දැනුම්දීමයි.....

Thursday, November 10, 2011
මේක කට්ටියට ඉගෙන ගන්න යමක් තියන දෙයක් නම් නෙමෙයි. හැබැයි මට නම් මේ වැඩෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා.
කෙටියෙන්ම කියනවා නම් මෙන්න මේකයි උනේ. මගේ අහිංසක බ්ලොග් පඩංගුවට හෙනහුරා කෙලියනේ. අර කතාවට කියනවනේ සෙනසුරු අපලේ නැති වෙනකොට යන්නේ ලොකු ලොකු ලෙඩ දාලා කියලා. මටත් ඒකම තමයි උනේ. බ්ලොග් එක කෝමා එකකට වැටුනා වගේ වැඩක් උනා.
මුලින්ම මගේ බ්ලොග් එක තියන සර්වර් එකේ MySQL ප්‍රශ්නයක් නිසා බ්ලොග් එක වැඩ කරන්නේ නැතුව ගියා. මට ඒ දවස් වල වැඩ ටිකක් වැඩිපුර තිබුන නිසා බැක් අප් එකක් එහෙම අරගෙන තිබුනෙත් නැහැ. ඉතින් මම පොඩි සෙල්ලම් ටිකක් දාන්න ගිහිල්ල වැඩේ අල බතල මඤ්ඤොක්කා උනා. Backup එකත් හරි ගියේ නෑ. Server එකෙන් උදව් ඉල්ලුවම ඒ යක්කු කියපු Scripts Side එකට උදව් දෙන්නේ නෑ කියලා. මොනවා කරන්නද ඉතින්. අන්තිමට මම තනියෙම දුන්නා ගේමක්. කොහොම හරි කරලා බ්ලොග් එක ගලවලා අයින් කරලා අලුතින්ම දාලා අලුත්  Theme එකකුත් දාලා හදලා ගත්තා. වාසනාවට වගේ මම ඉස්සර කල්පනා කරල කරපු එක වැඩක් නිසා මගේ ලිපි නම් සෑහෙන ප්‍රමානයක් බේරගන්න පුලුවන් උනා. ඒත් ඉතුරු ටික නැති නිසා මොකක්ද වගේ. මොකද හොඳම ටික තමයි නැති උනේ. කල්පනා කරගෙන යනකොට තමයි ක්ලික් උනේ RSS ෆීඩ්ස් වලින් ආපහු පෝස්ට්ස් ටික ඇදලා ගන්න පුලුවන් කියලා. කොලා ඉතින් ටියුබ් ලයිට් උනත් දක්ශයනේ. යන්තම් ගොඩ දාගත්තා.
ඒත් හෙනහුරා තවත් මට වද දෙනවා. ගත්ත ලිපි සේරම පල කරපු දවස් වෙනස් වෙලා. අන්තිමට දාපුවා මුලදි දාපුව කියලා පෙන්නනවා. මුලදි දාපුව අන්තිමට දාපුව විදියට යනවා. ඒත් ඉතින් දුකක් නෑ. ලිපි ටික තියනවනේ.

මට සිතුවිලි පවුරේ ඇඩ්මින් මඩුල්ලට කියන්න ඕන මම ලිපි නොලියන්න හේතුව මෙන්න මේ ප්‍රශ්නේ. මේක විසඳගන්න මම සෑහෙන කට්ටක් කෑවා. දැන් සේරම හරි. මම හෙමීට බ්ලොග් පඩංගුව ආයේ හරියට අටවගෙන ආයේමත් ලියන්නම්. කමක් නෑ නේද ?

තව දෙයක්. කාට හරි මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මට කියන්න. මම අනිවාර්යෙන්ම උදව් කරනවා බොක්කෙන්ම. මම දැන් දන්නවා කරන්න ඕන දේවල්. කොහෙන් වත් බලලා ඉගෙන ගත්ත එවා නෙමෙයි. තනියම කරලම ඉගෙන ගත්ත දේවල්.

ඔබ මොන වර්ගයේ බ්ලොග්කරුවෙක්ද?


සමීක්ෂණයකට අනුව මෙන්න මේ දේවල් සොයාගෙන තිබෙනවා.

  • බ්ලොග් ලියන්නන්ගෙන් 3/5ක් පිරිමි
  • බහුතරයක් වයස අවු: 25 - 44 අතර වෙයි
  • බහුතරයක් විවාහකයින්
  • බහුතරයක් සතියකට 2,3න් වතාවක් ලියනව
  • බහුතරයක් සතියට පැය 3ක්වත් බ්ලොග් ලිවීම/කියවීමට වෙන් කරනවා

අපේ සිංහල බ්ලොග් කරුවන්ටත් මේක පොදු නම් නැතුවැති සමහරක් විට. මොකද මම දන්න විදිහට අපේ බ්ලොග්කරුවො ගොඩක් තරුණ අවිවාහක ප්‍රජාවක් විදිහටයි මට හිතිල තියෙන්නෙ. 

මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය 01 කොටස

සති කීපයකට පස්සේ ආයෙත් බ්ලොග් එක පැත්තේ ආවා. ප්‍රතිචාර වලින් පෙන විදියට මම ලියන සමහර වචන බර වැඩියි වගේ ඒ හින්දා මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය පාඩම මුල ඉදලම පටන් ගන්න හිතුවා. මොකද හැම තරාතිරමකම අය බ්ලොග් කියවන නිසා, මම දැන් ලියන්නේ මේක කියවන අයට ගිණුම්කරණය පිලිබදව කිසිම දැනුමක් නැ කියන උපකල්පනය උඩ. එහෙනම් මුල්‍ය වාර්තා විශ්ලේෂණය කරන්න කලින් පොඩ්ඩක් ගිණුම්කරණය පිලිබදව මුලික අවබෝදයක් ලබාගෙන ඉදිමු.
පරණ පාඩම් ඔක්කොම පිනාගේ කුප්පියේ 
ගිණුම්කරණය හැදින්වීම
අපට ජීවත්වෙන්න නොයෙකුත් දේවල් අවශ්‍ය වෙනවා. සමහර දේවල් අපට නොමිලේම ලැබෙනවා. උදාහරණ විදියට ජලය, වාතය, හිරු එලිය වගේ දේවල් පෙන්නලා දෙන්න පුළුවන්. එත් තවත් සමහර දෙවල් ලබාගන්න අපට යම් වියදමක් දරන්න සිද්ද වෙනවා. ආහාර, යන්ත්‍ර සුත්‍ර, පොත්පත්, වගේ දේවල් උදාහරණ විදියට පෙන්නන්න පුළුවන්. මේ නොමිලේ ලැබෙන සම්පත් හිගකමක් නැති නිසා අපි ඒ පිලිබදව වාර්තාකර තැබීමක් අවශ්‍ය වෙන්නේ නැ. එත් අපට මිලදී ගැනීමට සිදුවන ද්‍රව්‍ය අපේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව පවතින්නේ අඩුවෙන්. ඒ නිසා ඒ සම්පත් පරිහරණය කිරීමේදී යම් කිසි පාලනයක් අවශ්‍ය වනවා. ඒ පාලනය සදහා එම සම්පත් බාවිතය සම්බන්දයෙන් සටහන් තැබීමක් අවශ්‍යයි . මේ කාර්යය අපි වාර්තාකරණය කියලා හදුන්වනවා.
උදාහරණයක් විදියට ඔයාලගේ මාසික වැටුප එකෙන් මාසේ වියදම් අඩු කලාම ඉතිරිය කොච්චරද? කියලා ඇහුවොත් සටහන් කරලා නොතිබුනොත් ඔයාලට එකපාරටම කියන්න පුලුවන්ද? එත් මේ මාසේ තමන්ගේ වියදම් කොහේ හරි සටහන් කරලා තිබුනොත් මේ මාසේ අපි කරපු අනවශ්‍ය වියදම් කොපමණද කියලා දැනගන ඊලග මාසේ සැලසුමකට අනුව වියදම් කරන්න පුළුවන් වෙනවා 
සාමාන්‍යයෙන් ව්‍යාපාරයක දිනකට ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිදුවෙනවා. ඒ නිසා එක්තරා කාලසීමාවකදී සිදුවුණු එකම ආකාරයේ ගනුදෙනු එකට එකතුකර දක්වන්න පුළුවන්. මේ සියලු කටයුතු අවසානයේදී ප්‍රතිපල ගණනය කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.  ඒ නිසා ලාබ අරමුණු කර ගත හෝ නොගත් ඕනෑම සන්විදානයක සිදුවන මුලය ගනුගනුදෙනු  වාර්තා කිරීම අනිවාර්යයෙන්ම සිද්ද වෙනවා. මේක අපේ පව්ද්ගලික ජීවිතයටත් වැදගත්.
ගිණුම් තබා ගැනීම හේතු කිහිපයක් නිසාම වැදගත් වෙනවා.
01 මුල්‍ය ගනුදෙනු වාර්තා කිරීම
     විකිණීම් මිලට ගැනීම් වාර්තා කිරීම, වත්කම් වගකීම් තීරණය කිරීම, ලාබ පාඩු ගණනය කිරීම සිදුවේ.
02 කළමනාකරණයට අවශ්‍ය තොරතුරු ලබාදීම
      ව්‍යාපාර අරමුණු ලගාකර ගැනීම සදහා වත්කම් සැලසුම් කිරීම, පාලනය සහ තීරණ ගැනීම සම්බන්දව කළමනාකරුවන්ට            අවශ්‍ය තොරතුරු ලබාදීම 
03 බදු ගණනය කිරීම
04 නීතිමය අවශ්‍යතා 
     සීමිත සමාගම් අනිවාර්යයෙන් ගිණුම් තබා ගැනීම පමණක් නොව ඒවා හෙළිදරව් කිරීමද කල යුතුය.
05 ව්‍යාපාර කටයුතු ඇගයීම සදහා
    ගනුදෙනු කරුවන්, සැපයුම් කරුවන් සේවකයන් අනාගත ආයෝජකයන් හෝ ගිණුම් පිළිබද උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට එම ව්‍යාපාරයේ තත්වය ඇගයීම සදහා මුල්‍ය තොරතුරු වැදගත් වේ.

ගනුදෙනු 
මුදලින් අගය කල  හැකි ගිණුම්වල වාර්තා කල හැකි සිද්දීන් ගනුදෙනු ලෙස ගැනේ.
මුදලින් මෙනියහැකි ගනුදෙනුවක ප්‍රදාන ලක්ෂණ 03 ක් දැකගන්න පුළුවන්
01 සම්පත්වල වෙනසක් සිදුවීම
02 මුදලින් මැනිය හැකි වීම
03 කළමනාකරණ තීරණයක් වීම
උදාහරණ
01  2010 වර්ෂයේ මුළු විකුණුම් ආදායම රු මිලියන 10 කි
02 ණය පදනම මත භාණ්ඩ මිලදී ගැනුම් රු මිලියන 05

 මුදලින් මැනිය නොහැකි සිද්දීන් ලෙස ව්‍යාපාරයේ 
01සේවක සංඛ්‍යාව 
02 ව්‍යාපාරයේ පිහිටීම 
03 කළමනාකරුවන්ගේ දක්ෂතාව වගේ උදාහරණ පෙන්වන්න පුළුවන්.

ද්විත්ව සටහන් ක්‍රමය 
වර්ෂ 1494 ඉතාලි ජාතික ලුකා පසියෝලි විසින් ද්විත්ව සටහන් න්‍යාය හදුන්වා දීමත් සමගම ගිණුම්කරණය විෂයක් ලෙස සංවර්දනය වීම ආරම්බ උනා. මේකෙන් කියවෙන්නේ ව්‍යාපාර ගනුදෙනුවක සම විටම ද්විත්ව ස්වරුපයක් ගන්නා බව.මෙම ද්විත්ව ප්‍රතිපලයෙන් එකක් හර (Debit ) වියදමක් හෝ වත්කමක් වශයෙන්ද අනෙක  බැර ( Credit ) ආදායමක් වගකීමක් හෝ හිමිකමක් වශයෙන්ද පෙනී සිටින බව ගිණුම්වල සටහන් කිරීම සිදු වේ.
මුලික වශයෙන් ගිණුම් වර්ග 05 ක් ඇත. ඒවානම්  
01 හිමිකම් ගිණුම්
02 වගකීම් ගිණුම්
03 ආදායම් ගිණුම්
04 වත්කම් ගිණුම්
05 වියදම් ගිණුම් 
  
මෙය නිදසුනක් මගින් පැහැදිලි කළහොත් ව්‍යාපාරය රු 100,000 ක භාණ්ඩ තොගයක් ණයට ගතහොත් 
ණයහිමියෝ ( වගකීම්) 100,000 වැඩිවේ
තොගය (වත්කම්) 100,000 වැඩිවේ 
මෙම භාණ්ඩ අත්පිට මුදලට ගතහොත් 
මුදල් ( වත්කම්) 100,000 අඩුවේ 
තොගය (වත්කම්) 100,000 වැඩිවේ
 එහෙනම් අදට මෙතනින් නවතින්නම්  ප්‍රශ්න තියනවනම් කමෙන්ට් කරන්න  සමහර විට කමෙන්ට් වලට පිළිතුරු නැති  උනත් ඊලග පොස්ට් එකෙන් හරි ඒවාට උත්තර දෙන්න මම බලාපොරොත්තු වෙනවා , මේ ගැන ඔයාලට හිතෙන දෙයක් ලියලා යනවනම් එක මට ලොකු හයියක් නැත්තම් මේක ඔයාලට තේරුනාද නැද්ද කියලවත් තව වෙනස් වෙන්න ඕනනම් ඒ ගැනවත් අවබෝදයක් නැතුව මම ඔහේ ලියාගන යයි. එහෙනම් මේ පාඩමේ ඉතුරු ටිකත් එක්ක ඉක්මනටම එන්න බලාපොරොත්තු වෙනවා.

ජේසු කියපු කතාවක්

Sunday, November 6, 2011

සමූහයා අතරින් එක් අයෙක් කතා කොට, "ගුරුදේවයෙනි, මා සමග අපේ උරුමය බෙදා ගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ "යි උන්වහන්සේට කීය. එහෙත් උන්වහන්සේ කතාකරමින්, "මිත්‍රය, ඔබකෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපල බෙදන්නෙකු කොට මා පත්කලේ කවරෙක් ද ? " යි ඔහුගෙන් ඇසූ සේක."තවද, සියලු ආකාර තන්හා වලින් පරිස්සම් වෙන්නට බලාගන්න; මනුශ්්යකුට කොතරම් දේපළ තිබුනත් ඔහුගේ ජීවිතය ඒපිට රඳා නැතැ" යි ඔවුන්ට වදාල සේක. උන්වහන්සේ උපමාවක් කියමින් මෙසේ වදාල සේක;

"එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇතිවිය, එවිට ඔහු තම සිතින් කල්පනා කරමින් , මම කුමක් කරම්ද ? මාගේ භවබෝග රැස්කර තබන්නට ඉඩකඩ නැත, මම මෙසේ කරමි: මාගේ අටුකොටු කඩා දමා විශාල ඒවා ගොඩනඟා, ඒවායේ මාගේ සියලු ධනධාන්්ය රැස්කොට තබා, අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙහි රැස්කොට තිබේ.විවේක සුවයෙන් කා බී ප්‍රීතිවන්නැ , යි මටම කියා ගනිමි" යි සිතීය.
එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතාකොට "අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබගෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස්කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේදැ" යි වදාළ සේක. දෙවියන් වහන්සේ ඉදිරියේ පොහොසත් නොවී, තමාට වස්තු රැස්කරගන්නා අය එවැනිය. යි ජේසුස් වශන්සේ වදාල සේක.
( ලූක් 12 : 13-21 )


** මේක ගෙඩි පිටිං බයිබලෙන් කොපි කල බව කරුනාවෙන් සලකන්න.

පිටසක්වල ජීවය.. පුරාතනයේ සිට පැවතුනාද?

Saturday, November 5, 2011
පිටසක්වල ජීවය.. මේක ඉතාමත් විවාදාත්මක මාතෘකාවක්.. අද මං කතා කරන්න යන්නේ මේ බ්ලොගේ කවදාවත්ම කතා නොකරපු එත් මගේ හිතට ගොඩක් වැදුන මාතෘකාවක්. මේ ලෝකයේ පිටසක්වල ජීවයක් තිබුනද? එහෙනම් ඒවාට සාක්ෂි මොනවාද? තිබුනානම් ඒවා කොහේද? කියන දේ ගැන මම කොටස් වශයෙන් කතා කරන්නයි මේ සුදානම. මේ කතා බහේදී ආගම ගැන වගේම විවිධ පුද්ගලයන් ගැන කතා නොකරම බෑ. ඒ නිසා කතාව පටන් ගන්න කලින්ම මම ඒ සම්බන්ධව යම් කෙනෙක්ගේ හිත රිදෙනවනම් සමාව ඉල්ලනවා.


පිටසක්වල ජීවය කියන දේ එහෙමත් නැතිනම් අද්භූත ආගන්තුකයන් ගැන පුරාතනයේ ඉඳල පැමිණෙන සටහන් අපේ අතරේ තියනවා. එකම දේ අපි ඒ දේවල් බොහෝ විටම සාමාන්‍ය විදියට කියවන දකින නිසා මගහැරිලා යනවා. ඉතිහාසයේ විවිධ කාල වකවානු වලදී අපේ මුතුන්මිත්තන් විවිධාකාරයේ චිත්‍ර පිළිම ඒ වගේම සටහන් මගින් මේ අද්භූත අමුත්තන් ගැන කියල තියනවා.. ලෝකේ ගොඩක් ආගම් මේ දේ කියනවා. බය්බල් දේශනා වල, බුද්ධදේශන වල සක්වල ජීවයක් ගැන සඳහන් වෙනවා. ග්‍රීක් පුරාවෘත්ත වගේම මායන් ඉන්කන් ඊජිප්තු වගේම අපේ සිංහල ඉතිහාසෙත් මේ වගේ දේවල්වල සලකුණු තියනවා. එත් අපි මේ දේවල් සාමාන්‍ය ලෙස දකින්නේ ඒවා අපි නිතරම කියවන, නැවත නැවත පැහැදිලි කරන දේවල් උනත් ඒවාට මේ අර්ථ කතන නොදීම නිසා.. ඒ කියන්නේ අපි ඒ දේවල් මේ මාතෘකාව සම්බන්ධ කරගෙන කතා නොකරන නිසාවෙන්.

සක්වල ජීවින් දසදහසක් දෙනා අහන්න ආව සුත්‍ර පිටක බුද්ධ දේශනාවල පැහැදිලිව සඳහන් වෙනවා.. බුද්ධ දේශනා අහන්න එන දෙවිවරු අහස බබුළුවමින් ජේතවනාරාමයට ගොඩබැස්ස වග ග්‍රන්ථ වල සඳහන් වෙනවා. මහා මංගල සුත්‍රයේ මේ බව පැහැදිලිවම තියනවා. එවං මෙසුතන් ඒකන් සමයන් භගවා සවත්තියන් විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඟඥතරා දේවතා අභිඛන්ඨාය රත්තියා අභිඛන්ඨ වන්නන් කේවලකප්පන් ඔභාසෙත්වා යනුවෙන් කියන්නේ මෙවැන්නක් නොවේද? ඒ පාලි පිටකයේ තේරුම ගත්විට එය මෙසේ වේ. එක්තරා සමයක මා විසින් අසන ලදී, භාග්‍යවතුන් වහන්සේ ජේතවන විහාරයේ අනේපිඬු ආරාමේ වැඩවසන එක කාලයක එකවිටම රාත්‍රී අහස විවිධ වර්ණයෙන් ඒකාලෝක කරමින් විවිධ වර්ණයන්ගෙන් බබුලමින් දේවතාවෙක් කෛලාසකුටයේ සිට පැමිණියා . මේ කියන්නේ විවිධ වර්ණ විහිදුවන යානයක නැගී විවිධ වර්ණයේ සඥ්යා එලි දෙන නුතන ගගනගාමි ඇඳුමක් වගේ දෙයක්  ඇඳගත් කෙනෙක් මවු යානයේ සිට හෝ තමන්ගේ ග්‍රහවස්තුවේ සිට මෙහි පැමිණි බවක් නොවේද?

බයිබලේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ගිනි ජාලාවක් මැදින් එන බව..අහස ගිගුරුම් කවන සද්ද එක්ක ඇස අන්ධ කරවන එලි ගැන.. මේ මොනවාද? මේ අහස ගිගුම් දෙනා ශබ්ද එක්ක ආව ගිනි ජාලාවන් ආකාශ වස්තුවක් පහත් කරන දර්ශනයක් වෙන්න බැරිද? දෙවියන් වහන්සේ දශපනත දෙන්න මෝසස් සිනායි කන්ද මුදුනට අඬගහන වෙලාවේදී කියන්නේ කන්ද වටේට වැටක් බැඳලා ජනතාව එයට ලංවෙන එක වලක්වන්න කියල. බයිබලයේ එක්සොදස් 12:19 මෙහෙම කියනවා.. කන්දට පිවිසෙන අයට සීමා පනවන්න. එසේම ඔවුන්ට මෙලෙස කියන්න කන්ද තුලට නොඑන්න. අඩියක් හෝ නොතබන්න. සීමා පසුකරගෙන එන කවරෙකු හෝ වේවා.. ක්ෂණික මරණයට පත්වනු ඇත,.. ඒ ලෙස කියන්නේ ඇයි? අභ්‍යවකාශ යාන පහත් කරන විට ඇතිවන පොලව දෙදරීම, ගෑස් එන්ජින් වල දුම සහ ගිනි සමග එන අධික ශබ්ද මේ ආදී කල්පිත මිනිස්සු පුදුමයටත් භීතියටත් පත්කරන දේවල්. ඉතින් ඒ දේවල් වලින් උන්ව පුදුම කරව උන්ට දෙන්න යන මහාර්ඝ දේ ගන්නටවත් නොසිට පලා ගියොත්? එහෙමනම් මදක් සිතින් මවාගන්න.. මේ අපි අද දකින සයිෆයි සිනමා දර්ශන ඒ කාලයේ ඒ මිනිස්සුන්ට පෙන්නුවොත් ඔවුන් ඒවාට මොනවා කියාවිද?

ආගම ගැන එහෙම කියද්දී, නොකියම බැරි තවත් දෙයක් මගේ මතකයට එනවා. ඒ තම රාම රාවණ යුද්ධය.. මේ යුද්ධයට සම්බන්ධ දෙයක් අදටත් ගාල්ල රූමස්සල තියනවා. ඒ තමා රූමස්සල කන්ද. රාම කුමාරයාගේ පිරිස යුද්ධයෙන් තුවාල වෙද්දී ඔවුන්ට බෙහෙත් කරන්න මේ රූමස්සල පර්වතය හිමාලයේ ඉඳන් ගෙන ආව බව තමා අදටත් ජනප්‍රවාදයේ එන්නේ. ඒ වගේම රාම රාවණ කතාවලත් සඳහන් වෙන්නේ. පුදුමයකට වගේ මේ රූමස්සල වැවෙන සමහර පැල ලංකාවේ ඒ අවට කොතනකවත් නැති බවක් තමයි දැනගන්නට තියෙන්නේ. එත් ඒ පැල හිමාලයේ වාර්තා වෙලා තියනවා. එහෙමනම් මේ රූමස්සල ඇත්තෙන්ම ගලවාගෙන ආව ඔසු උයනක්ද ? එහෙමනම් ඒ කොහොමද? රාම රාවණා කතාව ගැන කියද්දී තව එක දෙයක් කියන්න වෙනවා. ඒ දඬු මොනර යානයෙන් ගමන් බිමන් ගිය රජකෙනෙක් විදියට රාවණ රජු ඉතිහාසයේ සඳහන් වෙනවා. එහෙනම් සමකාලින රාම සතුවත් මේ තාක්ෂණය නොතිබෙන්න හේතුවක් නෑ.. 

ග්‍රීක කතාවල එන ඔලිම්පස් කන්ද ගැන ඔයාල හැමදෙනෙක්ම අහල ඇති.. ග්‍රීක් කතාවලට අනුව ඔලිම්පස් කන්ද මුදුන දෙවියන්ගේ වාසස්ථානය වෙලා තියනවා. නායක සියුස් දෙවියන් ප්‍රමුඛ දේවතාවුන් මේ කන්දේ ඉඳන් ලෝකය පාලනය කරලා තියනවා. ග්‍රීක කතා වල සමහර තැනක කියනවා ඔලිම්පස් කන්ද මුදුන සමහර විටක ගිගුරුම් අකුණු එක්ක අහසට එසැවිලා යනවා කියන එක.. ඒ එක්කම ඒ පළාතම වලාකුලින් වැහෙනවා කියලත්.. මේ කියන්නේ ඔලිම්පස් කඳු මුදුන උඩ අභ්‍යවකාශ යානාවක් තිබුන එකක්ද? එක ගුවන්ගත් වෙන වෙලාවට එන ගෑස් දුම් ආදී දේවල්ද? ඒ එක්කම ඇපලෝ දෙවියා ගැන ග්‍රීක් කතා වල වගේම රෝම කතා වල එකම නමින් කියන්නේ ඔහු ගිනි සිළු විහිදුවන වාහනයෙන් අහස පුරාම ඇවිද්ද බව. ඒ ඇපලෝ දෙවියන් කියන්නේ ජෙට් යානයක් වැනි දෙයක් ගෙනියන නියමුවෙක්ද?

එහෙමනම් මේ පහත පින්තුර ටික බලන්න.. අපේ මුතුන් මිත්තන් එදා ඒ දක්කාවූ දේ ඔවුන්ට තේරුම් ගතහැකි ලෙස සටහන් තබා ඇති හැටි.. මේ පින්තුර සම්බන්දයෙන් වැඩි විස්තර අපි ඊලග ලිපි එක්ක කතා කරමු...

මේ ඇන්ටිකතියරා මැෂින් නමින් හඳුන්වන වසර 2000 පමණ පැරණි පරිගණකය  


පැරණි ගගනගාමි පිළිමයක්.. මේ පිළිම දෙකේම හෙල්මට පලන්දාගන ඉන්න බව පේනවා නේද? ඒ වගේම එකක ගගනගාමියගේ ඇඳුම සම්පුර්ණයෙන්ම නුතන ගගනගාමී ඇඳුමට අතිශය සමානයි.. එහෙනම් මේ වසර 2000 කට එහා අපේ මුතුන් මිත්තන් මේ පිළිම අඹන්නේ හිතලුවකින්ද? බලන්න සම්පුර්ණ පිළිමයේ ගගනගාමියගේ හිසවටා ඇති විදුලි ආලෝක පද්ධතිය?  






දකුණු ඇමරිකාවෙන් සොයාගන්න ලද මේ රන්මුවා ආකෘතිය නුතන ජෙට් යානාවක් වගේ නේද? එහෙමනම් මේත් හිතලුවක්ද? මේ ආකෘතියේ 10 ගුණයක් විශාල අනු ආකෘතියක් පියාසර කර අත්හදා බලා තියනවා. එහිදී හොයාගෙන තියෙන්නේ මේ ආකෘතියට සම්පුර්ණ පියාසර හැකියාව තියන බවක්.. ඉතින්, මේවා දකින්නේ නැතිව ඔවුන් මේ නිර්මාණ කරන්නේ කොහොමද? එහෙමනම් එදා අදට වඩා දියුණු තත්වයක් තිබුණාද?

(මෙය ක්සැන්ඩරයාගේ කොලමේද පලවන ලිපි පෙළකි..)

තරු

Wednesday, November 2, 2011

එකක භාර

Sunday, October 30, 2011
කලින් පාඩම් ඔක්කොම පිනාගේ කුප්පියේ තියෙනවා 
කොටස් වෙලදපලෙන් ටිකක් එලියට බැහැලා අපි අද තවත් ආයෝජන මාර්ගයක් වන එකක භාර ගැන සලකලා බලමු. මම ජොබ් එක කරන තැන නිසාම මුල්‍ය වාර්තා විශ්ලේෂණය පාඩම නම් තව ටිකක් කල් යනවා. 
මොකක්ද මේ එකක භාරයක් කියලා කියන්නේ. මේක ඉතාමත් සරල ආයෝජන ක්‍රමයක්. අපි මේ සංකල්පය උදාහරණයකින්ම පැහැදිලි කරගනිමු.
රත්තරන් කියලා කියන්නේ මේ දවස්වල ඉතාම වේගයෙන් මිල ඉහල යන වත්කමක්.  අපි හිතමු අද ඔයාට  රත්තරන් කිලෝ එකක් මිලදීල ගන්න ඕන උනා කියලා. එත් ඒක මිලට ගන්න තරම් ප්‍රමාණවත් මුදලක් දැනට ඔයා අතේ නැහැ. නමුත් ඒ රත්තරන් වල අනාගත වටිනාකම පෙන්නලා දීලා ඔයාගේ යහළුවන් කිහිප දෙනෙක් එකතු කරගත්තොත් ඒ රත්තරන් ප්‍රමාණය මිලදීල ගන්න ඔයාට පුළුවන් වෙයි. ඒ සාමුහික ප්‍රයත්නයක් විදියට තමුන්ගේ මුදල් යෙදවීමෙන්. යම්කිසි කාලයකදී ඒ රත්තරන් ප්‍රමාණය  වටිනාකම වැඩි වූ විට විකුණා දැමීම තුලින් ලැබෙන ලාබය සියලු දෙනා අතර බෙදා ගැනීමටත් ඔබට හැකියාව ලැබෙයි.
එකක භාරයක තියෙන්නෙත් මෙන්න මේ සංකල්පය තමයි.ආයෝජකයන් රාශියකගේ මුදල් කොටස් වෙලදපොලේ හෝ  භාණ්ඩාගාර බිල්පත්, බැදුම්කර, සාංගමික නයපත්‍ර වැනි සුරක්ෂිත ආයෝජන මාර්ගයක යෙදීම තමයි මෙමගින් සිදුවෙන්නේ. 
එකක භාර වෙළදපොල මත රැදී සිටියත් වෙළදපොල ඉහල පහල යාම් වලට සාපේක්ෂව උද්දමනය හා බැංකු පොලි අනුපාත අභිබවමින් පැහැදිලි වර්දනයකින් ඉදිරියට යන ආකාරය දැක ගන්නට පුළුවන්. හොදම උදාහරණයක් විදියට මේ අරමුදල්වලින් එක අරමුදලක්  1996-2006 කියන වසර 10 ක කාලය තුල 359% ක ප්‍රතිලාබ පිරිනැමීම පෙන්වන්න පුළුවන්.
මේකේ තියන වැදගත්ම දේ තමයි රු 1000 ක් වැනි මුදලකින් වුවත් එකක මිලට ගැනීමට හැකියාව ලැබීම.
විශේෂයෙන්ම එකක භාර තම ආයෝජන උපක්‍රමය ලෙස භාවිතා කරන්නේ ආයෝජන විවිදාන්ගිකරණය. ඔවුන්ගේ සියලුම ආයෝජන එකම ආයෝජන උපකරණයක යෙදීමෙන් අවදානමකට භාජනය වීමට ඔවුන් කිසිසේත්ම කටයුතු කරන්නේ නැ.   ඒ වගේම මේ අරමුදල් කළමනාකරණය කිරීම සදහා ඉදිරිපත් වන්නේ ආර්ථික ක්ෂේස්ත්‍රයේ දිගුකාලින අත්දැකීම් වලින් පරිපුර්ණ කළමනාකරුවන් පිරිසක්. ඒ නිසාම තමන්ට තමන්ගේ ආයෝජන සම්බන්දයෙන් කැපකිරීමට කාලයක් දැනුමක් නොමැති උනත් ඔබේ ආයෝජන ප්‍රවීන කළමනාකරුවන් ලවා කළමනාකරණය කරවා ගැනීමේ අවස්තාව ලැබෙනවා.
ඒ වගේම ඔබ දැරීමට කැමති අවදානමේ ස්වභාවය අනුව විවිද අරමුදල් වර්ග රාශියක් මේ තුල ක්‍රියාත්මක වනවා. ඔබ ආයෝජනය කරන මුදලෙහි ප්රාග්දන සුරක්ෂිත තාවයත් අවසානයේදී ස්ථිර ප්‍රතිලාබයක් ලැබීමත් ඔබේ බලාපොරෝත්තුවනම් ඔබ තෝරාගත යුත්තේ රජයේ සුරැකුම්පත් වල මුදල් ආයෝජනය කරන අරමුදල් වර්ගයකි. ඒ වගේම ඉහල ප්‍රතිලාබයක් සදහා ප්රාග්දන අවදානමකට මුහුණදීමට වුවත් ඔබ කැමතිනම් තෝරා ගත යුත්තේ අරමුදල් අඩු වැඩි වශයෙන් කොටස් වෙළදපොල සදහා මුදාහරින ආකාරයේ අරමුදලකි. කෙසේ නමුත් එකක භාර සමාගම් එකක භාර හිමියාට උපරිම ප්‍රතිලාබයක් ලබාදීමට කටයුතු කරන නිසා ඒ සම්බන්දයෙන් එම සමාගම් සමග සාකච්චාකර තමන්ට කැමති අරමුදලක් තෝරාගැනීමේ හැකියාව ආයෝජකයන් සතුවනවා. මේ එකක භාර ආයෝජනයෙන් උපයන සියලුම මුදල් බද්දෙන් නිදහස්. එකත් ඔබට ලැබෙන විශාල වරප්‍රසාදයක්.
කොහොම උනත් එකක බාර වල බලාපොරොත්තුව තමයි  දිගුකාලින ආයෝජන සදහා ආයෝජකයන් යොමු කිරීම. ඒ කියන්නේ සරුසාර පැලයක් වැඩෙන ආකාරයට සෙමෙන් හා ස්ථාවරව ඉහල ප්‍රතිලාබයක් සහිතව ඔබව ඉහලට ඔසවා තැබීම. ඒ සදහා අවම කාලය වර්ෂයකට වඩා වැඩි වෙන්න ඕන. ඔබේ එදිනෙදා අවශ්‍යතා සදහා ඇති මුදල් එකකභාර සදහා ආයෝජනය කරන්න එපා. මාස්පතා සුළු මුදලක් හරි ආයෝජනය කරන්න. ඔබ ආයෝජනය කරන මුදල් ප්‍රමාණය සුළු උනත් ඔබට ලැබෙන ප්‍රතිලාබයේ අනුපාතය සුළු අගයක් නොවන බව මතක තියා ගන්න. ඔබ දැනට හුරුවී ඇති බැංකු තැන්පතු. ස්ථාවර තැන්පතු වලින් ලබන ප්‍රතිලාබ අනුපාතයත්, එකක භාරවල ප්‍රතිලාබ අනුපාතයත් සංසන්දනය කරලා තමන්ට ගැලපෙන ආයෝජන මාර්ගය මොකක්ද කියලා තීරණය කරන ඒක ඔබ විසින් කල යුතු වෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් එකක භාර වල ආයෝජනය කරන්න කැමතිනම් මෙතනට කොටලා ඔයාලට කැමති ආයෝජන කළමනාකරන සමාගමකට ගොඩ වෙන්න පුළුවන්.
එහෙමනම් ආයෙමත් ටික කාලෙකට ආයුබෝවන් 

Mera Brother Ki Dulhan චිත්‍රප්ට විචාරය (+ තවත් චිත්‍රපට දෙකක් පිලිබඳ තොරතුරු )

Saturday, October 29, 2011
සැහෙන කාලෙකට පස්සෙ සිතුවිලි පවුරට බොලිවුඩ් සිනමා පටයක් අරගෙන එන්නයි මේ සුදානම . මේ ටික දවසකට කලින් ඩිවිඩි පිටප්ත් නිකුත් වුනු Mere Brothe Ki Dulhan  චිත්‍රපටිය . සරල  චිත්‍රපටි වලට කැමති ඕනි කෙනෙකුට රසවිඳින්න පුලුවන් නිසා තමයි චිත්‍රපටිය  සිතුව්ලි  පවුරට එකතු කරන්නෙ . මේ ලිපියට චිත්‍රපටියේ මූලික කථාව සහ චිත්‍රපටිය ගැන අපේ විචාරය  සහ නිල ප්‍රචාරක පටය අඩංගුයි . චිත්‍රපටියේ ගීත විඩියෝ සහ ඡයාරූප නැරඹීමට කැමති නම් මෙතනින් අපේ අඩවියට පිවිසිලා ඒ දේවල් ලබා ගන්න පුලුවන්

Mera  brother ki dulhan හෙවත් "මගේ සහෝදරයාගේ මනාලිය " කියන්නෙ මේ වසරේ තිරගත වුනු තවත් සාර්ථක නිර්මාණයක් .ඉම්‍රාන් ඛාන් , කත්‍රිනා කයිෆ් සහ අලි සෆර් ගේ රංගනයෙන් හැඩවුනු මේ චිත්‍රපටිය නිෂපාදනය කලේ යාෂ් රාජ් සමාගම



මූලික තොරතුරු - (උපුටා ගැනීම විකි විඩියාවෙන් ) 



Mere Brother Ki Dulhan

Theatrical release poster
Directed byAli Abbas Zafar
Produced byAditya Chopra
Story byAli Abbas Zafar
StarringImran Khan
Katrina Kaif
Ali Zafar
Music bySohail Sen
CinematographySudeep Chatterjee
Editing byRitesh Soni
Distributed byYash Raj Films
Release date(s)September 9, 2011
Running time145 minutes
CountryIndia
LanguageHindi
BudgetINR29 crore (US$6.47 million)[1]
Box officeINR57.25 crore (US$12.77 million)[2

 නිල ප්‍රචාරක පටය






කථාව

ලව් සහ කුෂ් කියන්නෙ මධ්‍යම පාන්තික පවුලක සහෝදරයින් දෙන්නෙක් . ලව් ලන්ඩනයෙ ජීවත් වෙත්ඩි කුෂ ජීවත් වෙන්නෙ මුම්බායි වල . ලව්ට විවාහනය සඳහා සුදුසු තරුණියක් සෙවීම බාර වෙන්න ලව් ගෙ සහෝදරය වුනු කුෂ් ට . මේ වැඩේ කරගෙන යත්දි කුශ්ට මුණ ගැහෙනව තමන්  ඉස්සර මුණ ගැහිල තියන කෙනෙක් කව්ද ඒ ?... කියල චිත්‍රපටිය බලල දැනගමු නේ

අපේ අදහස | Editor's Comments


  • ඉතාම සරල කථා තේමාවක් වුනත් වෙනදා දකින්න නොලැබෙන ගලායාමක් සහ වින්දනයක් ලබාදෙන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියනව කියල කියන්න පුලුවන් 
  • Romantic Comedy චිත්‍රපටියක් විදිහට වර්ගවෙන චිත්‍රපටිය ඒ වර්ග දෙකටම අයත් වීම වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කරනවාය කිව්වොත් ඒක ඉතාම නිවැරදියි 
  • චිත්‍රපටියේ ගීත වගේම පසුබිම් සංගීතයත් චිත්‍රපටියේ අලංකාරයට ලබා දෙන්නෙ ලොකු පිටුවහලක් . චිත්‍රපටියෙ එන වඩාත්ම අලංකාර ගීත තුනක් (අපේ තේරීම අනුව ) තමයි උඩ විඩියෝ පට වලින් දක්වලා තියෙන්නෙ 
  • කත්‍රිනා කයිෆ් ගේ දිනෙන් දින දියුණු වන රංග කුසලතාවය වගේම ඇයගේ රූප ස්වාභාවයත් වැඩි වෙලාද කියල හිතෙන තරමට මේ චිත්‍රපටියේ ඇයගේ රූපය පියකරුයි . විශේෂයෙන්ම මීට පෙර චිත්‍රපටි වලදි අපි නොදැකපු කෝණයන් හරහා ඇයගේ ලස්සන ඉස්මතු කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියනව
  • සරල චිත්‍රපටියක් රසවිඳලා හිනා වෙන්න , සතුටක් විඳින්න කැමති  අයට මේක ඉතාම හොඳ තේරීමක් කියල නිර්දේශ කරන්න කැමතියි !
                              Our Overall Rating  - 4/5 


චිත්‍රපටියේ හොඳ මට්ටමේ පිටපතක් භාගත කරගැනීමට පහත පද කොපි කරල ගුගල් හරහා සෙවුමක් කරන්න (මීට වඩා  ගුණාත්මක ප්‍රමාණයෙන් විශාල පිටපත් වුනත් සැහෙන්න තියනව . ඔබ කැමති ටොරන්ට් සෙවුම් යන්ත්‍රයකට ගිහින් චිත්‍රපටියෙ නම කොපි කරල පේස්ට් කලොත් අදාල සියලුම පිටපත් ගැන දැනගන්න පුලුවන් )

Mere Brother Ki Dulhan - DVDRip - XviD - 1CDRip - DDR

(ඉහත සෙවුම් පද  දැනුවත් කිරීමේ අරමුණින් පමණක් පල කර ඇත |Above search keywords are posted solely for the information uses )


NOTES - 
01) සල්මාන් ඛාන් රඟපාපු BodyGuard චිත්‍රපටියෙත් ඩිවිඩි නිකුත් වෙලා තියෙන්නෙ , ඉන්දියාවේ අධික ජනප්‍රියත්වයට පත්වුනත් ලංකාවේ රසිකයින්ට ඒ තරම් ගැලපෙන එකක් නැය කියල හිතුන නිසා සිතුවිලි පවුරට එකතු  කරන්නේ නම් නැ කැමති කෙනෙකුට මෙතනින්  ගිහින් විචාරය කියවීමේ හැකියාව තියෙනව

02) ෂාරුක් ඛාන් රඟපාපු දැවැන්ත සිනමා නිර්මානය Ra.One  ගැන සම්පූර්න  ලිපියකුත් අපේ අඩවියේ අන්තර්ගතයි මෙතනින් ගිහින් කියවන්න පුලුවන් . දින තුනක් ඇතුලත් රුපියල් කෝටි 80 ඉක්මවූ ආදායමක් ලබා ගන්න ra.one සමත් වෙලා තියෙයි . සුපිරි දෘෂ්‍ය ප්‍රයෝග සහිත සුපිරි වීර ගණයෙ ක්‍රියාදාම චිත්‍රපටියක් වුනු රාවන් දරුවන්ගෙ සහ යෞවනයින්ගෙ ප්‍රසාදයට ඉහලින්ම ලක් වෙලා තියනව . මේ වගෙ චිත්‍රපටියක නියම රසය විඳින්න මේ වෙනකොට අන්තර්ජාලය පුර දකින්න තියන කැමරා කොපි වලින් නම් බැ . ඒ නිසා අපේ නිර්දේශය ලංකාවේ මැජස්ටික් හෝ සිගිරි (කටුගස්තොට ) ගිහින් චිත්‍රපටියෙ නියම රසය විඳින්න කියන එක තමයි . ඒක නීත්‍යානුකුල වගේන කර්මාන්තය රැකෙන්නත් උද්ව්වක් , ඒ වගේම නිත්‍යානුකුල නොවන පිටපත් ප්‍රවර්ධනයට විරුද්ධව චිත්‍රපටියෙ නිෂ්පාදකයින්ට විතරක් නෙවෙයි ලංකාවේ බෙදා හරින්නන්ට ලංකාවේ අධිකරණය හමුවට හැකියාවක් තියනවාය කියන එකත් මතක් කරන්න ඕනි . සල්ලි වියදම් කරන්න අක්මැති කෙනෙකුට ඩිවිඩි පිටපත එනකන් ඉඳල  චිත්‍රපටිය රසවිඳින්නත් පුලුවන්  

200 KMPH ගිය බයිසිකලයේ කථාව

Friday, October 28, 2011
ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.
යන්නේ තනියෙන්....
..අනික හෙන දිග ගමනක් ....ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහ පතසාර කන්දක් ....පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු....ටිකක් යනකොට මෑන්ට හොඳ ගණන්....අම්මෝ පපුවත් රිදෙනවලු....පොර වගේ වැඩේට බැස්සට දැන් ඉතින් වැඩේ අමාරුයිලු..
.කරකියාගන්න දෙයක් නැතුව පොර බයිසිකලේ පාරෙ අයින් කරන් නැවත්තුවලු

..පැත්ත පලාතක මිනිස් පුළුටක් නෑලු....අහිංසකය වාහනයක්වත් අල්ලගන්න කියල ඔහොම පැයක් විතර ඉන්නකොට ...ඔන්න බොලේ පිඹගෙන එනවලු Ferrari කාර් එකක්...ගිනි කුරුල්ල වගේ.



...කරන්න දෙයක් නැති හින්ද ඕන මගුලක් කියල මිනිහ අත දැම්මලු ...කාර් එකත් මනුස්සකමට කරාස් ගාල බ්‍රේක් ගහල නවත්තපි......

"මොකද අවුල ?"
"මම මේ බයිසිකලෙන් ගමනක් යනගමන්...මට මේ කන්ද නැගගන්න හරිම අමාරුයි....බැරිද ලිෆ්ට් එකක් දෙන්න පොඩ්ඩක් ..?"
"අපොයි දෙන්නම්....හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ ඔයාගෙ බයිසිකලේ තමයි...ඕක දාගෙන යන්න මේකේ ඉඩ නෑනේ....ඕකත් අරන්යන්න ඕනමද ?"

"අනේ ඔව්....මේකනම් දාල යන්න බෑ"

මදක් කල්පනා කළ ferrari එකේ රියදුරු තෙමේ....

"හොඳයි....අපි මෙහෙම කරමු.....මගේ ගාව තියෙනව දිග කඹයක්....මම ඒකෙ එක කොනක් මගේ කාර් එක පිටිපස්සේ ගැටගහල අනිත් කෙලවර ඔයාගේ බයිසිකලේ ගැටගහන්නම්.....ඊට පස්සෙ ඔයා බයිසිකලේ ඉඳගෙන හෙමින් සැරේ එන්න....මම ඔයාව ගානට ලතාවට හෙමින් හෙමින් ඇදගෙන යන්නම්....හදිසියෙවත් මම යන වේගේ වැඩී වගේනම් ඔයා ටක් ගාල ඕකෙ බෙල් එක ගහන්න....එතකොට මම ටකස් ගාල slow කරන්නම්....එලනේ ?"

ඔන්න ඉතින් මේ විදියට අපේ බයිසිකල් කාරයව කන්ද උඩට හෙමින් හෙමින් ඇදගෙන යනකොට...එකපාරටම කොහෙන්දෝ ආපු BMW කාර් එකක් සිං......ගාල Ferrari එක පහු කරන් ගියා නෙව...ඒ මදිවට කින්ඩියට "පෝක්" ගාල හෝන් පාරකුත් ගහගෙන....



මලා....මේක දැක්ක විතරයි අපේ ferrari එකාට මල පැනපි...
"අඩෝ ව්....BMW එකක් මාව පහු කරන්න ?!!??!!...එව්වා කොහෙද මයේ දෙයියො!!! "කියල.......පොරට පිටිපස්සේ ගැටගහල ඇදන් එන බයිසිකල් කාරයත් අමතක වෙලා "බ්‍රර්ර්ර්ර්ර්ර්ර්රාරං" ගාල ඇද්දුවේ නැතෑ.....

ඔන්න දැන් ferrari එක BMW එක අල්ලන්න පාගල යනවලු ලෙල්ලටම....අනේ අර බයිසිකල් බුවා...."ඕයි ඕයි....වේගෙ වැඩී"...කිය කිය බෙල් එක ගහනවලු ටලන් ටලන් ගාල කැඩෙනකන්...කොහෙද.....වාහනේ එලවන එකාට ඒ ගැන සිහියක්කත් නෑ...

ඔහොම යනකොට ඔන්න එනවලු පොලිස් චෙක්පොයින්ට් එකක්....ඒකෙ රාලහාමි මීටරේ ඇල්ලුවම ...මෙන්න බොලේ වේගෙ 200 ට ඔන්න මෙන්න ලු....පොරත් ඉතින් අත දැම්මලු නවත්තන්න කියල....කොහෙද.....පොරව ගණන් ගත්තේවත් නැතුව වාහන ටික ගියාලු පිඹලා.....

දැක්ක දෙයින් ෆුල් හොල්මං වෙලා ගිය රාලහාමි..ටක්ගාල එයාගේ වෝකි ටෝකි එකෙන් කතා කරාලු ඊළඟ චෙක්පොයින්ට් ඒකෙ ඉන්න රාලහාමිට....කතා කරලා මෙහෙම කියනවලු



" ඕයි ඕයි .....ඔන්න දැන් මෙතනින් ගියා BMW එහෙකුයි ferrari එහෙකුයි පිඹගෙන 200 ට විතර.....දැන් ඔය පැත්තට ඒවි.....ඒක නෙවෙයි අයිසේ වැඩේ.....ඒ දෙකට ඔන්න මෙන්න පිටිපස්සෙන් සයිකල් කාරයෙක් හිටු කියල පැදගෙන එනවා ඒ වේගෙන්ම...ඒ මදිවට ඒ යකා නවත්තන්නෙම නැතුව උගේ බෙල් එකත් ගහනව ටලන් ටලන් ගාල අර කාර් දෙක ඕටෙක් කරන්න...." 



මේක මේ මගේ කථාවක් නං නෙවේ ඕං... මටත් ඊයක් ආව එකක් මගේ යාළුවෙක්ගෙන්... එහෙමම අරන් මේකට දැම්මා ...! 

එදා ඔබ.. අද මම...



ඔයා
මහා අයිස් කන්දක්
දිය කරලා වතුර බින්දුවක් ගන්න හදත්දි
තවතවත් මිදෙන්න හදන 
මහා අයිස් කන්දක් 
මම
ඒ අයිස් දිය කරලා
වතුර ටිකක් අත් දෙකට ගන්න 
බලාගෙන හිටියා

දැන්
මුලු උණුහුමම බින්දුවක්වත් ඉතිරි නොවෙන්නම
නැති වෙලා ගිහින්..

එක පාරටම මහා වතුර කන්දරාවක්
අත්දෙකම පිරෙන්න ගලාගෙන ඇවිත්
ඒත්... 
ගලාගෙන යන වතුර වල 
සීතලවත් නොදැනෙන්නම 
මම
සීතලෙන්ම මිදිලා ගිහින්. 

පි‍ටු පෙරලපු ගාන