත කාලයටම දැකපු ලස්සනම කෙල්ල..
එක මොතක මට හිතුනා.........
එ ඇස් දෙක වෙනුවෙන් මගේ ජිවිතය වුනත් පුදන්න ...
මම ආදරය කලා
ඇත්තටම මම ආදරය කලා....
මෙතුවක් කාලයකට ඇති නොවුනු හැකිමකින් මාව කුල්මත් වෙලා....
එත්.....එ ආදරය මට මාව නැති කලා
මම හිනයක් දැක්කා
ලස්සන සුරන්ගනාවියක් මාව සනසන හැටි

මම සතුටු වුනා..
ඇත්තටම මම එ මොහොතේ ජිවිත කාලයටම වඩා  මම ජිවත් වුනා
එත් එ හිනය බොද වෙලා හුගක් කල්...
දැනුත් මම ජිවත් වෙනවා
මියගිය හදවතක් එක්ක........

වටහා  ගන්න බෑ....

අනේ දෙවියනි කියන්න මට...

මෙය මගේ උරැමයද කරැමයද..............

පි‍ටු පෙරලපු ගාන