දවසක් දෙකක් දුටු නුඹ මගෙ හදට පැන
කළ හදි සිහි කළෙමි සතුටද දුක ද ගැන
පසුපස ගියෙමි ලුහුබැඳ නුඹ නොතැන තැන
අවසන මෙමට නතුවිය නුඹෙ සියළු අණ
දෙගුරුන් සතුට මැද පිවිසුණු මැදුර තුළ
වසරක් දෙකක් ගෙවුවා මැද සිනහ විල
අග හිඟ කම් අපට අණ විණ කරන කල
නුඹ පිට වුණා ගම රට හැර දුකිනි දළ
සෙනෙහස පිරුණු පවුලක් දුටු කලෙක මිත
මුමුණන දෙයකි නිතරම මගෙ සැලෙන සිත
සතුටක් කොහිද නුඹ නැති මේ දෙරණ මත
දීගය නොවී නම් අප අද එකට ඇත
නුඹ රැජිනකි මට සැමදා
-
නැගිටිනවා ළමයෝ......
මොකද අක්කා...
වෙලාව බලනවා කියාද කියලා....
කියද වෙලාව...
7.45යි...
මොකක්....
අක්කා මම කිවා නේද අද මට ඉන්ටවිව් එකක් තියනවා කලින් ඇ...
3 years ago
10 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
//දීගය නොවී නම් අප අද එකට ඇත//
මක්කැයි ඒ හරුපෙ..!
දීගය නිසාද අගහිගකම් ආවෙ... ඒ කිව්වෙ දරුවො පඩිපෙල වගේ..
දීගය නොවීනම් වෙනෙකෙකු බඳිනු ඇත..
එවිටද ඔය ටිකම ඔහුටද ලැබෙනු ඇත..
අනේ මන්දා.
බඳින්නේ නැතුව ආදරේ කරන එක විතරක් හොඳයි අප්පා එක්කෝ..
අපේ ජනප්රිය පැරනි කවි සම්ප්රදාය, සිවුපද කවි යේ ප්රේමක වි කොහොමටත් ලස්සනයි යොදාගන්න ආකෘතිය නිසා..
රසවින්දා. ඉතා හොදයි
"මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්
නියමයි නියමයි. මේ පද අතර මගේ හදවත පිච්චිලා ගියා වගේ. හිතේ දුක නියම අයුරින් කියලා තියනවා.
මම සමකය වටේ (samakaya wate)දුවන එකා
මසුරං අදහස් පෙල ගැස්ම...
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
Niyama Wadake!! Keep It Up
From
col3
Post a Comment