නොදුටු තනිකම..

Monday, September 17, 2012

උණුසුම් හිත පිනමින් නිති
හසරැල් මුව මවමින් යති
දහසක් හිතමිතුරන් වෙති
හදවත් විළ රස ගන්වති

දහමත් හිත පණගන්වති
දැහැමින් සෙනෙහස නංවති
යහමින් හස එහි කැන්දති
හැම සිත් කුසලෙහි බන්දති

පත පොත ගුරු උතුමන් වෙති
යහපත නිසි මඟ පෙන්වති
නවමං තුළ පියනංවති
සැනසුම් මැද දිරි ගන්වති

කවදාවත් දැනුණේ නැති
දැනුණත් කවුරුත් දැන්නැති
දැන ගත්තත් පළකුත් නැති
තනිකම මට වදයක් නැති



12 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ධමිමික ස‍‍දරුවන් said...

අන්තිම පද හතර නම් නියමෙට වැදුනා.නියමයි

Chathura Wijekoon said...

බොහොම ස්තුතියි ධම්මික ඇගැයීමට..

Anonymous said...

ඔව් අවසාන පද ටික නම් මාරයි! ලස්සනයි සහෝ..

Nishan de siva said...

අන්තිම පද පේලියට මාත් ඇත්තෙන්ම කැමතියි.ඒක මටත් ගැලපෙනවා

තරියා said...

කිවුවත් වගේ කවියෙ හොදම හරිය අගනේ තීන්නේ...

nvscreations said...

ලස්සන පද ටිකක්! ජය

Chathura Wijekoon said...

හිරුහිමාවි, නිශාන්, තරියා, නිපුන..

ඔබ හැම දෙනාටම බොහොම ස්තුතියි..

SAMEERA RUKSHAN said...

කිව්වත් වගේ අපිටවත් වදයක් නොවුනු තනිකම ගැන අනිත් අයනේ අහන්නේ?

A.Wickz said...

ලොවෙත් කතාව.තනිකම - මේ ලෝකේ තියන සිරාම හැඟීම.

Chathura Wijekoon said...

@අළුත් මල්ලි
ඒක නොවැ කියන්නේ..
@A.Wickz
නැවතිල්ලේ හිතුවාම.. ඒ කතාවත් ඇත්ත..

samakayawate said...

සුපිරි රිද්මයක් තියන කවක්නේ මෙහෙම අලුත් දේ ට මම හරිම කැමතියි.

Anonymous said...

අන්තිම පද හතර තමයි වඩාත්ම සිත් ගත්තේ.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන