ආම්ස්ට්‍රොන්ග්, K.P. සහ IPL සමග ඉතිහාසයේ දූෂිතම තරඟය.

Friday, August 31, 2012
ආම්ස්ට්‍රෝන්ග්ලාට අපලවූ සතියක් නිමා වූයේ සඳ මත පාතැබූ පලමු මිනිසා වීමේ භාග්‍ය ලද නීල් ආමිස්ට්‍රෝන්ග්ගේ නික්මයාම සටහන් කරමිනි. ඉතා නිහතමානී චරිතයක් ලෙස හැඳිවෙන නීල්, ලොවින් සමු ගත්තේ කිසිදින කිසිවෙකුට සමකල නොහැකි අනගිබවනීය සටහනක් තබාය. හරියටම කියනවානම් පිය සටහනක් සඳමත තබාය. ඔහුගේ වියොව වෙනුවෙන් පවුලේ උදවිය නිකුත් කල ප්‍රකාශයේ ‘මිනික්බිති පැහැදිලි රාත්‍රී අහසක සඳ ඔබ හා සිනාසෙන විට නීල්ට ඇසක් ගැසීමට අමතක නොකරන ලෙස’ ඉල්ලා තිබිනි.(Next time you walk outside on a clear night and see the moon smiling down at you think of Neil Armstrong and give him a wink) මමද ඔබෙන් එසේම ඉල්ලමි.

Hero to Zero
ලෝ ප්‍රකට අනික් ආම්ස්ට්‍රොන්ග් වන්නේ ලාන්ස්ය. පාපැදි ලෝකයේ සුපිරි තාරකාව වූ ලාන්ස් ආම්ස්ට්‍රොන්ග්ගේ වර්ණවත් ක්‍රීඩා දිවිය කලු පැල්ලමකින් අවසන් වූයේද පසුගිය සතියේය. පාපැදි ලොවේ කිරුලු පලන් රජු වූ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්ට වසර කිහිපයක සිට එල්ලවෙන තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවන්ට එරෙහිව ඔහු කරමින් සිටි නීතිමය සටන අත්හරින බව ලාන්ස් පසුගියදා නිවේදනය කලේය. ඒ අනුව ඔහු ඇමරිකානු ‘ඇන්ටි ඩෝපින්’ ඒජන්සිය (USADA) ගෙනෙන චෝදනාවන්ට එරෙහිව කරුනු නොදැක්වීමට තීරණය කර ඇති අතර එබැවින් USADAය පරීක්ශණයකින් තොරවම ඔහු වැරදිකරු කරණු ඇත. මෙය හුදෙක් ආම්ස්ට්‍රොන්ග් යන තනි පුද්ගලයාගේ ප්‍රශ්ණයක් නොව, සමස්ත ක්‍රීඩා ලෝකයම වෙලාගනිමින් ඇති ඛේදවාචකයක ජීවමාන පිලිබිඹුවන්ය. මේ ඛේදවාචකය අනෙකක් නොව, සියලු ගුන යහපත්කම් පිරිහෙමින් යන යුගයක ක්‍රීඩාවේ වටිනාකම්ද මුදලට යට වීමේ ප්‍රතිඵලයන්ය. කුණු වෙමින් යන සමාජය වෙනුවට, සැබෑවටම යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කරනා ගැහැනුන්ගේ, මිනිසුන්ගේ සංවාදයට මේ මාතෘකාවද අනිවාර්ය විය යුතුය. මක්නිසාද යත් අද දවසේ දරුවන් සිය ක්‍රීඩා වීරයන් දෙස බලා ඉගෙනගන්නේ ක්‍රීඩාශීලිත්වයද නැත්නම් කෙක්කෙන් හෝ කොක්කෙන් සල්ලි මල්ලක් ඩැහැගැනීමද යන්න හෙට දවසේ ලෝකය යහපත් තැනක්ද නැද්ද යන්න තීරනය කරනු ඇති බැවිනි.

ශරීරය පුරා විහිදුනු පිලිකාවක් පරාජය කර ජීවිතය ජය ගන්නා ‘ලාන්ස්’ ඉන්පසු ‘ටුවර් ඩි ෆ්‍රාන්ස්’ (Tour de France )පාපැදි ශූරතාවය පිට පිට හත් වරක් ජයග්‍රහනය කරයි (1999-2005). ලොව ක්‍රීඩා අතරින් මිනිස් ශාරීරික හා මානසික ශක්තීන් අන්තයටම උරගා බැලෙන අතිශය වෙහෙසකර තරඟයක් ලෙස පිලිගැනෙන ‘Tour de France ‘ හත් වරක් ජය ගැනීම යනු ඇදහිය නොහැකි තරමේ ක්‍රියාවකි. ලාන්ස් පාපැදි ක්‍රීඩාව මතු නොව සමස්ත ක්‍රීඩා ලෝකයේම අසමසම ක්‍රීඩකයන් කිහිපදෙනා අතරට වැටෙන්නේ එබැවිනි. අවිවාදයෙන්ම ඔහු පාපැදියේ ඩොන් බ්‍රැඩ්මන් ය, පාපැදියේ මොහොමඩ් අලි ය. ලක්ශ සංඛ්‍යාත දරුවන්ගේ ‘පරමාදර්ශී’ චරිතයක්ද විය. ක්‍රීඩකයෙකු ලෙස පමනක් නොව ‘ලිවින් ස්ට්‍රොන්ග්’ (Livingstrong Foundation) නමින් ඔහු පවත්වාගෙන යන පදනම හරහා පිලිකා රෝග මර්දනයට ලාන්ස් දක්වන දායකත්වය නිසාද මිලියන ගනනක් ක්‍රීඩාලෝලීන්ගේ හදවත් තුල දිදුලන දීප්තිමත් තරුවක් විය .

මෙවැනි දැවැන්තයෙකුගේ හිසට ඉහලින් ඇති කලු පැල්ලම සමස්ත ක්‍රීඩාවේම අඳුරු ඉරනම ප්‍රක්ශේපණය කරයි. ක්‍රීඩාව යනු ‘ජය පරාජය සමසේ භාර ගැනීම, ක්‍රීඩාශීලිත්වය, සාධාරනත්වය වෙනුවට හොඳින් හෝ නරකින් ජය ගැනීම ලෙස ලඝුවී තිබීම කෙතරම් ශෝචනීයද? පාපැදි ක්‍රීඩාවේ මේ තත්වය කෙතරම් බරපතලද යතොත් ලාන්ස් ජයගත් හත් වතාවේම ඔහුට දෙවෙනියන් වූ සියලු දෙනාම සිය ක්‍රීඩා දිවිය තුල තහනම් උත්තෙජක භාවිතා කොට අසුවී තිබීමය.
                                                          Image
ක්‍රීඩකයෙකුට , ක්‍රීඩිකාවකට ලැබිය හැකි ඉහලම ගෞරවය, අභිමානය තම රට, තමන්ගේ ජනතාව අන්තර්ජාතික තලයේදී නියොජනය කිරීම යන්නද ක්‍රමයෙන් යල්පනිමින් පවතී. ඒ වෙනුවට තමන්ගේ බැංකු පොතට වැටෙන මුදල් ප්‍රමානය ඉදිරියට එමින් පවතී. අපේ රටේ බොහෝ දෙනාගේ ආදරයට ලක්වූ ක්‍රීඩාවක් වන ක්‍රිකට්ද අධික වානිජ්‍යකරණය තුල මුදලට යටවී යාමේ අවදානමට ලක් වී ඇත.

K.P. -Black Sheep of English Cricket
මෙහි අලුත්ම සිරස්තල සපයන්නා වී ඇත්තේ එන්ගලන්ත සුපිරි ක්‍රීඩක K.P. හෙවත් කෙවින් පීටර් පීටර්සන් ය. IPL ඇතුලු මුදලට ක්‍රීඩාකරන විස්සයි/විස්ස තරඟාවලි නිසා ඔහු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට නැතිවී යාමේ අවදානම මේ වන විට බොහෝ සේ යතාර්තයක් බවට පත් වී ඇත. ආක්‍රමනශීලී, ප්‍රවේගවත් පිති හරඹය කෙවින්ගේ ආවේනික රටාව වන අතර, විශේශයෙන් පීඩනයක් තුලදී ප්‍රතිවාදී පංඳු යවන්නන්ට එලව එලවා පහරදීමට ඇති හැකියාව ඔහුව විශිශ්ඨත්වයට පත් කර ඇත. ඊට අමතරව ඔහුගේ බොක්සින් ක්‍රීඩකයෙකුට සරිලන ආරෝහ පරිනාහ දේහයද , කඩවසම් පෙනුමද සිය මතය ප්‍රකාශ කිරීමට නොපැකිලෙන ස්වභාවයද කෙවින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ආකර්ශණීය චරිතයක් බවට පත් කර ඇත. පිටිය පුරාවටම පහරවල් ඇති K.P. අවිවාදිතවම වර්ථමාන එන්ගලන්ත කණ්ඩායමේ අංක එකේ පිතිකරුවාය.

ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට ආසන්නම හේතුව එන්ගලන්ත ක්‍රීඩකාගාරය තුල විශෙෂයෙන්ම නායක ඇන්ඩෘ ස්ට්‍රවුස් සමග පැවති යම් ප්‍රතිවිරොධයන් හා මෑතකදී පැවති ද. අප්‍රිකාව සමග ටෙස්ට් තරඟාවලිය තුලදී ප්‍රතිවාදී කන්ඬායමේ සඟයන් සමග කෙවින් හුවමාරු කරගත් කෙටි පනිවිඩයන්(Text Masseges) තුල සිය නායකයා සම්බන්ඳව විවිද දේ පවසා තිබීමය. එහෙත් ඔහු එන්ගලන්ත ක්‍රිකට් පාලක මංඩලය සමග ප්‍රශ්ණ හදා ගත්තේ IPL තරගාවලිය පවතින සම්පූර්ණ කාලය තුල ඔහුව ජාතික කණ්ඩායමේ රාජකාරී වලින් නිදහස් කරන ලෙස කල ඉල්ලීම ප්‍රතික්ශේප වීමත් සමගය. මේ අලකලන්චියේ ප්‍රධාන හේතුව IPL යැයි තමන් විශ්වාස කරන බව එන්ගලන්ත පුහුණුකරන/කලමනාකරන කණ්ඩායමේ ප්‍රධානී ඇන්ඩි ෆ්ලවර් (Andy Flower) මාධ්‍යයට ප්‍රකාශ කලේය. ඒ අනුව පසුගිය T20 ලෝක කුසලානයේ, තරඟවලියේ වීරයා සම්මානය ලබමින් එන්ගලන්තයට ශූරතාවය දිනා දුන් K.P.ගේ දස්කම් දැකීමේ වරම මෙවර ලංකාවේ පවත්වන T20 ලෝක කුසලානයේදී අපේ ක්‍රීඩාලෝලීන්ට අහිමි වනු ඇත.

බටහිර ඉන්දීය සුපිරි පිතිකරු ක්‍රිස් ගෙල්ද මේ හේතුව නිසාම අන්තර්ජාතික ක්‍රිකට් පිටියට වසරක පමණ කාලයක් අහිමිවිය. අපේ අංක එකේ පංඳු යවන්නා වන ලසිත් මාලිංගද මේ පාරෙම යාවිදැයි දැනටමත් සැක සංකා පහල වී ඇත. මේ ගඳගහන සමාජාර්ථික මොඩලය තුල ක්‍රීඩකයන් ජාතික සම්පත් බවට පත්වෙනවා වෙනුවට, සමාගම් මුදලාලිලා අත නැටවෙන රිලා පෝතකයන් වන දිනය වැඩි ඈතක නොවනු ඇත.
                                                 Image

The Dirtiest Race in the History
ඔලිම්පික් මීටර් 100 ධාවන තරඟය යනු වැඩිම ක්‍රීඩා ලොලීන් පිරිසක් පිටියට කැඳවන වැඩිම ප්‍රේක්ශකයන් ප්‍රමානයක් TV තිර ඉදිරියට ගෙන්වන ආකර්ශණීයම ධාවන තරගය යැයි කීවොත් නිවැරදිය. 1988 සෝල් (Seoul) ඔලිම්පික් උලෙලේදී මෙහි තීව්‍රතාවය තවත් වැඩිවූයේ වරි වර ලෝක වාර්තාවට හිමිකම් කී ක්‍රීඩකයන් තිදෙනෙකු සහිතව සුපිරි කෙටි දුර ධාවන තරු පංතියක්ම සහභාගිවීමය. මෙයිනුත් වඩාත්ම ආකර්ශනීය යුගලය වූයේ එවකට මළල ක්‍රීඩාවේ ‘මයිකල් ජැක්සන්’ ලෙස හැදින්වූ ඔලිම්පික් කිරුලටද හිමිකම් කිවූ සුපිරි ඇමරිකානු ක්‍රීඩක කාල් ලුවිස් හා ඔහුගේ නොම්මර එකේ ප්‍රතිවාදියා හා එවකට ලෝක වාර්තාවේ හිමිකරු වූ කැනඩාවේ බෙන් ජොන්සන්ය. ඉතිහාසයේ විශිෂ්ටම තරගය ලෙස නම් ලැබූ මෙය නිමා වූයේ බෙන් ජොන්සන් ලෝක වාර්තාවක්ද සමගින් විශ්වයේ වේගවත්ම මිනිසා ලෙස කිරුලු පැලදීමෙන්ය.

එහෙත් එම කිරුලට දීර්ඝායුශ නොතිබි අතර එය පැවතියේ පැය 55ක් වැනි කෙටි කාලයකි. ජොන්සන් තහනම් උත්තේජක භාවිතා කල බවට ඔප්පු වූ අතර ඔහු ක්‍රීඩාවේ දුෂ්ටයෙකු ලෙස පරිබව ලැබීය. බොහෝ දුරට මළල ක්‍රීඩා කවය තුලට සීමාවී තිබූ මේ මාතෘකාව, ප්‍රසිද්ධ මාතෘකාවක් වන්නේ ඉහත සිද්දියත් සමගය. එහෙත් බෙන් ජොන්සන් දුෂ්ටයා කොට නිමාවූ නාටකයේ වීරයන්ගේ පැටිකිරිය හෙලිවන්නේ පසු කාලීනවය. තරගයේ දෙවෙනියාවූ කාල් ලුවිස් ද තෙවෙනියාවූ බ්‍රිතාන්‍යයේ ලින්ෆඩ් ක්‍රිස්ටි ද ඇතුලුව තරග වැදි 8දෙනාගෙන් 6දෙනෙකුම තනම් උත්තෙජක සම්බඳ වැරදි වලට හසුවිය. බ්‍රසීලයේ රොබ්සන් ඩා සිල්වා හා ඇමරිකාවේ කැල්වින් ස්මිත් කිසිදින චෝදනාවකට ලක් නොවූ ක්‍රීඩකයන් දෙදෙනාය. ඉතිහාසයේ විශිෂ්ටම තරගය ලෙස එදා හැදින්වූ මේ තරගය අද හඳුන්වන්නේ ඉතිහාසයේ අපවිත්‍රම ධාවන තරගය ලෙසය. තරගයෙන් අනතුරුව සිදුකල තහනම් උත්තේජක සදහා කරන මුත්‍රා සාම්පල් පරීක්ශනය සම්බන්දයෙන් මතුවන අතුරු කතාවන්ද මෙය තවදුරටත් කිලිටි කිරීමට හේතු විය.
                               Image
මෙය තමාව කොටු කර ලීමට කාල් ලුවිස් ගේ ඇමරිකානු කඳවුර කල කුමන්ත්‍රණයක් බව බෙන් ජොන්සන් පවසනවා. තමන් වසර ගනනාවක් තිස්සේ ස්ටෙරොයිඩ් භාවිතා කල බව ජොන්සන් පිලිගන්නා නමුත් ඔහු එතෙක් කිසි දිනක හසු නොවී තිබීම මෙන්ම ඔලිම්පික් තරගයේ මුත්‍රා සාම්පල වල තිබි හසුවන්නේ ඔහු පාවිච්චි කල උත්තෙජකය නොව වෙනත් ස්ටෙරොයිඩයක් වීමද ඔහුගේ කතාවට අවදානය යොමු වීමට හේතු විය. බෙන්ට අනුව මුත්‍රා සාම්පල් ලබා ගන්නා මධ්‍යස්තානය තුල ඔහු ලඟින් ඉඳගෙන සිටි අභිරහස් පුද්ගලයෙකු විසින් තමා පානය කල බීමට මෙය එකතු කල බවයි. පසු කලෙක කාල් ලුවිස් ගේ එවක කළමනාකරු ජෝ ඩග්ලස්, බෙන් පවසන අභිරහස් පුද්ගලයා තමන් විසින් යෙදවූවෙක් බව පිලිගන්නා නමුදු ඔහුට පැවරී තිබුනේ බෙන් ජොන්සන් සිය තහනම් උත්තෙජකය වසන් කිරීමට හැකි යමක් පානය කරනවාදැයි ඔත්තු බැලීමට බව පවසයි. එසේම මෙම පුද්ගලයාව, විශේෂ ආරක්ශාවක් සහිත ඇන්ටි ඩොපින් මද්‍යස්තානයට ඇතුල් කිරීමට තමන් පොඩි ගැටයක් ගැසූ බවද පවසයි(I played some games). මේ අභිරහස් පුද්ගලයාව පත්තර වාර්තාකරුවෙක පසු කලෙක හෙලිදරව් කරගන්නා අතර,ඔහු ඇන්ගෝලාවේ ප්‍රභල දියමන්ති ව්‍යාපාරිකයෙක් වන ඇන්ඩ්‍රේ ජැක්සන් වෙයි. ඔහු ජොන්සන්ගේ පානයට යමක් එකතුකලාදැයි අසන ප්‍රශ්නයට,……… ‘සැබවින්ම, මට කිවහැකියි මම එසේ නොකල බව එසේම මම කලබවද කිව හැකියි…ඒත් කුමක්ද එයින් දැන් ඇති ඵලය’ ලෙස පිලිතුරු දෙයි.

මේ චෝදනා ප්‍රතිචෝදනා කුමක් වුවද අවසානයේ පරාජය වී ඇත්තේ ක්‍රීඩාව මිස පුද්ගලයන් නොවේ. කීර්තිය අහිමි වී ඇත්තේ ක්‍රීඩාවේ මිස පුද්ගලයන්ගේ නොවේ. විශ්වසනීයත්වය බිඳී ඇත්තේ ක්‍රීඩාවේ මිස පුද්ගලයන්ගේ නොවේ. දුෂ්ටයා බෙන් ජොන්සන්, K.P. හෝ ලාන්ස් ආම්ස්ට්‍රොන්ග් නොව සියලු ශුද්ධවූ දේ කිලිටි කරමින් යන මේ දුර්දාන්ථ සමාජ ආර්තික ක්‍රමයයි. නිර්මානය වී ඇත්තේ ඕනෑම තක්කඩි කමක් කර දිනීමට, තමන්ව නිර්මානය කල රටට ඉහලින් ඩොලර් මිටි තැබීමට සූදානම් ක්‍රීඩා ලෝකයක් නැතිනම් තරගයක් දෙකක් පාවාදී කීයක් හරි හොයා ගන්නට සූදානම් ක්‍රීඩා ලෝකයක්ය. දූෂන ,අසාදාරනකම් ක්‍රීඩාවේ සෑම අස්සක් මුල්ලක් කරාම පැතිරීමින් පවතී. වසර ගනනාවක් පවත්ගෙන එන නීති, රීති, ආචාරධර්ම සියල්ල , මුදල් ඉදිරියේ බිඳ වැටෙමින් තිබේ. මෑතකදී පැවති විම්බල්ඩන් තරගාවලියේ දස්කම්, ශ්‍රේනිගත කිරීම් නොතකා වඩා ආකර්ශනීය, වානිජ්‍ය වටිනාකමින් වැඩි ටෙනිස් ක්‍රීඩිකාවන්ට ප්‍රමුක ටෙනිස් පිටි ලබා දුන් බවට වූ චොදනා වලින් කියවෙන්නේ එයය.

අන් ක්ෂෙත්‍ර වල මෙන්ම ක්‍රීඩාව තුලද ප්‍රමාදර්ශි චරිත වඳවී ගොසින්ය. එහෙත් අද ලෝකයට අත්‍යාවශ්‍යව ඇත්තේද් ඔවුන්ය. මීට දශක හතරකට පමන පෙර “කියුබානුවන් මිලියන 8කගේ ආදරය ඉදිරියේ ඩොලර් මිලියනයක් යනු කුමක්ද” යි, පවසා ඩොලර් මිලියන 5ක කොන්ත්‍රාත්තුව ඉවතලූ ප්‍රතිපත්ති ගරුක තියොෆිලො ස්ටීවන්සන් (Teofilo Stevenson) වැනි විශිෂ්ට ක්‍රීඩකයන්ගේ අගය අද දවසේ එදාටත් වඩා වටින්නේ එබැවිනි.

15 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Unknown said...

hoda lipiyak

ධමිමික ස‍‍දරුවන් said...

ගොඩක් හොද ලිපයක්.ඇත්තටම අද හැමදේම වාණිජ්‍යකරණය වෙලානෙ තියෙන්නේ.ඒ නිසා ක්‍රීඩාවත් එහෙම නොවුනොත් තමා පුදුමේ

vicharaka said...

ඒ වුනාට අපේ රටේ KP රාජ (පස්ස) අනුහසින් වැජඹෙනවා :D

අසමි දකිමි සොයමි ලියන විචාරක

ලහිරු said...

ඒ වුණාට ලංකාවේ ඔහොම වෙන්නෙ නෑ...

Anonymous said...

ඒ උනාට කෙවින් පීටර්සන් පකිස්තානෙට සෙල්ලම් කරන්නයි හදන්නෙ.

http://www.espncricinfo.com/page2/content/story/578667.html

දිනුක said...

//මේ චෝදනා ප්‍රතිචෝදනා කුමක් වුවද අවසානයේ පරාජය වී ඇත්තේ ක්‍රීඩාව මිස පුද්ගලයන් නොවේ. කීර්තිය අහිමි වී ඇත්තේ ක්‍රීඩාවේ මිස පුද්ගලයන්ගේ නොවේ. විශ්වසනීයත්වය බිඳී ඇත්තේ ක්‍රීඩාවේ මිස පුද්ගලයන්ගේ නොවේ. දුෂ්ටයා බෙන් ජොන්සන්, K.P. හෝ ලාන්ස් ආම්ස්ට්‍රොන්ග් නොව සියලු ශුද්ධවූ දේ කිලිටි කරමින් යන මේ දුර්දාන්ථ සමාජ ආර්තික ක්‍රමයයි.//

ඉහත වැකියේ ක්‍රීඩාව වෙනුවට අධ්‍යාපනය ආදේශ කොට අදාල නම් ගම් ද එක් කළ විට කොච්චර ගැලපෙනවද නේද?කොයි ක්ෂේත්‍රෙත් එක වගේ

Shadow/හේමලයා said...

interesting post....

Loku John said...

සෑහෙන්න හිතන්න ඕන ගැටලුවක්

kashyapa1917 said...

@ ගයාන්, ධම්මික,හේමලයා,............ස්තූතියි

පිසාචයා said...

අනේ හපොයි.....

kashyapa1917 said...

@ දිනුක...මචං හරියට හරි.....ඒක නෙවෙයි මචො..මේ පාර හඳට යන ජොබ් එකටත් කෙලවෙන්නලු නේද යන්නෙ...අන්න ලොක්ක පොඩි කොලුවව යවන්න හදනවලු ...බැරිද දන්නෑ පවුලම පටෝල යවන්න හඳටවත්.

@ ලහිරු එන්ගලන්තෙ...එන්ගලන්තෙ

@ විචාරක..රාජ පස්ස එලවනකම් සෙතක් වෙන්නෙ නැහැ රටට

@ ජෝන්...ඔවු සෑහෙන්න හිතපන්

Anonymous said...

patta patta.

දයානන්ද රත්නායක said...

නීල් ආම්ස්ට්‍රෝංග් ගැන දැනගත්තත් ක්‍රීඩා ගැන නම් වැඩි උනනදුවක් නැති නිසා සිදුවූ දේවල් දන්නෙ නෑ

uwiniran said...

ඇත්තටම අවසානයේ පරාජය වෙලා තියෙන්නෙ ක්‍රීඩාව තමයි... හේතුව ඔබ කියන පරිදි මේ ජරාජීර්ණ වෙච්ච ආර්ථික ක්‍රමයම තමයි.
මෙවන් ක්‍රමයක් තුල මීට වඩා හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?????????????????????????????????.

කෝරලේ මහත්තයා said...

අදමයි මේ පැත්තේ ආවේ ආයේ එන්න පාර මතක තියාගත්තා හොඳ විශේෂාංග පොස්ටුවක්

Post a Comment

පි‍ටු පෙරලපු ගාන