වෙන් වෙන්න අවසරයි

Friday, December 30, 2011
තව එකම එක දවසක්,
 
මම ජිවත් වෙනවා.

මම ඔයාලට දුකක්

වේදනාවක් දුන්න නම්,

මට සමා වෙන්න........

ඔයාල අතරට ,

ආයෙමත් කවමදාකවත් ,

මම එන්නේ නෑ

ඔයාල හැමෝම ,

සතුටින් ඉන්න,

මම ඔයාලගෙන් 

සදහටම වෙන් වෙන්නයි

යන්නේ......



 


මම ඔයාලගේ ආදරණිය

2011 පරණ අවුරුද්ද

ලබන්නා වූ  2012 අවුරුද්ද

ඔයාල හැමෝටම 

සුබම සුබ  අලුත් අවුරුද්දක් වේවා........


සිරා කරපු මගේ ලව් එක!

Sunday, December 18, 2011

අද පෝය දවස..
කාමරේ ලයිට් නිවල තිබ්බට ඒ වගේම එලියකින් කාමරේ පිරිලා..
ම‍ං ආස නෑ එලියට..මට ඕන කළුවර..
එහෙම හිතලා පැත්තකින් තිබ්බ කොට්ටෙ අරං මූන වහගත්තා..

හ්ම්ම්ම්...
රංගි එක්ක එක දිගට රණ්ඩු වුන කීවෙනි දවසද මේ කියල මං කල්පනා කරන්න පටන් ගත්තා..
අදත් සුපුරුදු පරිදි අපි කතා කලා...රණ්ඩු උනා..
මට පුලුවන් උපරිමයෙන් මං එයාට ආදරේ කලා..අදටත් කරනවා..හැබැයි එයා කවදාවත් ම‍ං කරන කිසිම දෙයක හොඳක් දැක්කේ නෑ..ම‍ං කරන හැම දේම වැරදි..
එයා ගැන හිතුවත් වැරදි..නොහිතුවත් වැරදි!

පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? II - ගුවන් යානා තාක්ෂනය

Friday, December 9, 2011
මේ ලිපිය ක්සැන්ඩරයාගේ කොළමේ පලවූ ලිපියක් නැවත පළකිරීමකි.
අද ලියන්නේ පිටසක්වල ජීවීන් පිළිබඳව ලියන ලිපි පෙලේ දෙවැන්නයි. මේ ලිපියේ මුල් කොටස කවුරුහරි කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න පුළුවන්. 



ගුවන් යානා ගැන කතා කරනකොට දැන් නම් පොඩි එකෙක් උනත් කියාවි ඒක හොයාගත්තේ රයිට් සහෝදරයෝ කියල. එත් ඇත්තටම එහෙමද උනේ? මේ ලෝකේ ගුවන් යානා තිබ්බේ 1903 දෙසැම්බර් මාසේ ඉඳලද? ඉතින් ඒ අපි දන්නා නුතන ඉතිහාසේ නේ. එහෙම බැලුවම ජෙට් යානාවක් අපේ අහසේ ගිහින් තවමත් අවුරුදු සීයක් නෑ. මොකද ජෙට් යානයයක් පළවෙනියටම ගුවන්ගත කරේ 1939 දී වෙන හින්ද. ඒ  හෙන්කල් එච්ඊ 178. මේ ජර්මානු යානය ඇත්තටම ලෝකේ පලවෙනි ජෙට් යානාවද?


  හෙන්කල් එච් ඊ 178 යානාව


ඉතින් දන්නා අතීතේ මේ දේවල් සිද්ධ උනාට 1960 දී ජීව විද්‍යාඥයෙක් උන ඉවාන් සැන්ඩර්සන් නිව්යෝර්ක් එයරොනොටික් ඉන්ස්ටිට්යුට් ආයතනයේ ආචාර්ය ආතර් පොලිසී ගේ මතවාද සමග මතයක් ඉදිරිපත් කරනවා, මේ පහත තියන කොලොම්බියානු රන්මුවා පිළිම ගුවන් යානාවන් කියල. මේ පිළිම ක්‍රිස්තු පූර්ව 500 ත් 800 අතර කාලයක් ගන්න නිර්මාණ. එත් මේවා හොයාගත් දවස් වලදී වර්ගීකරණය කරලා තියෙන්නේ සූමොර්පික් (zoomorphic) කියන ලේබලය යටතේ. ඒ කියන්නේ මේවගෙන් සත්ව රූප නිරූපණය වෙනවා කියන අර්ථයෙන්.




ඇත්තෙන්ම මේවා දිහා හොඳාකාරව බැලුවොත් ගුවන්යානා වල තියන රඩරය, තටු වගේම ෆියුසලාජ් කියන කොටසත් (භාණ්ඩ හා මිනිසුන් රැගන යන කොටස) පැහැදිලිව දැකගන්න පුළුවන්. කිසිම ආකාරයකට ඒවා සත්ව රූප වලට සමාන නොවෙන්නේ ඒ කාරණා හින්ද. ඉතින් මේ යාන දකින්නේ නැතිව මේ තරම් විස්තර ඇතිව අපේ පැරැන්නෝ මේ රූප හැදුවේ කොහොමද? එහෙම උනොත් හෙන්කල් එච්ඊ එස් 3 යානාව ලෝකේ පලවෙනි ජෙට් යානාවමද?

මේ පිළිම හොයාගත්තු තැනට කිලෝමීටර් සියගණනක් දුරින් තියන තවත් අරුම පුදුම ස්ථානයක් තම නස්කා කියන්නේ. පිරු රටේ නස්කා කාන්තාරේ තියන නස්කා චිත්‍ර අඩුම තරමින් ක්‍රිස්තු පූර්ව 300 ත් 500 ත් අතර කාලයකදී නිර්මාණය කරපු ඒවා බව සාමාන්‍ය පිළිගැනීමයි. 1994 දී යුනෙස්කෝ ලෝක උරුමයක් කරපු නස්කා චිත්‍ර ඇත්තෙන්ම බලන්න පුළුවන් වෙන්නේ උඩු ගුවනේ සිට පමණයි. 1930 දශකයේ ගුවන් ගමන් කියන දේ ආරම්භ වීමත් එක්ක මේ නස්කා කාන්තාරය හරහා යන ගුවන් නියමුවන් හා මගීන් තමයි මේ සුවිශාල චිත්‍ර මුල්ම වරට දැකල සොයාගෙන තියෙන්නේ. මේ චිත්‍ර වර්ග කිලෝමීටර් 450ත් 500ත් අතර ප්‍රමාණයක පැතිර තිබෙන යෝධ නිර්මාණ කීපයක් වෙනවා. මෙහි තියන විශාලතම චිත්‍රය අඩුම තරමින් වර්ග මීටර 250ක් ඉක්මවා යනවා. මේ චිත්‍ර අතරේ වඳුරන් මකුළුවන් වගේම කුරුල්ලන්ගේ රූප දකින්න පුළුවන්. ඒ අතර තියන සුවිශේෂීම නිර්මාණ දෙක වන්නේ මිනිස් රූපය සහ අත් වල චිත්‍ර සටහනයි. ඉතින් එතරම් කාලයකදී මේ වගේ විශාල චිත්‍ර ඇන්දේ කාගේ උවමනාවටද? ඒ චිත්‍ර උඩුගුවනට පෙනෙන්න අඳින්න තරම් ඔවුන්ට තිබ්බ උවමනාව මොකක්ද?


නස්කා චිත්‍ර වල වඳුරාගේ චිත්‍රය

චැරියට්ස් ඔෆ් ගෝඩ්ස් පොත ලියන ලද එරිච් වොන් ඩැනිකන් කියන විදියටනම් මේ අහස් යානා ගොඩ බාන්න හදපු නැවතුම් පොලක්. ඒ වගේම ධාවන පථ පේලියක්. නමුත් මේ භුමියේ තියන මටසිලිටු ගතිය ඒවගේ දේකට උචිත නැති බව විද්‍යාඥයන් ප්‍රකාශ කරලා තියනවා. එත් පුද්ගලිකව මගේ මතය කියනවානම් මම කියන්නේ මේ අහස් යානා බාන්න හදපු ධාවන පථයකට වඩා යානා වලට මග කියන මං සලකුණු බවයි. අත වනන මිනිස් රූපය මගින් එහි ගෙන්වාගන්න යානා වලට ඒ ඒ ගෝත්‍රවල ධාවන පථ ඇති දිශා පෙන්වාදීම මේ මගින් කරන්න ඇති.

ඒ එක්කම මේ ස්ථානයට උතුරින් තවත් කිලෝමීටර් සියගානක් ඇතුලත අරයක පිහිටන මෙක්සිකෝවේ බාක් නගරය එහෙමත් නැත්තම් පුරාණ මායන් වරුන්ගේ පලන්යාකේ නගරයේ තියන ටෙම්පල් ඔෆ් ඉන්ස්ක්‍රිප්ෂන් කියන පැරණි දේවාලයේ තියන පකාල් රජතුමාගේ සොහොන්ගේ සොහොන් පියන උඩ කොටා ඇති චිත්‍රය ඉතාම මතභේදයට තුඩු දුන් එකක්. එරිච් වොන් ඩැනිකන් කියන පරිදි මේ චිත්‍රයෙන් දැක්වෙන්නේ පකාල් රජතුමා මේ ලෝකය අත්හැර පිට ග්‍රහලෝකයක් වෙත ගමන් කිරීමක්. ඒ උනත් අනිකුත් පර්යේෂකයන් පුරා විද්‍යාඥයන් මේ මතයට එකඟ වෙන්නේ නෑ. ඒ උනත් මේ පහතින් දකින්න තියන ඒ රූපය දිහා ඔබ මදක් විමසිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි මේ පකාල් රජතුමා ඉන්න ඉරියව්ව නුතන ගගනගාමියෙක් තමුන්ගේ ෂටලයේ වාඩිවෙලා ඉන්න ඉරියව්වට සමාන බව. ඒ දෙයට අමතරව පකාල් රජතුමා තමන්ගේ දෑතින් යම් දෙයක් ක්‍රියා කරවන බව දකින්න පුළුවන්. පකාල් රජතුමාට පිටිපස්සෙන් තියන කොටස නිරීක්ෂණය කලොත් එහි රොකට් එන්ජිමක ඇති ගිනිසිළුවක් වැනි කොටසක් දකින්න පුළුවන්. ඒ එක්කම එහි දෙපසින් නගින දුම් රොටුත් දක්වා තියනවා දකින්න පුළුවන් වෙනවා.

පාකල් රජතුමාගේ සොහොන්ගැබේ ගල් පුවරුව මත කොටන ලද චිත්‍රය



මේ සම්පුර්ණ චිත්‍රය ඇත්තෙන්ම රොකට්ටුවක අකෘතියක් නම් මේ පැරැන්නෝ කොහොමද මේ දේවල් දැක්කේ? ඔවුන් සිය නායකයා වෙන්ව තරු වලට යන බව සිහියේ තබාගෙන සිටියේ ඔවුන් තරුවලින් පැමිණෙන්නන් දෙවි වරුන් ලෙසත් මරනින් මතු රජතුමා දෙව්ලොව යන බව විශ්වාස කල නිසාත්ද? එහෙමනම් මේ දෙවිවරු ඇත්තෙන්ම ආවේ රොකට්ටු වලින්ද?

මේ සාක්ෂි වලින් ඔප්පුවන්නේ මානව ඉතිහාසය සංස්කරණය විය යුතු බවද? නොඑසේනම් මේ මතවාද පිළිගන්න නුතන විද්‍යාවට බැරිද? ප්‍රශ්නය ඔබටයි ..


ගංජා කවි

හිරු අවරට යද්දි......
ගොම්මන් කලුවර ගලා හැලෙද්දී.....
තනිකමයි පාලුවයි.....
දස අතේ පැතිරිලා.....

අදුර නැතිවෙන්නටම පහන් දැල්වෙන පැයේ..
සද ඇවිත් හිනාවෙයි පොල් අතු පීරගෙන..
සුවද දස අත දිදි සමන් මල් පිදෙද්දි...
මල් සුවද හොයාලා යන්න සිත කියාවි..


මල් පැනි රොදක රස බලන්නට කාසි නැත..
කාන්සිය මකා ගන්න වෙනයම්ද දෙයක් නැත..
සිතා දස අත මට වැටුහුනා ක්‍රමයක්ද..
සොයා දස අත ලැබුනි ඉතිරි වු කාසි..


නැග්ගෙ පාගලෙ අරන් පියඹුවා හන්දියට..
"ඇබා" ඇතිදැයි සොයා රින්ගුවා පොට් එකට..
දීලා අත ඇති කාසි ඇබා හට මුමුණලා..
දාගත්තා කැල්ල වට පිටත් බලාලා..

කළුවරේ හද එළියෙ රිංගුවා ඇල ලගට
ඔතාලා ගත්ත මම ඇබා දුන් කැල්ල..
කැලැ ගිනි ගන්න ගද දස අතම පැතිරෙද්දී
පියඹුවා සුර ලොවට මාද හිමි හිමිහිටම...

පදම ගානට ගත්තු සැප දේවි චුට්ටකින්
වරෙන් මගෙ සයිකලේ ගෙදර යන්නට අපි..
අම්මගෙන් ප්ලෙන්ටිය ඉල්ලා හදාගෙන
ආම්ස්ට්‍රොන් ලගෙ ගමන යමුද අපි මෙ රැයේ..

ප්ලේන්ටිය සිනී වැඩි තියාලා පටපිලෙන්
දාගත්තා බුරු ඇද පලුව මිදුලෙ මැදින්
සිනී වැඩි ප්ලේන්ටිය තොලා ගාන අතර මැද
සද ඇවිත් මා ලගට එනවදැයි අහනවා..

මට හිතයි යන්න එහෙ මට බයයි ඒත් දැන්
අපි ඉමුද මෙ දුරින් මට මෙහෙම හරි සොමිය
උබෙ සියුමැලි සිනා දැක්කම සද කොමලි
මට හිනා යනව දැන් නවත්තන්නට බැරුව

ඩෙංගු

Wednesday, December 7, 2011



ඩෙංගු ආයෙත් රටේ පැතිරෙන්න පටන් අරන් නිසා ඒ වෙනුවෙන් සමීක්ෂණයක් කරන්න රජයේ හිතවතෙක් විදිහට මට ටෙන්ඩර් පටිපාටියට පිටින් කොන්ත්‍රාත්තුවක් ලැබුණා.රජතුමා කතා කළාම කටක් ඇරලා බෑ කියන්න බැරි හින්දාත්, බෑ කියලා ගෙදර ගිහිං මෑණියන්ගේ කන්දොස්කිරියාවට කන් දීගෙන ඉන්න බැරි නිසාත් මම ඔන්න ඔහේ හා කියලා වැඩේ බාර ගත්තා.

මගේ නොරිකෝ

Monday, December 5, 2011

නිවැරදිව ටොරන්ට් එකක් බාගන්න හැටි

Saturday, November 26, 2011
ඔන්න ගොඩකාලෙකට පස්සේ සිතුවිලි පවුරට ලිපියක් ලියනවා. ගොඩදෙනෙක් දන්නවා ඇතිනේ ටොරන්ට් ගැන. ඒ අතර නොදන්න අයත් ඇති. මේ ඒ අය වෙනුවෙන් මගේ බ්ලොග් අඩවියේ පලවෙච්ච ලිපියක්. වැදගත් වෙයි කියලා හිතිච්ච නිසා සිතුවිලි පවුරෙත් මේ ගැන කුරුටු ගාන්න හිතුනා. නොදන්න අය බලන්නකෝ.
                                                 ටොරන්ට් එකක් කියන්නේ කුඩා ගොනුවක්. මේ ගොනුවේ සඳහන් වෙන්නේ කොහෙන්ද අදාල ෆයිල් එක බාගත යුත්තේ වැනි කුඩා තොරතුරු ප්‍රමාණයක් පමණයි. ටොරන්ට් ෆයිල් එකේ ඇත්තේ pc to pc ක්‍රමය. එහෙමත් නැත්නම් පරිගණකයකින් තවත් පරිගණකයකට ෆයිල් හුවමාරු කරන ක්‍රමය. චිත්‍රපටි , පරිගණක ක්‍රීඩා වැනි ප්‍රමාණයෙන් විශාල ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න ලේසිම ක්‍රමය තමා ටොරන්ට් මගින් බාගැනීම. මොකද ටොරන්ට් හරහා ඉතා අඩු වේගයක් සහිත ඉන්ටනෙට් කනෙක්ෂන් එකකින් උනත් ගොඩක් ලොකු ෆයිල්ස් ඉතා ඉක්මණින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නිසා.
                                              මුලින්ම අපි බලමු කොහොමද ටොරන්ට් එකක් බාගන්නේ කියලා. මුලින්ම අපිට ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. මමනම් නිර්දේශ කරන්නේ. BitTorrent විතරයි. මොකද ඒකේ කරදර ගොඩක් අඩුයි. ඔන්න ඕක මෙතන ඔබලා ඩවුන්ලෝඩ් කරගන්නකෝ. ඊටපස්සේ ඒක ඉන්ස්ටෝල් කරගන්න.
                                                    ඔන්න එහෙනම් ටොරන්ට් බාගන්න කරන්න තියන මූලික කොටස ඉවරයි. දැන් අපි බලමු කොහොමද ටොරන්ට් ෆයිල් එකක් බාගන්නේ කියලා.
                                                   මුලින්ම අපි ටොරන්ට් තියන අඩවියකට යන්න ඕනේ. මම මීට කලින් හොඳම ටොරන්ට් සහිත අඩවි ගැන විස්තරයක් දුන්නනේ. මෙන්න මෙතන ඔබලා ඒ පෝස්ට් එකට යන්නකෝ. දැන් ඕකේ තියන අඩවි වලින් කැමති අඩවියකට යන්න. දැන් තමන් කැමති ටොරන්ට් එකක් තෝරගෙන බාගන්න තමා තියෙන්නේ.
                                                   හැබැයි ඩවුන්ලෝඩ් කරන්න කලින් බලන්න ඒ ටොරන්ට් එකේ හොඳට සීඩර්ස්ලා ඉන්නවද කියලා. ටොරන්ට් එකට ඉස්සරහා SE හා LE කියලා කොටස් දෙකක් ඇති. මෙතන්න SE කියන්නේ සීඩර්ස්ලා. එහෙමත් ටොරන්ට් එක බාලා ඉවරවෙලා ඒක අප්ලෝඩ් කරන කස්ටිය. LE කියන්නේ ටොරන්ට් එක බාන කස්ටිය.
                                                   ඕං ඒකත් ඉවරයි. මම කියපු දේවල් වල මොකක් හරි නොතේරෙන තැනක් තියනව නම් ඔය පහල වීඩියෝ එක බලලා තේරුම් ගන්නකෝ.

අඹ ගෙඩිය

Friday, November 25, 2011

නෙලා ගන්නට මා සිතා .............සිටි
ලේන සියොතුන් ඉඳුල් කළ ...සැටි
ගසේ බඩගා නෙලා ගත් ..........සැටි
සත්තු කාලැයි වීසි කළ ...........සැටි

ඒත් නිතරම මතක් වුණු ...........හැටි
තවත් අඹ ඇති කියා සිතු .....හැටි
විටෙක උනනා මුත් කඳුළු ....කැටි
මවමි පිවිතුරු අඹය හරි .......හැටි

ආයෝජනය කරන්න කලින් හිතන්න යමක්

පහුගිය ලිපිය සමහර අයට හරියට තේරිලා නැහැ වගේ. එකේදී මම උත්සාහ කලේ මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කරන හැටි කියන්න කලින් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක ගැන මුලික දැනීමක් ලබා දෙන්න. ඒ ගැන තවත් සරලව ලියපු පොස්ට් එකක් ලගදීම දාන්න බලාපොරොත්තු වෙනවා.
මේ පොස්ට් එක දාන්න හිතුවේ අලුත් පාඩමක් කරන්න නම් නෙවෙයි. මට මේ ආයෝජනය කිරීම ගැන කියන බ්ලොග් එක කරගන යනකොට දැනුන දෙයක් ලියන්න.
 ගොඩාක් දෙනා හිතාගන ඉන්නේ කොටස් වෙලදපොලේ ගනුදෙනු කරනවා කියන්නේ අමුතුම දෙයක් කියලා. ඒ සිතුවිල්ල නිසාම මෙතැනදී ගොඩාක් අය පාඩු කර ගන්නවා. උදාහරණයක් විදියට මෙහෙම හිතමු.

වෙලදපොලේ හාල් කිලෝ එකක් රු 60 ක් නම් අපේ ව්‍යාපාරය හාල් විකිණීම නම්
අපිට වෙලදපොලේ රු 60 ට හාල් විකුනලා ලාබයක් ලබාගැනීමට උවමනාවකුත් තියෙනවා නම්
අපි වෙළදපොලෙන් හාල් මිලට ගන්න ඕන රු 60 කට වඩා අඩු මුදලකට කියලා ඕන කෙනෙක් දන්නවා.
අපිට රු 55 ට හාල් මිලට ගන්න පුළුවන් උනොත් කිලෝ එක 60 ගානේ විකුනලා එක කිලෝ එකකින් රු 5 ක ලාබයක් ලබා ගන්න පුළුවන්.

අපි කොටස් වෙළද පොළ ගැන හිතන්න ඕනත් ඔය අනිත් බිස්නස්  විදියටම තමයි. කොටස් අඩු මිලකට ගනුදෙනු වෙනකොට මිලට අරගන මිල වැඩි වෙන කොට විකිණීමයි සිද්ද වෙන්න ඕන. එත් අපේ අය කරන්නේ ඉතිහාසයේ වැඩිම මිලකට කොටස් අලවි වෙන වෙලාවක් බලලා මේක මාර විදියට නගිනවා කියලා කොටස් මිලට අරන් බලාගන ඉන්නවා. එත් එයා කොටස් ගත්ත දවසේ ඉදන් සිද්ද වෙන්නේ කොටසේ මිල පහල යන එක. ඊට පස්සේ කොටස් වෙලදපලටයි බ්‍රෝකර් මහත්තුරුන්ටයි බැන බැන ඉන්නවා. එක නිසා කොටස් වෙළදපොල ගැන උනන්දු වෙන හැමෝම අතේ තියෙන කොටස් වල මිල ඉහල යනකොට ඒවා විකුනන්නත් පහල යන කොට විකුනන්නත් ඕන කියන දේ ගැන ආයෙත් හිතුවොත් හොදයි

කියවීම

Tuesday, November 22, 2011
සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ, අපි ගොඩ දෙනෙක් පොත් මිලදී ගනන් පොත් ප්‍රදර්ශනය තියෙන්නෙත් ඒ මාසෙ. ඊට පස්සේ ඔක්තොම්බර් කියන්නේ කියවීමේ මාසය. මන් හිතන්නේ සැප්තැම්බර් ගත්ත පොත් ටික කියවන්න තියෙන මාසේ. දැන් නොවැම්බර් වෙලා ඒත් මන් සැප්තැම්බර් ගත්ත පොත් වලි තාම බොහෝම ටිකයි කියවලා ඉවර කලේ කලින් අවුරුදු වල ගත්ත පොත් හිටන් තියෙනවා කියවලා නැති.

මන් පොත් කියවනවා ඒත් මන් දන්නේ නැහැ මන් කියවන විදිහ හරිද කියලා. ඒ කියන්නේ පොතක් අරගෙන කියවද්දි මතුපිටින් කියවෙන කතාව හැර දෙයක් මගේ ඔළුවට යන්නේ කලාතුරකින්. සමහර පොත් ගැන අනික් පොත් කියවන අය කියවන දේවල් බැලුවම එහෙම දේවල් ඒ පොතේ තිබුනද කියලවත් මන් දන්නේ නැහැ.

කම්මැලි පොතක් ඇරුනම අනික් පොත් ආසවෙන් කියෙව්වත් ඒ පොත්වල මතුපිටින් කියැවෙන කතාව හැර ලේඛකයා විසින් ඊට වඩා ගැඹුරු පණිවිඩයක් දීලා තියෙනවනම් ඒ ඒගේ දේවල් මට ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ විදිහට පොත් කියවන එකේ තේරුමක් තියෙනවද කියලා මන් දන්නේ නැහැ. 

අපේ පොත් ගැන විචාර කියවන්න ලැබෙන්නේ කලාතුරකින් ඒ විචාරත් ගොඩක් වෙලාවට හිතවත්කම් මත ලියැවෙන ඒවා කියලා ගොඩ දෙනෙක් කියන්නේ ඒක නිසා මැදහත්ව පොතක් ගැන ලියපු විචාරයක් අපිට බලන්න ලැබෙන අවස්තා නම් නැති තරම්. එහෙම උනාම මන් වගේ පොත් කියවන අයට හොඳ පොතක් අඳුනා ගන්න, පොතක මතුපිටින් කියැවෙන කතාවට වඩා ගැඹුරින් කියැවෙන දේ ගැන දැනගනන් තියෙන අවස්තා නම් ඇත්තේම නැති තරම්.

මේක ලිව්වේ මන් දනන්වා මන් පොත් කියවන විදිහ මීට වඩා හරි විදහට කරන්න ඕනේ කියලා ඒත් ඒක කරගන්න අවස්තාවක් අපිට නැති නිසා. සමහර විට ඒ වගේ තේරුමක් ඇතුව පොත් කියවනව නම් මීට වඩා පොත් වල තියෙන දේවල් රසවිඳින්න ලැබෙයි කියලා මන් හිතන්නේ.


පි‍ටු පෙරලපු ගාන